ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකක් 73නේ එකක් 93නේ
    එකක් ජර්මන් එකක් ජපන්
    එකක් හිට්ලර් අයියගෙ එකක් හොන්ඩ මහත්තයගෙ

    124iy3k.jpg


    awesome-face-emoji.png

    කාර් එක උඹේද?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මචන් මගේ එකෙත් ගිය සතියේ ඉඳලා ගියර් එකේ ඉදලා පස්සට තල්ලු කරද්දී බයික් එක ඉස්සටරහ අදිනවා වගේ දැනුනා. පස්සට යන එක නවත්තලා බැලුවම ගියර් එකේදී ක්ලච් එක සම්පුර්ණයෙන්ම අල්ලාගෙන ඉද්දිත් ඉස්සරහට අදිනවා. ගියර් එක නිවුට්‍රල් කරන්නත් බෑ. පස්සේ මම ටිකක් එජස් කරලා දවස් 2ක් විතර දිව්වා.ආයෙත් එහෙම උනා.ඒක සාමාන්‍ය දෙයක්ද බන්.ක්ලච් ප්ලේට් අලුතින් දාලා තියෙන්නේ

    ක්ලච් ප්ලේට් දාන්න කීයක් ගත්තද බන් ?
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ක්ලච් ප්ලේට් ගියාම ස්ටාට් කරන්න අමාරු වෙන්නෙවත්, මිස් කරන්නෙවත්, සෙල්ෆ් ගැහුවට ස්ටාට් වෙන්නෙ නැත්තෙවත් නැහැ. ක්ලච් ප්ලේට් ගියාම කික් කරනකොට ක්ලච් ප්ලේට් එකෙන් ස්ලිප් වෙනවා. ක්ලච් ප්ලේට් ගියාම කික් එක බහින එකයි, කම්ප්‍රෙෂන් ලීක් වුනාම කික් එක බහින එකයි දෙකක්. ක්ලච් ප්ලේට් ගියාම කික් එක අඩියටම බහින්නෙ නෑ, එන්ජිම කැරකෙන්නෙත් නෑ. කම්ප්‍රෙෂන් ලීක් නම් කික් එක අඩියටම බැහැල ෆුට් රෙස්ට් එකේ වදිනවත් එක්ක. කික් එක පොඩ්ඩක්වත් තද නැහැ. ප්ලග් එක ගලවල කික් කරල බලන්න මොන වගේද කියල.

    සමහර 135 පල්සර් වල ගෑස්කට් යනවා නිකන්ම. (නිශ්පාදන දෝෂ වෙන්න ඇති ) ගෑස්කට් ගියාම ස්ටාට් කරල තියෙද්දි ඇතුලෙ පවර් ස්ට්‍රෝක් එක පුපුරන සද්දෙ එලියට ඇහෙනවා. උදේට ස්ටාට් කරන්න අමාරුයි, කික් එකේ කකුල තියන් ඉද්දි ඉක්මනටම බහිනවා(කම්ප්‍රෙෂන් ලීක් නිසා)

    වෑල් වලින් ලීක් කරන්නෙ වෑල් සීට් සවුත්තු උනාම. එහෙම වුන පල්සර්, ඩිස්කවර් මම දැකල තියෙනවා, එහෙම වෙන්න හේතුව නම් දන්නෙ නෑ. කොහොමත් ක්ලච් එකෙනුත් ස්ලිප් නොකර කික් එක නිකන් බහිනවා කියන්නෙ කම්ප්‍රෙෂන් ලීක් එකක්ම තමයි. කොහොමත් හෙඩ් එක ගලවන්නම වෙයි.. ගෑස්කට් දාල වෑල් ග්‍රයින්ඩ් කරල දාන්න මහ ගානක් යන්නෙ නෑ. කුලිය එක්ක 5000ක් විතර යයි.

    මම හිතන්නෙ ඔය ලෙඩේ එන්නෙ DTSi සිස්ටම් එකේ. මොකද ප්ලග් දෙකෙන් එකක් පත්තු වෙන්නෙ නැතුව ගියොත් වෑල් කරවෙනවා කියල මගෙ බයික් එක හදන පොර කිව්වා. සමහරවිට වෑල් ස්ප්‍රිං එකක,ටැපට් එකක අවුලක් නිසා වෑල් එකක් හරියට වැහෙන්නෙ නැතුව යනවද දන්නෙ නෑ වෙලාවකට. (උපකල්පනයක් විතරයි වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. )

    ලෙඩේ තියෙන්නෙ එක්කො ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ. නැත්නම් හෙඩ් එකේ. ඒක ඉර හඳ වගේ ෂුවර්. ලොකු වියදමක් යන එකක් නෑ බය වෙන්නෙපා


    Mage platina bike eketh kick eka gahanakota magadi thada wenawa. Kihipa sarayak gahala thamai start karanne. Me vidiyata thiyaagena padina eka awlda ban ? Cluch plates daanna kiyak vithara yaida?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ දන්න තැනක පල්සර් 150ක් තියෙනවා.TW නම්බර් එකක්.අයිතිකාරයා 130,000 ක් කියනවා.කවුරුහරි ඉන්නවනම් කියන්න.ගාන ටිකක් අඩුකරගන්න බැරිවෙන එකක් නෑ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කොල්ලනේ දන්න තැනක පල්සර් 150ක් තියෙනවා.TW නම්බර් එකක්.අයිතිකාරයා 130,000 ක් කියනවා.කවුරුහරි ඉන්නවනම් කියන්න.ගාන ටිකක් අඩුකරගන්න බැරිවෙන එකක් නෑ.
    මාත් bike එකක් හොයනවා එත් pulsar T number සාමාන්යෙන් යන්නේ 70 - 90 අතර වගේ නේ...pulser 135 එකක් හරි 180 හරි 100000 අඩුව තියනවනම් කියන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mage bike eke issaraha display eka wada karanne nathuwa giya
    light system okkoma wada . mokakda case eka ban?

    :oo::oo: බයික් එකේ වර්ගේ මොකක්ද....?? පල්සර් එකක් නම්.... ඕකේ තියෙනවා ෆියුස් එකක් සීට් එක යට.... ඒක අවුල් ඇති..... ෆියුස් එක හොද තත්වෙන් තිබ්බත් කමක් නෑ.... වෙන එකක් දාලා බලන්න.... වැඩේ ගොඩ යයි..... !! :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා ,

    Pulsar 150 එක යද්දී එක පාරටම නැවතුනා දැන් දෙපාරක් විතර . ටැංකිය යට තියෙන්නේ කළු පාට Electrical Box එකක් . එකට එන wire ටිකක් හෙලෙව්වම තමා start වෙන්නේ ආයිත් . garage එකකට ගෙනිච්චම ඌ කිව්වා ඒ කළු පාට box එක දාන්න වෙනවා කියල. එක කීයක් වෙනවද මචන් ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා ,

    Pulsar 150 එක යද්දී එක පාරටම නැවතුනා දැන් දෙපාරක් විතර . ටැංකිය යට තියෙන්නේ කළු පාට Electrical Box එකක් . එකට එන wire ටිකක් හෙලෙව්වම තමා start වෙන්නේ ආයිත් . garage එකකට ගෙනිච්චම ඌ කිව්වා ඒ කළු පාට box එක දාන්න වෙනවා කියල. එක කීයක් වෙනවද මචන් ?

    ටැංකිය යට තියෙන බොක්ස් එක....?? ඒ මොකක්ද බං....?? ෆොටෝ කෑල්ලක් දාපන් බලන්න....?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ටැංකිය යට තියෙන බොක්ස් එක....?? ඒ මොකක්ද බං....?? ෆොටෝ කෑල්ලක් දාපන් බලන්න....?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මගේ එකේ photo එකක් ගත්තේ නැ මචන් . අද bike එක දාල අවේ ගෙදර වැඩට. ඕක ආයිත් නැවතුනොත් එපා වෙනවනේ . හෙට garage දාන්න ඉන්නේ. අද කෑල්ල ගන්න ඕන . මෙන්න මේවගේ එකක්.


    MI-7664H-E01.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ එකේ photo එකක් ගත්තේ නැ මචන් . අද bike එක දාල අවේ ගෙදර වැඩට. ඕක ආයිත් නැවතුනොත් එපා වෙනවනේ . හෙට garage දාන්න ඉන්නේ. අද කෑල්ල ගන්න ඕන . මෙන්න මේවගේ එකක්.


    MI-7664H-E01.jpg

    :oo::oo: ඕක තියෙන්නේ සීට් එක යට නේහ්....?? :rolleyes: