අවුරුදු දෙකට මාස තුනෙන් තුනට දාලා ලක්ෂ 7 ක් එකතු වෙලා තියෙනවා කියලා කිවේවේ බන්...කාටවත් ණයක් නෑනේ...ඉන්ෂුවරන්ස් දැම්මහම මාසෙට සැරයක් උන් කෝල් කරලා කරදර කරනවයි..ගෙවල් වලට හොයන් එනවයි....අවුරුදු 20 ක් එහෙම හිර වෙලා වගේ ඉන්නවා කියන්නේ ඉතින් ණයක් ගත්ත වගේනේ බන්...
සමහර අය ගෙවල් වලට එන්නේ කස්ටමර්ට ලේසි වෙන්න. එහෙම නැත්නම් උබට පුළුවන් direct debit වලින් ගෙවන්න (automated monthly bank transfer) හරි බ්රාන්ච් එකකට ගිහින් හරි ගෙවන්න.
හිර වෙන්නේ මුල් අවුරුදු 2 පමණයි. ඒ අවුරුදු 2 අනිවා ණය වෙලා හරි ගෙවන්න ඕනා. ඊට පස්සේ පුළුවන් paid up policy එකක් විදියට පොලිසි එක හෝල්ඩ් කරවන්න. ඔය අවු. 2ට පස්සේ සල්ලි ගන්න ගියොත් සොච්චම් ගානක් හම්බෙන්නේ. මොකද මුල් අවුරුදු 3-4 යන්නේ උබේ monthly premium එකෙන් කොම්පැනි එකේ එක්ස්පෙන්සස් කවර් කරගන්න නිසා. ඒක ඔය කොලේ ගහලම ඇති.
paid up policy උනහම දැනට ගෙවලා තියෙන ගානට dividend හැදී හැදී යනවා. ඒ කියන්නේ interest එකතු වෙවී යනවා පොලිසි එක කල් පිරෙන දවස දක්වා. කල් පිරුණු දාට ඒ සල්ලි ටික ගන්න පුළුවන්.
ඔය කියන ගණන් දුන්න එකෙක්ව මට පෙන්නපන්කෝ සාක්ෂි එක්ක....මම අත්දැකීමෙන් කියන්නේ බන්..අපේ අයියා නැති උනා ඩෙංගු හැදිලා...ඩෙංගු එයාලගේ ලිස්ට් එකේ නෑ කියාලා ගෙව්වේ නෑ කියපන්කෝ...කාලකන්නි...
අහන්න දුකයි උබලට උන දේ ගැන.
නමුත් උබලගේ වැරැද්දක් පොලිසි එක හරියට කියවලා ගත්තේ නැති එක. natural/ accidental death claim වලින් කවර් වෙන ලෙඩ ටික බලලා ගන්න ඕනා.
ඒ වගේම ලාවට ඩ්රින්ක් එකක් දාන එකෙක් උනත් අනිවා පොලිසි එක ගනිද්දී ඒවා මෙන්ෂන් කරලා ගන්න ඕනා. මරණ පරීක්ෂණයේදී ඔප්පු උනොත් මුට සිරෝසිස් ද මොකක්ද එකත් තියෙනවා කියලා ඉන්ෂුවරන්ස් කම්පැනි එකට සල්ලි නොදී ඉන්න පුළුවන් මූ මුලික දත්ත/ කොන්දේසි කඩ කළා කියලා. මාසෙකට සැරයක් ඩ්රින්ක් එකක් දැම්මත් ඒකත් සදහන් වෙන්න ඕනා. ජිම් යන ඒවත් කියලා තියන්න ඕනා. පොඩි ලෝඩින් එකක් එයි. ඒ කියන්නේ එක්ස්ට්රා ගානක් ගෙවන්න වෙයි. රු. 10-50/ වගේ ගානක්. නමුත් පාඩු නෑනේ එහෙම එකකින් මැරුනොත්?
මොකක් හරි හු....ක් කියනවා බන් ගන්න ගියාම...ඊට වඩා හොදයි අපේ සල්ලිවලින් අපි ඉන්නවා...අනුන්ගේ සල්ලි මොනාටද..
ඉන්ෂුවරන්ස් එකක් ගන්න කලින් උබලත් දැනගෙන ඉන්න ඕනා මොනවද හම්බෙන බෙනිෆිට්ස්, මොනවද කොන්දේසි කියන ඒවා. සේල්ස් කරන්න එන අය ඔක්කොම දන්නෙත් නෑ එහෙම නැත්නම් උන්ට අමතක වෙනවා ඒ වෙලාවට කියන්න උබට. හරියට කියන එක උන්ගේ වැඩක් උනත් උබත් ටිකක් දැනගෙන ඉන්න ඕනා සබ්ජෙක්ට් එක.
නමුත් බොහොමයක් ඉන්ෂුවරන්ස් කොම්පැණි වලින් පොලිසි එක ගත්ත කෙනාට ලැබෙන්න ඕනා සල්ලි ටික හෝ යම් මුදලක් දෙනවා සානුකම්පිත පදනම මත. එහෙම නොදී ඉන්නේ කස්ටමර් පොලිසි එක දාද්දී ලොකු බොරුවක් කරලා තිබ්බොත් තමා.
Last edited:
people only believe what they want to believe


ඒකයි බය නැත්තේ.
