shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන.
මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ???
මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.
හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල අහනවා .
අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ.
ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න.
මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු.
මහමෙව්නාවෙන් සාදු කියන එක හෙමීට තාලෙට ලස්සනට කියන්න උගන්නවුවේ එතකොට ඒක බුදුරජාණන් වහන්සේට කරන වඩා ලස්සන පූජාවක් නිසා. කට්ටිය ඔක්කොම එකපාර ගෝශාවක් වගේ සාදු සාදු සාදු සාදු ගාපුවම කපුටො රැලක් කැ ගහනවා වගේ ඇහෙනවා මිසක් හිතක සන්සිදීමක් වෙන්නේ නැ.බුදුන්ටත් අගවුරවයක්.. ඒ වගේ පොඩි දෙයක් තේරුම් ගන්න බැරි ඔයා වගේ කෙනෙක් මහමෙව්නාව ගැන විවේචනය කරන්න කලින්..පොඩි දෙයක් තේරුම් ගන්නවත් ඔයාගේ ශ්රද්දාව හදාගෙන ඉන්න...




