මොකද මේ ත්රේඩ් එකට උනේ ?
මම මේ ත්රේඩ් එකේ මුල පිටු 10 විතර කියවලා (ජංගමේ) අන්තිම 10 කියවන්න එද්දි ත්රේඩ් එක එහෙමම වෙනස් වෙලා. එක එකා පස්සේ යන්නෙ නැතිව අයේත් මතෘකාවට ගියා නම් හරි.GTRZ ගොයියාට බැරිද අහවලාව මෙකෙන් බෑන් කරලා දාන්න?
මෙහෙම අභිධර්මය කතා කරන එක බොහොම වටිනවා. බුද්ධ ධර්මය ඉතුරු වෙලා තියනවා කියන්නේ මෙහෙම එවා වෙන නිසා තමයි. කවදා හරි ධර්ම සකච්ඡා නෑසෙනදාට බුද්ධ ධර්මය අතුරුදහන් වෙලා යනවා.
හැබැයි අපි හැමොම එක දෙයක් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනේ. ඒ තමා නිවන් දැකිම. මේ ඉගෙනගැනිම් වල අවසාන බලාපොරොත්තුවවෙන්න ඕනේ දැනුම නෙමේ නිවන. මම දැන් අභිධර්මය දන්නවාය කියන දෘෂ්ඨියෙන් මිදෙන්නත් ඔනේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන දැනගෙන එවා පුලු පුලුවන් විදියට අනුගමනය කරන්න ඔනේ. අභිධර්මය ටිකක් ඉගෙන ගද්දී අපිට තෙරෙනෙවා දැනෙනවා බුද්ධ ධර්මය කොච්චර අසිරිමත්ද, මේ දේවල් කොච්චර ඇත්තද කියලා. ඒ ආනුභාවයෙන් අපිට බුදුන්වහන්සේ ගැන හා ධර්මය ගැන ආකාරවතී ශ්රද්ධාවක් පහල වෙනවා. එ වෙලාවට අපි හිතන්න ඔනේ උන්වහන්සේ මේ සංකිර්ණ අචින්ත කරණා ඔක්කොම දැනගෙන අපිට වදාළේ ආර්ය අෂ්ඨාංගීක මාර්ගයේ යන්න කියලා විතරයි. ඉතින් ඒ මහා ප්රඥාවන්තයානන් වහන්සේ කියපු දේ කරන්න අපි දැඩිව ඉටා ගන්න ඔනේ. අපිට සමහර එවා නොතෙරෙන්න පුලුවන්. එත් අපිට අවබොධ උනු ධර්ම කරණා ප්රතික්ශේප වෙන්නෙ නැත්තන් ඒක බොරුවක් කියලා කියන්න බෑ. උදාහරණයක් විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහින් නිවන් දකින්නේ කොහොමද කියලා අපි දන්නේ නැතිවෙන්න පුලුවන්. එත් අපි එක පිලිපදින්න ඕනේ. දොස්තරව විශ්වාස නම් බොන්න කලින් බෙහෙත් ගැන අපි පරික්ෂණ වර්තා ඉල්ලන්නෙ නැනේ.
තරහා නොගැනිමෙන් හෝ බොරු නොකිමෙන් අපිට පටන් ගන්න පුලුවන්. ඒ එන පරිචය ඉදිරියට හරියට වටිනවා මම හිතන්නේ.
අවසාන වශයෙන් භාහිය දරුස්චීරිය නිවන් දැකපු විදියෙන් මම මේක අවසන් කරන්නම්. මොකද එකේ මුලු නිවන් මාර්ගයම සරල(?) ගාථාවක තියෙනවා.
දැකිමෙහි ඇත්තේ දැකිමක් පමණයි
ඇසිමෙහි ඇත්තේ ඇසිමක් පමණයි
දැනිමෙහි ඇත්තේ දැනිමක් පමණයි
සිතිමෙහි ඇත්තේ සිතුවිල්ලක් පමණයි.
එසේ නම් ඔබ ඔතන නෑ. ඔබ වෙන තැනකත් නෑ. ඔබ ඒ අතරත් නෑ.