it's not even the 660cc car it has a 1200cc engine and still boring. this is how the 660cc one is boring even more

වැගන් ආර් ගැන ලුණු ඇඹුල් ඇතිව.
ඤාති සහෝ කෙනෙක් එකක් ගත්තා. වාහනේ කීප සැරයක්ම මම drive කලා. කොටිම්ම කිව්වොත් අහවල්ගම drive කරන් ගියෙත් මමම තමා. දැනට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
වාහනයක් ඉස්සර කර ගන්න වගේ ඕන නම් ඉස්සර වාහනේට කන පැලෙනකන් හරි හෝන් කරල ඌව පාරෙන් අයින් කර ගන්න. හුලං හමන තැන්වල වාහනේ නතර කරල තියන්න එපා. නවත්තනවනම් කඹ දාල බැදල තියන්න. 18 වංගුව වගේ පාරවල් වල ගමනක් යනවනම් වමනෙ දාන්න ෂොපින් බෑග් වැඩිපුර අරන් යන්න. psi 40ට හුලං ගහන්න කියල දොරේ ගහල තියනව.(දොරේ ගහල තිබ්බේ පැස්කල් වලින් convert කරාම ඔය ගාන එනවා). මාත් ඉතින් හෙන පොර වගේ කිව්ව manufacture කියල තියන එකනේ බයනැතුව ගහපන් කියල
. ඉතින් 40 ක් ගැහුවා. පාරට දැම්ම විතරයි කාපුව කටිනුයි අනිත් කොනිනුයි දෙකෙන්ම ගියා
සෙම, පීනස වගේ තියන අයව දාගෙන හයිවේ එකේ 70 පන්නන්න තියා හිතන්නවත් එපා. කන අගුල් වැටෙනවා හුලං සද්දෙට.(ගිණිපෙට්ටිවලින් aerodynamics බලාපොරොත්තු වෙන්න බැරි බව මම පිලිගන්නවා)
ආ තව දෙයක් accelerator එක දුන්නට නිකන් රේස් වෙනව විතරයි . ඔහොම තත්පරයක් විතර රේස් වෙලා එක පාරටම low ගියර් එකකට වැටිල වාහනේ ගිරිය කඩාගෙන රේස් වීගෙන පිකප් වෙනවා. මල විලි ලැජ්ජාවයි වාහනයක් overtake කරගන්න බෑ overtake කරොත් ඒකෙ යන එකා පාස් වෙද්දි ඌ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා මොන ලී මොලක්ද මේ ඇයි මේ ප*යගෙ මොලේ අවුල් වෙලාද එකසිය ගානට වාහනේ රේස් කරන්නෙ කියලා.
![]()
පස්සෙ විලි ලැජ්ජාවෙන් බේරෙන්න ටිකක් දුර තියල speed එක ගේන් කරගෙන ඕවර්ටේක් කරන වාහනෙ driving seat එක හරියට එද්දි accelerator එක ටිකක් අතාන්න පුරුදු උනා.විශේෂෙන්ම කියන්න ඕන ඉස්සරහ වාහන එද්දි quick overtaking manure එකක් වගේ කරන්න අදහසක් තියනවනම් අඩුම තරමෙ කිට්ටුව hospital එකක්වත් තියනවද කියල දැනගෙන විතරක් කරන්න
(i apologise from car people for using idiotic terms like රේස් කිරීම, හුලං සද්දෙi wanted everybody to understand what i said.)
Last edited:
.(දොරේ ගහල තිබ්බේ පැස්කල් වලින් convert කරාම ඔය ගාන එනවා). මාත් ඉතින් හෙන පොර වගේ කිව්ව manufacture කියල තියන එකනේ බයනැතුව ගහපන් කියල
. ඉතින් 40 ක් ගැහුවා. පාරට දැම්ම විතරයි කාපුව කටිනුයි අනිත් කොනිනුයි දෙකෙන්ම ගියා
