භාන්ඩ ලංකාවේදී විකුණන අවස්ථාවේදී ඒවා ලංකාවේ නිෂ්පාදිතද නැත්ද කියන කාරණය මත සාමාන්‍යයෙන් VAT /NBT බදු අනුපාත වෙනස් වෙන්නේ නැහැ. (විශේෂ බදු සහන තියෙන අවස්ථා වලදී හැර). හැබැයි අමුද්‍රව්‍ය/භාණ්ඩ ආනයනයේදී VAT /NBT වලට අමතරව තව බදු වර්ග පැනවෙනවා (උදා: Import Duty, PAL, CESS,etc).
නව වියාපාර වලට ආයෝජනය කරනකොට බදු සහන තියෙනවා. හැබැයි හැම ආයෝජනයකට ම බදු සහන ලැබෙන්නේ නැහැ බදු සහන ලබා ගන්න සපුරාලිය යුතු සුදුසුකම් තියෙනවා සාමාන්‍යයෙන් අවම වශයෙන් රුපියල් මිලියන 25ක් වත් ආයෝජනය කරන්න ඕන වගේම ආයෝජනය කරන ක්ෂේත්රය බදු සහන ලැබෙන ආදායම් බදු පනතේ සඳහන්වන ක්ෂේත්රයක් වෙන්නත් ඕන. සාමාන්‍යයෙන් අවුරුදු හතරේ සිට 6 දක්වා කාලයකට ආදායම් බදු සහන ලබා ගන්න පුළුවන්. මම මේ කිව්වේ දැනට තියෙන දේශීය ආදායම් පනතේ තියෙන විදියට. අලුත් පනත ළඟදීම එයි. එක නම් මම තාම දැක්කේ නැහැ. ගොඩක් බදු සහන ඉවත් කරලා කියල තමයි ආරංචිය.
ඔයා විශාල ආයෝජනයක් කරනවානම් BOI හරහා මීට අමතර බදු සහන ලබා ගන්නත් පුළුවන් (ආයෝජනයේ ප්‍රමාණය අනුව).
ඒ මිලියන 25 එන්නේ BOI ඉල්ලනවා නම් විතරයිනේ.ඒක වෙන ස්කීම් එකක්නේ??....

කොහොමත් මිලියන 25 ට වැඩි නම් BOI ඉල්ලන්ඩ පුලුවන් කියල දන්නවා.හැබැයි ඒත් පේන හැටියට මහා ලොකූ වාසියක් නම් පේන්ඩ නැති පාටයි BOI කියලා.ඒවගෙත් ගොඩක් තිබ්බ වාසි කපල තියෙන්නේ.අනිත් එක දැන් ස්පොයිල් වෙලා තියෙන්නේ.ඕන එකටයි එපා එකටයි ඇපෲවල් දීලා.
තව ස්කීම් එකක් තීයෙනවා සුලුපරිමාණ හෝ මධ්‍ය පරිමාණ නිෂ්පාදන සමාගම් සඳහා ඉන්ඩස්ට්‍රි ඔෆ් කොමර්ස් වල BOI නොවන.
NBT ආනිත් එක. නිෂ්පාදන සඳහා ආනයනය කරන අමුද්‍රව්‍ය වලට රේගු නිදහස් කර ගැනීමේදී ගෙවන්ඩ සිදුවන NBT එක සමාගම් කාර්තුවට ගෙවන එකෙන් අඩු කෙරෙනවා.මොකද ඒක NBT ෆෝර්ම් එකේම දාන්ඩ තීයනවා.
ඔය ඔයා කිව්ව අනිත් ටැරිෆ් එකේ තියෙන විශේෂ බදු වලට අවශ්‍ය සහනය ගන්ඩ ඉන්ඩස්ට්‍රි ඔෆ් කොමර්ස් රෙජිස්ටර් වෙලා රික්වෙස්ට් කරන්ඩ ඕනේ.එතන වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා මැනුෆැක්චර්ස්ලට.
මේක වැඩේ තියෙන්නේ බදු සිස්ටම් එකත් කම්ප්ලෙක්ස්.එක තැනක නෑ කම්ප්ලීට් ගයිඩ් ගන්ඩ තැනක්.හැම තැනම එක එක කෑලි වලට කඩලා තියෙන්නේ.එහෙම නැත්තන් ආයතන හැට හුටහමාරකට බෙදලා වෙන් කරලා.ඒ ආයතන වල වැඩ කරන මිනිස්සුත් දන්නේ සීමිත කොටසක් විතරයි.මේක නිකන් හරියට පැටලුනු නූල් බෝලේ ලෙහන්න වගේ කෙරෝලක් හොයාගෙන යන්ඩ වෙලා තියෙන්නේ.
මට අර අනිත් ටික ගැන තමයි එච්චර හොයන්ඩ වෙලාවක් තිබ්බේ නැත්තේ. භාන්ඩ ලංකාවේදී විකුණන අවස්ථාවේදී ඒවා ලංකාවේ නිෂ්පාදිතද නැත්ද කියන කාරණය මත එන්බීටී වැටි අනුපාත වෙනස් වෙනවද නැද්ද කියන එක.
ඒත් මම හිතන්නේ VAT එකත් කාර්තුවකට ලක්ෂ 30 ක සේල්ස් පෙන්නනකම් රෙජිස්ටර් වෙන්ඩ ඕනි නෑ නේද?
