මම වැඩිපුරම බන අහන්න කැමති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ගේ දර්ම දේශනා. මචන් මම හරි
පාරේද ඉන්නේ.
බාවනාව සම්බන්ද ගැටළුවකුත් තියෙනවා. මට හරියට භාවනා කරනකොටා ඉදගන්න විදිය ,
අත තියාගන්න විදිය. step by step කියලා දෙන්න. (image or video or anything)
මම රේනුකානේ චන්ද්‍රවිමල හිමිගේ "විදර්ශනා භාවනා ක්‍රමය" පොත කියවන්න ගත්තා. බාවනා කරන්න
ආදුනිකයෙක්ට හොද බෞද්ධ පොත් /source recommend කරන්න පුළුවන් නම් ගොඩක් පින්
නෑ එහෙම නෑ දැනට චිත්ත චෛතසික දෙකම ඉවරයි
දැන් යන්නෙ චෛතසික සම්ප්‍රයෝග
සිත් බෙදෙන හැටි හොයාගන්න ලේසි වෙන්න තඩි රුක් සටහනකුත් හැදුව
![]()

මාත් මුලින්ම notes ලිය ලිය තමයි අභිධර්මය ඉගෙනගත්තෙ. තාම මම ඒ notes බලනව හිටපුගමන් මතක් කරගන්න.

මම මේක ලොකු කරල print කරල, laminate කරල, කාමරේ එල්ලල තියෙන්නෙ බුදුපිලිමේ ගාවින්.මම මේ ත්‍රේඩ් එකේ මුල පිටු 10 විතර කියවලා (ජංගමේ) අන්තිම 10 කියවන්න එද්දි ත්‍රේඩ් එක එහෙමම වෙනස් වෙලා. එක එකා පස්සේ යන්නෙ නැතිව අයේත් මතෘකාවට ගියා නම් හරි.GTRZ ගොයියාට බැරිද අහවලාව මෙකෙන් බෑන් කරලා දාන්න?
මේ වගේ වටිනා ත්‍රෙඩ් විනාශ කරල තමයි ඔවුන් තමන්ගෙ පෞද්ගලික කෝන්තර පිරිමහගන්න හදන්නෙමේ වගේ වටිනා ත්‍රෙඩ් විනාශ කරල තමයි ඔවුන් තමන්ගෙ පෞද්ගලික කෝන්තර පිරිමහගන්න හදන්නෙ

කවුරු හරි පරමාර්ථ හිනාර්ථ විස්තර කරන්න පුලුවන්ද.. හිනාර්ථ තව දුරටත් වෙන කරන ගිහාම පරමාර්ථ ද මතු වෙන්නේ .... පොඩ්ඩක් විස්තරාත්මකව කියන්න පුලුවන්ද ? බොහොම ස්තුතියි ...![]()
මම කලින් ශුද්ධාෂ්ටක(ශුද්ධ වූ 8) ගැන කිව්වනෙ. මේ විශ්වයේ තියන භෞතික ඔක්කොම හැදිලා තියෙන්නෙ ශුද්ධාෂ්ටක වලින්. හැබැයි ජීවින් තුල 8කට වැඩිය තියනව. ඒක පස්සේ කතා කරමු. ඊට කලින් අපේ මේ ඇස පනාපිට තියන දේවල් ගැන කතා කරමුකෝ.
අපි එක එක දේවල් වලට නම් දීල ඒවාට ඇලුම් කරනවානේ. මුළු ජිවිතයම iphone වෙච්ච අයත් ඔය මේ එලකිරියේත් ඉන්නෙ.(hint ගැසීමක් නොවේ). දැන් කියමුකෝ, කෙල්ල ඔය iphone එකට කතා කරලා boot එකක් තිබ්බ කියල.(මේ දවස් වල එළකිරියේ මේකත් සෑහෙන්න වෙනව.) ඔන්න ඉතින් යකා නැගල, අර පණ වගේ තියන් හිටපු iphone එක පොලවේ ගහල, මිටියකිනුත් ගහනව. iphone දැන් කුඩුphone. දැන් අඩ අඩ කෑලි අහුලනව.
සද්දෙ ඇහිලා අම්ම ඇවිත් බලන කොට, මිනිහ අතේ circuit කෑලි. අම්ම අහනවා "ඔය මොකද්ද ඔය අතේ," කියල. දැන් අර circuit කෑල්ලට iphone කියන්න බෑනෙ. ඇඳ යට තියන ඉරි තලපු screen එකටත් iphone එක කියන්න බෑනෙ. කෑලි ඔක්කොම එකට ගත්තත් iphone කියන්න බෑනෙ.
එතකොට අර පණ වගේ ආදරේ කරපු iphone එකට මොකද උනේ? කෑලි වලට කැඩුනම iphone කියල එකක් නැති උනානම්. ඇත්තටම iphone කියල එකක් ඒක කුඩු වෙන්න කලිනුත් තිබ්බද?
මේක තමයි, අපි ඇලුම් කරන, වෛර කරන හැමදේකම වගේ සත්‍ය ස්වභාව. ඒවා කොටස් වලට වෙන් කලාම, කලින් නමක් දීල සම්මුතියක් කරගෙන තිබ්බ ස්වභාවය නැති වෙනව. මිනිහෙක් උනත්, ඇට, මස් නහර වෙන කරලා ඒක ගොඩක් ගැහුවොත්, ඒකට මිනිහෙක් කියන්නෙ නෑනෙ.
එතකොට හිතෙනවනෙ, එහෙනම් ඇත්තටම මේ විශ්වයේ තියන දෙයක් නැද්ද? තව දුරටත් බෙදා වෙන් කල නොහැකි දේවල් නැද්ද?
තියෙනවා. ඒවාට කියන්නෙ පරමාර්ථ ධර්ම.
බුදු හාමුදුරුවො, මේ විශ්වයේ තියන, තවත් වෙන් කල නොහැකි, සත්‍ය වශයෙන්ම පවතින පරමාර්ථ ධර්ම 82ක් ගැන දේශනා කරලා තියනව. අන්න ඒ 82 ගැන හැදෑරීම තමයි අභිධර්මය කියල කියන්නෙ.
(ශුද්ධෂ්ටකයේ තියන 8ත්, ඔය 82ට අයිතියි.)

එතකොට බුදු හමුදුරුවො යමා මහා පෙලහර පෑවෙ කොහොමද. එතන energy creation එකක් උනා නෙද. මම අදහස් කරෙ නෑ නිවන් දකපුවම energy eka destroy වෙල මෑරෙනවා කියලා. නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence.

මේක ගැන මම දන්න තරමින් පොඩියට කියන්නම්. උබ අභිධර්මය ටිකක් හදාරල තියනව නම් තේරෙයි. මේ විශ්වයෙ පරමාර්ථ ධර්ම කියල කොටසක් තියනව. ඒ ටික ඇරැනම තියන ඔක්කොම සම්මුති ධර්ම. සම්මුති ධර්ම කියන්නෙ ඔය අපිට පේන අපි නම් කරන දේවල්. උදා - පුටුව, මේසය ,ලයිට් එක ,බල්ලා, පූසා, මිනිසා... ඔක්කොම.
පරමාර්ථ ධර්ම වලින් තමයි මේ ඔක්කොම සම්මුති ධර්ම හැදිල තියෙන්නෙ.
ඉතිං මේ පරමාර්ථ ධර්ම වල රෑප ගණයට වැටෙන කොටසක් තියනව. මෙන්න මේ රෑප ගණයට වැටෙන කොටසින් තමයි මේ විශ්වයෙ තියන සියලූම රෑප නිර්මාණය වෙන්නෙ. ඒ වගේම මේ විශ්වයෙ අන්ශු මාතිුක තැනක් ගත්තොත් අඩු වැඩි වශයෙන් මේ රෑප පරමාර්ඨ ධර්මයන් සියල්ලම අඩංගු වෙනව. මේ රෑප ධර්ම රෑප නිර්මාණය කිරීම යම් වෙලාවක නැවැත්තුවොත් ඒ මෙහොතෙම මේ විශ්වය අතුරැ දහන් වෙලා යනව
යමා මහ පෙලහරට කලියෙන් කසින භාවනා කියන්න මොනවද කියල දැනගෙන ඉන්න වෙනව. මොකද කසින භාවනාවෙන් තමයි යමා මහ පොලහර පාන්නෙ.
කසින භාවනා වර්ග කීපයක්ම තියනව. අපි යමා මහ පෙලහර ගැන කථා කරන නිසා ආපෝ කසිනය හා තේජෝ කසිනය ගමු. කසින භාවනාවකින් කරන්නෙ අදාල තත්වය ගැන වැඩි වශයෙන් අවධානය යොමු කිරිම. උදා - විධියට තේජෝ කසිනය නම් උශ්ණය ගැන මෙනෙහි කරන එක. මේ විධියට ඒ දේ ගැන මෙනෙහි කරද්දී ඒ දේ පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනව. ඒ කියන්නෙ යම්තැනක තේජෝ දාතුව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනව. මේක වෙන්නෙ මම කළින් සදහන් කල රෑප ධර්ම හැම තැනකම තියන නිසා (පොඩ්ඩක් මැජික් වගේ නම් ඒ කියන්නෙ උඔ තව ගොඩක් අභිධර්මය අ්‍ධ්‍යයනය කරන්න ඕන කියන එකයි) මේ පාලන හැකියාව තේජෝ කසිනය වැඩීමේ ප්‍රමාණය මත තීරණය වෙනව. මෙන්න මේ නිසා තමයි තේජෝ කසිනය වඩන කෙනාට ගින්දර මවන්න පුළුවන් කියන්නෙ.
මේ වගේම තමයි ආපෝ කසිනයත්. එයාට වතුර මවන්න පුළුවන්.
යමා මහ පෙලහර කියන්නෙ එකම වෙලාවෙ තම ශරීරයෙන් ගින්දර හා ජලය පිට කිරීමයි.
ඉතිං ඊලග ප්‍රශ්නෙ ඇයි මේක බුදු රජානන් වහන්‍ෙසේ නමකට විතරක් කරන්න පුලුවන් කියන්නෙ? කසින භාවනා ඕනම කෙනෙකුට කරන්න පුලුවන් නෙහ්...?
හේතුව මේකයි. කිසිදු සිතකට එක වෙලාවක අරමුණු දෙකක් ගන්න බැහැ. එක වෙලාවක එකයි. මේක බුදු රජාණන් වහන්සේටත් පොදුයි. හැබැයි අනන්ත වශයෙන් සිත දියුණු කරපු උන් වහන්සේට එක ලග සිත් දෙකක් අන්ත දෙකක පවත්වන්න පුළුවන්. ඒ කියන්නෙ එක සිතක් තේජෝ කසිනයෙ තියල දෙවන සිත ආපෝ කසිනයෙ තියන්න පුළුවන්. ආයිමත් තුන්වන සිත තේජෝ කසිනයෙ තියන්න පුළුවන්. මෙන්න මේ හැකියාව තියෙන්නෙ බුදු රජාණන් නමකට විතරයි.
එතකොට එකම වෙලාවෙ තමන් වහන්සේගෙ ශරීරයෙන් ගින්දරත් ජලයත් පිට වෙනව වගේ පේන්නෙ මෙන්න මේ නිසයි. (අර නැමෙන අඩි රෑලක් එක පැත්තකට නමල අතෑරියම හැම තැනම තියනව වගේ පේන්නෙ. අන්න ඒ වගේ දෙයක් වෙන්නෙ)
ඔය මට පුළුවන් විධියට කිව්වෙ. මං හිතනව තේරැණා කියල..
පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
පූජ්‍ය මිමුරෙ ධම්මවන්ස හිමි
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි
සිරි සමන්තභද්‍ර හිමි
අයගෙ දෙශණා හොදයි

මෙවැනි හරවත් ධර්ම සාකච්ඡා වලට දිගින් දිගටම බාධා කරමින් ඉතා පහත් අයුරින් හැසිරෙන පුද්ගලයින් ගැන ඇඩ්මින්ලාව දැනුවත් කිරීමට සියලුදෙනා කටයුතු කරන්න.