මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.
කොහොම හරි මචංලා ප්‍රශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.
මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.
විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.
මගෙ ප්‍රශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍රශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?
ප්‍රස්ණ වලට උත්තර නම් දන්නේ නෑ.
ක්ලබ් එකේ සාමාජිකත්වේ ගන්න නම් මගේ එකවුන්ට් එකට රු 2000ක් දාලා ස්ලිප් එක මට එවහන්.ඔය එක එකා, එක එක ගනන් ඉල්ලයි.අහුවෙන්න එපා.





