නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මාත් ගියා මචන් ඕක බලන්න බම්බා පොට් එක තියෙන්නෙ. මගෙ නම් ෆින්ගර් ප්රින්ට් එකයි උපන් දිනෙයි ගත්ත. එ වෙලාවෙම කිව්වා. පවුලේ අයගෙ විස්තර ඒම කිව්ව හරියටම. අනේ මන්දා කොහොම කිව්වද කියලා.

    :rolleyes::oo:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113
    [FONT=&quot]නාඩි ජොතිශය ගැන ඔබ අහල තියනවද? නාඩි ජෝතිෂය ගැන මගේ අත්දැකීමක් මේකේ ලියන්න අදහස් කළා. මුලින්ම කියන්න ඕනෑ මම ජෝතිෂය වත් ගුරුකම් ගැන වත් මහා ලොකුවට විශවාස කරන කෙනෙක් නෙවෙයි. මගේ අත් දැකීම කියන්න කලින් මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා වෙනත් අයගේ අත්දැකීම් ටිකකුත් එකතු කරන්නම්. නමුත් මේ අය මම පෞද්ගලිකව හඳුනන අයගේ විස්තර නෙවෙයි. සමහර වෙබ් අඩවි වල තිබුන articles හා ඒවාට තිබුණු comments. මම original source එක දාන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක එක අතකින් මුල් අයිතිකරුවන්ට අසාදාරනයක් නමුත් original ලින්ක් එකේ අදාල තැනේ address එක තියනවා. එතකොට මම ඒ තැන promote කළා වෙනවා. [/FONT]
    [FONT=&quot]ඉන්දියාවේ ඉස්සර හිටපු ඍෂිවරු අනාගතයේ උපදින මිනිසුන්ගේ විස්තර දැකලා ඒවා තල් පත්වල ලියලා තියනවලු. මේ වැඩේ ප්‍රධන වශයෙන් කරලා තියෙන්නේ ඍෂිවරු හතර දෙනෙක්. අගස්ති කියන්නේ මෙයින් එක්කෙනෙක්. එතකොට ඔබටත් මටත් නැගෙන ප්‍රශ්නය තමයි ලෝකේ ඉපදෙන කෝටි ගානක් මිනිස්සු සඳහා කොච්චරක් නම් තල් පත් ලියන්නද? ඒකට උත්තරේ නම් මම දන්නේ නෑ. නමුත් හැම පුද්ගලයාගේම තල්පතුත් නැතිලු. මේ වැඩේ ගොඩක් දුරට කෙරෙන්නේ දකුණු ඉන්දියාව ආශ්‍රිතව. අදාල පුද්ගලයාගේ තල්පත හඳුනාගන්නේ එයාගේ උපන්දිනයෙනුයි දකුණු මහපටගිල්ලේ සලකුණෙන්. සමහර විට ඔබ යන තැන ඔබේ තල්පත නොතිබෙන්න පුළුවන් මොකද නාඩි කියවන්නන් ගොඩක් සිටින නිසා වෙන කෙනෙකු ළඟ ඔබේ තල්පත තියෙන්න පුළුවන්. [/FONT]
    [FONT=&quot]බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ තමන්ගේ නාඩි පත්‍රය බලවග්ත්ත කියල උන්වහන්සේගේ පොතක හෝ දේශනාවක තියනවලු. නමුත් මම උන්වහන්සේගේ පොත් හෝ දේශනා කියවල නැති නිසා ඒගෙන දන්නේ නෑ. මේවා බලාගත්ත අයගේ අදහස් බැලුවම දෙපැත්තටම තියනවා. එකියන්නේ හොඳ නරක දෙකම. සමහරු කියල තියනවා එයාලගේ පෙර තොරතුරු මෙන්ම අනාගතය පිලිබඳ තොරතුරු නිවැරදි උනා කියලා. තවත් සමහරු කියලා තියනවා පෙර තොරතුරු සම්පුර්නයෙන්ම හරි. නමුත් අනාගතය පිලිබඳ කියූ දේවල් උනේ නෑ කියල. තවත් සමහරු කියනවා හරි තොරතුරු මෙන්ම වැරදි තොරතුරු දෙකම තියනවා කියලා. එකතරා website එකක තිබ්බ article එකකට වැටිලා තිබුන comments මේකේ copy paste කරන්නම්. එකේ original ලින්ක් එක දැනට දන්නේ නෑ. [/FONT]

    මුලින් පිලි ගනිං උඹ ඕක හොඳටම විශ්වාස කරනව කියල , ඒ විශ්වාසය සාදාරනීකරණය කරන්න උඹ හරියට දන්නෙත් නැති ජනප්‍රිය හාමුදුරු කෙනෙක් ද එය විශ්වාස කර ඇත, කියල උඹ තවත් ටිකක් හිත හදා ගන්න උත්සහ කරනව,

    හරි වැරදි දෙකම කියනව නං එක පිලි ගන්නෙ කොහොමද බං, මම උඹට වෙන්න පුළුවන් දේවල් 20 ක් කිව්වොත් අදාළ කාල වලදී ඕකෙන් දෙක තුනක් වත් වෙන්න පුළුවන්, ඉතින් ඕක විශ්වාස කරන්න කැමති එකා ඒ දෙක තුන බලල සතුටු වෙනවා , මිත්‍යාව තවත් ප්‍රමෝට් කරනව.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඔය සීන් එක තියෙන්නේ කොල්ලුපිටියේ තැනක. JR ගේ කාලේ ඉදන් තියෙනවලු. ඉන්දියාවේ පුරාණ ඍෂිවරුන් අනාගතය දැකලා පුස්කොළ පොත්වල ලියපුවා කියලා තමයි තියෙන්නේ.

    මගේ යාලුවෙක් අවුරුදු 2කට විතර කලින් ඔතනට ගිහින් තිබුණා.

    එක පරිච්ඡේදයක් කියන්න Rs.1000ක් අරන් තිබුණා. මුලින්ම ID නම්බර් එකයි උපන් වෙලාවයි අහගෙන හවස එන්න කියලා තිබුණා.

    ගියාට පස්සේ අම්මගේ නම, තාත්තගේ නම කිව්වලු.
    ගිය ආත්මේ ගැන කිව්වලු. මගේ යාළුවා කළුතර. මිනිහා ගිය ආත්මේ රත්නපුරේ වලව්කාරයෙක්ලු, නමත් කියලා.
    බඳින කෙල්ල ඉන්න තැන කිව්වලු, ගෙදර ඉදන් 120 km උතුරට වෙන්න කිව්වලු කෙල්ල ඉන්නේ. ඒ කියන්නේ කුරුණෑගල පැත්තෙනේ.

    පරිච්ඡේද 6ක් වගේ අහලා මිනිහා වැඩේ නවත්තලා. අන්තිම පරිච්ඡේදයෙන් මැරෙන දවසත් කියනවලු. CD එකක් දීලා තිබුණා.

    මිනිහට නම් යම් විස්වාසයක් තිබුණා ඕක ගැන.


    ID eka ganne na ban. Upan dawasai finger print ekai ganne.

    Un past eka gena kiyana dewal nam hari future eka gena kiyana ewwa hari yanne na godak welawata.
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    තොත්ත බබා;21565614 said:
    මුලින් පිලි ගනිං උඹ ඕක හොඳටම විශ්වාස කරනව කියල , ඒ විශ්වාසය සාදාරනීකරණය කරන්න උඹ හරියට දන්නෙත් නැති ජනප්‍රිය හාමුදුරු කෙනෙක් ද එය විශ්වාස කර ඇත, කියල උඹ තවත් ටිකක් හිත හදා ගන්න උත්සහ කරනව,

    හරි වැරදි දෙකම කියනව නං එක පිලි ගන්නෙ කොහොමද බං, මම උඹට වෙන්න පුළුවන් දේවල් 20 ක් කිව්වොත් අදාළ කාල වලදී ඕකෙන් දෙක තුනක් වත් වෙන්න පුළුවන්, ඉතින් ඕක විශ්වාස කරන්න කැමති එකා ඒ දෙක තුන බලල සතුටු වෙනවා , මිත්‍යාව තවත් ප්‍රමෝට් කරනව.

    පොඩ්ඩක් hitapan මගේ කතාව කීවේ නෑනේ තාම
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    සල්ලි දුන්නම බය උනත් මිනිස්සු කරන්න පෙළබෙනවා, ඒක නෙමේ මම කියන්නෙ හේතුවාදීන් කරන්නෙ අමු බොරුවක්
    හොල්මන් නැහැ කිව්වට ඔය සංගමේ එකෙක්වත් කනත්තට වෙලා ඉන්න චැලේන්ජ් එක බාර අරන් තිබ්බෙ නැහැ

    ado ehemath seen ekakda? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මේක කෙනෙක් එයාගෙ blog එකේ දාලා තිබ්බ post එකක්. මම copy paste කළා . නමුදු මෙතනට යන්න කලබල වෙන්න එපා . මගේ කතාවත් අහලාම ඉන්න .

    නාඩි වාක්‍යය ඇසුවෙමි.ඉන් කියවුනු පසුගිය විස්තර 100 % ක් නිවැරදිය. නමුත්!
    නාඩි වාක්‍ය ඇසීමට කොළඹ ගියපු කතාව කලින් බ්ලොග් එකේ දැම්මා ඔයාලට මතක ඇතිනේ.ඔන්න පටලවා ගන්න එපා.කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.මගේ එක බලපු නැති අය ඔන්න මෙතනින් බලලා ආපසු එන්න

    ඇත්තටම මේ ලිපිය කොහොම පටන්ගෙන ලියන්නද කියල හිතා ගන්න බැරිව හිටියේ.මෙය ලිවීම විශේෂ සැලකිල්ලෙන් අවධානයෙන් ප්‍රවේශමෙන් ලිවිය යුත්තක් බව පූර්වයෙන්ම අවබෝධ වූයේ මෙහිදී ලියැවෙන කරුණු කාරණා බ්ලොගයේ මේ දක්වා ලියැවුනු ලිපි සියල්ලටම වඩා බ්ලොගයේ ඉදිරි පැවැත්මට තදින් බලපෑ හැකි බැවිනි.එය එසේ නොවුනහොත් බ්ලොගයට ලබෙන ප්‍රතිචාර යහපත් නොවනු නිසැකය.නාඩි වාක්‍යය ඇසීමේදී මුහුණ දුන් සියළු අත්දැකීම් ඒ පරිද්දෙන්ම ලිවීමට හා නාඩි වාක්‍යයේ සම්පූර්ණ හඩ පටයම බ්ලොගයට අප්ලෝඩ් කිරීමට සිතුවේත් ලිපියේ අව්‍යාජ බව රැක ගැනීම පිණිසය.
    2011/03/11 දිනය එනම් අද දිනය නාඩි වාක්‍ය ඇසීමට මා හට වෙන්ව තිබූ දිනයයි.උදේ 8 ට විතර මමත් එතනට ගියා, අප්පා අදත් හිටිය හෙන සෙනගක්.අපි කලින් දවසෙ ඇගිලි සලකුණු දුන් අය නිසා අපිත් කලින් දිනයේ දීපූ රිසිට් එක වගේ කොළයත් අරගෙන පෝළිමේ ගියෙමු.මගේ රිසිට් එක අතට ගත් විටම කීවේ "මේකේ දිනේ තියෙන්නේ 22 නේ" කාල වරෙන්කෝ,මමත් ඉක්මනට රිසිට් එක අරගෙන බැලුවා.ඇත්ත තමයි ඒකේ දිනය ලෙස සටහන් කරල තිබුණේ 22.3.11 ආකාරයෙනි.නමුත් කලින් දිනයේ රිසිට් එක අතට දෙනවිට කටින් කීවේ 11 වෙනිදා එන ලෙසය. කියපු කෙනාට දිනයේ පෝමැට් එක පැටලී ඇත.ලියල තියෙන විදියෙන්ම ඒක ඕගොල්ලන්ටත් තේරෙනවනේ.අයියෝ මාත් කොලේ රැගෙන ගියා මිස එය බැළුවේ නැත."මට එදා කිව්වේ 11 වෙනිදා එන්න කියලනේ."මම කීවෙමි.
    "හොදයි එහෙනම් එලියෙන් ඉන්න.සමහර විට අද පුස්කොළේ හොයා ගන්න පුළුවන් වේවි." යහපත් පිළිතුරක් ලැබුණි.
    මා එලියට වී සිටියෙමි.මගේ බලාපොරොත්තු දැන් තරමක් සිදී ඇත."අනේ මගේ පුස්කොළේ අද හම්බ වෙයන්" මා සිතින් එලෙස පැතුවේ නැතහොත් මා හට තවත් දවසක් එන්න වෙන බැවිනි.
    පැයක් පමණ ගත විය.ආයතනික මහතුන් වරින් වර එලියට පැමිණ උපන් දින අනුව කතා කරමින් සේවා දායකයන්ට දින හා වේලාවන් නියම කරති.සමහරුන්ට අද දිනයේම වේලාවකි.තවත් අයට වෙනත් දිනයකි.
    "79 මාර්තු 16" මාගේ උපන් දිනය හඩගානු ඇසිනි. මා වහා වාඩිවී සිටි තැනින් නැගිට එදෙසට ගියෙමි.
    " ඔයාගෙ වෙලාව අද හවස 5.30 "
    හම්මේ ඇති යාන්තන් අද දවස ඇතුලත වෙලාවක් හම්භ වුනා.අද පුළුවන්වේදෝයි සැකෙන් සිටි මට එය අස්වැසිල්ලක් විය.
    ඒත් ටිකක් වෙලා යනකොට තමයි ඒකෙත් රගේ තේරුනේ.තාම වෙලාව උදේ 10 වත් වෙලා නැහැනේ.ඉදපල්ලකෝ පැය හත හමාරක් විතර. දැන් ඉතින් කාපල්ලකෝ කාලේ.හපොයි ඕන වෙලාවට වෙලාව යන්නෙත් හෙමින් වගේ.අද ගෙදරට එන හදහන් වැඩ භාර ගන්න කියල අම්මට කියල ආවත් අපේ රස්සාවේ එක දවසක්වත් මේවගේ ගතකොලොත් ආයේ ඔළුව උස්සන්නත් හරි අමාරුයි.
    හෙමින් සීරුවෙ බම්බලපිටිය හන්දිය පැත්තට ආපසු ගෑටුවා.යුනිටි ප්ලාසා එකේ කොම්පියුටර් කඩ ඇතුලට ගිහින් බඩුවල ගනන් අහ අහ ගියා ගන්න නෙවෙයි(ඒව ගත්තොත් නාඩි වාක්‍ය අහන්න වෙන්නෑ.මගේ අතේ ලොකු මුදලක් තිබුනෙත් නැහැ.) අන්තිමට ඒකත් එපා වුනා.කඩේකින් මොනවද ජරාවක් කාල බීම එකකුත් බිව්වා.ඔය අතරෙදි මගේ හිතට තවත් දෙයක් ආවා.ඒක මේ අපේ අය හැමෝටම වගේ තියෙන ලෙඩක්.ඒකට උදාහරණ මේ වෙලාවෙ ඔළුවට එන්නේ නැහැ.තේරෙන අයට තේරේවි.
    ආපහු ගියා නාඩි වාක්‍ය අහන තැනට ගිහින් කිව්වා මෙහෙම
    "මම ඈත ඉදල ආව කෙනෙක් හවස 5.30 වෙනකන් ඉන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවට ගියොත් ගමන් කරදරත් වැඩියි.ටිකක් වේලාසනින් බැරිද?"
    " ආ ඒක ඒ වෙලාවෙ කියන්න ඕන.දැන් හැමෝටම වෙලාවල් දීල ඉවරයි.ඉන්නකෝ බලන්න පුළුවන් වුනොත් ඉක්මනට ගන්නම්."
    දවල් 11.45 ට පමන ඉහත දෑ පැවසූ අය එලියට පැමිණ මාගේ උපන් දිනය ඇසුවේය.ඉන්පසු ඇතුලට ගිය හේ ටික වේලාවකින් පුස්කොළ මිටියක් රැගෙන විත් තවත් අයෙකු සමග මාව කාමරයක් තුලට රුගෙන ගියේය.අනිත් තැනැත්තා තල් පත කියවන්නාය.දැන් මට හෙන හැපිය.5.30 වෙනකන් එලියෙ හිටියනම් කොහොමද?
    කාමරය පිරිසිදුය.වැඩි විච්චූර්ණ නැත.එක් පසෙක බිත්තියේ ඉහලට වෙන්න විශ්ණු,ශිව,ගණ ආදී දෙවි රූප ඇත.
    "ඔයාගෙ උපන් දිනයටයි ඇගිළි සලකුණටයි අදාළ තල්පත මේ තල්පත් වලින් තෝරා ගන්නයි හදන්නේ.මේ තල්පත් තීරුවල තියෙන අයිතිකාර නම හා දෙමව්පියන්ගේ නම් අපි කියනවා.ඒවා ඔයාගේ නෙවෙයි නම් නැහැ කියන්න වෙන මුකුත් කියන්න එපා.
    තල්පත් කියන්නා පුද්ගලයන් හා දෙමව්පියන්ගේ නම් කියයි.පරිවර්තකයා සිංහලෙන් එය මට පවසයි.තල් පත් තීරු 5 ක් පමණ ඉවත් කළේය.ඒ එකක්වත් මගේ නොවීය.දැන් මටත් හෙන අප්සැට්ය.නැවත ඇතුලට ගොස් තවත් තල්පත් තීරු කිහිපයක් ගෙනාවේය.
    එම තල්පත් වලින්ද කීපයක් ඉවත් විය.එක් වරම "චන්ද්‍රන්" කීවේය. මම අවධානය යොමු කලෙමි.ඒ මගේ නම චන්දන බැවිනි. දෙමව්පියන්ගේ නම් කියන්න මා පෙරලා ඇසුවෙමි.
    "තාත්තා අමර්දාස් අම්මා ත්‍රාම්බ්‍රවතී"
    (මගේ පියා අමරදාසය මව ත්‍රාම්බ්‍රවතීය) මා විශ්මයට පත්විය.මා මෙතනට දුන්නේ උපන් දිනය හා ඇගිළි සලකුණ පමනි.අඩුම තරමින් මගේ නමවත් නොදුන්නමි.එය මාගේ පුස්කොළය බව ඔවුන්ට පැවසුවෙමි. ඉන්පසු තල්පත් තීරුව නාඩි කියවන්නා ලවා මා සදහන් කල පරිච්ඡේද අනුව කියවා පරිවර්තනය විය.එය ඒ අකාරයෙන්ම පහත දක්වා ඇත.නාඩි වාක්‍යය ඇසීමට මා දැන් ගෙවන වයසේදී පැමිනෙන බවද තල්පතේ වූ බව පැවසීය.මාගේ උපන් දිනය ඔවුන්ට දුන් නිසා එය පුදුම නැත.නමුත් මා උපන් වේලාව ඔවුන්ට දුන්නේ නැත.තල්පත කියවා හඩ පටය දීමට ප්‍රථම ඔවුන් මුලින්ම මගේ ලග්නය ලෙස කීවේ කටක ලග්නයයි.එය වැරදිය මගේ නිවැරදි ලග්නය වෘෂභ ලග්නයයි.මා එය පැවසූ විට ඔවුන් මා කාමරයේ තනිකොට පිටතට ගොස් විනාඩි පහලොවකින් පමණ පැමිණියේය.පටිගත කිරීම සිදු කලේ ඉන් පසුවයි.පටිගත කිරීම කරන විට මගේ ලග්නය ලෙස පවසන්නේ වෘෂභයයි.ග්‍රහයන් පිහිටීම පැවසීම නිවැරදිය.සමහර විට එය ඔවුන් පිටතට ගිය කාලයේ පරිගණක මෘදුකාංගයකින් සාදා ගත්තා විය හැක.වෘෂභ ලග්නය පැවසුවේ ඔවුන් නොව මා විසිනි.ඔවුන් මා කාමරයේ තනි කළ විනාඩි 15 ක කාළයද මා හට අමුත්තක් දැණුනි.ඇතුලේ කිසිදු ශබ්දයක් පිටතටත් පිටත ශබ්ද ඇතුලටත් නොඇසේ.කව්රුන්දෝ මාදෙස බලා සිටින හැගීමක් මට දැනුනත් කිසිදු ආකාරයක බියක් දැනුනේ නැත.මයිකල් කොලින්ස්ව මව් යානයේ තනිකොට නීල් ආම්ස්ටෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් දෙදෙනා චන්ද්‍ර යානයෙන් පිටත් වී හඳ මතට ගිය පසු මව් යානයේ තනිවූ මයිකොලින්ස්ට දැනුන තනිකමට සමාන තනිකමක් මා හට එම කාමරයේ තනිවූ විනාඩි 15 තුල දැනුනි.
    මා විශ්මයට පත්වූ තවත් කරුණක් වූයේ වයස 12 දී පමණ මාගේ හෘදයේ සිදුකළ සැත්කම පැවසීම මගේ පියාගේ රැකියාව හා මා දැන් කරන රැකියාව නිවැරදිව පැවසීමය..නාඩි වාක්‍යය ඇසූ දිනය දක්වා වූ සියළු තොරතුරු 100%ක් නිවැරදිව පැවසුවත් මා හට අත්‍යාවශ්‍ය වූ ඉදිරි රැකියාව විවාහය සම්බන්ධ තොරතුරු පැවසුනේ සසම්භාවී අයුරිනි.හඩ පටය අතට ගත් පසු මා ඔවුන්ගෙන් ඇසුවේ "අම්ම තාත්තගේ නම් හරියටම කිව්වනම් අනාගත සහකාරියගේ නම හරියටම නොකියා නම් වැලක් පැවසූනේ මන්ද?" යන්නයි.එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ එය දැන ගැනීමට විවාහය සිදුවූ පසු පැමිණිය යුතු බවයි."එතකොට ආපසු තල්කොළේ ඒක ලියවෙනවාද? ඒක ලියන්නෙ ඔයාලද?" මා සිනා සෙමින් ඔවුන්ගෙන් ඇසුවත් එයට පිළිතුරක් නොලැබුණි.
    නාඩි වාක්‍ය පලාඵලේ මේ දක්වා විස්තර 100% නිවැරදි වුවත් .එහි ඉදිරි කාලයේදී දක්වා තිබුණු කරුණු වැඩකට ගත නොහැකි තරම්ය.එකම දේ නැවත නැවත පවසා ඇත.එක තැනක අනිවාර්්‍ය දීර්ඝායුෂ ඇති බවත් තවත් තැනක වයස අව් 60 දී පමන ඇතිවන අසනීප වලින් ආරක්‍ෂා වුවහොත් දීර්ඝායුෂ ඇති බවත්ය.ආගමික සිද්ධස්ථානයක් පොදු තැනක් පසු කර යන තැනක සහකාරිය ඉන්න බව පැවසීම හා නියමිත දිශාවක් නොපැවසීම එතනින්ද ගන්න දෙයක් නැත.
    නාඩි වාක්‍ය ඇසීමෙන් පසු
    මා හට මතුවූ ප්‍රධාන ගැටළුවකි
    " නාඩි වාක්‍ය අසන මොහොත දක්වා විස්තර ඉතා විශ්මිත නිවැරදි අයුරින් පැවසීමත් ඉදිරි කාලය සම්බන්ධ තොරතුරු සසම්භාවී ලෙස කියැවීමටත් හේතුව කුමක්ද?"

    මෙන්න පටිගත කල නාඩි වාක්‍ය පලාඵල විස්තර

    https://lankajhothisha.blogspot.com/2011/03/100.html?m=1
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    math okak baluwa giya aurudde india wala thanakin(online payment karala). mata dan 30i. 29di baluwe. 30 wenda kalin job eke promotion ekak hambenawa kiwwa. ekanam atta una:yes:. anika ewa 30n passe ewa tiyenne. attada boruda kiyala balanda tawa kalayak balan inda wenawa:rolleyes:[/QUOTE

    අතීත විස්තර හරියට කීවද ? අය කිරීම කොහොමද ]

    anik ewa harida kiyala balanna wenne mchn issarahata. un kiyanne history eka newi future eke. man baluwe meken

    http://www.nadiastrologer.org/english_Nadi_Astrology.html
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හොල්මන් කියන්නෙ බොරු කියලා පරසක්වල ගහන එකෙක් ගෙන් අහපන් කෝ කනත්තෙ රෑට ඉන්න පුළුවන්ද කියලා
    බර ටෝක් ගොඩක් කියලා... බණ කතා කියෝලා අන්තිමට කියන උත්තරේ බැහැ කියන එක
    ඒ වගේ තමා ඕවා බොරු කියලා කියෝන උන් තමා හොරෙන් කේන්දර බලන්නෙ, නැකත් බලන්නෙ
    අහලා බලපන් උන් කසාද බැන්දෙ නැකත් බලලා නෙමේද කියලා :rofl:
    උබට ඕනිමනම් call එකක් දාලා අහපන් කනත්ක ඉන්න කැමතිද කියලා.
    හැබැයි ගියසතියේ ප්‍රෝග්‍රෑම් එකේදී Dr. Weeragama කිව්වා එය කොන්ඩ හරි ඇදුමෙන් කැල්ලක් හරි ඉල්ලන දෙයක් දෙන්නම් පුලුවන්නම් හූනියම් කරනවා කියන කට්ටිය එයාව ගොළු කරනවා බිරි කරනවා ඕනනම් මරල දාල හරි පෙන්නන කියලා. මමනම් හිතන්නේ නෑ එහෙම කියපු එකේ කනත්තකට යන්න බය ඇති කියලා.

    මමනම් කේන්දර විශ්වාස කරන්නෙ නෑ, කේන්දර බලන්නෙත් නෑ. නැකත් ගනන් ගන්නෙවත් නෑ. එක හින්ද උබ දෙවනියට කිව්ව දේ මට අදාල නෑ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය සීන් එක තියෙන්නේ කොල්ලුපිටියේ තැනක. JR ගේ කාලේ ඉදන් තියෙනවලු. ඉන්දියාවේ පුරාණ ඍෂිවරුන් අනාගතය දැකලා පුස්කොළ පොත්වල ලියපුවා කියලා තමයි තියෙන්නේ.

    මගේ යාලුවෙක් අවුරුදු 2කට විතර කලින් ඔතනට ගිහින් තිබුණා.

    එක පරිච්ඡේදයක් කියන්න Rs.1000ක් අරන් තිබුණා. මුලින්ම ID නම්බර් එකයි උපන් වෙලාවයි අහගෙන හවස එන්න කියලා තිබුණා.

    ගියාට පස්සේ අම්මගේ නම, තාත්තගේ නම කිව්වලු.
    ගිය ආත්මේ ගැන කිව්වලු. මගේ යාළුවා කළුතර. මිනිහා ගිය ආත්මේ රත්නපුරේ වලව්කාරයෙක්ලු, නමත් කියලා.
    බඳින කෙල්ල ඉන්න තැන කිව්වලු, ගෙදර ඉදන් 120 km උතුරට වෙන්න කිව්වලු කෙල්ල ඉන්නේ. ඒ කියන්නේ කුරුණෑගල පැත්තෙනේ.

    පරිච්ඡේද 6ක් වගේ අහලා මිනිහා වැඩේ නවත්තලා. අන්තිම පරිච්ඡේදයෙන් මැරෙන දවසත් කියනවලු. CD එකක් දීලා තිබුණා.

    මිනිහට නම් යම් විස්වාසයක් තිබුණා ඕක ගැන.



    ID number එක ගත්ත කියන එක නිසා පොඩි සැකයක් එනවා මොකද මේක ලංකාවනේ :baffled: