වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

NSujith75

Member
Nov 7, 2016
3
1
0
මචන් මම වෑන් වල මාකට් එක හරියටම දන්නේ නෑ. :no:
ඒත් වහනයක් විකුනනකොට වාහනේ පේන්න තියෙන අඩුපාඩු ටිකවත් හදල විකුනපන්.
නැත්තන් වාහනේ එන්ජින් පැත්ත කොච්චර හොදට තිබුනත් හොද ගානකට දෙන්න අමාරුයි. :(
රිප්ලයි එකට ස්තුතියි සහෝ. ඔව් එක තමයි අවුල. එන්ජින් පැත්ත නම් හොදටම තියෙනවා. වාහනේ ගත්තට පස්සේ running repairs කරා මිසක් බොඩියට කිසිම දෙයක් කරේ නැ :no:. තව ටික දවසක් බලලා විකිනුනේ නැත්නම් ඕවා ටික හදලම විකුණලා දානවා. :oo:
ජය වේවා! :)
 
  • Like
Reactions: laMir

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Nissan Rox:love::love:....(at Mathara lu :P)
    14915451_682677241889293_8032726134670011436_n.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මචන් මම වෑන් වල මාකට් එක හරියටම දන්නේ නෑ. :no:
    ඒත් වහනයක් විකුනනකොට වාහනේ පේන්න තියෙන අඩුපාඩු ටිකවත් හදල විකුනපන්.
    නැත්තන් වාහනේ එන්ජින් පැත්ත කොච්චර හොදට තිබුනත් හොද ගානකට දෙන්න අමාරුයි. :(

    උබේ වාහනේ ,
    හෙඩ් ලයිට් පොලිෂ් කරපන් (ටොමාගේ පරණ ත්‍රෙඩ් එකක් තිබුන මේ ගැන)
    ඉස්සරහ ඇදේ හදපන්
    පිටිපස්සේ බ්රේක් ලයිට් එක දාපන්
    පුලුවන් නම් කට් ඇන්ඩ් පොලිෂ් එකක් කරලා ඉන්ටීරියර් ක්ලීන් කරපන්.

    ඔක්කොම කරලා ලස්සනට ෆොටෝ ටිකකුත් ගහපන් ඇතුලත් එක්කම. :D

    ඔය වැඩ ටිකට ලොකු ගානක් යන එකක් නෑ.
    ඒත් බය නැතුව ලක්ෂයක් විතර වැඩියෙන් වාහනේ දෙන්න පුළුවන්.

    ජය වේවා...
    :):):)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න පොඩි කටුවක් දාන්න හදන්නේ...:cool:

    මේක ඇවිල්ලා බ්‍රේක් කටුවක්.:yes: පොඩි පොඩි ටිප්ස් ටිකක් කියල දෙන්න පුලුවන් වෙයි මේකෙන්. ඔන්න මුලින්ම කිව්වා මං පලවෙනි පාරට තමා වාහනේක බ්‍රේක් මස්කලේ මේගානට. බලන් ඉඳල තමා ඉගෙනගත්තෙ ගොඩක් ඒව.:)


    මාගෙ කටුව අමාරුවෙන් කියෝපු හැමෝටම ස්තූතියි..
    000203FB.gif


    බ්රේක් කටුවක්නං කෑවා අයේ පු* එපාවෙන්න. බිම වාඩි වෙලා ඉඳලම මට කොන්දෙ අමාරුවකුත් ආවා. හැබැයි තාම දුවන්නේ අර මම කරපු සත්කාරෙන් තමයි. :yes: :yes: :yes: :yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දාපු කටුවට ස්තූති...... මගෙත් බ්‍රේක් ලයිනර් ගහගන්න ඕනා.... අරන් එන්නද ඔය පැත්තේ..... හෝස් ටිකත් මාරු කරලා දාමු.... :D :P

    වෙන මුකුත් ගහගන්න එපාද බඩෝ :D :D :D :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙදි ගැලවෙන කටු.
    0002064B.gif


    :baffled: වෙලාවක් ලැබුන යන්තම් දාන්න.:)

    කියනව වගේම රෙදී ගැලවෙන කටුවක් තමා මේ කියන්න යන්නේ. මේක බොහොම හදිස්සියෙන් කාපු කටුවක් නිසා ෆොටෝ ගහගන්නත් බැරිවුනා. :sorry::sorry:

    මේක වුනේ කාර් කට්ටේ පිටිපස්සේ බ්රේක් ලයිනර් මාරුකරන්න ගිහිල්ල. පස්සේ බ්රේක් ලයිනර් සෑහෙන්නෙ ගෙවිල තිබ්බෙ මේ වෙනකොට. මේ දවස්වල ප්රොජෙක්ට් එකක් කරලා බාරදෙන්න ඔන්න මෙන්න තිබ්බේ. වෙන වැඩකට වෙලාවක් තිබ්බේ නැති තරම්. :dull: ඒවුනාට තට්ට ලයිනර් වලින් දුවන්න බැරිනිසා බ්රෙඅක් ලයිනර් සෙට් එකක් ගෙනල්ලා මාරුකරන්න සෙට්වුනා ඔන්න. දඩබඩ ගලා ඔන්න ගැලෙව්වා රෝදයක්. ගලෝල තිබ්බ ලයිනර් දෙක අයින්කරා.:yes:

    හරිම වාසනාවන්තයි සින්හලුනේ මෙන්න. එපැත්තේ බ්රේක් සිලින්ඩර් එක ගාව වටේ බ්රේක් ඔයිල් තියනවා එලියට ඇවිල්ල.:shocked::baffled::no::no::angry:

    MYK1A4M.jpg

    නෙට් එකෙන් ගත්තු ෆොටෝ එකක් ඔය.

    දැන් මෙහෙම දුවන්න බෑනෙ කොහොමටවත් වොෂර් එකක් ගිහින් අනිවා:( ඒපාර ඉතින් ගලෝල ගත්ත පිස්ටන් දෙක එලියට. මේ වගේ ඒව තමා තිබ්බේ. :yes:

    wK8o1vi.jpg


    වොෂර් එකක් ගිහින් තිබ්බ ඒමදිවට පිස්ටන් එකක් ඩැමේජ් වෙලා.:dull: කලින් ගලෝල මොකක්හරි වෙලාද මන්ද. කොහොමහරි දැන් බ්රේක් වොෂර් ටිකයි පිස්ටන් එකක් මාරුකරලම දානවා කියල හිතාගත්ත.:yes:

    සිලින්ඩරෙත් සුද්දකරලා දානව කියල හිතල ඔන්න එකට හයිවෙලා තිබ්බ බ්රේක් හොස් එකත් ගලවල සිලින්ඩරේ හයිවෙලා තියන ඇණ දෙකත් ගැලෙව්වා. ගැලෙව්වා කිව්වට එකයි ගැලවුනේ අනික ගෙලවෙනවා කියල මට බොරුකියල කැරකිලා කැරකිලා කැඩිලා ආවානේ...:shocked::shocked::shocked::baffled::no:

    LfqPcjr.gif


    ඔන්න දැන් පරිප්පු කන්න යන්නේ කියල තේරුනා.:baffled:

    ඔන්න දැන් අපේ තාත්තත් ආවා වැඩේ බලන්න. ඇවිල්ල ඉතින් වොෂර් මාරුකරන්න මොකටද පිස්ටන් එක ගැලෙව්වේ කියල එක විකාරයි.:baffled: ඔන්න ඉතින් බාධක ඔක්කොම පහුකරන් මේකේ හිරවෙච්ච ඇණ කෑල්ල එලියට ගන්නව කියල හිතාගත්ත. මේ දවස් ටිකේ කාර් එක හදන්න යන අයිය හිටියේ නෑ. ඉතින් ලඟපාත නම්දරාපු පට්ටලෙකට යන්න හිතාගත්ත. :yes:

    ඔන්න සිංහලු ඕක ගලවාගෙන එනගමන් බ්රේක් වොෂර් පිස්ටන් එහෙම අරන් එන්නත් හිතාගත්ත. දැන් ඉතින් දෙපැත්තේම ඒවා මාරුකරනවනේ කියල ටක්ගාල අනිත්පැත්තත් ගලෝල බලල යනවා කියල දඩබඩ ගාල ඒපැත්තත් ගලෙව්ව්.:yes::yes:

    අනිත්පැත්ත ගලවනවා දැකල තාත්ත කියාගෙන ආව ඒපත්තෙත් සිලින්ඩරේ ගලවන්න එහෙම එපා කැඩිලා එයි කියල. කියන්න සතුටුයි එකියනකොටත් ඒපැත්තෙත් ඇනයක් කැඩිලා අතේ.:lol::lol::lol::baffled::sorry:

    o9uyn5B.gif


    නෑ නෑ ඒපැත්තේ මොකුත් වුනේ නෑ කියල ගත්ත සිලිඩර් දෙකම අතට.:rofl:
    ඔන්න දැන් සිලින්ඩර් දෙකේම ඇණේ බැගින් කැඩිලා.:baffled::baffled:

    දැන් ඉතින් පරිප්පුව කන්න බලාගෙන ගියා නම් දරාපු පට්ටලේට. පට්ටලේ එකා බලලා බලලා ඔන්න කැල්ලක් පාස්සලා ගන්න හැදුවා. :rolleyes: ඔන්න ට්රයි කලා ගන්න කෑල්ල කැඩිලා ආවා. එපාර හොඳට බැලුව මොකෝ වුනේ කියල. වැඩේ ගොඩ මේ යකා වෙල්ඩින් පාර ගහලා ඇනේ හිලටත් එක්ක. කැඩුන ඇනේ ඉතුරු ටිකයි හිලයි එකට සෙට්වෙලා.:growl::angry:

    ඒපාර හා අතේ කල්පනාකරලා විදින්න හැදුව. සෙන්ටර් පන්ච් පාරක් එහෙම ගහල විදින්න හැදුවා හැදුවා විදෙන්නේ නෑ.:baffled: ඒපාර ගිනිගලේ ගාන්න ගත්ත වෙල්ඩින් එක ගහපු තැන. එතන ගාල ඇදකලොත් ආයි ඕක මලාට සීට් වෙන්නේ නෑ.:no: වැඩේ හරියන්නේ නැති නිසා කෑල්ල ඉල්ලගෙන ආව ඒපාර. :dull:

    මේ තියෙන්නෙ පට්ටලේ එකා කරපු වැඩේ.:angry:

    7jM9VEf.jpg


    දැන් ඉතින් මොකද කරන්නෙ කියල තීරණයක් නැතුව ගියා වොෂර් ටිකයි පිස්ටන් එකයි ගන්නව කියල. එක පිස්ටන් එකක් ඩැමේජ් වෙලානෙ තිබුනෙ. ගියාම පිස්ටන් ගන්න නෑ වෙනම. හැබැයි 1200ට සිලින්ඩර් එකම ගන්න තිබුන තායිවාන් එක. වොෂර් සෙට් එකත් දෙපැත්තෙම 1000කට ලඟ ගානක් වුනා මත විදියට. (ඊට වැඩිද මන්ද)

    වෙන කිසිම වැඩ්කට වෙලාවක් තිබුනෙ නැති දවසක මේ කට්ට කන්න ගත්තෙ කියල කලින් කිව්වනෙ. ඒ මදිවට තව අපේ බැච් එකේ එකක් අපේ ගෙදර එනව කියල තිබ්බෙ මේ දවසෙ උගෙ ප්‍රොජෙක්ට් එකත් හිරවෙලා ගොඩදාගන්න බැරුව. ඌට උදව් කරන්නත් ඕනෙ මගෙ එක කරන්නත් ඕනෙ මේ මගුල හයිකරන්නත් ඕනෙ.

    ආයි පට්ටල් ගානෙ ලොටනවට වඩා හොඳයි කියල 1200යෙ සිලිඩර් දෙක අරගෙන ආව ගෙදර.:dull:

    මග ඇණ කඩේකින් කඩුන ඇන වෙනුවට ඇණ ටිකකුත් අරන් ආව. ඔන්න මං ගෙදර එනකොටම එනව කියල තිබ්බ එකත් ආව ගෙදර. දැන් ඌත් එක්ක කතාවක් දාගෙන ඔන්න එකපැත්තක් හයිකරනව. ඇණ දෙක දාල තදකරනව ඔන්න. එකක් තදකරනකොට ටිකක් ගිහින් නිකම්ම කැරකුනා. ඊටපස්සෙ රින්ච් එක ආව අතට ඇණේ ඔලුවත් එක්ක.:shocked::shocked::shocked:

    J0CpGyr.gif


    කැඩිලා යකුනේ ඇණේ කැඩිලා...:shocked::shocked::shocked:

    dZsAScS.gif


    අත්වල අවුලක්ද නිකම්ම කැඩුනේ.. :shocked: එක දවසෙ ඇණ තුනයි...:angry::angry:

    c4Rmo48.gif


    ඔන්න ඒ ඇණේ අලුතෙන් ගෙනාපු සිලින්ඩරේ ඇතුලෙ හිරවෙලා. :baffled:

    දැන් මට දැනුනු ආතල් එක කොහොමද කියල තේරෙනව නේද...:rofl::rofl::rofl: ඒ වගේම මං පිස්සෙක් වගේ වැඩියෙන් තදකලා කියල හිතෙනව නේද?:eek:

    නෑ දෙයියනේ මං වැඩියෙන් තදකලේ නෑ මෙතන. :no: ඔක්කොටම කලින් මුලින්ම කලේ මොකද උනේ කියල කල්පනා කරපු එක. මෙන්න මේ ටික නම් ඇත්තටම වැඩක් වෙයි.:yes:

    ඇත්තටම වෙච්ච දේ මෙන්න මේකයි. පරණ ඇර දෙක නම් දිරල තිබ්බෙ. එකට දාල තිබුනෙත් මේතනට එන ජාතියෙ ජපන් ඇණ දෙකක් නෙමේ. සිලින්ඩර් දෙකේ ඇණ 4න් දෙකක් නිකම් කඩේ ගන්න තියන ඇණ මලකඩ කාල හිරවෙලා. සමහරවිට මොනවහරි ගහල ගලවන්න තිබ්බ ඉතින්. :baffled: මුල් ඇණ දෙක නම් කැඩුනෙ මලකඩකාල හිරවෙලා.:dull:

    එතකොට අලුත් ඇනේ?:eek:

    මං ඇණකඩේට ගියෙ මේකට හරියන ජපන් ඇණ 4ක් විතර අරන් එනව කියල හිතාගෙන. මෙතනට එන්නෙ අඟල් බාගෙ විතර 10යෙ ඇණයක් දිග ඇණ දාන්න බෑ. කඩේ තිබ්බ ඔක්කොම වගේ පොඩ්ඩක් දිගයි. යන්තම් අවුස්සල අවුස්සල ඇණ තුනක් හොයාගත්ත. යන්තම් තව එක ඇණයක් හම්බවුනා එක දිග හරි මෙන්න මෙ වගෙ එකක්.

    CELnga3.jpg


    මේක ගන්නකොට මං ඇහුව කඩේ එකාගෙන් මේ ඩෑෂ්බෝඩ් වගේ කෑලිවලට එන එකක්නේද කියල. මොකද ඇණේ හයිය මදිවෙයිද කියල හිතුන මට. (ඒ ගැන පස්සෙ කියන්නම්) නෑ නෑ එහෙම එකක් නෙමේ කියල ඌ දුන්න. මාත් අරගෙන ඇවිල්ල ගොනා සේ අලුත් ඇණම දානව කියල අලුතින් ගෙනාපු 4 දාල හයිකරද්දි කඩල ගියෙත් ඔය ඇණේම තමා. :yes::yes:

    කේස් එක මෙන්න මෙහෙමයි. මේක ඇත්තටම වුනේ දැන දැන ඉල්ලන් කෑමක්. වෙන කෙනෙක් මෙහෙම ඉල්ලන් කෑම වලක්වන්න තමා විලි ලැජ්ජාව පැත්තට දාල ලිව්වෙ.:yes:

    ඇණවල ඔලුව එක එක ඉලක්කම් ගහල තියනව දැකල ඇති අපේ අය. ඒ ගහල තියෙන්නෙ මොකක්ද කියල දන්නවද. (දන්න අය ඇති. හැමෝටම දැනගන්න පුලුවන් විදියට කියන්නම්කො :) )

    uc1FQwB.jpg


    මේ ගහල තියෙන්නෙ සිංහලු සරලව තේරෙන බාසාවෙන් කිව්වොත් ඇණේ ස්ට්‍රන්ත් එක කියල කියන්න පුලුවන්.

    ඒ ඇණේට දරන්න පුලුවන් ටෝක් එක ගැන අදහසක් ගන්න තමා ඒක ගහල තියෙන්නෙ. ඇණේ ග්‍රේඩ් එක කියල කියනව. :yes:කැමති අය තව කියවල බලන්න තව විස්තර තියනව.

    tp9vDui.jpg


    පේනවනෙ නිව්ටන් මීටර් ගානක් තියනව ඇණේ සයිස් එකයි ගහල තියන නම්බර් එකයි එක්ක. ඉතින් සරලව කිව්වොත් අඩු හයියයි තියන ඇණයක් ගොඩක් තදට හයිවෙන්න ඕනෙ තැනකට දාල කවදාවත් ඕන ගානට තදකරන්න බෑ. එක්කො කඩල යයි නැත්නම් පොටයයි. (මගෙ එක කඩල යන්න තව හේතුවක් ඇනේ ඔලුව ලඟ තැනක් කඳට වඩා හීනියට තිබ්බෙ ඒක වීක් ස්පොට් එකක් වෙනව එතකොට)

    තව චාර්ට් එකක්. මේව මිකැනිකල් කරපු අය දන්නව ඇති. මං දැනගත්තෙ බඩාගෙ කාර් එක හදල දුන්න අයියගෙන්.:yes:

    adhEoIs.jpg


    ඇණ අම්බානට තදකරන්නෙ නෑ කිව්වට අම්බානක තදවෙන්න ඕන තැන් තියනව. (සිලින්ඩර් හෙඩ් එහෙම) ඒවගේ තැන් වලට ස්පෙෂල් ඇණ එන්නෙ. මේ මං තනියම කාපු තව කට්ටක් අතරතුර ගහපු ෆොටෝ එකක්.(ඒ ගැන ඉස්සරහට දාන්නම්කො:yes:) දැක්කද මේක 11ක් ගහල තියෙන්නෙ. :shocked:

    IUaVu0T.jpg


    ලැජ්ජාව කියන්නෙ මේක නොදන හිටියනම් කමක්නෑ.:baffled: මං සේරම විස්තර නොදැන හිටියත් ඇණේ ටෝක් එක ගැන තමා ඔය නම්බර් එකෙන් කියන්නෙ කියල දැනන් හිටිය. :yes: අනිත් එක ඔය කඩල ගියපු ඇණේ ඔය වගේ තැනකට හරියන එකක් නෙමේ කියලත් දැනන් හිටිය.:sorry: මං ගොනා වගේ ඕක ඇතිවෙයි කියල දාල තදකලා.:dull: බ්‍රේක් සිලින්ඩර් එක හයිවෙන්න ඕනෙ ගානට මිසක් ඕනවට වඩා තදකලේ නෑ. මං අර කලින් කිව්ව වගේ ඔය වගේ ඇණ එන්නෙ ගොඩක් වෙලාවට ප්ලාස්ටික් කෑලි බොඩියට සෙට්වෙන්න වගේ දේවල් වල. ඉතින් මං තනිකරම කලේ ඉල්ලන් කෑමක්. ඔන්න මතක තියාගන්න ඇණ අඩුතැන්වලට කඩේ ගන්න තියන මොකක්හරි ඔබන්න එපා තැනට ඕනකරන එක දාන්න.:yes:

    දැන් කෑවනෙ පරිප්පුව ඇතිවෙන්න. දැන් ඉතින් ආයි පට්ටලයක් හොයන්න වෙනව. නැත්නම් තව එකක් ගන්න වෙනව. දැන් ඕනවට වඩා වෙලාව ගියා හොඳටම. ප්‍රොජෙක්ට් දෙකක වැඩ තියනව කරන්න. ඒ ඔක්කොම උඩින් මේක. ඉතින් තීරණය කලා තව එකක් ගේනව කියල.

    එකම අවුලයි තිබ්බෙ රෙද්දක් ඇඳගෙන ආයි අර කඩේට යන එක.:rofl: කඩේ එවුන් මාව අඳුරනවත් එක්ක. මං ගියොත්නම් උන් මොනව හිතයිද කියල හිතාගන්න බෑ මට මොකද මං කලින් කැඩුන එකත් උන්ට කිව්වනෙ.:baffled:

    ඒපාර කලා කුප්ප වැඩක්. ගෙදරට ආපු එකා ඇමට දාලා කෑල්ල කටපාඩම් කරල ඌව යැව්වා කඩේට.:P:P:P ඌ කඩේට ගියාම කඩේ හිටපු එකෙක් මරිසිය දාලා පරණ එක එක්ක බලන්නෙ නැතුව දෙන්න බෑ කියල.:angry: කඩේ ඉන්න අනිකා ඔය මරිසිය දාපු එකාගෙන් ඒපාර අහල දැන් ඔයා ටික්කට කලිනුත් ඔය ජාතියෙ දෙකක් දුන්න නේද කියල.:baffled: අපේ එකා ඔව් ඒජාතියෙ එකක් තමා කියල ඒපාර.:lol: කඩේ එකා හොල්මන් වෙලා අහල අර කලින් ඇණයක් කැඩිල ආවෙ ඒකටද කියල. අපේ එකා ඇහුනෙ නෑ වගේ එකක් දෙන්නකො කියල මොකුත් නොකිය අරන් ඇවිල්ල එකක් කඩේ එවුන් මූනෙන් මූන බලද්දි.:rofl::rofl::rofl: හයියෝ සල්ලි විස්තරේ ඇහුවම මං ගියානම් හොඳයි කියල හිතුන.:sorry:

    වෙච්ච දේවල් හැටියට ඕක මොකක්ද කියල ඉතින් පරන තිබ්බ හොඳ ඇණ දෙකයි අලුතෙන් ගෙනාපු ඇණ දෙකයි දාල හයිකලා යන්තම්. :rofl:

    ඔන්න සිංහලු ඔය ඔක්කොටම පස්සෙ කරන්න හදපු වැඩෙත් කරල ඉවර කලා. බ්‍රේක් ලයිනර් මාරුකරපු එක.:lol::lol::lol::lol:

    ඊටපස්සෙ ඉතින් හුලන් ඇරල හෑන්ඩ්බ්‍රේක් එකත් හරිගානට තියල වටයක් එහෙම දාල බැලුව හම්මෙ ඇතියන්තම්. වැඩේ ගොඩ ගියා. රෙදි ගැලවුනා. :baffled:

    ඉවර වෙද්දි 8.30 විතර වුනා. එහෙම්මම කාලා ඊටපස්සෙ ඉතින් නිදිමරාගෙන අරූ එක්ක තිබ්බ වැඩ ටිකත් කලා. ඊලඟ හ්ඩ්වසෙ උදේ යන්තම් ඒ ටිකත් ඉවර කලා.:yes:

    ඔන්න ඔහොමයි ඉතින් රෙදි ගැලවෙන කට්ට කෑවෙ.:rofl: ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනව කට්ටෙන්. :yes:

    ඔන්න පිලිගන්න වමේ සිට දකුණට...
    අලුතෙන් ගෙනල්ල ඉල්ලන් කාපු එක, මුලින්ම කැඩිච්ච එක, පට්ටලේ එකා කාපු එක. :P:P:P

    qJ1R6yr.jpg

     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රෙදි ගැලවෙන කටු.
    0002064B.gif


    :baffled: වෙලාවක් ලැබුන යන්තම් දාන්න.:)

    කියනව වගේම රෙදී ගැලවෙන කටුවක් තමා මේ කියන්න යන්නේ. මේක බොහොම හදිස්සියෙන් කාපු කටුවක් නිසා ෆොටෝ ගහගන්නත් බැරිවුනා. :sorry::sorry:


    හම්මේ ඇණ කැඩුනහම තියෙන සනීපෙ මම හොඳාකාරව දන්නව සහෝ :sorry: ඇණ කැඩුනොත් ගලවගන්න නියම පොට් එකක් තිබේ අතුරුගිරියෙ. ඔය ඇණ කඩේ කිව්වෙ කොට්ටාවෙ එකද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මේ ඇණ කැඩුනහම තියෙන සනීපෙ මම හොඳාකාරව දන්නව සහෝ :sorry: ඇණ කැඩුනොත් ගලවගන්න නියම පොට් එකක් තිබේ අතුරුගිරියෙ. ඔය ඇණ කඩේ කිව්වෙ කොට්ටාවෙ එකද

    නෑ බන් ගෙවල් පැත්තෙ.:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බන් මේ වාහනේ? බ්‍රේක් සිස්ටම් එක සෑහෙන්න කරදර කරනවනේ උඹට :confused:

    110 එකක්. ඕව මාරුකරල තිබ්බෙ නෑ මචන් සෑහෙන කාලෙකින්. මං කියන්නෙ සෑහෙනම කාලෙකින්.;)
     
    Status
    Not open for further replies.