හැම ග්රැෆික් චිප් එකකටම Nvidia එකෙන් රෙෆරන්ස් ඩිසයින් එකක් දෙනවා, ඒ ඩිසයින් එකට මොන බ්රෑන්ඩ් එකෙන් කාඩ් ගත්තත් එකම ගාන(බොහොමයක් වෙලාවට)
හැබැයි හාඩ්වෙයා හදන කම්පැනි ඒ රෙෆරන්ස් ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා පර්ෆෝමන්ස් වැඩි වෙන්න පොඩි පොඩි වෙනස්කම් කරලා, Overclock කරලා, හොද කූලින් සිස්ටම් දාල, සමහර වෙලාවට Memory එකත් වැඩි කරලා වැඩි ගනන් වලට විකුනනවා
ගොඩක් වෙලාවට අඩුම ගානට තියෙන්නෙ රෙෆරන්ස් ඩිසයින්, ඒකෙ කිසිම අවුලක් නැහැ. හොද බ්රැන්ඩ් එකකින් ගන්න(Nvidia නම් Asus, Gigabyte MSI, EVGA, Zotac). හරියටම ගන්න මොඩල් එකේ රිවීව් එහෙම බලලා ගන්න.
රෙෆරන්ස් කාඩ් එකක් ගනිද්දි හැම බ්රැන්ඩ් එකෙන්ම තියෙන්නෙ එකම කාඩ් එක හැබැයි ඒ කාඩ් එක හදද්දි ගන්න කොම්පොනන්ට් වල(කැපෑසිටර්, මෙමරි චිප්, etc etc) කොලිටි එක බ්රෑන්ඩ් එක අනුව වෙනස් වෙන්න පුලුවන්
(හැබැයි අර කස්ටම් කාඩ් මීට වඩා පර්ෆෝමන්ස් පොඩ්ඩක් විතර වැඩියි, ඔවර්ක්ලොක් කරන්න පුලුවන්, කූලින් එහෙම හොද නිසා කල්පැවැත්ම වැඩි වෙන්නත් පුලුවන්)