අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළොවේ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනේ
කාත් එක්කද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියේ හෝල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ
ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කණ හරහට පාරක් තාත්තා මට ගැහුවේ
අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනේ
ගහනවෝ බයිනවෝ එලව එලව තාත්තා ගහනෝ //
ලව් එක මගේ නැගලම යනකොට දෛවයේ සරදමදෝ
පැණි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුණිදෝ
කුමට මෙතරම් බාධාදෝ
එදා ඉඳගෙන හිටගෙන පෙරලී පෙරලී එලිවෙනකල් මල් කැඩුවා
අද ෆෝන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා //
ඉලන්දාරි කාලේ උඹ වාගේ නොවේ අපි කාලකන්නි වැඩ කෙරුවේ නැහැ
කොහොමත් ඒ කාලේ තාත්තේ මේ වගේ නෑ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බේ නැහැ
ඔහේ හිටු අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනේ
ගහනවෝ බයිනවෝ එලව එලව තාත්තා ගහනෝ //
අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළොවේ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනේ
කාත් එක්කද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියේ හෝල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ
අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනේ
ගහනවෝ බයිනවෝ එලව එලව තාත්තා ගහනෝ