Elakiri Entrepreneurs Club

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

Elakiri Entrepreneurs club

20160108224006-guy-beard-hairy-hipster-focus-concentrate.jpeg

එළකිරියේ දැනට සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන අය සහ නව ව්‍යාපාරයක් ඇරැඹීමට සැලසුම් කරගෙන ඉන්න අය වෙනුවෙන් Elakiri Entrepreneurs club ආරම්භවූ වගයි.

අපි මෙතැනදී නව ව්‍යාපාරික අවස්ථා , ව්‍යාපාරික ගැටළු , මුල්‍ය ගැටළු , ව්‍යාපාර නව්‍යකරණය එකී නොකී මෙකී සියලුම දෑ මෙතැනදී කතා කරමු.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට මෙන්ම නවකයින්ට ආරාධනා.

Last edited:

baba3

Banned
Sep 27, 2016
282
33
0
මට ලොකු ගලටුවක් තියනව උදව්ව්ස් දෙන්න පුලුවන්ද
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙම වීඩියෝව අනිවාර්යයෙන්ම නරබන්න. ඔබ සමහර විට මෙය කලින් නරබා ඇති. කමක් නැහැ ආයෙත් බලන්න. ව්‍යාපාර කියන්නේ රෝස මල් යහනාවක් නොවන බව ඔබ තේරුම් ගත යුතුයි.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට ලොකු ගලටුවක් තියනව උදව්ව්ස් දෙන්න පුලුවන්ද

ඔයාට තියන ඕනෑම ගැටළුවක් මෙතන සඳහන් කරන්න ( ව්‍යාපාරික ගැටළු පමණි )
 
baba3

Banned
Sep 27, 2016
282
33
0

ඔයාට තියන ඕනෑම ගැටළුවක් මෙතන සඳහන් කරන්න ( ව්‍යාපාරික ගැටළු පමණි )

ව්‍යාපාරික පටන් ගන්න අතේ සතේ නෑ එකට මොකද කරන්නෙ පුළුවං\
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගොඩක් වටින thread එක්ක.
    මට තියන ප්‍රශ්නෙ. ව්‍යාපාරයක් අාරම්බ කරන්න යද්දි එ් ව්‍යාපාරය register කරන්න ඔන සුදුසුම ක්‍රමය මොකද්ද. Clients ලගෙ විශ්වාසය ගොඩ නැගෙන විදිහට. :D:D:D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ව්‍යාපාරික පටන් ගන්න අතේ සතේ නෑ එකට මොකද කරන්නෙ පුළුවං\

    ව්‍යාපාරයක් කරන්න අතේ සතේ නැහැ කියා කියා යමෙක් ලත වෙයි නම් ඔහුට කවදාවත් ව්‍යාපාරයක් කල නොහැකිය. සල්ලි අතේ තියෙන්නේ පනස්දාහක් ද කමක් නැහැ එන්ටර් වෙන්න. මහන්සි වෙලා වැඩ කරන්නන. එතකොට අනෙකුත් දොරටු විවුර්ත වේවි.

    ඔබ ව්‍යාපාරය පටන් ගත් වහාම බැංකුවකින් එය ලබා ගැනීමට උත්සාහ නොකරන්න. බැංකු සාමාන්‍යයෙන් ණය දෙන්නේ ක්‍රියාත්මක වූ ඉතිහාසයක් ඇති ව්‍යාපාරවලට පමණි. මෙම අංශයේ විකල්ප කීපයක් ලබා දෙනු ඇත, එනම් යම් උපාය මාර්ග, ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට මුදල් සෙවීමේදී ඔබ විසින් සිතිය යුතු සමහර දේ ආදී වශයෙනි. අප පළමුවෙන්ම මතක තබා ගත යුතු කරුණ වශයෙන් අවධාරණය කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික මුදල් ප්‍රභවය වන්නේ පුද්ගලික ඉතිරි කිරීම් බවයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    Mannan kiyanne ubema kiyala main product ekak (ex- ERP, POS wage mokakhari kata hari denna puluan deyak) nathuwa business ekak patan ganna epa IT aya. Naththan welenawa project ekak enakan.
     
    මොක්ටුහැ තෙර්නුනේ නෑ ව්‍යාපාරය නොකර ඉන්න තීරණය කලා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් වටින thread එක්ක.
    මට තියන ප්‍රශ්නෙ. ව්‍යාපාරයක් අාරම්බ කරන්න යද්දි එ් ව්‍යාපාරය register කරන්න ඔන සුදුසුම ක්‍රමය මොකද්ද. Clients ලගෙ විශ්වාසය ගොඩ නැගෙන විදිහට. :D:D:D

    අලුතින් ව්‍යාපාරයක් අරඹ කරනකොට ප්‍රයිවට් ලිමිටඩ් වගේ දේවල් වලට යන්න එපා. එය මුදල් නාස්තියක් පමණයි. නමුත් බිස්නස් එක රෙජිස්ටර් කරන්නම ඕනේ. නැත්නම් අපේ ව්‍යාපාරයට පිලි ගැනීමක් නැහැ. සමගම වෙනුවෙන් ජංගම බැංකු ගිනුමක්වත් අරබන්න බැහැ. ඒක නිසා පළාත් සමාගම් කාර්යාලයෙන් රුපියල් 500 හෝ 1000 ගෙවල තනි පුද්ගල හෝ Partnership බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරන්න.
     
    • Like
    Reactions: thilina.rp

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Mannan kiyanne ubema kiyala main product ekak (ex- ERP, POS wage mokakhari kata hari denna puluan deyak) nathuwa business ekak patan ganna epa IT aya. Naththan welenawa project ekak enakan.

    ලංකාවෙ ගොඩක් it company products මතයි depend වෙන්නෙ projects මත නෙවෙයි. එ්ක තමයි හොදම විදිහ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අලුතින් ව්‍යාපාරයක් අරඹ කරනකොට ප්‍රයිවට් ලිමිටඩ් වගේ දේවල් වලට යන්න එපා. එය මුදල් නාස්තියක් පමණයි. නමුත් බිස්නස් එක රෙජිස්ටර් කරන්නම ඕනේ. නැත්නම් අපේ ව්‍යාපාරයට පිලි ගැනීමක් නැහැ. සමගම වෙනුවෙන් ජංගම බැංකු ගිනුමක්වත් අරබන්න බැහැ. ඒක නිසා පළාත් සමාගම් කාර්යාලයෙන් රුපියල් 500 හෝ 1000 ගෙවල තනි පුද්ගල හෝ Partnership බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරන්න.
    බොහොම ස්තුතියි දැනුවත් කරාට. :D:D rep +++++
    Partnership business හො තනි පුද්ගල ව්‍යාපාරය වලදී Company name එකෙන් bank ගිනුම් විවෘත කරන දෙනවද.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මේ මතෘකාව දැක්කම ගොඩක් අයට ඔලුවට එන්නේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල්. අද පත්තරයක් , සඟරාවක් අරන් බැලුවොත් ගොඩක් ඇඩ්ස් තියෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් වැඩමුළු ගැන. ඒවායේ තියෙන්නේ ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් කියලා. වෙනත් රැකියාවක් ඕනේ නැහැ ගෙදර ඉඳලම මුදල් උපයන්න පුළුවන් ලු. වැඩමුළුව ඉවර වෙලා ගෙදර ගිය ගමන් සල්ලි උපයන්න පුළුවන් ලු. මේ වගේ නානාප්‍රකාර දේවල් කියල මිනිසුන්ව අන්දනවා.

    ඇත්තටම මේ Data Entry , Ads clicks , Ads viewing වගේ දේවල් වලින් මුදල් උපයන්න පුළුවන් ද ? සරලම පිළිතුර බැහැ. 95 % කටත් වඩා ඒවා බොරු. ඒවායෙන් සත පහක්වත් අපිට ගෙවන්නේ නැහැ. 5% පමණක් සොච්චම් මුදලක් ගෙවනවා. ඒ ගාන තමන්ට වැය වෙන විදුලිය සහ ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න බැහැ.

    ඇත්තටම අන්තර්ජාලය කියන්නේ සල්ලි ආකාරයක්. හැබැයි ඒ ධන නිධානය ලෙහෙසියට පහසුවට උපයන්න බැහැ. ඒ වෙනුවෙන් යම් කැපවීමක් සහ කාලයක් මිඩංගු කරන්න වෙනවා. සමහරක් විට පළපුරුද්ද ලබා ගන්න වසර කිහිපයක් උනත් ගත වෙන්න පුළුවන්. හැබැයි මේ දධන නිදානය පහල කරගත්තොත් ගොඩයන්න පුළුවන්.

    මම කියන්නේ අන්තර්ජාලයේ බාන්ඩ සහ සේවා සපයලා කොහොමද ව්‍යාපාරයක් ගොඩට ගන්නේ කියලා. මාගේ පාඩම තමයි SEO හෙවත් search Engine Optimization

    ලබන සඳුදා සිට සිංහලෙන් SEO පිලිබඳ ලිපි මාලාවක් පල කරනවා. ඒවා හොඳින් අධ්‍යනය කරලා ගොඩ යන්න බලපල්ලා. නැවතූ ඔය ඇඩ්ස් ක්ලික් කරනවා වගේ ෂෝර්ට් කටස් හොයන්න යන්න එපා. ඒවායේ අපිට කවදාවත් ගෙවීම් කරන්නේ නැහැ.

    Ko ban me SEO gana iye idan danawa kiwuwa thread eka???? :confused::confused:
    Monday neda danawa kiwuwe??
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    අලුතින් ව්‍යාපාරයක් අරඹ කරනකොට ප්‍රයිවට් ලිමිටඩ් වගේ දේවල් වලට යන්න එපා. එය මුදල් නාස්තියක් පමණයි. නමුත් බිස්නස් එක රෙජිස්ටර් කරන්නම ඕනේ. නැත්නම් අපේ ව්‍යාපාරයට පිලි ගැනීමක් නැහැ. සමගම වෙනුවෙන් ජංගම බැංකු ගිනුමක්වත් අරබන්න බැහැ. ඒක නිසා පළාත් සමාගම් කාර්යාලයෙන් රුපියල් 500 හෝ 1000 ගෙවල තනි පුද්ගල හෝ Partnership බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරන්න.

    Thawa podiyata hari kamak na, clientkenekta enna puluwan office ekak thiyenna one. Mokada naththan unta ubala gana sure na, mu salli aran panida kiyala. Apitath oka wela thiyayanawa. Office ekak dapuwahama uta podi trust ekak enawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ලංකාවෙ ගොඩක් it company products මතයි depend වෙන්නෙ projects මත නෙවෙයි. එ්ක තමයි හොදම විදිහ.

    මම දන්න විදියට නම් ලංකාවෙ ප්‍රොඩක්ට් මත ඩිපෙන්ඩ් වෙලා ඉන්නෙ කම්පැනි කීපයක් විතරයි
    අනෙක් ඒව සේරම ප්‍රොජෙක්ට් මත තමයි

    හැබැයි බිස්නස් මොඩල් එකක් විදියට ගොඩක් සක්සස් වෙලා තියෙන්නෙ ප්‍රොඩක්ට් කම්පැනි තමයි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    බොහොම ස්තුතියි දැනුවත් කරාට. :D:D rep +++++
    Partnership business හො තනි පුද්ගල ව්‍යාපාරය වලදී Company name එකෙන් bank ගිනුම් විවෘත කරන දෙනවද.

    eke nam podi seen ekak thiyanawa, bank ekath ekka gihin katha karanna one. Ape set eka nam patan ganiddi banks walata giyama unwa ganan aran na, ganan aran thiyana ekama place eka HNB eka witharai. :yes: