ඉතින් බන් නීතියෙන් වැඩක් නෑ නේ එහෙනං?
ප්රජතත්රවාදී විදිහට මිනිහෙකුට බල්ලෙක් හදන්න නිදහස වගේම,
වෙනත් මිනිහෙකුට කරදරයකින් තොරව ජිවත් වීමේ නිදහසත් තියෙන්න එපැයි?
ජිවත් වීමේ නිදහස එකිනෙකාට සාපේක්ෂයි නේ?
නමුත් සමහර ප්රජතත්රවාදී අයිතීන් සීමාවක් තියෙන්න එපැයි? අසීමිත නිදහසක් බුක්ති විඳින්න බැරි කරුණු තියනවා නේ?
කෙනෙකුට සිතීමේ නිදහස වගේ නෙවේ නේ මේවගේ ඒවා?
ඉතින් එහෙනම් මම ජීවත්වෙන්න ආස, loudspeaker සෙට් කරලා, death metal rock music අහගෙන නං දවස පුරාම,
ඒක බරපතල පිඩාවක් වෙච්චි වටේ ගෙවල්වල මිනිස්සු ඒක අහගෙන ඉන්න ඕන?
උන්ට කරන්න දෙයක් නෑ?
මගෙත් එක්ක එකඟතාවයකට එන්න බැරි උනොත් කරන්න දෙයක් නෑ?
පොලිසියට වත් උසාවියට වත් කරන්න කිසි දෙයක් නෑ?
ඕන කෙනෙකුට අදහස් ප්රකාශ කරන්න අයිතිය තියනවා. නමුත් යමෙක් වැරදි යමක් සමාජ ගත කරලා තවත් මනුස්සයෙක් ගේ අත්මගෞරවයට හානි කරන්න, පරිභව කරන්න, චරිත ඝාතනය කරන්න නීතියෙන් අවසර තියනවා ද?
උසාවියට කිසි දෙයක් කරන්න බැරි ද?
නෑ ලවුඩ්ස්පීකර් ප්රශ්නේ එහෙම නෑ.. ඒකට උසාවි යන්න පුළුවන්.. ගිහිං වාරණ නියෝගයක් ගන්න පුළුවන් එහෙම සිංදු දාන එකට විරුද්ධව...ඒකට කෙලින්ම නඩුවක් ෆයිල් කරන්න පුළුවන් සමථ මණ්ඩල යන්න ඕනේ නෑ...
බල්ලගේ කතාවයි සිංදු දාන එකයි සහමුලින්ම වෙනස්නේ බං..
සිංදු දාන්නේ මිනිහනේ.. ඌට සිංදු දාන්න එපා කියන්න පුළුවන්.. බල්ල බුරනකොට මිනිහට මොකද්ද කරන්න කියන්නේ. .
කටකලියාවල් දාන්න එහෙම කියල උසාවි නියෝග දෙන්න බැ..
මිනිහෙක්ට පාලනය කරන්න පුළුවන් වරදක් වෙන වෙලාවට උසාවියට මැදිහත් වෙන්න පුළුවන්.. ඔන්න ඒ බල්ල උබව හැපුවනං උඹට උසාවි යන්න පුළුවන්.. මොකද උන් දැනගන්න ඕනේ බල්ලව එහෙම නිදැල්ලේ නොයවන්න..
බල්ලා බුරන එක අයිතිකාරයට පාලනය කරන්න බෑනේ බං..
ඕකට කරන්න දෙයක් නෑ ඒකයි මම කිව්වේ උසාවි යන්න බැ කියල..



)





ඇත්තටම මම දන්න විදියට නම් ඒ බල්ලාව බැදලා තියෙන්නේ පොඩි ලණුවකින් ඌ ඉතින් ඒ අරය වටා කැරකි කැරකි ඉන්නවා. පව් ඉතින්. 