අදායම් බදු

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත

    :shocked:

    adayam baddada?

    oka banku 6ka laksha 5 gane dammoth?:oo:

    Withholding Tax

    ow laksha 5 gane damoth tax kapenne ne

    machan me kiyana widiyata 30 lakhs, 5 lakhs gane baku 6ka danakota wage loku ganak kadala danawa nan thamange namata nan accounts thiyenne eka trace wenne nadda adayam badu walata?
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    1.ආදායම් බදු ගෙවීමෙන් විශේෂ වාසියක් ලැබෙන්නේ නැහැ. අපි ගෙවන බදු වලින් තමයි රජයේ වියදම් පියවා ගන්නේ (රජයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම්.) හැබැයි අනෙක් අතට ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ ආදායමක් ඇත්නම් ආදායම් බදු නොගෙවා සිටීම නීති විරෝධියි.

    2.ආදායම් බදු ගෙවන්නේ ආදායම් මත නොවේ ලාභය මතයි. හැබැයි මේ ලාභය කියන්නේ ගිණුම් වල පෙන්නලා දෙන ලාභය නෙවෙයි. බදු ගෙවිය යුතු ලාභය හොයන්න වෙනම ගණනය කිරීමේ ක්‍රමයක් තියෙනවා. බදු ගෙවිය යුතු ලාභය ගිණුම් වල පෙනෙන ලාභයට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

    3.ඔව්. බදු ගෙවිය යුතු ලාභයක් නැත්නම් බදු ගෙවන්න ඕනේ නැහැ.

    වැඩි විස්තර ඕනනම් කියපන් මමත් audit firm එකක් කරන්නේ.

    බදු ගෙවීමෙන් තමා ඔයා ඔයාගේ ව්‍යාපාරයට පාවිච්චි කරන පාරවල් හදන්න දියුණු කරන්න , ඒ ව්‍යාපාරයට ඕන කරන මානව ප්‍රාග්ධනය (නිදහස් අධ්‍යාපනය), සෞඛ්‍ය වගේ දේවල් ලබා දෙන්නේ.. ඒ නිසා පොඩි ගානක් හරි ගෙවන්න ලාභයක් තියනවනම්.. විශේෂ වාසි තියනවා හැබැයි එකට ගෙවන්න ඕන බදු ප්‍රමාණය වැඩි.. මේ තියෙන්නේ විශේෂ වරප්‍රසාද

    http://www.ird.gov.lk/en/publications/SitePages/Issuing of Privilege Cards.aspx?menuid=1406

    බදු තනි පුද්ගල ව්‍යපරයක්නම් හදන්නේ ඔයාගේ වාර්ෂික ලාභය ගණන කරලා එකට අනුව (මන් tax වැඩිය කරන්නේ නැහැ මතක විදිහට මේ දාන්නේ )

    පිරිවැටුම (විකුණුම්) 10,000,000
    අඩු කලා - Cost of Goods Sold (සිංහල මතක නැහැ) (3,000,000)
    දළ ලාභය 7,000,000
    අඩු කල - පරිපාලන වියදම්
    වැටුප් සහ වේතන (2,400,000)
    කුලී (500,000)
    දුරකථන වියදම් (100,000)

    අඩුකලා - විකිණීමේ වියදම්
    අලවි කොමිස් (100,000)
    බෙදාහැරීමේ වියදම් (500,000)

    අඩුකළ - මුල්‍ය වියදම්
    බැංකු පොලි (100,000)

    ශුද්ද ලාභය 3,300,000

    ඔන්න ඔය මිලියන 3.3 දැන් කියන විදිහට හැදෙන්නේ මෙහෙම (මට rates මතක නැහැ )

    0 - 1,200,000 දක්වා නිදහස්
    1,200,001 - xxxx දක්වා 4%
    ඉතිර්ය 8%


    ඔය වගේ ලාභයක් තියනවනම් ගෙවන්න මොකද loan එකක් වගේ ගද්දි හොදයි. අනික දැන් තව ටික දවසකින් එනවා RAMIS හැමෝටම ඔක්කොම trace වෙන්න .. ඉස්සර VAT එහෙම නිකන් fill කරලා දුන්න දැන් එහෙම බැහැ schedules cross check වෙනවා SVAT වගේම ඉතින් ඉස්සර වගේ එක්කෝ cash business විතරක්ම කරන්න වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: good person

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    එතකොට පඩි නඩි අඩු වෙන්නෙ ඉන්න සේවකයින්ට EPF/ETF ගෙවනව නම් විතරද?

    එහෙම එකක් නැහැ. ඒවා නොගේව්වත් අඩු කරන්න පුළුවන්
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එහෙම එකක් නැහැ. ඒවා නොගේව්වත් අඩු කරන්න පුළුවන්

    මට මෙහෙම එකක් කියන්ඩ.සාමාන්‍යෙන් සමාගමක් භාන්ඩයක් නිෂ්පාදනය කරනව.මේ සඳහා යොදන අමුද්‍රව්‍ය ආනයනයේදී 15% වැට් ගහනවා.න්බ්ටී වලට අමතරව.

    දැන් අපි භාන්ඩය සමාගමෙන් නිෂ්පාදනය කලහම ඒ භාන්ඩය සමාගම තීරනය කරනවා මේක විකුණන්නේ රු 100කට සියලු ලාභ සහිතව.
    දැන් මේ රු 100ට සමාගම අමතරව මේ භාන්ඩයට 15%ක වැට් එක අකතු කරන්ඩ ඕනේ නේද? එතකොට 115 කට තමයි ප්‍රයිස් වෙන්නේ.ඊට අමතරව ගහන්ඩ ඕන බදු මොනව හරි තියෙනවද භාන්ඩයේ අවසන් මිලට ?
    අමු ද්‍රව්‍ය ආනයන කරලා නිෂ්පාදනය කරල වෙළඳපොලට නිකුත් කරනකොට එතන තියෙන බදු නිදහස මොකක්ද?
    සමාගම් ආදායම මත අයකරන බදු ප්‍රමාණය දැන් කීයද?
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. :(

    අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?:baffled:


    හරි මෙහෙමයි අදායම් බදු ගෙවන්න කලින් අපි දැනගන්න එපයි ඉසල්ලම ආදායම් ලැබෙනවද කියල ( මම ඔඩිටර් කෙනක් නං නෙමයි)

    මෙන්න මෙහම හිතමු ඔයාට බිල්ඩිමක් තියනවා කොල්ලු පිටියේ ඔයාට තියන එකම දේ මෙච්චරය් (අම්ම , තාත්ත, සහෝදර , සහෝදරයෝ ඥති කෞරුවත්ම නෑ) මුළු ලෝකෙම තියන්නේ මේ තට්ටු 4 බිල්ඩිම විතරයි. උඩම තට්ටුවේ ඉන්න ඔයා. ඔයා හිතනවා මේ බිල්ඩිම කුලියට දීල එන අදායමෙන් ජිවත් වෙනවා කියල.

    ඔන්න එක මනුස්සයෙක් ඇවිත් ඔයාගෙන් මාසෙකට ලක්ස් 5 මේ ඉතුරු තට්ටු ටික කුලියට ගන්න ඉල්ලනවා. ඔය කැමති වෙනවා.
    එතකොට ඔයාගේ වාර්ෂික අදායම්
    500,000 X 12 = 6,00,000
    දැන් මේ ගානට පලවෙනි ලක්ස 5 හෝ ඊට අඩු අදායම් බද්ද්දෙන් නිදහස්

    ඉතුරු ලක්ස 55 න් ඊලග ලක්ස 5 ට 4% රකුත් ඊට වැඩිවෙන් මුදලට 8% අදායම් බදු වලට ග්වන්න ඕනි

    500,000/100X4 = 20,000
    5,000,000/100X8 = 400,000

    420,000

    ඔයා අදායම් බදු විදිහට මේ මුදල වාර්ෂිකව හෝ කාර්තු 4 රජයට උපයන විට අදායම ,හරිනම් ගෙවන්න ඕනි!
    "අප්පට සිරි මෙච්චර ගානක් මන් ගෙවන්න ඕනිද ? මන් හම්බත් කරලා "
    ඔන්න මේ වෙලාවේ ඔයගේ ටිකිරි මොලේට නියම අදහසක් එනවා,

    "බදු ගිවිසුම අත්සන් කරලා එක රෙජිස්ටර් කරාට පස්සේ නේ ආණ්ඩුව දන්නේ මම මේ බිල්ඩිම ලක්ස 5 කුලියට දුන්න කියල. ඉතින් අඩු ගණනක් බදු ගිවිසුමට දාල ඉතුරු සල්ලි ටික වෙනම ඉල්ලා ගන්නවා "

    ඔයා ගිහින් කියනවා අර බිල්ඩිම බදු ගන්න අපු මනුසයට, හරි මම ලක්ස 5 ට කුලියට දෙන්න කැමති හැබැයි බදු ගිවිසුමේ දන්නේ ලක්ස 1 ඉතුරු සල්ලි (ලක්ස 4) මුදල් වලින් දෙන්න කියල. මිනිහත් කැමති වෙනවා. වැඩේ යනවා

    දැන් ආණ්ඩුව දන්නා විදිහට ඔයාගේ වාර්ෂික අදායම 1,200,000 (ලක්ස 12)
    එයින් පළමු ලක්ස 5 බද්දෙන් නිදහස්
    ඉතුරු ලක්ස 7 න් පළමු ලක්ස 5ට 4%
    20,000 යි ඊලග ලක්ස දෙකට 8% 16,000

    36,000 වැඩේ ඉවරයි නැත්නම් 420,000 ගෙවන්න එපයි
    දැන් තමයි වැඩේ පටන්ගන්නේ ආණ්ඩුවට පෙන්නුවේ අදායම් කියලා ලක්ස 12 ඉතුරු ලක්ස 48 න් 38,000 අදායම් බදු ගෙවල ඉතුරු 4,762,000 අල්මාරියේ (බැංකුවේ දාන්නනම් පුළුවන් ගන්න ගියහම තමයි ටැක්ස් කැටිය දුවගෙන එන්නේ, ලක්ස 10 හෝ වැඩි මුදලක් විඩිරෝ කරපු ගමන් නොට් 1 යනවා මහා බැංකුව හරහා ඉන්වස්ටිගේෂන් ඔෆිස් 1ට ටැක්ස් දෙපාර්තුමේන්තුවේ, කඩලා කඩල ගන්නවා කියන එක හිත්නවත් එපා එහෙනම් ගන්න වෙන්නේ මාස 2 ට සැරයක් ලක්ස 2 ගානේ. එත් විඩ්රෝ ටික හදගෙන අවුරුද්දකට පස්සේ ලස්සනට ලියුමක් එවයි මේ විඩ්රෝ ටික අපගේ කාර්යාලයට පැමිණ පැහැදිලි කරන්න කියල. )

    ඔවි මේක කළු සල්ලි තමයි,
    සල්ලි කළු උනත් සුදු උනත් මොකද මල්ලි සල්ලි නේ සල්ලි නේ !

    ඔහොම ඉන්න කොට ඔයා ට ගෑනු ලමයෙක් සෙට් වෙලා කසාදයක් එහම කරගෙන ඉන්නකොට නෝනා මහත්තය කියනවා, අපි මේ බිල්ඩිමේම ඉන්න බෑ මල්පැල යක්වත් වාවගන්න බෑ නුගේ ගොඩ හරියෙන් ගෙයක් ගමුද කියල ! ඔයත් හා කියල

    ගෙවල් සෑහෙන්න බලල කොටි 5 කට ගෙයක් ගන්න ලෑස්ති වෙනවා, නුගේ ගොඩින් අල්මාරිය සල්ලි තියන ටික බලනවා

    කොටි 2 ලක්ස් 50 විතර එකතු වෙලා දෙයියනේ කියල අවුරුදු 6කට

    ඉතුරු 2.5 බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා කියලා හිතගෙන බැංකුවට යනවා.
    ගිහින් මැනේජර් ලොක්කට කියනවා මට කොටි 2 හමාරක් ණයක් ගන්න ඕනි! මැනේජර් ලොක්කත් දත් 64 පෙන්නලා හින්වෙලා අහනවා ඇපේට තියන්නේ මොනාද කියල " කොල්ලු පිටියේ බිල්ඩිම ඇපේට තියනවා " කියල ඔයා කියනවා. මැනේජර් ලොක්කට මල් 7යි කොටි 2 හමාරට වඩා එක කොහොමත් වටිනවා නේ.

    ලෝන් 1 ගන්න ගාන 25,000,000(කොටි දෙක හමාරයි )
    ගෙවන අවුරුදු ගාන 10
    පොලිය 12%
    මාසික ගෙවිය යුතු මුදල 458,333

    එළනේ ලසනට ගෙවන්න පුළුවන් පුළුවන්නේ,
    දැන් මැනේජර් ලොක්ක අහනවා
    අදායම බදු ගෙවන පයිල් 1 ( තව නොයකුත් ලිපි ලේකන කන්දරාවක් ඉල්ලනවා / මාතෘකාව අදායම් බදු නිසා ඒවා වැඩක් නෑ)
    ටුක් ගාල අදායම් බදු පයිල් 1 දෙනවා. මැනේජර් ලොක්ක කියනවා මේකේ විදිහට ඔයාට මාසෙකට හම්බ වෙන්නේ ලක්ස 1 නේ ඉතින් ඉතුරු තුන්ලක්ස ගණන ගෙවන්න කොහොමද ඔයා කියල. ඔයා මැනේජර් ගේ කනට කරලා කියනවා ඔයා බය නැතුව ලෝන් 1 දෙන්න මට කොහොමත් තව ලක්ස 4 හැම මාසෙම අතයටින් හම්බ වෙනවා, ලෝන් 1 ගෙවන 1 ගැන බය වෙන්න එපා කියල. හැබයි මාසෙකට ලැබෙන ආදායමට වඩා වැඩි අගයක නය වාරිකය දෙන්න බැංකුවට පුළුවන් කමක් නෑ.(ලිසින් කොරන කම්පනියක් එක්ක වාගේනං ගිනි පොලියට යන්න පුළුවන් , මොකද උන්ට හම්බ කරන විදිහ අදාල නැති නිසා , උන්ට ඕනි ගෙවන විදිහ විතරයි, එහෙම ගියපු ගමන් පලවෙනි අවුරුදු 5 ඉවර උන ගමන්ම , අදායම් බදු එකෙන් ලියුමක් එනවා අහවල් ලිසින් කොම්පැනියෙන් ඔබතුමා ගත්තු ණය මාසෙකට ලක්ස 4 වෙන්න ගෙවපු විදිහ අපැහැදිලි නිසා පැමිණ පැහැදිලි කරන්න කියල )

    නය ඉලුම ප්‍රතික්ෂේප වෙනවා. ඔය ඊට පස්සේ කොට්ටාව හරියෙන් ඇතුලට වෙන්න කොටි දෙක හමාරකට පොඩි ගෙයක් හොයාගන්නවා.

    එකේ ඔප්පුවට දානවා විකිණුම් මිල ලක්ස 75යි කියල ඔප්පුව රෙජිස්ට කර ගන්නවා.
    ලක්ස 75 අපු විදිහ පෙන්නන එපයිනේ මෙන්න කළු සල්ලි වලින් ලක්ක්ස 75 සුදු කරගන්නවා.(මුල්‍ය විශුදිකරණය ) කොහොමද ඔය දන්නා සරල ක්‍රමයට (ලොකු ලොකු ක්‍රම වලට කරන්න ඔයාට ලොකු කනෙක්ෂන් නෑ) තමයි සල්ලි ටික සුද්ද කර ගන්නේ. ලක්ස 75 බැංකු ණයක් විදිහට අරන් ආණ්ඩුවට පෙන්නනවා බැංකු නයෙන් තමයි ගේ ගත්තේ කියලා (ගෙවන්න තියන ගාන මාසෙකට ලක්සේකට වඩා අඩු නිසා බැංකු ණය ලස්සනට හම්බ වෙනවා )

    ඔන්න දැන් තමයි නඩුව පටන් ගන්නේ

    ප්‍රිය මහත්මයාණනි කියලා පටන්ගන්න ලියුමක් හම්බ වෙනවා.
    කොට්ටාවේ නැදිමාලේ අහවල් ඔප්පු දරන අදි සුපොක බෝගී නිවාස සහ පර්චස් 12.5 වන ඉඩම් මිල දී ගැනීමේදී තක්සේරු මුදලට වඩා අඩු මුදලක් ඔප්පුවට ඇතුලත් කොට ඇති බව පෙනීයයි , කරුණා කර දෙදහස් වර්ෂයේ අහවල් මස පළමු අහවල් දින , චිත්තම්පලම් මාවතේ අපගේ ප්‍රදාන කාර්යාලයට පැමිණ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි .

    ඔන්න ගියාට පස්සේ කියනවා මේක රජයේ තක්සරු මිල කොටි 2 යි එකට දඩය 20% දඩය නොගෙවූ අවුරුදු ටිකට කියල 50% කියල (මේ වෙලාවට නං හිතු හිතු ගණන් කියනවා) උන අලබෙට මෙචරයි. කියල ඔක්කොම රවුම්කරලා කියනවා කොටි 1 හමාරක් දෙන්න නැත්නම් නඩු යනවා කියල. ඉතින් බලු කුක්ක වගේ ගෙවල එන එකයි තියන්නේ (නඩු ගියොත් මිට වඩා ගෙවන්න වෙනවා ) දඩ ගෙවන කොටි 1 හමාරටත් අදායම් බදු සමහර විට ගෙවන්න සෙට් වෙනවා.

    ඕව තමයි ඉතින් අවාසි, වාහනයක් , ඉඩමක් , වියාපාරයට සල්ලි දන්න බෑ, මොකද සල්ලි කළු නිසා.




    වාසි ඇවිත් මෙන්න මේ වගේ දේවල්

    දුව බදින්න හදන එකා අම්බානෙක දෑවැද්දක් ඉල්ලනවා , දෙන්නම් වෙන්නඩ් බෑනෝ කියල කොටි 2 හමාරක්ම කියලා මගුල දවසේ උදේ කොල්ලගේ අතෙන් තියපන් ගොඩ

    නෝනට බයිපාස් එකක් කරන්න ඕනි බය නැතුව ගිහින් ලක්ස විසක් නවලොකෙට බැදලා බයිපාස් එක කරන්න අල්මාරියෙන් සල්ලි අරන් ගිහින්

    පන්සලේ පින්කමට , ඉස්කෝලේ O/B එකෙන් හදන බිල්ඩිමට ඉතුරු කරගත්ත ලක්ස් 4 පින් කමක් කියලා දීල දාන්න

    බිල්ඩිමක් කුලියට ගනිද්දී බදු ඔප්පුවේ ගානට වඩා වැඩි මුදල් ටික අත යටින් දෙන්න පුළුවන් (මේ කතාවේ මුලින් ලක්ස් 4 අර මනුස්සය ඔයාට දුන්න වගේ )

    තව ගොඩක් තියනව, බදු සල්ලි ටික අතේ ඉතුරු වෙනවා ඕක තමයි තියන එකම වාසිය අදායම් බදු නොගෙවා හිටියොත් නං මචෝ.





    2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?:P

    ඔඩිට කෙනෙක්ගෙන් අහන්න එය හරියටම කියාවි

    3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?:P


    උත්තරේ උඩතියනවා එහෙනං ජය :D :D
    Well explained.Thanks a lot.rapped 9+
     
    • Like
    Reactions: virajkavn

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මට මෙහෙම එකක් කියන්ඩ.සාමාන්‍යෙන් සමාගමක් භාන්ඩයක් නිෂ්පාදනය කරනව.මේ සඳහා යොදන අමුද්‍රව්‍ය ආනයනයේදී 15% වැට් ගහනවා.න්බ්ටී වලට අමතරව.

    දැන් අපි භාන්ඩය සමාගමෙන් නිෂ්පාදනය කලහම ඒ භාන්ඩය සමාගම තීරනය කරනවා මේක විකුණන්නේ රු 100කට සියලු ලාභ සහිතව.
    දැන් මේ රු 100ට සමාගම අමතරව මේ භාන්ඩයට 15%ක වැට් එක අකතු කරන්ඩ ඕනේ නේද?
    ඔව් (VAT නොගෙවිය යුතු භාණ්ඩයක් නොවේනම්)

    එතකොට 115 කට තමයි ප්‍රයිස් වෙන්නේ.ඊට අමතරව ගහන්ඩ ඕන බදු මොනව හරි තියෙනවද භාන්ඩයේ අවසන් මිලට NBT ගෙවිය යුතු නම් එකත් එකතු කරන්න පුළුවන් (වැට් වලට පෙර)

    අමු ද්‍රව්‍ය ආනයන කරලා නිෂ්පාදනය කරල වෙළඳපොලට නිකුත් කරනකොට එතන තියෙන බදු නිදහස මොකක්ද?
    විශේෂ නිදහසක් නම් මට මතකයට එන්නේ නැහැ. ගෙවපු VAT එක input VAT හැටියට ගෙවිය යුතු VAT එකෙන් අඩු කරගන්න පුළුවන්.

    සමාගම් ආදායම මත අයකරන බදු ප්‍රමාණය දැන් කීයද?
    අදායම් බදු ගෙවන්නේ අදායම මත නොවේ බදු ගෙවිය යුතු ලබය මත සාමානයෙන් 28%. හැබැයි බදු ගෙවිය යුතු ලබය මිලියන 5 ට අඩුනම් 12%.(http://www.ird.gov.lk/en/publications/SitePages/Tax Chart.aspx?menuid=1404)
     
    • Like
    Reactions: virajkavn
    අදායම් බදු ගෙවන්නේ අදායම මත නොවේ බදු ගෙවිය යුතු ලබය මත සාමානයෙන් 28%. හැබැයි බදු ගෙවිය යුතු ලබය මිලියන 5 ට අඩුනම් 12%.(http://www.ird.gov.lk/en/publications/SitePages/Tax Chart.aspx?menuid=1404)

    එල එල වැඩේ හරියටම දන්නා කියන කෙනක් ඇවිල්ල! නියම වැඩක් මචෝ! තැන්ක්ස් හෙල්ප් කාරනාවට - ජය
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අදායම් බදු ගෙවන්නේ අදායම මත නොවේ බදු ගෙවිය යුතු ලබය මත සාමානයෙන් 28%. හැබැයි බදු ගෙවිය යුතු ලබය මිලියන 5 ට අඩුනම් 12%.(http://www.ird.gov.lk/en/publications/SitePages/Tax Chart.aspx?menuid=1404)

    අහ් සොරි , මම ආදායම කියල එතන අදහස් කලේ ශු.ලාභය මත තමයි. මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ වැටි සහ ටැක්ස් එකත් එක්ක.

    පිටරටින් භාන්ඩ තොග ගෙනල්ල කිසි මහන්සියක් නැතුව විකුණන භාන්ඩයට ගහන එකම ටැක්ස් සහ වැට් එකමද , ආයෝජනය කරලා තාක්ෂණය ගෙනල්ලා ,යන්ත්‍ර සූත්‍ර හදලා අමුද්‍රව්‍ය ගෙනල්ලා මිනිස්සුන්ට රස්සා දීලා මහන්සි වෙලා කෙරෙන භාන්ඩ නිෂ්පාදනය කෙරෙන සමාගමටත් අය කෙරෙන්නේ? කිසිම බදු සහනයක් නැද්ද?:confused:
    thanks
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    1. ඇමතිලාට ආතල් ගන්න, වාහන ගන්න, එක එක උත්සව තියන්න සල්ලි ලැබෙන එක තමා ඉතින්, වෙන මුකුත් නැහැ
    අපි මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් ගෙවන tax වලින් කොහෙවත් ඉන්න හු#තිගේ පුතාල නිකන් ඉදන් සැප ගන්නවා :angry:

    අපෝ ඔව් පොලිසියටත් එනවා සමහරු අන්න අරූ ගෙයක් හදනවා මෙච්චර විතර, ඒත් අරූට පඩි මෙච්චරයි කියාගෙන :lol:
    මේ අනිත් හු#තිගේ පුතාල :angry:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අපි මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් ගෙවන tax වලින් කොහෙවත් ඉන්න හු#තිගේ පුතාල නිකන් ඉදන් සැප ගන්නවා :angry:


    මේ අනිත් හු#තිගේ පුතාල :angry:

    Nikan idan Minister kenek wenna puluwan nan mamath minister kenek wenawa. Oya ministers la hemoma wage oya then walata ewith thienne pluwan tharan paw karala, koti 5-10 election walata wiyadan karala.

    Police nethnam umbalata job ekak karan jeewath wenna hamba wenne na. Horu & Duppath ewun ewilla umbalage salli/gewal/wahana uduragena. Gedaraka geniyekta/kellekta inna hamba wenne na. Kotinma ekektawath Ahinsaka widiyata inna wenne na.

    Police Announce Strike in Brazil - See What Happens!




     
    Last edited:
    • Like
    Reactions: ZoomLine

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giphy.gif
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    අහ් සොරි , මම ආදායම කියල එතන අදහස් කලේ ශු.ලාභය මත තමයි. මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ වැටි සහ ටැක්ස් එකත් එක්ක.

    පිටරටින් භාන්ඩ තොග ගෙනල්ල කිසි මහන්සියක් නැතුව විකුණන භාන්ඩයට ගහන එකම ටැක්ස් සහ වැට් එකමද , ආයෝජනය කරලා තාක්ෂණය ගෙනල්ලා ,යන්ත්‍ර සූත්‍ර හදලා අමුද්‍රව්‍ය ගෙනල්ලා මිනිස්සුන්ට රස්සා දීලා මහන්සි වෙලා කෙරෙන භාන්ඩ නිෂ්පාදනය කෙරෙන සමාගමටත් අය කෙරෙන්නේ? කිසිම බදු සහනයක් නැද්ද?:confused:
    thanks

    භාන්ඩ ලංකාවේදී විකුණන අවස්ථාවේදී ඒවා ලංකාවේ නිෂ්පාදිතද නැත්ද කියන කාරණය මත සාමාන්‍යයෙන් VAT /NBT බදු අනුපාත වෙනස් වෙන්නේ නැහැ. (විශේෂ බදු සහන තියෙන අවස්ථා වලදී හැර). හැබැයි අමුද්‍රව්‍ය/භාණ්ඩ ආනයනයේදී VAT /NBT වලට අමතරව තව බදු වර්ග පැනවෙනවා (උදා: Import Duty, PAL, CESS,etc).

    නව වියාපාර වලට ආයෝජනය කරනකොට බදු සහන තියෙනවා. හැබැයි හැම ආයෝජනයකට ම බදු සහන ලැබෙන්නේ නැහැ බදු සහන ලබා ගන්න සපුරාලිය යුතු සුදුසුකම් තියෙනවා සාමාන්‍යයෙන් අවම වශයෙන් රුපියල් මිලියන 25ක් වත් ආයෝජනය කරන්න ඕන වගේම ආයෝජනය කරන ක්ෂේත්‍රය බදු සහන ලැබෙන ආදායම් බදු පනතේ සඳහන්වන ක්ෂේත්‍රයක් වෙන්නත් ඕන. සාමාන්‍යයෙන් අවුරුදු හතරේ සිට 6 දක්වා කාලයකට ආදායම් බදු සහන ලබා ගන්න පුළුවන්. මම මේ කිව්වේ දැනට තියෙන දේශීය ආදායම් පනතේ තියෙන විදියට. අලුත් පනත ළඟදීම එයි. එක නම් මම තාම දැක්කේ නැහැ. ගොඩක් බදු සහන ඉවත් කරලා කියල තමයි ආරංචිය.

    ඔයා විශාල ආයෝජනයක් කරනවානම් BOI හරහා මීට අමතර බදු සහන ලබා ගන්නත් පුළුවන් (ආයෝජනයේ ප්‍රමාණය අනුව).
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    භාන්ඩ ලංකාවේදී විකුණන අවස්ථාවේදී ඒවා ලංකාවේ නිෂ්පාදිතද නැත්ද කියන කාරණය මත සාමාන්‍යයෙන් VAT /NBT බදු අනුපාත වෙනස් වෙන්නේ නැහැ. (විශේෂ බදු සහන තියෙන අවස්ථා වලදී හැර). හැබැයි අමුද්‍රව්‍ය/භාණ්ඩ ආනයනයේදී VAT /NBT වලට අමතරව තව බදු වර්ග පැනවෙනවා (උදා: Import Duty, PAL, CESS,etc).

    නව වියාපාර වලට ආයෝජනය කරනකොට බදු සහන තියෙනවා. හැබැයි හැම ආයෝජනයකට ම බදු සහන ලැබෙන්නේ නැහැ බදු සහන ලබා ගන්න සපුරාලිය යුතු සුදුසුකම් තියෙනවා සාමාන්‍යයෙන් අවම වශයෙන් රුපියල් මිලියන 25ක් වත් ආයෝජනය කරන්න ඕන වගේම ආයෝජනය කරන ක්ෂේත්‍රය බදු සහන ලැබෙන ආදායම් බදු පනතේ සඳහන්වන ක්ෂේත්‍රයක් වෙන්නත් ඕන. සාමාන්‍යයෙන් අවුරුදු හතරේ සිට 6 දක්වා කාලයකට ආදායම් බදු සහන ලබා ගන්න පුළුවන්. මම මේ කිව්වේ දැනට තියෙන දේශීය ආදායම් පනතේ තියෙන විදියට. අලුත් පනත ළඟදීම එයි. එක නම් මම තාම දැක්කේ නැහැ. ගොඩක් බදු සහන ඉවත් කරලා කියල තමයි ආරංචිය.

    ඔයා විශාල ආයෝජනයක් කරනවානම් BOI හරහා මීට අමතර බදු සහන ලබා ගන්නත් පුළුවන් (ආයෝජනයේ ප්‍රමාණය අනුව).

    ඒ මිලියන 25 එන්නේ BOI ඉල්ලනවා නම් විතරයිනේ.ඒක වෙන ස්කීම් එකක්නේ??....:confused: කොහොමත් මිලියන 25 ට වැඩි නම් BOI ඉල්ලන්ඩ පුලුවන් කියල දන්නවා.හැබැයි ඒත් පේන හැටියට මහා ලොකූ වාසියක් නම් පේන්ඩ නැති පාටයි BOI කියලා.ඒවගෙත් ගොඩක් තිබ්බ වාසි කපල තියෙන්නේ.අනිත් එක දැන් ස්පොයිල් වෙලා තියෙන්නේ.ඕන එකටයි එපා එකටයි ඇපෲවල් දීලා.

    තව ස්කීම් එකක් තීයෙනවා සුලුපරිමාණ හෝ මධ්‍ය පරිමාණ නිෂ්පාදන සමාගම් සඳහා ඉන්ඩස්ට්‍රි ඔෆ් කොමර්ස් වල BOI නොවන.

    NBT ආනිත් එක. නිෂ්පාදන සඳහා ආනයනය කරන අමුද්‍රව්‍ය වලට රේගු නිදහස් කර ගැනීමේදී ගෙවන්ඩ සිදුවන NBT එක සමාගම් කාර්තුවට ගෙවන එකෙන් අඩු කෙරෙනවා.මොකද ඒක NBT ෆෝර්ම් එකේම දාන්ඩ තීයනවා.

    ඔය ඔයා කිව්ව අනිත් ටැරිෆ් එකේ තියෙන විශේෂ බදු වලට අවශ්‍ය සහනය ගන්ඩ ඉන්ඩස්ට්‍රි ඔෆ් කොමර්ස් රෙජිස්ටර් වෙලා රික්වෙස්ට් කරන්ඩ ඕනේ.එතන වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා මැනුෆැක්චර්ස්ලට.

    මේක වැඩේ තියෙන්නේ බදු සිස්ටම් එකත් කම්ප්ලෙක්ස්.එක තැනක නෑ කම්ප්ලීට් ගයිඩ් ගන්ඩ තැනක්.හැම තැනම එක එක කෑලි වලට කඩලා තියෙන්නේ.එහෙම නැත්තන් ආයතන හැට හුටහමාරකට බෙදලා වෙන් කරලා.ඒ ආයතන වල වැඩ කරන මිනිස්සුත් දන්නේ සීමිත කොටසක් විතරයි.මේක නිකන් හරියට පැටලුනු නූල් බෝලේ ලෙහන්න වගේ කෙරෝලක් හොයාගෙන යන්ඩ වෙලා තියෙන්නේ.:sorry:

    මට අර අනිත් ටික ගැන තමයි එච්චර හොයන්ඩ වෙලාවක් තිබ්බේ නැත්තේ. භාන්ඩ ලංකාවේදී විකුණන අවස්ථාවේදී ඒවා ලංකාවේ නිෂ්පාදිතද නැත්ද කියන කාරණය මත එන්බීටී වැටි අනුපාත වෙනස් වෙනවද නැද්ද කියන එක.

    ඒත් මම හිතන්නේ VAT එකත් කාර්තුවකට ලක්ෂ 30 ක සේල්ස් පෙන්නනකම් රෙජිස්ටර් වෙන්ඩ ඕනි නෑ නේද?:confused:
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    481
    414
    63
    Kandy
    මගේ යාලුවෙක්ට USA වලින් tax return බර ගානක් හම්බුනා. ලංකාවේ එහෙම දෙන ක්‍රමයක් නැද්ද මචන්ලා?
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ඒත් මම හිතන්නේ VAT එකත් කාර්තුවකට ලක්ෂ 30 ක සේල්ස් පෙන්නනකම් රෙජිස්ටර් වෙන්ඩ ඕනි නෑ නේද?:confused:

    ඔව්. කාර්තුවකට ලක්ෂ 30ක් හෝ අවුරුද්දට ලක්ෂ 120ක්. හැබැයි තොග සහ සිල්ලර වෙළඳාම නම් කාර්තුවකට ලක්ෂ 120ක්.
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මගේ යාලුවෙක්ට USA වලින් tax return බර ගානක් හම්බුනා. ලංකාවේ එහෙම දෙන ක්‍රමයක් නැද්ද මචන්ලා?

    ඇමරිකාවේ සමහර වීසා ක්‍රම වලට (F1, J1, M1 or Q1 visa) අනුව ගියාම සමාජ ආරක්ෂණ සහ සෞක්‍ය බදු (Social Security & Medicare Tax) ගෙවන්න ඕනි නැහැ. මේක දැනට වැටුපෙන් 7.65% විතර වෙනවා. හැබැයි සමහර සමාගම් ඒගැන බලන්නේ නැතුව ඒ බදු වැටුප් වලින් අඩු කරලා තියෙනවනම්, ඒවා ආපසු ලබා ගන්න පුළුවන්.

    ලංකාවෙත් බදු නැවත ගෙවන අවස්ථා ඕන තරම් තියෙනවා. උදාහරණයකට වැට් අනුපාතය 0 වන භාන්ඩයක් හෝ සේවාවක් විකුනනවානම් input වැට් එක ආපසු ලබා ගන්න පුළුවන්. එවගේම ඔයා බදු අවශ්‍ය ප්‍රමාණයට වඩා ගෙවල තියෙන බව ඔප්පු කලොත් ඒ බදු නැවත ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට එවගේ අවස්ථාවල කරන්නේ ඉදිරියේදී ගෙවන්න තියෙන බදු වලින් අඩු කරගන්න එක තමයි.