අභිධර්ම සංගමය.

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මට මේ දර්ම කරුණ හොයලා දෙන්න.

    අනන සුඛ

    මේ මොකක්ද මචන්. පොඩි කාලේ බණකට ඇහිලා තියෙනවා. නය නොවීම පිළිබද ඇතිවෙන සතුට
    වගේ තේරුමක් තියෙන්නේ.:confused:(not sure)
    මේ සම්බන්ද දර්ම දේශනයක් හොයලා දෙන්න පුළුවන් නම් ගොඩාක් පින්..
    බැරි නම් දන්නා කෙනෙක් පැහැදිලි කරන්න​
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    අනන සුඛය කියන්නෙ ණය නොවීම තමයි.හැබැයි මෙතනදි කියන්නෙ මුදල් වලින් වෙන නය ගැන පමනක් නෙවෙයි.ණය වීම පුලුල් පරාසයකට අයිති දෙයක්.අපි දෙමව්පියන්ට නයයි. ගුරුවර වැඩිහිටියන්ට සහෝදර සහෝදරයින්ට යාලුවන්ට නෑදෑයන්ට මේ සියලු දෙනාට අපි නයයි.ඒ ඔවුන් අපි වෙනුවෙන් කැපවීම් උදව් පදව් කරල තියෙන නිසා.මේ අය ජීවතුන් අතර ඉන්නවනම් අපි ඒ අයට ප්‍රතිඋපකාර කරල නය ගෙවන්න ඕනෙ.ධර්මය තුලින් නිවන් මගට යොමු කරන එක තමයි නය ගෙවන්න තියෙන හොඳම ක්‍රමය.ජීවත් වෙලා ඉන්න අයට අපිට මේ විදියට නය ගෙවන්න පුලුවන් උනත් ජීවතුන් අතර නැති අයට අපිට මෙහෙම උදව් උපකාර කරල නය ගෙවන්න බෑ.අතීත සංසාරයෙ දෙමව්පියන් වූ ඥාතීන් වූ, ස්වාමි භාර්‍යාවන් වූ, හිත මිත්‍රයන් වූ, සහෝදර සහෝදරියන් වූ සිය දහස් ගනනක් දෙනා හට අපි නය වෙලා ඇති.ඒ අයට වෙලා තියෙන නය ගෙවන්න නම් අපිට කල හැකි එකම දෙය අප විසින් කල පින් ඔවුන්ට අනුමෝදන් කිරීම.

    පැරණි නය ගෙවනව වගේම අපි අලුතින් නය නොවී ඉන්නත් වගබලාගත යුතුයි.අපි කරන ක්‍රියාවන් තුලින්, කතාකරන වචන වලින් මෙන්ම සිතන සිතුවිලි වලින් පවා අපි අනුන්ට ණය විය හැකියි.අපි කතාකරන වචනයක් නිසා යමෙකුගේ සිත රිදුනොත් එතැනත් සිදුවෙන්නෙ ණයවීමක්.ඒ නය අපිට නැවතත් කවදහරි ගෙවන්න වෙනව.ඒ නිසා අපි කරන කියන සිතන සියලු දේහිදී අලුතින් නය නොවීමටත් වගබලාගත යුතුයි.
     
    • Like
    Reactions: Hashcode

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොහොමද බුද්ධගෝශයයි අනිත් සෙට් එකයි දීල තියෙන ගේම. දැන්වත් බුද්ධගෝෂ උන්නැහැගේ පොත් සෙට් එක අපේ පිරිවෙන් වලින් ඉවත් කලානම්...

    සතර පෙරනිමිති ඇතුළු ගොඩක් දේවල් වලටත් ඔය වගේම ගේම තමයි දීල තියෙන්නේ.

    24174249_160477984699488_4847493744508077401_n.jpg
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    අභිධර්මය ගැන මගේ දැනුම සීමිතයි. බලන්න පටන්ගත්ත ළඟදී.
    පොඩි question එකක් ආවා.
    හිතමු කකුලේ යමක් හැප්පුන කියල. එතකොට් කකුලේ සමේ තියන ප්‍රසාද රූප වල හිතක් හටගන්නවනේ. එතකොට නේ අපිට දැනෙන්න පටන් ගන්නේ. මම සරලව අදහස කියපු දේ වැරිදි තියනවනම්, නිවැරිදි කරන්න.
    දැන් හිතමු accident එකක් වෙලා කකුලට යන nerve එක කැඩුන කියල. එතකොට කකුලේ යමක් හැප්පුන කියල අපිට දැනෙන්නේ නෑ.
    මේක හරිද වැරදිද මං දන්නෙ නැ. ඉස්කෝලේ ඉගෙනගත්තේ එහෙම.
    මේ අවස්ථාවේදී ඒ කකුලේ සමේ තියන ප්‍රසාද රූප වල හිතක් හටගන්නේ නැතිව ඇති.
    Nerve එකත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද? :baffled:

    Thank you!
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අනන සුඛය කියන්නෙ ණය නොවීම තමයි.හැබැයි මෙතනදි කියන්නෙ මුදල් වලින් වෙන නය ගැන පමනක් නෙවෙයි.ණය වීම පුලුල් පරාසයකට අයිති දෙයක්.අපි දෙමව්පියන්ට නයයි. ගුරුවර වැඩිහිටියන්ට සහෝදර සහෝදරයින්ට යාලුවන්ට නෑදෑයන්ට මේ සියලු දෙනාට අපි නයයි.ඒ ඔවුන් අපි වෙනුවෙන් කැපවීම් උදව් පදව් කරල තියෙන නිසා.මේ අය ජීවතුන් අතර ඉන්නවනම් අපි ඒ අයට ප්‍රතිඋපකාර කරල නය ගෙවන්න ඕනෙ.ධර්මය තුලින් නිවන් මගට යොමු කරන එක තමයි නය ගෙවන්න තියෙන හොඳම ක්‍රමය.ජීවත් වෙලා ඉන්න අයට අපිට මේ විදියට නය ගෙවන්න පුලුවන් උනත් ජීවතුන් අතර නැති අයට අපිට මෙහෙම උදව් උපකාර කරල නය ගෙවන්න බෑ.අතීත සංසාරයෙ දෙමව්පියන් වූ ඥාතීන් වූ, ස්වාමි භාර්‍යාවන් වූ, හිත මිත්‍රයන් වූ, සහෝදර සහෝදරියන් වූ සිය දහස් ගනනක් දෙනා හට අපි නය වෙලා ඇති.ඒ අයට වෙලා තියෙන නය ගෙවන්න නම් අපිට කල හැකි එකම දෙය අප විසින් කල පින් ඔවුන්ට අනුමෝදන් කිරීම.

    පැරණි නය ගෙවනව වගේම අපි අලුතින් නය නොවී ඉන්නත් වගබලාගත යුතුයි.අපි කරන ක්‍රියාවන් තුලින්, කතාකරන වචන වලින් මෙන්ම සිතන සිතුවිලි වලින් පවා අපි අනුන්ට ණය විය හැකියි.අපි කතාකරන වචනයක් නිසා යමෙකුගේ සිත රිදුනොත් එතැනත් සිදුවෙන්නෙ ණයවීමක්.ඒ නය අපිට නැවතත් කවදහරි ගෙවන්න වෙනව.ඒ නිසා අපි කරන කියන සිතන සියලු දේහිදී අලුතින් නය නොවීමටත් වගබලාගත යුතුයි.

    මම හිතන් හිටියේ financial freedom (වියදම < ආදායම) තියෙනකොට හිතට දැනෙන සතුට කියලා.
    දැන් තමයි ඉණ සුත්‍රය ගැන දැනගත්තේ. තෙරුවන් සරණයි
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම හිතන් හිටියේ financial freedom (වියදම < ආදායම) තියෙනකොට හිතට දැනෙන සතුට කියලා.
    දැන් තමයි ඉණ සුත්‍රය ගැන දැනගත්තේ. තෙරුවන් සරණයි

    මීටත් අමතරව තව බොහෝ ආකාරයට අපි නය වෙනව. අපේ නරක සිතිවිලි නිසා ස්වභාවධර්මයට කලු කිරන ශක්තියක් නිකුත් වෙනව.ඒ නිසා පටවි ආපෝ තේජෝ වායෝ මහාභූත කිළිටි වෙලා අපි ස්වභාව ධර්මයටත් නය වෙනව.ස්වභාවධර්මය විශම තත්වයට පත්වෙන්නෙ බොහෝවිට මනුශ්‍යයින්ගේ පාපකාරී සිතිවිලි ක්‍රියා නිසා නිකුත් වන කලු කිරණ වලින්.අපි අපේ සිත පිරිසිදු කරගන්න තරමට විශ්වයට සුදු කිරන නිකුත් වෙලා සතර මහා භූත පිරිසිදු වෙනව.එතකොට නය වීමක් වෙන්නෙ නෑ.

    අතීත සංසාරයෙදි අපි අතින් අනන්තව සත්වයින් මරනයට පත්වෙලා තියෙනව.ඊට අමතරව සත්වයින්ට විවිධ හින්සා ආදිය කරපු වාර ගනනත් ගනන් කල නොහැකියි.මේ හැමදේකින්ම අපි එම සත්වයින්ට නය වෙලා තියෙනව.ඒ නය වලින් ගෙවපු කොටසක් වගේම නොගෙවපු ඉදිරියෙදි ගෙවන්න වෙන විශාල කොටසකුත් තියෙනව.අපි අතින් එහෙම මරනයට පත්වූ, හින්සාවන්ට ලක්වූ සියලු සත්වයින්ට අපි කළ සියලු පින් දිනපතා අනුමෝදන් කිරීමෙන් අපිට ඒ නය ගනුදෙනු වලින් යම් පමනකට හෝ මිදෙන්න පුලුවන්.

    සංසාර නය ගනුදෙනු වලින් බැඳී ඇති ප්‍රමනය වැඩි වන තරමට නිවන් මග විවෘත වීමත් ප්‍රමාද වෙනව.ඒ නිසා අපි හැකිතරම් නය නොවී ඉන්නත් නය වූ අයට එම නය අපිට හැකි අයුරින් ගෙවා දමන්නත් කටයුතු කළ යුතුයි.
     
    • Like
    Reactions: Ultron

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    exactly.. කරපු වැරැද්ද ගැන තේරුම් ගැනීම නය ගෙවීමෙ එක ක්‍රමයක්. එතකොට අවබෝදයෙන් යුතු කලකිරීමක් එනව. පසුතැවීමක් එනව. ඒක උතුම් දෙයක්. හැබැයි ඒක මම හොරකමක් කරා දැන් අපායෙ යයි කියල හිතන එක නෙමේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    අඩේ ස්කයියා, මචන් ඔන්න ඔය වැඩේ නවත්තපන්.උබට ධර්ම දැනුමත් තියන එකේ කොමෙන්ට් එකක්දාල පොඩ්ඩක් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරල දැනෙන විදියට හිටහන්.අපි මේ ඉන්න ටිකේනේ බන් ඔක්කොම කරන්නෙ මොකටදබන් හැම වෙලාවෙම සීරියස් ඉන්නෙ.වරෙන්කො ඔය ආතල්ගන්න ත්‍රෙඩ් එකකට මොකෙක්ව හරි බයිට්කරල පොසි චෙන්ජ් එකක් ගනින්,අනිත් උන්වත් හිනස්සල.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අභිධර්මය ගැන මගේ දැනුම සීමිතයි. බලන්න පටන්ගත්ත ළඟදී.
    පොඩි question එකක් ආවා.
    හිතමු කකුලේ යමක් හැප්පුන කියල. එතකොට් කකුලේ සමේ තියන ප්‍රසාද රූප වල හිතක් හටගන්නවනේ. එතකොට නේ අපිට දැනෙන්න පටන් ගන්නේ. මම සරලව අදහස කියපු දේ වැරිදි තියනවනම්, නිවැරිදි කරන්න.
    දැන් හිතමු accident එකක් වෙලා කකුලට යන nerve එක කැඩුන කියල. එතකොට කකුලේ යමක් හැප්පුන කියල අපිට දැනෙන්නේ නෑ.
    මේක හරිද වැරදිද මං දන්නෙ නැ. ඉස්කෝලේ ඉගෙනගත්තේ එහෙම.
    මේ අවස්ථාවේදී ඒ කකුලේ සමේ තියන ප්‍රසාද රූප වල හිතක් හටගන්නේ නැතිව ඇති.
    Nerve එකත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද? :baffled:

    Thank you!

    ප්‍රසාද රුපයක සිතක් හටගන්න, ඉස්සෙල්ලම ඒ ප්‍රසාද රූපයෙන්, භවාංග චලනය කියල, signal එකක් දෙනව අපේ විඤ්ඤානයට ඒ ප්‍රසාද රුපයට මොකක් හරි දැනුන, ඇවිත් පරික්ෂා කරල බලන්න කියල. එතකොට තමයි ඒ ප්‍රසාද රුපයේ සිත් හටගෙන, හරියට ඒ සඥාව ගන්නෙ විඤ්ඤානයට. ප්‍රසාද රූප වල සිත හටගන්න, ඒ ප්‍රසාද හරියට, නිරෝගීව තියෙන්න ඕන. ප්‍රසාද දුර්වලනම්, ඒ ප්‍රසාද වල හටගන්න සිතත් දුර්වලයි. මෙතන කකුලේ ස්නායු ආභාදයෙන් වෙන්නෙ, කකුලේ තියන ප්‍රසාද රූප වලට අර මුලින්ම විඤ්ඤානයට දෙන wake up signal එක දීමේ හැකියාව නැති වෙනව. ඒක නිසා එතන සිත් හටගන්නෙ නෑ. ඒක නිසා දැනෙන්නෙ නෑ.
     
    Nice explanation. :)
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    හීනයක් දකිද්දී චිත්තවීති ඔක්කොම යන්නේ නැද්ද? චිත්තක්ෂණයක් complete වෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ එකනේ අනෙකුත් හාමුදුරුවෝ හීනෙකින් මිනියක් මැරුවත් ඒක පාරාජික කලේ නැත්තේ?

    ඔන්න හොඳ ප්‍රශ්නයක්, අල්ලගන්නව නම් අල්ලගන්න ..

    චිත්ත වීති ඒ විදිහටම වෙනව, සංකාරත් කරනව, ජවන් සිත් හරහා කර්මත් හැදෙනව .. හීනෙ ඉන්නකන් උඹ මිනියක් මැරුවාම තමයි .. පවත් මිනියක් මැරුව ගානටම වෙනව ... මොකෝ හීනෙ ඉන්නකන් එතන ඉන්න පුද්ගලයා ඇත්තක්, උඹ හීනෙ ඉන්නකන් හීනෙන් ඇත්ත උනු පුද්ගලයෙක් මැරුව. හැබැයි වැඩේ තියෙන්නෙ උඹ හීනෙන් අවදි උන වෙලාවෙ උඹ දැන ගන්නව සහ තේරුම් ගන්නව ඒක නිකන් හීනයක් විතරයි කියල, උඹ දැනගන්නව හීනෙ හිටියෙ ඇත්ත කෙනෙක් නෙමෙයි තමන්ගෙ හිතින් මවාගත්ත කෙනෙක් කියල. උඹ දැනගන්නව මායාවක් විතරයි ඒක කියල. ඒ ක්ෂණයේදීම ඒ හීනෙට අදාළ පව් සේරම අහෝසි වෙනව .. හීනෙන් පිනක් කලා නම් ඒකත් අහෝසියි ..

    මම නම් කියන්නෙ මේ හීනෙන් අවදි වෙන්න කියල, අවදි උන ගමන් කරපු පව් පින් ඔක්කොම අහෝසියි .. නැවත භවයක් හදන්න කර්ම රැස් වෙන්නෙ නෑ ... භව නිරෝධයි ...

    උඹල හිතනවද එළියේ තියෙනවයි කියල අපිට පේන දේවල් ඇහෙන දේවල්, ස්පර්ශ වෙන දේවල් එහෙම
    ඒ විදිහටම තියෙනවයි කියල? උඹලට හිතෙනවද එළියේ පාට පාට ලෝකයක් තියෙනව කියල? උඹලට හිතෙන්නෙ නැද්ද මේක මේ හිතෙන් මවාගත්ත දෙයක් විතරයි කියල ... මේක හැමෝම වගේ දන්න දෙයක්, ඒත් කව්රුවත් මේක ගැන කල්පනා කරන්න යන්නෙ නෑ ඒකයි අව්ල, කල්පනා කරනකන් තේරුම් යන්නෙත් නෑ ... මේක තේරුම්ගත්ත දවසට උඹල අන්තරීක්ෂ වෙනව .. අන්තරය ක්ෂය කරනව ... එතනින් එහාට උඹ දැනගෙන තමයි හීනෙ බලන්නෙ .. හීනෙ බොරුවක් කියල උඹට හීනෙදීම තේරෙනව, එතනදි පේන ඇහෙන කරන දේවල් බොරුවක් කියලත් ඒ ඒ වෙලාවල් වලදීම අවබෝධයෙන් ඉන්නෙ, ඒක නිසා කර්ම රැස් වෙන්නෙ නෑ .. අපි මේ දකින දේ ඇහෙන දේ, ස්පර්ශය සේරම බොරුවක් කියල තේරුම් ගන්න.

    Last edited:

    Good thinking bro...ඒත් තණ්හාව නැතිකරගන්න ඔය විදිහට හිතල එන අවබෝදය ප්‍රමාණවත් මදි..:cool:
     
    මචන් උඹේ හිතන ක්‍රමය හොඳයි, ඒත් කර්මය වැඩ කරන්නේ ඔහොම නෙමෙයි. එහෙම සත්‍යය දැක්ක ගමන් කර්මය අහෝසි වෙනවනම්, බුදුහාමුදුරුවන්ට බුදු උන පසුවත් පසු භාව වල රැස් කරගත් කර්මය මගින් හිරිහැර වෙන්න හේතුවක් නෑනෙ?

    මෙතැනදී එක සරළ, ඒත් වැදගත් කරුණක් මතක තියාගන්න ඕන.

    කර්මය = චේතනාව + ඵලය

    ප්‍රාණඝාතය කරන්න චේතනාවක් ඇති උන පමණින් කර්මයක් ඇති වෙන්නේ නෑ. ප්‍රාණඝාතය කියන ඵලයකුත් ඇති වෙන්න ඕන ඒ චේතනාව හේතු කරගෙන.

    උදා - කෙනෙක් මරන්න හිතාගෙන ඊ තලයක් විද්දත්, ඒ ඊ තලය වැදිල මිනිහා මරුනේ නැත්නම් එතන ප්‍රාණඝාතය කියන කර්මය ඇති වෙන්නේ නෑ.

    හිනයකදී ඇත්තටම චේතනාව කියන සිතවත් හරියට ඇති වෙන්නේ නෑ.

    අභිදර්මයෙන් පැහැදිලි කරනවානම්,

    උබ මේ කතාකරන්නේ දිට්ඨේ දිට්ඨමත්තන්.... අනුගමනය කරද්දි සිද්දවෙන දේ නේද?

    නෑ මචන් මම ඒ කතා කලේ ඒ පද හතරම ගැන.ඒ හතර ආකාරයෙන්ම වෙන්නෙ අරමුණු ගැනීම. ඒකනිසා සිතට ඒ හතර ආකරයම් එක වගේ.

    මචන් , ජවන් සිත් පහක් හරි පහල වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා නේද..?

    මාත් ඉස්සර හිරවෙච්ච තැනක් ඔතන. තාමත් ජවන ගැන හරියටම දන්නෙත් නෑ මම. හැබැයි මේ වෙනකොට වටහා ගත්ත ටික කියන්නම්.

    ජවනයේ ස්වභාවය තමයි අපේ සිත ඒ ගත්ත අරමුණ රසවිඳල හොඳට දැන හඳුනාගැනීම. හරියට අපි කටට දාගත්ත කෑමක් හත් පාරක් හප හප, හොඳට දිව වටේ රෝල් කර කර ඒකෙ රස හොඳට දන හඳුනාගන්නවා වගේ. පළවෙනි ජවනය පළවෙනි හැපිල්ල වගේ. අර කෑම හප හප කෑලි කරල කෙල එක්ක මිශ්‍ර කරන තරමට තමයි දිවට රස දැනෙන්නෙ. ඉතින් හපන්න හපන්න රස වැඩියි.

    මේ රසය හේතු කරගෙන, ජවන වලින් බලවත් චිත්ත ශක්තියක් හටගන්නව. චේතනාවක් ක්‍රියාත්මක කරවන්න අපේ ශරීරය මෙහෙයවන්න අවශ්‍ය ශක්තිය(ජවය) සපයන්නෙත් මේ ජවන වලින්. 1 ඉඳල 5 වෙනි ජවනෙට වෙනකන් අපේ සිත කරන්නේ ඒ අරමුණ හොඳට දැන හඳුනාගෙන ඒ අරමුණෙ ස්වභාවය ගැන රූපයක් සංස්කරණය කරගන්නව. මේ සංස්කරණයට තමයි සංකාර කියන්නේ.

    1ජවනය- වේදනා සංඥා සිතට නගන්න පුළුවන් වෙනව - වේදනා සංඥා මනෝසංකාර
    2ජවනය- 1 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් කලින්ට වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩාත් හොඳින් සිතට ගන්නව.
    3ජවනය-2 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන ඒක ආසේවනය කරමින් ඊටත් වඩා ශතිමත් සිතක් ගොඩනගනවා- වේදනා සංඥා වඩ වඩාත් හොඳින් සිතට ගන්නව.

    4 ජවය- 3 වෙනි එකේ ශක්තිය උපයෝගී කරගෙන, තවත් බලවත් වෙලා, අපේ සිතට විතක්ක විචාර නගා ගැනීමට හා අදහස් වචනයට නගන්න අවශ්‍ය බලය ලබා දෙනව - විතක්ක විචාරෝ වචී සංකාර
    5ජවනය-කය ක්‍රියාත්මක කරවන්න හිතල ක්‍රියාත්මක කරවන්න පුළුවන් ශක්තියක් ලබා දෙනව-ආශ්වාස ප්‍රශ්වාස හා කායි සංකාර

    මේ ටිකට තමයි සංකාර වෙන්නෙ. මෙතනට එනකන් අපි ශරීරය ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය සංකාර ගොඩනගාගත්තට, තාම අපි ඒ සංස්කරණය කරගත්ත අරමුණෙ ඇලිල, ගැටිලා මුලා වෙලා නෑ. ඒක නිසා තාම කර්මය ගොඩනගාගෙන නෑ.

    රහතුන්ගෙ සිත් වල මෙතනින් එහාට ජවන ඇති වෙන්නෙ නෑ. රහතුන් හැර අනෙක් හැමෝටම ජවන හටගන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් 7ක් ගිහිල්ලම තමයි නවතින්නෙ.

    මේ අරමුණෙ මුලා වෙලා ඇති කරන්න 6වෙනි හා 7 වෙනි ජවන වල විශාල බලයක් තියනව. මේවයින් තමයි කර්ම ශක්තිය ජනිත කරන්නෙ. මේවට කියන්නෙ අභිසංකාර කියල.

    රහත් සිත් වල සංකාර නෑ කියල නිකන් කිව්වට, ඒකෙන් ඇත්තට අදහස් වෙන්නෙ මේ අභිසංකාර නෑ කියන එක. අනාගාමී සිත් වල උනත් දුර්වල වෙලා හරි මේ අභිසංකාර හටගන්නව.

    මේ අභිසන්කාර අල්ලන ප්‍රමාණය නිගමනය කරගන්නෙ වොත්තපන කියන කාර සිතෙන්. රහත් සිතේදී හරියට අර කටට දාගත්ත කෑම මොකද්ද කියල හරියට දැනගන්න පස් පාරක් හපල, ඒ කෑමේ ඇත්ත ස්වභාවය පිළිකුල් සහගත නිසා කටෙන් එලියට දානව වගේ. මම හිතන්නෙ මේක වෙන්න ඇති ඔයා අහපු බණෙන් විස්තර වෙන්නෙ.

    තවත් දෙයක්.. ඉහත අනුපස්සනවේදී ප්‍රඥ්ඥා චය්තසිකය බලවත් වෙමක් වෙනව ,ඒනිසා ජවන් වේගය අඩාල කරනවානේද?

    ජවන පටන්ගන්න කලින්ම ප්‍රඥාව හේතුකරගෙන තමයි වොත්තපන වලින් අභිසංකාර ඇති කරගන්නවද, නැද්ද තීරණය වෙන්නේ. ජවන පටන් ගත්තට පස්සෙ එවයි ජවය අරමුණෙ ප්‍රභලත්වය මත රඳා පවතිනව.

    මමත් මේ මාතෘකාව නිකන් මතුපිටින් අල්ලල විතරයි තියෙන්නෙ. ඒක නිසා මම කියපු ටිකේ අඩු පාඩුවක් දැක්කොත් කියන්න. ඒක මටත් ලොකු උදව්වක්. මොකද තව ටිකක් මේක තේරුම් ගත්තම ඔක්කොම එකතු කරල, අභිධර්ම thread එකට එකතු කරන්න හිතාගෙන ඉන්නෙ.

    ඔතන තියන විදිහට, හිනයකදී ඇති වන චිත්ත වීදි වලදී සිත් 4 වෙනි ජවනයෙන් නතර වෙලා ඉතිරි සිත් ටික නිෂ්ක්‍රිය වෙනව. එතකොට චේතනාවක් ඇති කරල ශරීරය ක්‍රියා කරවන්න අවශ්‍ය ශක්තිය දෙන 5 දුබල වෙලා 6,7වෙනි ජවන ඇති වෙන්නේ නෑ. ඒක නිසා හීනයක් තුලදී කර්මය ඇති වෙන්නේ නෑ.
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    ප්‍රසාද රුපයක සිතක් හටගන්න, ඉස්සෙල්ලම ඒ ප්‍රසාද රූපයෙන්, භවාංග චලනය කියල, signal එකක් දෙනව අපේ විඤ්ඤානයට ඒ ප්‍රසාද රුපයට මොකක් හරි දැනුන, ඇවිත් පරික්ෂා කරල බලන්න කියල. එතකොට තමයි ඒ ප්‍රසාද රුපයේ සිත් හටගෙන, හරියට ඒ සඥාව ගන්නෙ විඤ්ඤානයට. ප්‍රසාද රූප වල සිත හටගන්න, ඒ ප්‍රසාද හරියට, නිරෝගීව තියෙන්න ඕන. ප්‍රසාද දුර්වලනම්, ඒ ප්‍රසාද වල හටගන්න සිතත් දුර්වලයි. මෙතන කකුලේ ස්නායු ආභාදයෙන් වෙන්නෙ, කකුලේ තියන ප්‍රසාද රූප වලට අර මුලින්ම විඤ්ඤානයට දෙන wake up signal එක දීමේ හැකියාව නැති වෙනව. ඒක නිසා එතන සිත් හටගන්නෙ නෑ. ඒක නිසා දැනෙන්නෙ නෑ.

    ඉතාමත්ම ඉස්තුති.
    ඔබට බොහෝ පින්!
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචන් උඹේ හිතන ක්‍රමය හොඳයි, ඒත් කර්මය වැඩ කරන්නේ ඔහොම නෙමෙයි. එහෙම සත්‍යය දැක්ක ගමන් කර්මය අහෝසි වෙනවනම්, බුදුහාමුදුරුවන්ට බුදු උන පසුවත් පසු භාව වල රැස් කරගත් කර්මය මගින් හිරිහැර වෙන්න හේතුවක් නෑනෙ?

    මෙතැනදී එක සරළ, ඒත් වැදගත් කරුණක් මතක තියාගන්න ඕන.

    කර්මය = චේතනාව + ඵලය

    ප්‍රාණඝාතය කරන්න චේතනාවක් ඇති උන පමණින් කර්මයක් ඇති වෙන්නේ නෑ. ප්‍රාණඝාතය කියන ඵලයකුත් ඇති වෙන්න ඕන ඒ චේතනාව හේතු කරගෙන.

    උදා - කෙනෙක් මරන්න හිතාගෙන ඊ තලයක් විද්දත්, ඒ ඊ තලය වැදිල මිනිහා මරුනේ නැත්නම් එතන ප්‍රාණඝාතය කියන කර්මය ඇති වෙන්නේ නෑ.

    හිනයකදී ඇත්තටම චේතනාව කියන සිතවත් හරියට ඇති වෙන්නේ නෑ.

    අභිදර්මයෙන් පැහැදිලි කරනවානම්,

    ඔතන තියන විදිහට, හිනයකදී ඇති වන චිත්ත වීදි වලදී සිත් 4 වෙනි ජවනයෙන් නතර වෙලා ඉතිරි සිත් ටික නිෂ්ක්‍රිය වෙනව. එතකොට චේතනාවක් ඇති කරල ශරීරය ක්‍රියා කරවන්න අවශ්‍ය ශක්තිය දෙන 5 දුබල වෙලා 6,7වෙනි ජවන ඇති වෙන්නේ නෑ. ඒක නිසා හීනයක් තුලදී කර්මය ඇති වෙන්නේ නෑ.

    ඔය උඩ රතු කරල තියන එක ගැන මට පොඩි ප්‍රශ්නයක් තියනව.

    මෙහෙම උදාහරණයක් ගම්මු, මිනිහෙක් ඉන්නව, ඇමරිකන් president කියමුකො. එයා order එකක් දෙනව උතුරු කොරියාවට පරමානු බෝම්බයක් දාන්න කියල. order එක carryout වෙන්න දවසක් වගේ යනව. මේ අතරතුර president මැරෙනව.

    දැන් මිනිහට අර පාපකර්මය එන්නෙ නැද්ද? මැරිල ඉපදෙනව කියමුකො ආයෙ මිනිහෙක් හෝ සතෙක් වෙලා, එතකොට අයෙ ඉපදුනාට පස්සෙ එයාගෙ order එකෙන් අර සමූල ඝාතනය වෙනවා. ඕනෙනම් missile එක launch කරාට පස්සෙ මැරුන කියල ගම්මුකො. දැන් අරූට ඒකෙ පව වෙන්නෙ නැද්ද, වෙනවද?:eek:
     
    බුදුහාමුදුරුවන්ට බුදු උන පසුවත් පසු භාව වල රැස් කරගත් කර්මය මගින් හිරිහැර වෙන්න හේතුවක් නෑනෙ?
    නව කර්ම අහෝසියි .. නැවත භව හැදෙන්නෙ නෑ ...
    පෙර කර්ම අහෝසි වෙන්නෙ නෑ, එහෙම වෙනවනම් උඹ ජීවත් වෙන්නෙත් නෑ, මොකෝ උඹ උදේ හවස දකින්නේ , කරන්නෙ, හිතන්නෙ, පෙර කරපු කර්මයක විපාකයක් ....

    උදා - කෙනෙක් මරන්න හිතාගෙන ඊ තලයක් විද්දත්, ඒ ඊ තලය වැදිල මිනිහා මරුනේ නැත්නම් එතන ප්‍රාණඝාතය කියන කර්මය ඇති වෙන්නේ නෑ.
    අනිත් එක උඹ හිතන්නෙ ඊතලය විදින්න එතන උඹ සහ ඊතලය වැදෙන්න මිනිහෙක් ඉන්නවයි කියලද? එහෙම ඉන්නව කියල හිතෙනවනම් උඹට පව් සම්භන්ධ කර්ම සකස් වෙනව, එහෙම හිතෙන්නෙ නැත්තන්, උඹ දැක්කෙ මායාවක් විතරයි කියල දන්නවනම් කර්ම සකස් වෙන්නෙ නෑ, මොකද මායාවක ඉන්න ගමන් මායා ඊතලයකින් තවත් මායා මිනිහෙක් මායා ලෝකෙදී මැරුව කියල කර්ම සකස් වෙන්නෙ නෑ ..

    කර්මය = චේතනාව + ඵලය

    සමීකරණ ගොඩක් කැම්පස් යන කාලෙ හදල තියෙනව. ඒව හරි නම් අපි රහත් වෙන්නෙ ඒ කාලෙමයි .. වෙන කව්රුවත් කියන දේවල්, පොත් වල තියෙන දේවල් වලින් වැඩක් නෑ. ඔයාට අත්දැකීමක් තියෙනවද මේ ගැන?
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය උඩ රතු කරල තියන එක ගැන මට පොඩි ප්‍රශ්නයක් තියනව.

    මෙහෙම උදාහරණයක් ගම්මු, මිනිහෙක් ඉන්නව, ඇමරිකන් president කියමුකො. එයා order එකක් දෙනව උතුරු කොරියාවට පරමානු බෝම්බයක් දාන්න කියල. order එක carryout වෙන්න දවසක් වගේ යනව. මේ අතරතුර president මැරෙනව.

    දැන් මිනිහට අර පාපකර්මය එන්නෙ නැද්ද? මැරිල ඉපදෙනව කියමුකො ආයෙ මිනිහෙක් හෝ සතෙක් වෙලා, එතකොට අයෙ ඉපදුනාට පස්සෙ එයාගෙ order එකෙන් අර සමූල ඝාතනය වෙනවා. ඕනෙනම් missile එක launch කරාට පස්සෙ මැරුන කියල ගම්මුකො. දැන් අරූට ඒකෙ පව වෙන්නෙ නැද්ද, වෙනවද?:eek:

    මැරිල, ඉපදීම අපිට අලුත් ආරම්භයක් වගේ පෙනුනට, කර්මයට සංසාරය එක දිගට ගලන් යන ගඟක් වගේ.පරමාණු බෝම්බෙ ගහන්න කියල order එක දෙන්න වචන උච්චාරණය කරන්න ප්‍රාණඝාත චේතනාවක් ඕන. බෝම්බය ගහන්න කලින් president මැරිල අලුත් භවයක හිටියත්, බෝම්බය ගහපු ගමන්, අර චේතනාවට ඵලය එකතු වෙලා ඒ කර්මය රැස් වෙනව. කර්මයෙන් බේරෙන්න ලේසි නෑ. එක හරියට පන්තිය මාරු කලත්, තියෙන්නෙ එකම report card එක වගේ දෙයක්.