මේක කෙනෙක් එයාගෙ blog එකේ දාලා තිබ්බ post එකක්. මම copy paste කළා . නමුදු මෙතනට යන්න කලබල වෙන්න එපා . මගේ කතාවත් අහලාම ඉන්න .
නාඩි වාක්‍යය ඇසුවෙමි.ඉන් කියවුනු පසුගිය විස්තර 100 % ක් නිවැරදිය. නමුත්!
නාඩි වාක්‍ය ඇසීමට කොළඹ ගියපු කතාව කලින් බ්ලොග් එකේ දැම්මා ඔයාලට මතක ඇතිනේ.ඔන්න පටලවා ගන්න එපා.කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.මගේ එක බලපු නැති අය ඔන්න මෙතනින් බලලා ආපසු එන්න
ඇත්තටම මේ ලිපිය කොහොම පටන්ගෙන ලියන්නද කියල හිතා ගන්න බැරිව හිටියේ.මෙය ලිවීම විශේෂ සැලකිල්ලෙන් අවධානයෙන් ප්‍රවේශමෙන් ලිවිය යුත්තක් බව පූර්වයෙන්ම අවබෝධ වූයේ මෙහිදී ලියැවෙන කරුණු කාරණා බ්ලොගයේ මේ දක්වා ලියැවුනු ලිපි සියල්ලටම වඩා බ්ලොගයේ ඉදිරි පැවැත්මට තදින් බලපෑ හැකි බැවිනි.එය එසේ නොවුනහොත් බ්ලොගයට ලබෙන ප්‍රතිචාර යහපත් නොවනු නිසැකය.නාඩි වාක්‍යය ඇසීමේදී මුහුණ දුන් සියළු අත්දැකීම් ඒ පරිද්දෙන්ම ලිවීමට හා නාඩි වාක්‍යයේ සම්පූර්ණ හඩ පටයම බ්ලොගයට අප්ලෝඩ් කිරීමට සිතුවේත් ලිපියේ අව්‍යාජ බව රැක ගැනීම පිණිසය.
2011/03/11 දිනය එනම් අද දිනය නාඩි වාක්‍ය ඇසීමට මා හට වෙන්ව තිබූ දිනයයි.උදේ 8 ට විතර මමත් එතනට ගියා, අප්පා අදත් හිටිය හෙන සෙනගක්.අපි කලින් දවසෙ ඇගිලි සලකුණු දුන් අය නිසා අපිත් කලින් දිනයේ දීපූ රිසිට් එක වගේ කොළයත් අරගෙන පෝළිමේ ගියෙමු.මගේ රිසිට් එක අතට ගත් විටම කීවේ "මේකේ දිනේ තියෙන්නේ 22 නේ" කාල වරෙන්කෝ,මමත් ඉක්මනට රිසිට් එක අරගෙන බැලුවා.ඇත්ත තමයි ඒකේ දිනය ලෙස සටහන් කරල තිබුණේ 22.3.11 ආකාරයෙනි.නමුත් කලින් දිනයේ රිසිට් එක අතට දෙනවිට කටින් කීවේ 11 වෙනිදා එන ලෙසය. කියපු කෙනාට දිනයේ පෝමැට් එක පැටලී ඇත.ලියල තියෙන විදියෙන්ම ඒක ඕගොල්ලන්ටත් තේරෙනවනේ.අයියෝ මාත් කොලේ රැගෙන ගියා මිස එය බැළුවේ නැත."මට එදා කිව්වේ 11 වෙනිදා එන්න කියලනේ."මම කීවෙමි.
"හොදයි එහෙනම් එලියෙන් ඉන්න.සමහර විට අද පුස්කොළේ හොයා ගන්න පුළුවන් වේවි." යහපත් පිළිතුරක් ලැබුණි.
මා එලියට වී සිටියෙමි.මගේ බලාපොරොත්තු දැන් තරමක් සිදී ඇත."අනේ මගේ පුස්කොළේ අද හම්බ වෙයන්" මා සිතින් එලෙස පැතුවේ නැතහොත් මා හට තවත් දවසක් එන්න වෙන බැවිනි.
පැයක් පමණ ගත විය.ආයතනික මහතුන් වරින් වර එලියට පැමිණ උපන් දින අනුව කතා කරමින් සේවා දායකයන්ට දින හා වේලාවන් නියම කරති.සමහරුන්ට අද දිනයේම වේලාවකි.තවත් අයට වෙනත් දිනයකි.
"79 මාර්තු 16" මාගේ උපන් දිනය හඩගානු ඇසිනි. මා වහා වාඩිවී සිටි තැනින් නැගිට එදෙසට ගියෙමි.
" ඔයාගෙ වෙලාව අද හවස 5.30 "
හම්මේ ඇති යාන්තන් අද දවස ඇතුලත වෙලාවක් හම්භ වුනා.අද පුළුවන්වේදෝයි සැකෙන් සිටි මට එය අස්වැසිල්ලක් විය.
ඒත් ටිකක් වෙලා යනකොට තමයි ඒකෙත් රගේ තේරුනේ.තාම වෙලාව උදේ 10 වත් වෙලා නැහැනේ.ඉදපල්ලකෝ පැය හත හමාරක් විතර. දැන් ඉතින් කාපල්ලකෝ කාලේ.හපොයි ඕන වෙලාවට වෙලාව යන්නෙත් හෙමින් වගේ.අද ගෙදරට එන හදහන් වැඩ භාර ගන්න කියල අම්මට කියල ආවත් අපේ රස්සාවේ එක දවසක්වත් මේවගේ ගතකොලොත් ආයේ ඔළුව උස්සන්නත් හරි අමාරුයි.
හෙමින් සීරුවෙ බම්බලපිටිය හන්දිය පැත්තට ආපසු ගෑටුවා.යුනිටි ප්ලාසා එකේ කොම්පියුටර් කඩ ඇතුලට ගිහින් බඩුවල ගනන් අහ අහ ගියා ගන්න නෙවෙයි(ඒව ගත්තොත් නාඩි වාක්‍ය අහන්න වෙන්නෑ.මගේ අතේ ලොකු මුදලක් තිබුනෙත් නැහැ.) අන්තිමට ඒකත් එපා වුනා.කඩේකින් මොනවද ජරාවක් කාල බීම එකකුත් බිව්වා.ඔය අතරෙදි මගේ හිතට තවත් දෙයක් ආවා.ඒක මේ අපේ අය හැමෝටම වගේ තියෙන ලෙඩක්.ඒකට උදාහරණ මේ වෙලාවෙ ඔළුවට එන්නේ නැහැ.තේරෙන අයට තේරේවි.
ආපහු ගියා නාඩි වාක්‍ය අහන තැනට ගිහින් කිව්වා මෙහෙම
"මම ඈත ඉදල ආව කෙනෙක් හවස 5.30 වෙනකන් ඉන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවට ගියොත් ගමන් කරදරත් වැඩියි.ටිකක් වේලාසනින් බැරිද?"
" ආ ඒක ඒ වෙලාවෙ කියන්න ඕන.දැන් හැමෝටම වෙලාවල් දීල ඉවරයි.ඉන්නකෝ බලන්න පුළුවන් වුනොත් ඉක්මනට ගන්නම්."
දවල් 11.45 ට පමන ඉහත දෑ පැවසූ අය එලියට පැමිණ මාගේ උපන් දිනය ඇසුවේය.ඉන්පසු ඇතුලට ගිය හේ ටික වේලාවකින් පුස්කොළ මිටියක් රැගෙන විත් තවත් අයෙකු සමග මාව කාමරයක් තුලට රුගෙන ගියේය.අනිත් තැනැත්තා තල් පත කියවන්නාය.දැන් මට හෙන හැපිය.5.30 වෙනකන් එලියෙ හිටියනම් කොහොමද?
කාමරය පිරිසිදුය.වැඩි විච්චූර්ණ නැත.එක් පසෙක බිත්තියේ ඉහලට වෙන්න විශ්ණු,ශිව,ගණ ආදී දෙවි රූප ඇත.
"ඔයාගෙ උපන් දිනයටයි ඇගිළි සලකුණටයි අදාළ තල්පත මේ තල්පත් වලින් තෝරා ගන්නයි හදන්නේ.මේ තල්පත් තීරුවල තියෙන අයිතිකාර නම හා දෙමව්පියන්ගේ නම් අපි කියනවා.ඒවා ඔයාගේ නෙවෙයි නම් නැහැ කියන්න වෙන මුකුත් කියන්න එපා.
තල්පත් කියන්නා පුද්ගලයන් හා දෙමව්පියන්ගේ නම් කියයි.පරිවර්තකයා සිංහලෙන් එය මට පවසයි.තල් පත් තීරු 5 ක් පමණ ඉවත් කළේය.ඒ එකක්වත් මගේ නොවීය.දැන් මටත් හෙන අප්සැට්ය.නැවත ඇතුලට ගොස් තවත් තල්පත් තීරු කිහිපයක් ගෙනාවේය.
එම තල්පත් වලින්ද කීපයක් ඉවත් විය.එක් වරම "චන්ද්‍රන්" කීවේය. මම අවධානය යොමු කලෙමි.ඒ මගේ නම චන්දන බැවිනි. දෙමව්පියන්ගේ නම් කියන්න මා පෙරලා ඇසුවෙමි.
"තාත්තා අමර්දාස් අම්මා ත්රාම්බ්රවතී"
(මගේ පියා අමරදාසය මව ත්රාම්බ්රවතීය) මා විශ්මයට පත්විය.මා මෙතනට දුන්නේ උපන් දිනය හා ඇගිළි සලකුණ පමනි.අඩුම තරමින් මගේ නමවත් නොදුන්නමි.එය මාගේ පුස්කොළය බව ඔවුන්ට පැවසුවෙමි. ඉන්පසු තල්පත් තීරුව නාඩි කියවන්නා ලවා මා සදහන් කල පරිච්ඡේද අනුව කියවා පරිවර්තනය විය.එය ඒ අකාරයෙන්ම පහත දක්වා ඇත.නාඩි වාක්‍යය ඇසීමට මා දැන් ගෙවන වයසේදී පැමිනෙන බවද තල්පතේ වූ බව පැවසීය.මාගේ උපන් දිනය ඔවුන්ට දුන් නිසා එය පුදුම නැත.නමුත් මා උපන් වේලාව ඔවුන්ට දුන්නේ නැත.තල්පත කියවා හඩ පටය දීමට ප්‍රථම ඔවුන් මුලින්ම මගේ ලග්නය ලෙස කීවේ කටක ලග්නයයි.එය වැරදිය මගේ නිවැරදි ලග්නය වෘෂභ ලග්නයයි.මා එය පැවසූ විට ඔවුන් මා කාමරයේ තනිකොට පිටතට ගොස් විනාඩි පහලොවකින් පමණ පැමිණියේය.පටිගත කිරීම සිදු කලේ ඉන් පසුවයි.පටිගත කිරීම කරන විට මගේ ලග්නය ලෙස පවසන්නේ වෘෂභයයි.ග්‍රහයන් පිහිටීම පැවසීම නිවැරදිය.සමහර විට එය ඔවුන් පිටතට ගිය කාලයේ පරිගණක මෘදුකාංගයකින් සාදා ගත්තා විය හැක.වෘෂභ ලග්නය පැවසුවේ ඔවුන් නොව මා විසිනි.ඔවුන් මා කාමරයේ තනි කළ විනාඩි 15 ක කාළයද මා හට අමුත්තක් දැණුනි.ඇතුලේ කිසිදු ශබ්දයක් පිටතටත් පිටත ශබ්ද ඇතුලටත් නොඇසේ.කව්රුන්දෝ මාදෙස බලා සිටින හැගීමක් මට දැනුනත් කිසිදු ආකාරයක බියක් දැනුනේ නැත.මයිකල් කොලින්ස්ව මව් යානයේ තනිකොට නීල් ආම්ස්ටෝන් හා එඩ්වින් ඕල්ඩ්රින් දෙදෙනා චන්ද්‍ර යානයෙන් පිටත් වී හඳ මතට ගිය පසු මව් යානයේ තනිවූ මයිකොලින්ස්ට දැනුන තනිකමට සමාන තනිකමක් මා හට එම කාමරයේ තනිවූ විනාඩි 15 තුල දැනුනි.
මා විශ්මයට පත්වූ තවත් කරුණක් වූයේ වයස 12 දී පමණ මාගේ හෘදයේ සිදුකළ සැත්කම පැවසීම මගේ පියාගේ රැකියාව හා මා දැන් කරන රැකියාව නිවැරදිව පැවසීමය..නාඩි වාක්‍යය ඇසූ දිනය දක්වා වූ සියළු තොරතුරු 100%ක් නිවැරදිව පැවසුවත් මා හට අත්‍යාවශ්‍ය වූ ඉදිරි රැකියාව විවාහය සම්බන්ධ තොරතුරු පැවසුනේ සසම්භාවී අයුරිනි.හඩ පටය අතට ගත් පසු මා ඔවුන්ගෙන් ඇසුවේ "අම්ම තාත්තගේ නම් හරියටම කිව්වනම් අනාගත සහකාරියගේ නම හරියටම නොකියා නම් වැලක් පැවසූනේ මන්ද?" යන්නයි.එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ එය දැන ගැනීමට විවාහය සිදුවූ පසු පැමිණිය යුතු බවයි."එතකොට ආපසු තල්කොළේ ඒක ලියවෙනවාද? ඒක ලියන්නෙ ඔයාලද?" මා සිනා සෙමින් ඔවුන්ගෙන් ඇසුවත් එයට පිළිතුරක් නොලැබුණි.
නාඩි වාක්‍ය පලාඵලේ මේ දක්වා විස්තර 100% නිවැරදි වුවත් .එහි ඉදිරි කාලයේදී දක්වා තිබුණු කරුණු වැඩකට ගත නොහැකි තරම්ය.එකම දේ නැවත නැවත පවසා ඇත.එක තැනක අනිවාර්්‍ය දීර්ඝායුෂ ඇති බවත් තවත් තැනක වයස අව් 60 දී පමන ඇතිවන අසනීප වලින් ආරක්ෂා වුවහොත් දීර්ඝායුෂ ඇති බවත්ය.ආගමික සිද්ධස්ථානයක් පොදු තැනක් පසු කර යන තැනක සහකාරිය ඉන්න බව පැවසීම හා නියමිත දිශාවක් නොපැවසීම එතනින්ද ගන්න දෙයක් නැත.
නාඩි වාක්‍ය ඇසීමෙන් පසු
මා හට මතුවූ ප්‍රධාන ගැටළුවකි
" නාඩි වාක්‍ය අසන මොහොත දක්වා විස්තර ඉතා විශ්මිත නිවැරදි අයුරින් පැවසීමත් ඉදිරි කාලය සම්බන්ධ තොරතුරු සසම්භාවී ලෙස කියැවීමටත් හේතුව කුමක්ද?"
මෙන්න පටිගත කල නාඩි වාක්‍ය පලාඵල විස්තර
https://lankajhothisha.blogspot.com/2011/03/100.html?m=1