~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හසරැලි කෝල මුවමතින් පිපුනා කිංකිණි නාද දී
    නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ
    මුවරද රේණු රොන් පිරී උතුරා සුවඳට හාදු දී
    පුපුදයි ජීවිතේ කැකුළකි ආදරේ ........
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හසරැලි කෝල මුවමතින් පිපුනා කිංකිණි නාද දී නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ මුවරද රේණු රොන් පිරී උතුරා සුවඳට හාදු දී පුපුදයි ජීවිතේ කැකුළකි ආදරේ ........

    :P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මලකුත් තිබුණා හැඟුමන් හංගා
    එය හඳුනාගත් බඹරෙකු රිංගා
    වෑකුල උයනේ.. දෝරගුළු බින්දා
    පෙම රසයි.. රසයි.. රහසින් හන්දා.. 💕

    නෑඹුල් නුනූ එනමුදු නුහුරු වත අමයුරු ...
    මනදොළ පිරුණු නුරසර මුසුවූ ගීයකි මියුරු ...
    නිසලුම් බිඳලූ හදවත් එකලු ප්‍රේමය සොඳුරු..
    දසතේ පවුරු .. රහසින් හන්දා..

    සසරක යන වග දැන ගත යුතු මග කොතනද ඉම...
    දැනුනත් නොදැනී.. හැඟුනත් නොහැගී.. ඉමු අපි අදවී..
    සෙනෙහෙන් ඉපිළී හැඟුමන් ඉතිරී ප්‍රේමය රසවූ.. දසතේ පවුරූ.. රහසින් හන්දා..

    මලකුත් තිබුණා හැඟුමන් හංගා
    එය හඳුනාගත් බඹරෙකු රිංගා
    වෑකුල උයනේ.. දෝරගුළු බින්දා
    පෙම රසයි.. රසයි.. රහසින් හන්දා.. ❤❤❤❤ 💖
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වසන්නයේ මල් පිපිලා
    හදවතේ පතුලින් ආ
    සුවඳක් වෙලා විසිරීලා

    මං ආදරෙයි නුඹට මගේ ආදරී
    එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
    අපගේ හදේ තිබු ආදරේ
    තාමත් තියේ

    නිරන්තරේ මා හා ළඟින්
    සිව් මංසලේ ගිය මාවතේ
    සිටියා ළඟින් දෑතේ වෙලී
    සුවඳක් වුණා වෙලිලා පෙමින්

    මං ආදරෙයි නුඹට මගේ ආදරී
    එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
    අපගේ හදේ තිබු ආදරේ
    තාමත් තියේ

    මං ආදරෙයි නුඹට මගේ ආදරී
    එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
    සුන්දර ආදරේ අපි ගයමු
    ලොවටම කියමු
    ඔබෙ ආදරේ සදහට මාගෙයි
    මෙතුවක් භවේ