අභිධර්ම සංගමය.

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මම වැඩිපුරම බන අහන්න කැමති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ගේ දර්ම දේශනා. මචන් මම හරි
    පාරේද ඉන්නේ :confused::confused: .

    බාවනාව සම්බන්ද ගැටළුවකුත් තියෙනවා. මට හරියට භාවනා කරනකොටා ඉදගන්න විදිය ,
    අත තියාගන්න විදිය. step by step කියලා දෙන්න. (image or video or anything)

    මම රේනුකානේ චන්ද්‍රවිමල හිමිගේ "විදර්ශනා භාවනා ක්‍රමය" පොත කියවන්න ගත්තා. බාවනා කරන්න
    ආදුනිකයෙක්ට හොද බෞද්ධ පොත් /source recommend කරන්න පුළුවන් නම් ගොඩක් පින් :love:
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    l1gEAwx.gif
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මම වැඩිපුරම බන අහන්න කැමති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ගේ දර්ම දේශනා. මචන් මම හරි
    පාරේද ඉන්නේ :confused::confused: .

    බාවනාව සම්බන්ද ගැටළුවකුත් තියෙනවා. මට හරියට භාවනා කරනකොටා ඉදගන්න විදිය ,
    අත තියාගන්න විදිය. step by step කියලා දෙන්න. (image or video or anything)

    මම රේනුකානේ චන්ද්‍රවිමල හිමිගේ "විදර්ශනා භාවනා ක්‍රමය" පොත කියවන්න ගත්තා. බාවනා කරන්න
    ආදුනිකයෙක්ට හොද බෞද්ධ පොත් /source recommend කරන්න පුළුවන් නම් ගොඩක් පින් :love:


    බුදුදහම ගැන මුලික දැනුම ගනින් බනත් අහන අතරේ.බෞද්ධයාගේ අත්පොතවගේ දෙයක් කියවපන්.ඊටපස්සේ අභිධර්මයේ මුලික කරුනු. බුදුදහමේ පෙන්වාදෙනදේ( පලමුවන සත්‍ය,2 වන සත්‍ය ),ඒකට අනුගමනය කරන වැඩපිලිවෙල(4 වැනි සත්‍ය ), ගමනාන්තය( තුන්වැනි සත්‍ය ). එහි කියැවෙන අනිකුත් ඉගැන්වීම් තරමක් ගැබුරට ඉගනගනින්.දන්න කෙනෙක් එක්ක ඩිස්කස් කරපන්.එතකොට තමුන් යන්නේන්හරිමගද, අහන්නේ හරිමගයන දේශනාවන්ද කියලා උබටම දැනගන්න පුලුවන්.

    සප්ත විශුද්ධිය සම්පාදනය කර ,නිවනට ලන්වන ක්‍රමය ගැන ඔය පොතේ කියනවා.උබ භාවනා කරනවනම් භාවනා කම්මට්ඨානාචාර්ය කෙනෙක් ය්ටතේ කරන්න පුලුවන්නම් හොදයි.

    සමථ , විපස්සනා ක්‍රමය හොදයි කියලා මම පවුද්ගලිකව හිතනවා.ශුශ්ක විපස්සනාවාටවඩා සමධිගත සිතකට විපස්සනාව දෙන්න වඩාත් ලේසියි.

    සතිපට්ඨාන භාවනා ගැනත් හොයලා බලපන්.ඒක ඒක තමයි, බුදුරජුන් වදාල වදාරල තියන මාර්ගය.
    ඒගැන කිරිබත්ගොඩ හාමදුරුවන්ගේ 'ඒ අමා නිවන දුර නොවේ', ගලිගමුවේ හාමුදුරුවන්ගේත් පොතක් තියනවා.ඉන්ටර්නෙට් එකෙත් දේශනා තියනවා.උඩුදුම්බර හාමුදුරුවන්ගේ එහෙම.ඒවා බලපන්, ප්‍රශ්නන්තියනවානම් දාපන්.පුලුවන් ඒවාට උත්තර හොයල හරිදෙන්නම්.





     
    Last edited:
    • Like
    Reactions: Hashcode

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අභිධර්මය කෙසේ වෙතත්, නැවත ඉපදීමක් නැතැයි කියමින් දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨියට බැහැගෙන නොමිලේම අපායට යන්න ඉන්න පිරිසක් ඉන්නවා කියලා නම් හොඳට පේනවා:

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476
    113
    පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
    පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
    පූජ්‍ය මිමුරෙ ධම්මවන්ස හිමි
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි
    සිරි සමන්තභද්‍ර හිමි

    අයගෙ දෙශණා හොදයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
    පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
    පූජ්‍ය මිමුරෙ ධම්මවන්ස හිමි
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි
    සිරි සමන්තභද්‍ර හිමි

    අයගෙ දෙශණා හොදයි
    :yes::yes::yes:මාත් අහන්න ඔය උත්තමයන්ගේ දේශනා
    11.gif
    4.gif
     
    • Like
    Reactions: Bekam

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙතන පුලුවන්නම් කාටවත් මඩ ගගහ ඉන්නේ නැතුව අභි දර්මය කතා කරන්න .කොයි තරම් රසවත් හරවත් ටොපික් තියනවද ?දන්න කෙනෙක් එහෙම එකක් ගැන විස්තරයක් දාන්නකෝ .අභිදර්මයේ සිත් 89 ක් තියනවලු ඕවා හරි දාන්නකෝ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ආත්මේ මදි වෙයි කෙටි සටහන් ගහන්න :cool:

    :D නෑ එහෙම නෑ දැනට චිත්ත චෛතසික දෙකම ඉවරයි :yes: දැන් යන්නෙ චෛතසික සම්ප්‍රයෝග :yes: සිත් බෙදෙන හැටි හොයාගන්න ලේසි වෙන්න තඩි රුක් සටහනකුත් හැදුව :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :D නෑ එහෙම නෑ දැනට චිත්ත චෛතසික දෙකම ඉවරයි :yes: දැන් යන්නෙ චෛතසික සම්ප්‍රයෝග :yes: සිත් බෙදෙන හැටි හොයාගන්න ලේසි වෙන්න තඩි රුක් සටහනකුත් හැදුව :baffled:
    ඔය යන විදියට දාතු වෙන් වෙන හැටි ක්ෂණ බලන ඒවත් කරන්න ට්‍රයි එකක් දායි වගේ :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය යන විදියට දාතු වෙන් වෙන හැටි ක්ෂණ බලන ඒවත් කරන්න ට්‍රයි එකක් දායි වගේ :D

    :yes: මං හිතං ඉන්නෙ චෛතසික චාට් එකක් වෙනම ගහල චෛතසික ඇතිවෙන සිත් වලට යා කරන්න :baffled: එතකොට හොයාගන්න ලේසියි :D
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    මොකද මේ ත්‍රේඩ් එකට උනේ ?

    මම මේ ත්‍රේඩ් එකේ මුල පිටු 10 විතර කියවලා (ජංගමේ) අන්තිම 10 කියවන්න එද්දි ත්‍රේඩ් එක එහෙමම වෙනස් වෙලා. එක එකා පස්සේ යන්නෙ නැතිව අයේත් මතෘකාවට ගියා නම් හරි.GTRZ ගොයියාට බැරිද අහවලාව මෙකෙන් බෑන් කරලා දාන්න?

    මෙහෙම අභිධර්මය කතා කරන එක බොහොම වටිනවා. බුද්ධ ධර්මය ඉතුරු වෙලා තියනවා කියන්නේ මෙහෙම එවා වෙන නිසා තමයි. කවදා හරි ධර්ම සකච්ඡා නෑසෙනදාට බුද්ධ ධර්මය අතුරුදහන් වෙලා යනවා.

    හැබැයි අපි හැමොම එක දෙයක් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනේ. ඒ තමා නිවන් දැකිම. මේ ඉගෙනගැනිම් වල අවසාන බලාපොරොත්තුවවෙන්න ඕනේ දැනුම නෙමේ නිවන. මම දැන් අභිධර්මය දන්නවාය කියන දෘෂ්ඨියෙන් මිදෙන්නත් ඔනේ. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ගැන දැනගෙන එවා පුලු පුලුවන් විදියට අනුගමනය කරන්න ඔනේ. අභිධර්මය ටිකක් ඉගෙන ගද්දී අපිට තෙරෙනෙවා දැනෙනවා බුද්ධ ධර්මය කොච්චර අසිරිමත්ද, මේ දේවල් කොච්චර ඇත්තද කියලා. ඒ ආනුභාවයෙන් අපිට බුදුන්වහන්සේ ගැන හා ධර්මය ගැන ආකාරවතී ශ්‍රද්ධාවක් පහල වෙනවා. එ වෙලාවට අපි හිතන්න ඔනේ උන්වහන්සේ මේ සංකිර්ණ අචින්ත කරණා ඔක්කොම දැනගෙන අපිට වදාළේ ආර්‍ය අෂ්ඨාංගීක මාර්ගයේ යන්න කියලා විතරයි. ඉතින් ඒ මහා ප්‍රඥාවන්තයානන් වහන්සේ කියපු දේ කරන්න අපි දැඩිව ඉටා ගන්න ඔනේ. අපිට සමහර එවා නොතෙරෙන්න පුලුවන්. එත් අපිට අවබොධ උනු ධර්ම කරණා ප්‍රතික්ශේප වෙන්නෙ නැත්තන් ඒක බොරුවක් කියලා කියන්න බෑ. උදාහරණයක් විදියට ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහින් නිවන් දකින්නේ කොහොමද කියලා අපි දන්නේ නැතිවෙන්න පුලුවන්. එත් අපි එක පිලිපදින්න ඕනේ. දොස්තරව විශ්වාස නම් බොන්න කලින් බෙහෙත් ගැන අපි පරික්ෂණ වර්තා ඉල්ලන්නෙ නැනේ.

    තරහා නොගැනිමෙන් හෝ බොරු නොකිමෙන් අපිට පටන් ගන්න පුලුවන්. ඒ එන පරිචය ඉදිරියට හරියට වටිනවා මම හිතන්නේ.

    අවසාන වශයෙන් භාහිය දරුස්චීරිය නිවන් දැකපු විදියෙන් මම මේක අවසන් කරන්නම්. මොකද එකේ මුලු නිවන් මාර්ගයම සරල(?) ගාථාවක තියෙනවා.

    දැකිමෙහි ඇත්තේ දැකිමක් පමණයි
    ඇසිමෙහි ඇත්තේ ඇසිමක් පමණයි
    දැනිමෙහි ඇත්තේ දැනිමක් පමණයි
    සිතිමෙහි ඇත්තේ සිතුවිල්ලක් පමණයි.
    එසේ නම් ඔබ ඔතන නෑ. ඔබ වෙන තැනකත් නෑ. ඔබ ඒ අතරත් නෑ.
     
    • Like
    Reactions: mmaxx