මචො, මටත් ලමයි 3 දෙනෙක් ඉන්නවා.
අම්මලයි මිඩ්වයිෆ් ලයි ගමේ අම්මන්ඩිලයි කියන ඒවා අහලා නම් ලමයි හදන්න බැ,
වයිෆ් කන්න ආසයි නම් ඕන දෙයක් දීපං, ඒක නොකා ඉදලා හිත අව්ල් උනොත් ඔක්කොම ඉවරයි,
අපේ වයිෆ් අන්නාසි පවා කැවා.
අපේ වයිෆ් කොහොමත් දවසට නෙස්කැෆේ 3 වත් බොනවා, කෝක් බෝතලයක් බොනවා, නාකි ගැනු මැරෙන්න හැදුවා, ඒත් කිසිම අව්ලක් උනේ නැ.
යාලුවෙක් ගෙ ගෙදර හදපන්, ඕනම එකෙක් කැමතියි නෙ බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්ට කැම වේලක් දෙන්න.
ප්‍රෙග්නන්සි කාලේ මෙහෙමයි මචන්, උන් ඉන්නෙ පට්ට අමාරුවකින්, ඒ නිසා පුලුවන් තරම් හිත සතුටින් තියපන්.
නරක දෙයක් කන්න ඉල්ලුවත් නොදී ඉන්න එපා, පොඩ්ඩක් කන්න දීපං හිත පිරෙන්න.
ICE CREAM එහෙම කන්න හොද නැ, ඒත් උන්ට ආසාවක් හැදුනොත් දවල් 12 ට පොඩි එකක් අරන් දෙන්න, ඒත් රැ 12 ට ice cream අරන් දුන්නොත් අර ගමේ අමන්ඩිලට වඩා අපි මෝඩයි.
මගේ දැනුමෙ හැටියට කෙහෙල් මුව වලින් කිසිම අව්ලක් නැ, අපේ වයිපරේට නම් අපේ අම්මම දෙතුන් පාරක් හදලා දුන්නා මතකයි, අප් වයිපරෙ මුලින්ම කෙසෙල්මුව කැවෙත් ඕය දවස් වල අම්මා හදන් ඇවිත්.