අඩෝ මමත් දැන් යනවා මාසයයි තාම.
ටිකක් අතේ පයේ කැල්ලක් දෙකක් බේරිලා පේනවා වගේ යන්තන්!
කොන්දේ අමාරුවක් අව බන් මොකද්ද දන්නේ නෑ කෙස් එක.
දවසක් 60kg එකක් නැමිලා උස්සලා පොඩ්ඩක් එහාට කළා මම ඉන්න තැන ඉඩ හදා ගන්න. එදා කොන්ද පොඩ්ඩක් ඇදුනා වගේ උනා.
එත් දවසක් ඇර දවසක් ගියා.
දවසක් එකෙක් ඇවිල්ලා බඩ අඩු කර ගන්න කකුල් දෙක උස්සගෙන කරන exercise වගයක් කියලා දුන්නා. ඒක කලින් පස්සේ ටිකක් වැඩි උනා වගේ!
මම බේසික් ඒවා තාම කරන්නේ. වැඩිය ඖලක් නෑ සෙල්ලන් කරද්දී නං.
ඇදෙන්න තියන සේරම ඒව ඇදෙනව මචං.. මගෙ බෙල්ල ඇතුලෙන් නහරයක් ඇදිල මොකද්ද උනා..
බෙල්ල හරවන්න බැරිව හිටිය දවස් පහක් විතර.. අත පය වල නහර ඇදෙනව..
ඊට පස්සෙ පදං වෙලා එනව ආයෙ මොනවත් වෙන්නෙ නෑ..
මුලින් ඔහොම තමයි..
කොන්ද අවුලක් ගියා නම් ඒකට බේත් කරල ඉදපන් මුලින් ටෆ් ගායි වෙලා සෙල්ලම් කරන්න හදන්න එපා..
සෙල්ලම් කරද්දී අවුලක් නැත්තම් කමක් නෑ..
squats,dead lift එහෙම ගහද්දි හරි ටෙක්නික් වලට ගහපං..
සමහරු squats ගහද්දි කොන්ද ඉස්සරහට දාල නැවිල ගහන්නෙ..
සමහරු දනිස් ඉස්සරහ දාල බර දාල ඉස්සෙන්නෙ. කලව දෙකෙන් නෙවේ
dead lifts එහෙමත් එහෙමයි කොන්දෙන් උස්සන්නෙ..
හරියට කරපන් කරන එකක්
newbie gains ටික එනව මචං මාස තුනක් ඇතුලත.. ආස හිතෙයි දිගටම පලයන්..
ඉන් එහාට තමයි කැපවීම ඕන
මිස් කරන්නෙ නැතුව..





ගිය සතියේ පොල් කොටයක් ගැලෙව්වා ...එදත් මේ අමාරුවම ආවා... 
ඒත් බන් මම මස් මාලු කන එක නතර කල... මාලු කන එක නතර කරලා ගොඩක් කල්...මස් කන එක නතර කලා මේ වෙසක් වල ඉඳන්...පක් වෙලා යයිද දන්නෙ නෑ නේද බන්