First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Airport එකේදී


    මෙහෙමයි. මම ජීවිතේට airport එකක් ඇතුලට ගිහින් තිබ්බ කෙනෙක් නෙවෙයි. ඉතින් මම සින්ගප්පූරුවෙ යනවටත් වඩා බය වෙලා හිටියේ airport එක ඇතුලට යන්න. මොකක් හරි ජල්බරියක් වෙලා ආපහු හරවල එව්වොත් එහෙම රෙදි නෑනේ. එළකිරි එකේ බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් තිබ්බා airport එකේදි යන පිළිවෙල. ඒකත් ලොකු උදව්වක් උනා. මේ තියෙන්නෙ ඒ link එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1319794

    කොහොමින් කොහොම හරි මමත් සරල විස්තරයක් දාන්නම් පොඩ්ඩක් බය ඇරෙන්න. එකම දේ අපිට airport එකේ යන්න ඕන පිළිවෙල ගැන බය වෙන්න නම් දෙයක් නෑ. මොකද අන්ධයෙක්ට උනත් පේන විදිහට ලස්සනට ඊතල ගහලා තියෙනවා. එක තැනකට නොයා අනිත් තැනට යන්න බෑ. ඉතින් ඉබේම පිළිවෙලට යැවෙනවා. දැන්නැති ඕනම දෙයක් uniform ඇඳලා ඉන්න officer කෙනෙක්ගෙන් අහන්න. බය වෙන්න එපා.

    1.
    මුලින්ම තියෙන්නේ Entrance එක. ඒකෙදි basic check-up එකක් එක්ක අපිව එක ඇතුලට දානවා.
    ඊට පස්සේ හම්බෙනවා කඩවල් , බැංකු තියෙන area එකක්. සල්ලි මාරු කරගන්න ඕන අයට එතනින් තමන්ගේ සල්ලි SGD වලට හරි USD වලට හරි හරවගන්න පුලුවන්.

    2.
    ඊළඟට අපි යන්නේ check-in counter එකට. එතනින් තමා අපිට Boarding pass එක නිකුත් කරන්නේ. මෙතනින් අපේ check-in luggage එකත් ගන්නවා. hand luggage එක විතරයි අතේ තියෙන්නේ මෙතනින් එහාට. අපේ plane එක නවත්තන terminal එකේ විස්තර එහෙම මේ pass එකේ තියෙනවා. තව එහෙදි අපේ bag එක අරගන්නත් pass එකක් ලැබෙයි.



    3.
    ඊළඟට අපි යන්නේ Emigration එකට. මෙතනදි පැත්තක තියෙනවා පොඩි සුදු පාට form එකක්. තත්පර 30ක් අරන් ඒක පුරවලා ඒකයි passport එකයි එක්ක තමා emigration officer ගාවට යන්න ඕන. එයා විස්තර ටිකක් අහල ඔයාට seal එක ගහල දෙයි.


    4.
    අන්තිමට අපි යන්නේ එක plane නවත්තන building එකට. අර අපිට ලැබුනු boarding pass එකේ තියෙනවා අපේ terminal එක. ඒක ඉස්සරහට වෙලා boarding rome එක ඇතුලට ගන්නකන් ඉන්න තියෙන්නේ. වෙලාව ආවම room එක ඇතුලට ගන්නව කරලා. ඊට පස්සෙ ඉතින් ඒ room එකේ ඉන්න තියෙන්නෙ plane එකට දානකන්.


    ......................................................................................................

    plane එකේදි ඉතින් එයාල කියන විදිහට හොඳට කාලා බීලා film එකක් බලාගෙන යන්න තමා තියෙන්නේ වැඩි දෙයක් නෑ. පැය 4n වගේ සින්ගප්පුරුවේ.

    එහෙට ගියාට පස්සේ ඔයාලා කට්ටිය යන පස්සෙන්ම යන්න. එහේ airport එක මාර ලස්සනයි. duty free shops එහෙම පහු කරලා යන්න තියෙනවා visa counter එකට. ඒ යද්දිත් අර මුලින් වගේම පොඩි form එකක් තියෙනවා ඒකත් පුරෝගෙන යන්න. officerට අර මම මුලින් හදාගන්න කියපු file එකම දෙන්න. එතකොට එයා කිසිම දෙයක් අහන එකක් නෑ. මොකද ඔයා ඇවිල්ලා තියෙන්නෙ holiday එක ගත කරන්න කියල හොඳටම පේනවනේ. සේරම details තියෙනවනේ ඒකේ. ඒක බලල ඔයාට visa එක ගහල දෙයි.



    Boarding pass

    picture.php


    Departure card - sri lanka


    picture.php



    White Form - Singapore

    picture.php



    දැන් ඉතින් ඔයා ඔයාගේ නිවාඩුව ගත කරන්න සූදානම්
     
    Last edited:

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    AIRPORT එකෙන් යන්න කලින්

    Airport එකෙන් එළියට එන්න කලින් ඔයාලට කරගන්න ඕන වැඩ දෙකක් තියෙනවා.

    1. Mobile Sim එකක් ගැනීම
    2. MRT card එකක් ගැනීම

    visa counter එකෙන් එළියට එද්දි ඔයාලගේ bags collect කරගන්න තැන හම්බෙනවා. ඒ හරියෙම තියෙනවා shops එක එක service providers ලගේ . ඔයාට හොයල බලලා compare කරලා ගැලපෙන sim එකකුයි package එකකුයි ගන්න පුලුවන්.
    මම ගත්තේ M1 කියලා prepaid sim එකක්. 30 SGD ක් උනා. ඒක touristsටම හදපු package එකක්. කඩේ පොරට phone එක දුන්නම පොරම sim එක දාලා
    activate කරල දෙනවා. 100GB free data හම්බෙනවා. අයියෝ සල්ලි! :cool::rofl:

    MRT ezlink card එක 10 SGD උනා. 5 SGD card එකටම deposit වෙනවා. ඒකත් use කරන්න පුලුවන්. ඕනි වෙලාවට top-up කරගන්න පුළුවන්. MRT ගැන විස්තරේ දාද්දි මේ card එක use කරන විදිහ ගැන in-detail දාන්නම් :yes:




    sim card

    picture.php



    MRT card

    picture.php
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ko ban dapanko wistharayak.
    Days kiyak hitiyada?mokadda hitiya hotel eka,hotel eke price eka?
    Balanna giya then wala ticket price?
    transport walata kiyak giyada?
    food walata kiyak wage giyada?
    oya eki meki noki siyalla dapanko.nikan gihin awa kiwwata wedak na ne.apahu yana ekekta ube thread ekenuth idea ekak aran yanna puluwan widihata dapan A to Z wisthare galapala price ekkama.
    :yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    AIRPORT එකෙන් යන්න කලින්

    Airport එකෙන් එළියට එන්න කලින් ඔයාලට කරගන්න ඕන වැඩ දෙකක් තියෙනවා.

    1. Mobile Sim එකක් ගැනීම
    2. MRT card එකක් ගැනීම

    visa counter එකෙන් එළියට එද්දි ඔයාලගේ bags collect කරගන්න තැන හම්බෙනවා. ඒ හරියෙම තියෙනවා shops එක එක service providers ලගේ . ඔයාට හොයල බලලා compare කරලා ගැලපෙන sim එකකුයි package එකකුයි ගන්න පුලුවන්.
    මම ගත්තේ M1 කියලා prepaid sim එකක්. 30 SGD ක් උනා. ඒක touristsටම හදපු package එකක්. කඩේ පොරට phone එක දුන්නම පොරම sim එක දාලා
    activate කරල දෙනවා. 100GB free data හම්බෙනවා. අයියෝ සල්ලි! :cool::rofl:

    MRT ezlink card එක 10 SGD උනා. 5 SGD card එකටම deposit වෙනවා. ඒකත් use කරන්න පුලුවන්. ඕනි වෙලාවට top-up කරගන්න පුළුවන්. MRT ගැන විස්තරේ දාද්දි මේ card එක use කරන විදිහ ගැන in-detail දාන්නම් :yes:


    sim card
    machan meka 10days walata valid neda?100 GB :rofl::rofl: speed eka ehema supiriyata athi ne.
    elakiri machan digatama dapan me widihata wisthara tika.meka balala yana ekekta gemak nathuwama tour eka cover kara ganna puluwan wenna :)

    Machan airport ekenma MRT eka ganna puluwan neda.hotel ekata yanna taxi ekak gannawata wada meke giyoth labai da?bag ekak ehema oba ganna puluwanda meka athulata :confused:
     
    Last edited:

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    සින්ගා ගිහින් අඩුවට Travel කරන්න නම්...

    සින්ගප්පූරුව කියන්නේ පොඩි රටක්. ඒ වගේම කලට වෙලාවට පට්ට පිළිවෙලට වැඩ කරන රටක්. ඉතින් එහෙ මිනිස්සුන්ට ලොකුවට තමන්ගේ private vehicles පාවිච්චි කරන්න ඕන නෑ. ඒ රටක පාරක බැලුවත් කිසිම වාහන තදබදයක් නෑ. මොකද ඒ තරමට එහෙ public transportation දියුණුයි. ඉතින් සින්ගප්පූරුවේ main public transportation types 3ක් වගේ තියෙනවා.

    1. TAXI

    මෙහෙ taxi service අපේ වගේ නම් නෙවෙයි. taxi වලට නගින්නත් bus stand වගේ වෙනම taxi stand තියෙනවා. ඒවයේ පෝලිමට ඉන්න ඕන තමන්ගේ වාරය එනකන්. අනික මෙහෙ taxi කියල එන්නේ prius වගේ සුපිරි වාහන. ඒවයේ යන්න ගියොත් ඉතින් ලොකු ගානක් කුඩු. ඒ නිසා අඩු වියදමින් ගිහින් එන්න යනවනම් අවශ්‍යම වෙලාවට ඇර taxi වල යාමෙන් වළකින්න. යනවනම් Grab වගේ app එකක් දාගෙන book කරන්න, පාරේ ඒවට නගින්නැතුව.
    උදාහරණයක් විදිහට අපි tour එක ඉවරවෙලා ආයේ airport එකට එන්න වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක අපිට taxi එකක airport ආවා නම් බඩු ටිකත් ලේසියෙන් පටවගෙන අදාළ terminal එකෙන්ම බහින්න පුළුවන්. එහෙම වෙලාවක ආවට අවුලක් නෑ. මට 16 SGD ගියා හොටෙල් එකේ ඉඳන් airport එකට එන්න. (Kallang to Changi)



    2. BUS

    ළඟ ළඟ ඉතින් ගමන් යනවානම් Bus use කරන්න පුළුවන්. හැබැයි අපි ඉතින් ඒ රටේ වල locations එහෙම දන්නෙ නෑනෙ. අනික ලොකුවට පාර තොට ගැන අවබෝධෙකුත් නෑනෙ. ඒ නිසා මුල්ම පාරට යන කෙනෙක් නම් Bus වලත් යන එක පොඩ්ඩක් පැටලෙන වැඩක්. මට නම් එක සැරයක් google map එක බලාගෙන එහෙම යන්න ගිහින් පොඩ්ඩක් පැටලුනා. ඒකයි මම කිවුවේ. හැබැයි මේ මට හිතෙන විදිහ විතරයි. තමන්ට පැටලෙන එකක් නෑ කියලා හිතෙනවානම් Bus පාවිච්චි කළාට කිසිම අවුලක් නෑ. අර අපි airport එකෙන් ගත්තු ez-link card එකම use කරන්න පුළුවන් bus වල යන්නත්.

    3. MRT


    සින්ගප්පූරුවේ මම දැකපු හොඳම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ MRT System කියලා. මොකද MRT කියන්නේ මාරම organized වෙච්ච system එකක්. මම කලිනුත් කිව්වා වගේ ඒ රටේ හැම තැනකටම යන්න තියෙන සුදුසුම ලාබම සහ ලේසිම විදිහ තමා MRT - Mass Rapid Transit System එක. රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යන්න උනත් පැය ගණන් යන්නේ නෑ. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ රට හැම තැනම Stations තියෙනවා.. දෙපැත්තටම විනාඩි 4න් 4ට වගේ train යනවා රෑ 11-12 වෙනකන්. map එක හැම station එකකම සහ train එක ඇතුලෙ පවා ගහලා තියෙනවා. කොච්චර ලේසි එකක්ද කිවුවොත් ඊළඟ station එකේ බහින්න ඕන මොන පැත්තෙන්ද කියන එක පවා display එකක indicate වෙනවා. මෙහෙම කිව්වට එච්චර තේරෙන්නෙ නැති නිසා මම උදාහරණෙකින් පැහැදිලි කරන්නම් මේකේ යන එන විදිහ.

    දැන් අපි ලංකාවේ දුම්රිය මාර්ග ගත්තොත් එක එක ඒවා තියෙනවනේ කැළනි වැලි, මුහුදු බඩ, උඩරට කිය කියා. ඉතින් MRT System එකෙත් ඒ වගේම train lines කිහිපයක් තියෙනවා. එකම දේ තමයි සින්ගප්පූරුවෙ තියෙන දුම්‍රිය මාර්ග operate වෙන්නේ වෙන වෙනම. අනික විනාඩි 4න් 4ට වගේ trains දෙපැත්තටම යනවා.
    මේ train lines සමහර තැන් වලින් cross වෙනවා. ඒවට අපි කියනවා interchange කියලා. එක train line එකකින් තව train line එකකට මාරු වෙන්න නම් interchange station එකකට යන්න ඕන.
    තාම තේරුණේ නෑ නේද? මට තේරුණෙත් නෑ යනකන්. :D හරි. අපි පොඩි diagram එකකින් පැහැදිලි කරගමු.

    picture.php



    හිතන්නකෝ මේ රූපෙ තියෙනවා වගේ X ඉඳල ‍Y නගරය වෙනකන් යන train line එකක් තියෙනවා. මේ නිල්පාටින් පෙන්නන්නේ ඒ එක. ඒකෙදි අපිට අතරමැද a,b,c,d,e,f,g කියලා stations ටිකක් හම්බෙනවා.
    ඒ වගේම ඵ් P නගරෙ ඉඳලා Q නගරය වෙනකන් යන train line එකක් තියෙනවා. මේ කොළ පාටින් පෙන්නේ ඒක. j,k,l,m,n කියලා නගර ටිකක් හම්බෙනවා ඒ train line එකේ.

    හරි අපි හිතමු අපේ හොටෙල් එක තියෙන්නේ n නගරයේ. අපිට යන්න ඕන attraction එක තියෙන්නේ f නගරයේ.
    දැන් අපිට P-Q line එකේ ගියොත් f නගරේ හම්බෙන්නේ නෑ. එහෙනම් අපි කරන්න ඕන P-Q line එකේ d-k station එක වෙනකන් යන්න ඕන.
    ඊට පස්සේ d-k station එකෙන් බැහැලා X-Y line එකට මාරු වෙන්න ඕන. ඔතනදි d-k කියලා පෙන්නලා තියෙනවා වගේ station එකකට තමා අපි කියන්නේ interchange එකක් කියලා.
    ඉතින් එහෙම මාරු වෙලා f station එකෙන් බැහැලා අපිට අවශ්‍ය attraction එකට යන්න පුළුවන්. හරිම සරලයි.


    දැන් අපි බලමු MRT Station එකක් කියන්නේ මොන වගේ තැනක්ද කියලා. මහ දෙයක් නෑ. මෙහෙ වගේම තමා. මේ පහළ තියෙන්නේ MRT Station එකක දළ සටහනක්.

    picture.php


    Station එකේ platform එකට ඇතුළු වෙන්න කලින් ඔයාට top-up machines හම්බෙනවා . ඔයාගේ ez-link card එක මේ machine එකක් උඩ තියලා පැත්තකින් සල්ලි දාල reload කරගන්න පුළුවන්. ඒ වගේම සින්ගප්පූරුවේ map එකක් සහ MRT map එකකුත් තියෙයි. ඔයාට යන්න ඕන තැන් විදි බලාගන්න පුලුවන්.

    Train එක නවත්තන platform එකට ඇතුළු වෙන්න electronic gates තියෙනවා. අර film වල තියෙන්නෙ බන්. ඕකට අර අපි airport එකෙන් ගත්තු ez-link card එක ඇල්ලුවම card එක scan වෙලා gate එක open වෙනවා. අපේ card එකේ තියෙන balance එක පවා පෙන්නනවා. ඔතනින් ඇතුළට ආවට පස්සේ දෙපැත්තේ rail line දෙකක් තියෙනවා. line දෙකේ යන්නේ මොන පැත්තටද කියලා ගහලා තියෙනවා.
    අර කලින් උදාහරණය හිතන්නකෝ. අපි යන්න ඕන n නගරයේ තියෙන හොටෙල් එකේ ඉඳන් f නගරයේ තියෙන attraction එකට. ඒකට අපි P-Q line එකෙන් යන්න ඕන P නගරය දිශාවට. ඉතින් හරි පැත්ත බලලා train එකට නගින්න.

    ඊළඟ train 2 එන්න යන වෙලාවල් display වෙනවා screen එකක. normally විනාඩි 4න් 4ට වගේ train තියෙනවා. ගානට වෙලාවට train එක ඇවිල්ලා platform එකේ නවතිනවා. train එකේ දොරයි platform එකේ දොරයි open උනාට පස්සේ බහින අයට දෙපැත්තට වෙලා ඉඩ දීල නගින්න තියෙන්නෙ.

    ඊට පස්සේ අදාළ station එකට ආවම train එකෙන් බැහැලා කලින් වගේම exit gates තියෙනවා. ඒකට card එක අල්ලල එන්න තියෙන්නේ. ඔයාගෙ train fee එක automatically card එකෙන් කපාගන්නවා.
    Interchange එකකදි ගොඩක් වෙලාවට cross වෙන line දෙක තියෙන්නේ තට්ටු දෙකක. එකකින් බැහැලා අනිත් එකට යන්න තියෙන්නේ. platform එකෙන් එළියට යන්න දෙයක් නෑ. අන්තිමට ගමන අවසන් කරන station එකෙන් විතරයි අපි card එක අල්ලලා gate එක ඇරගෙන එළියට යන්න ඕන.

    මම හිතනවා පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හිතන තරම් අමාරු නෑ. ඕනම ප්‍රස්නයක් තියෙනවානම් ලංකාවේ නොවන ඕනම කෙනෙක්ගෙන් අහන්න. උදව් කරනවා. ලංකාවේ ඉන්දියවේ උන් නම් හෙන line එකේ යන්නේ. උන්ගේ රටට අපි ඇවිල්ලා වගේ. :lol:
    එක train ride එකකට 1 SGD ටත් අඩුවෙන් තමා fee යන්නේ. මම දවස් 4ක් ඇවිදලත් 10-15 SGDකට වඩා ගියේ නෑ. යනවනම් අන්න Trains :yes:

     
    Last edited: