එළකිරි පැමිනිදා පටන් අද දක්වා ලිංගිකත්වය ආයුධයක් කොට ගෙන රෙප් ලබාගැනීමක් කොමෙන්ට් ලබාගැනීමක් ප්‍රසිද්ධිය ලබා ගැනීමක් සිදු නොකල අතර සෑම විටම ගුණාත්මක බව කෙසේ වෙතත් පාක්ශිකයන් අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු දෙයක් මේතාක් සිදුකර නොමැතිබවත් දන්වමි.
එහෙත් එක් පුද්ගලයෙක් ඔහුගේ පුද්ගලික අදහසක් මා නියෝජනය කරන පක්ෂයේ පොදු මතය යැයි හැඟෙන අයුරින් ප්‍රසිද්ධ කරනලද ලිපිය (වෙනත් පක්ෂයක වුවමනාවට අල්ලස් ලබාගෙන අවසාන මොහොතේ අපේ පක්ෂය පාව දුන් කෙනෙක් ප්‍රසිද්ධ කරනලද ලිපිය) තරයේ හෙලාදකින අතර එය මාගේ එළකිරි නාමයට සිදුවූ කලු පැල්ලමට ඉතාමත්ම කණගාටු වෙමි. පක්ෂ විපක්ශ ඔබ සැම ඉන් යම් අපහසුතාවකට පත්වීනම් සමාව ඉල්ලා සිටිමි, එමෙන්ම මේගැන ඉදිරියේදී පක්ෂයක් විදියට සහ පෞද්ගලිකව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද. සිදුවූ අවමානයට වන්දි ලබා ගැනීමටද කටයුතු යොදනබ වද සිහි කරමි.