පද පේළී - EK LYRICS THREAD PART 2

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    වස්සානේ හීනේ කන්දුලේ බොඳවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා

    කඳුලක උණුහුම ඇහිදාරේ
    ඉඳුරා පවසයි ඔබ මාගේ
    ප්‍රේමාළින්ගන ආල කතන්දර
    විඳින්න නෑ අද වැලපේ හිත මාගේ

    වස්සානේ හීනේ කන්දුලේ බොඳවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා

    යහනක තනිකම ඉකි බින්දේ
    තුරුලෙම වුන් හැටි ලය කන්දේ
    රෝස තොල් ලඟ හාදු වැස්සක
    තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ

    වස්සානේ හීනේ කන්දුලේ බොඳවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මුලු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා
    අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
    කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
    කොහොම ඉන්න ද ඉවසලා

    මගේ අත ගෙන කනට ලංවී
    අනේ සුදු මම ආදරේ යැයි
    කින්නට සිතුනේ ඇයි ද සුදු
    නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි

    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනා සුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්න ද ඉවසලා

    එදා රෑ ගං ඉවුර අසබඩ
    සුපුන් සඳ පායන වෙලාවක
    කථා කී හැටි මතක් වෙනකොට
    දුක දැනෙයි පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා
    සිතෙහි අදහස් සුන්වෙලා
    මා උපන්නේ දුක් විඳින්න ද
    දුක් අඳුරු මැද තනිවෙලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා...
    ඇය යන්න ගියා මැකිලා...
    පිණි කඳුලක් මල්පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පාදා
    රහසක් සඟවා ගොළුවූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා...

    යලි කවදාවත් හමුනොවෙනා බව..
    මද පවණක් හිස අතගා කීවද..
    අදහාගන්නට නොහැකිය කිසිදින..
    ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

    ඇය යන්න ගියා මැකිලා...
     
    රන් හිරුයි ඔබ යෞවනේ
    හදවතයි ඔබ ජීවිතේ
    මල් මිටයි මගෙ ආදරේ
    ඔබ මගෙයි ආනන්දයේ
    උල්පතයි කරුණා ගුනේ
    සෙනෙහසයි ඔබ රන් හිරේ
    නාදයයි මගෙ ජීවිතේ
    මා ඔබේ සංසාරයේ
    සැනසුමයි මගෙ ජීවිතේ
    සිසිලසයි මේ පින් බිමේ
    ජීවයයි කුළුදුල් පෙමේ
    මා ඔබෙයි සංසාරයේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
    ඔබෙ ජීවිතේ මම කියා මම දන්නවා
    ඔබ මට ආදරේ නොකියා
    නොදන්නවා වගේ ඉන්නවා //

    ඇසෙන් ඇස කතා කර කර
    ලඟින් හිඳ සුවඳ වෙනකොට
    නොදැක්කොත් හිත හොයනවා
    දුරින් හිඳ හිත තැවෙනවා
    ඔබ මට ආදරේ කියලා
    ඔබ නොදන්නවා වගේ ඉන්නවා

    ඔබ මට ආදරේ කියා...................
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ භවයෙදි මුලු දිය දායේ
    එකතු නොවෙනු ඇත අපි ආයේ
    පවස නිවන දිය පොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වූයේ

    ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
    අවසන මුලවේ ලතැවිල්ලේ
    වෙරලෙහි ගල් පරයක් විය හැකිනම්
    තෙමුනත් ඇත කරදිය රැල්ලේ

    සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
    රල පස ගල ලුහුබදිනු බලා
    සුසුම් වලලු උඩුගුවනට යවනෙමි
    පැතුම් සඳුන් හද ගලෙහි උලා
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බොරවෙලා දියවෙලා
    ගලනවා ඔහෙ කානුවේ..
    හොදත් නෑ නරකකුත් නෑ
    මුකුත් නෑ මේ ජීවිතේ...

    හීන තිබුනට කෝටියක්
    අතේ නෑ එක රුපියලක්...//

    හිනාවෙන්නට බලන් හිටියට..
    සැපක් ගැන හිත පෙරුම්පිරුවට..
    අනුන්ගේ සැප බලෙන් උදුරන්..
    අපේ කරගත්තොත් මිසක්..

    අදත් නෑ හෙටත් නෑ - අපිට සැපතක් ලැබෙන්නෑ..//
    හීන තිබුනට කෝටියක් - අතේ නෑ එක රුපියලක්...//

    ආදරේ හදපුරා දිව්වට
    කිතිකැවී හිත බලන් හිටියට
    දුන්න උදුරන් මල්සරාගෙන්
    අපිම විදගත්තොත් මිසක්

    අදත් නෑ හෙටත් නෑ - අපිට ආදරේ ලැබෙන්නෑ..//

    කොරවෙලා දියවෙලා..


    ෴හාර කෝටිය෴
    ගායනය : ෂ්‍යාමෙන් දංගමුව​
     
    • Like
    Reactions: bubble butt

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ...
    මා හා සංසාරේ වෙළෙනා
    පිනි බිඳක් සේම පායයි
    උණුසුමකින් තුරුළු වෙමි
    සසර පුරා ලඟ ඉඳිමි

    නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
    ඔබ පෙම් හසුනක ලියනා
    පෙම් කවි කීවෙමි මුමුණා
    මඟ බලා හිදී නම්
    පායා එන සඳවතක තරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක් තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ
    මා හා සංසාරේ වෙළෙනා
    පිනි බිඳක් සේම පායයි
    උණුසුමකින් තුරුළු වෙමි
    සසර පුරා ලඟ ඉඳිමි

    නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
    නෙතු අද්දර මල් පිපෙනා
    හැර යන්නට සිත නෙදෙනා
    අපි අපේම වේ නම්

    පායා එන සඳ සිසිල අරන්
    මා හා ඉඳ ගං ඉවුර ලඟින්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ
    මා හා සංසාරේ වෙළෙනා
    පිනි බිඳක් සේම පායයි
    උණුසුමකින් තුරුළු වෙමි
    සසර පුරා ලඟ ඉඳිමි

    BNS

     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,352
    609
    113
    Colombo
    දුන්න උදුරන් මල්සරාගෙන්
    අපිම විදගත්තොත් මිසක්

    අදත් නෑ හෙටත් නෑ - අපිට ආදරේ ලැබෙන්නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු තියලා සතුට උදුරා
    ගියත් රවටා ම සිත රිදවා
    රත්ත‍රනෙ නෑ තරහ කිසිදා
    ඉන්න සතුටින් ඔයා
    මියැදෙන්න මොහොතක් පෙර ඔයා
    එයි කියල ඉන්නවා මඟ බලා
    සිහිවෙලා කවද හෝ
    පෙර මගේ ආදරේ

    ගෙවුණ ඔබ ගාව ජීවිතේ
    පණ වගේ වටිනවා සදා
    මතක කටුගාල මා දමා
    ගියත් වෙන්වී ඔයා
    හිමිවුනේ ඔබ නිසා
    දුක ම විතරයි මට සදා

    මියැදෙන්න ....................

    සිතට මගෙ දුන්නු වේදනා
    ඔබට ‍හිමිවෙන්නෙපා සදා
    සතුට ඔබගාව දිවිතුරා
    රැඳෙන්නට පතනවා
    හිමිවුනේ ඔබ නිසා
    දුක ම විතරයි මට සදා

    කඳුළු තියලා ................


    ගායනය :- සුසන්ත ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත පුරා උන් ඔයා ඇයි ගියේ මා දමා
    ළංවෙලා දුන්නු ආදරේ කෝ එදා
    පාලුවේ තනිවෙලා ආදරේ හොයනවා
    හීනයක් ද දුන් ආදරේ මට ඔයා

    තනිකර ගියේ ඇයි රහසින්
    කඳුළැල් වැටේ නෙතගින්
    හිමිවන්නෙ නැති දෝ මට ඔයා
    ළංවෙන්න බැරිවේ ද ‍යලි මේ භවේ
    සතුටින් ද ඉන්නේ ඔයා
    හැමදා ම විඳවන්න බෑ මේ වගේ
    යලි එන්නකෝ මා සොයා

    සි‍හිනේන පවා ඔය රුව මැවූ
    ඒ සිනහවන් පෙනෙනවා
    තුරුළට වෙලා කොඳුරා කියූ
    ඒ පෙම් කථා ඇහෙනවා

    තනිකර ගියේ .................

    හිතුවත් මෙමා ඔබ මගෙ කියා
    නොදැනී ම මා රැවටිලා
    සුසුමක් පවා පෙම හොයනවා
    ඇයි යන්න ගියෙ මා දමා

    තනිකර ගියේ .................

    හිතපුරා ....................


    ගායනය :- ශාන් හසීම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැනුවත් කමට පෙරදා
    මම ඔබට පෙම් කෙරුව හින්දා
    දහස්වාරයක් දැන් හදවතින් තැවෙනවා
    නැහැ දැනන් හිටියෙ කිසිදා
    අපමණ දුකක් දෙයි කියලා
    හිතක් නැති කෙනෙක් මෙන්
    සත්තකින් මට එයා
    කෙරුවේ මුලාවක් කියලා
    දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාල යන්න මට තිබුණා

    මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා
    අහන් හිටිය අය දැන් මඟතොටේ හමුවෙලා
    කටකොනින් හිනැහිලා අද මගේ ඔබ මෙදා
    කොහේ දෝ කියාලා විහිලුවෙන් අහනවා

    කෙරුවේ .................

    අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා
    හොඳින් ඉන්නවානම් ඔහු ළඟින් නැවතිලා
    ම‍ට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා
    දුකින් ඉන්නෙපා යැයි පතනවා ඔබ‍ට මා

    කෙරුවේ .................

    නොදැනුවත් ................


    ගායනය :- රුවන් හෙට්ටිආරච්චි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුරස් වෙලා වෙනස් වෙලා..
    වෙන්වීලා ගියත් ඔයා..
    තවමත් මම ඔය ඇස්වල
    පළමු අයිතිකාරයා..//

    අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
    අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
    බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා..
    වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා..

    දුරස් වෙලා වෙනස් වෙලා...

    කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
    කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
    සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා..
    සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොහඬලා ඉන්න තිබුණා
    ඔබ ගියත් මාව හැරදා
    හොඳින් ඉන්නවා කියා
    දැනුම් දුන්නනම් ඔයා
    පියවෙන ‍ක්‍රාක දෙනුවන් මාගේ
    ආයෙ ඇවිද සොයා
    ඉන්න මොහොතත් පෙර සේ
    මාගෙ ළඟට වෙලා

    දුක කියන්න කවුරුවත් නෑ
    මගෙ ළඟින් මෙදා
    ඔබ දකින්න අයිතියක් නෑ
    යලිත් හමුවෙලා
    ඔබෙ නමින් තනිකමෙන්
    හිත ගිලන්වෙලා
    මතකයන් හදවතෙන් පුරවලා

    පියවෙන ....................

    හිත ගලක් කරන් ඔබ වගේ
    අද දුරක් ගෙවා
    ඔබ දමාල යන්න මට බෑ
    තව කෙනෙක් සොයා
    තව ම මං සත්තකින් ආදරේ නිසා
    ආයෙමත් ලැබුණොතින් රකිනවා

    දෙතැනක කාලේ ගෙවුවත් රහසේ
    මාව අතහැරලා
    ආදරෙයි මම පෙර සේ
    නෑ තරහ ඔබ හා

    නොහඬලා ඉන්න ...............

    දෙතැනක ..................


    ගායනය :- හෂාන් බාලසූරිය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැරදිකාරය වෙලා මා ඉන්නවා හඬ හඬා
    නුඹ ම දුන් වේදනා දැවෙනවා සිත පුරා
    ළඟ දැවටෙන්න ආයේ පින නැති ඔයා
    හිත රවටන්න ආයේ ඉඩ ඇති නිසා
    මා නොකියා ඔබෙන් වෙන්වුණා

    නෙත් කැටිල සිත් බැඳිල ළංවූ නමුත්
    වෙන්වූයෙ පවු වැඩි නිසා
    ඔබ වැරදි ඉවසාල මා සිටි නමුත්
    දෛවය හරස්වී ගියා
    දැන දැන ම වැරදියට හැසිරෙන ඔයා
    විශ්වාස කෙරුවොත් මෙමා
    වැ‍ලපේ වි මියෙනා තුරා

    ළඟ දැවටෙන්න ..............

    ඇස්වහ හුඟක් වැදිල ලෝකෙට අපේ
    සුන්වී ගියා ආදරේ
    ඔබ කැමති අය ළඟට යනු මැන ලඳේ
    තව නෑ ඔයා මගෙ හිතේ
    ඔබ දන්නවා වැරදි නෑ මම කියා
    ඔබමයි කියා බොරු ‍කළේ
    වෙන්වෙන්න වැඩ සිදු කළේ

    ළඟ දැවටෙන්න ..............

    වැරදිකාරය වෙලා ...................


    ගායනය :- චරිත ක්‍රිෂාන්ත
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නොදැනුවත් කමට පෙරදා
    මම ඔබට පෙම් කෙරුව හින්දා
    දහස්වාරයක් දැන් හදවතින් තැවෙනවා
    නැහැ දැනන් හිටියෙ කිසිදා
    අපමණ දුකක් දෙයි කියලා
    හිතක් නැති කෙනෙක් මෙන්
    සත්තකින් මට එයා
    කෙරුවේ මුලාවක් කියලා
    දැනන් හිටියනම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්
    ඔය දෑත දාල යන්න මට තිබුණා


    මොකෝ චැට් එක පැත්තේ එන්නේ නැත්තේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නින්දෙදිත් අත තබා නලලත
    මගේ ලොව උණුසුම් කෙරූ
    සොඳුර නුඹමය සොඳුරු දිවි මග
    මා දිනූ මා දිනූ

    භාවනාවට නිහඬ අරණක් වී
    ගිරි සිකර වී දුක් දරා නොසැලී
    සිත ගිම් නිවා සැනසූ

    නින්දෙදිත් ...............

    සසර ගමනේ පුරුදු අත්වැල වී
    මල් සුවඳ වී සුළඟ හා මුසුවී
    පෙම් ‍සිනහ පෑ දිගැසී

    නින්දෙදිත් ...............


    ගායනය :- මනීෂ ගාල්ලගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ හමුවීම හරි පුදුමයි
    පෙර සංසාරෙ පුරුද්දමයි
    ඔබ නිසා හදවතේ
    සෙනෙහස අනන්තයි
    ඔබ මගේ හීනයයි

    සිතුවමක් වෙලා ආදරේ
    මුලාවක් නොවේවා සසරේ
    දහසක් පැතුමන් ඇති අය අතරින්
    ඔබ පමණයි සෙනෙහසට හිමී

    මේ හමුවීම ...............

    සිත් අහසේ ඝණදුර මානම්
    පෑයූ සඳවත ඔබ වේනම්
    රාත්‍රියම මං බලා හිඳින්නම්
    ඔබ සියුමැලි වත නෙතු දල්වා

    මේ හමුවීම ...............


    ගායනය :- යසිත් ජයන්ත කරුණාවිධාන