ශ්‍රී ලාංකිකයන් වනාහි කොටට ගවුමක් හෝ සායක් හැඳ සිටිනා ඕනෑම ගැහැණියක මොහොතින් බඩුවක් නැතහොත් ගණිකාවක් බවට පත්කොට ලේබල් ගැසීමට උපන් හපන්කමක් ඇති මානව කොට්ඨාශයකි.
මීට දශක ගණනාවකට පෙර වියතක් තරම්වත් ඉනෙන් පහලට නැති ගවුම් හැඳි නිළියන් එකළ රට වටා පුරුෂයින්ගේ පහස ලදුවද, අද සරුවාංගයම වැසෙනා ලෙසින් සාරි දවටාගෙන පත්තිනි අම්මාවරු ලෙසින් පෙනී සිටිද්දී මිනිසුන් ඔවුනට ගෞරව ආචාර දක්වනු ලබන්නේ වර්තමාන තරුණියන් සියල්ලෝම පාහේ සදාචාර විරෝධී සරාගී ඇඳුම් ආයිත්තම් වලින් ගණිකාවන් මෙන් සැරසී සැරිසරන්නාක් මෙනි. කාලයේ ඇවෑමෙන් සියල්ල වෙනස් වී ඇත. එදා හුන් අය අද වයසට ගොස් ඇත. නමුත් එදා කොට කෑලි හැඳි අයට දැක්වූ ඔල්වරසම අද අයට ලැබෙන්නේ නැත.
රට කරවන්නට දූෂිත දේශපාලකයන් ලැජ්ජාවකින් තොරව පුන පුනා සුපුරුදු බේගල් වලට ම රැවටි රැවටී පත් කර, රෑ වැටි වළට දවාලෙත් සොයාගෙනම ගොස් වැටෙනා මන්ද බුද්ධික ජන සමූහයක් සිටිනා මෙවන් ධාර්මිශ්ඨ යැයි පුරාජේරු ගසනා රටක, නිරූපණ ශිල්පිණියකට හෝ නාන ඇඳුමකින් සරාගීව සැරසී ඡායාරූප පළ කොට ඇති නීතීඥවරියකට ද සුපුරුදු වෛශ්‍යා පට්ටම පූජා කිරීම පුදුමයට කරුණක් නොවේ.
මේ වන විට මේ රටේ වඩාත් ම ආන්දෝලනයට තුඩු දී ඇති ගැටළුව වී ඇත්තේ ද මෙයයි.
ගැටළුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වලය.