මචං මම මේගිය ඉරිද බෝඩිමේදි ටෙස් කරන්නත් එක්ක ආප්ප හදන්න බැලුව. මොකද මම ආප්ප කන්න හෙන ආසයි බන් ඉස්සර ඉදන්ම.
අර බන් පාත්තරේ වගේ තියෙන හෙනම තුනී ඇල්ලුවම කරස් ගාල හැපෙන කැඩෙන ආප්ප වලට මම පට්ටම ආසයි.
නිකන් ජොලියට වගේ ටෙස් කරන්නත් එක්ක බෝඩිමට වැඩ ඇරිල එන වෙලාවේ කඩෙන් හරිස්චන්ද්ර ආප්ප පිටි එකක් ඇන්න ආව.
ඉරිද උදේ මම ඒ පිටි එක බාජනේකට දාල ඒකත් එක්ක හම්බ වෙන අර ඊස්ට්ද මන්ද එකත් දාල හොදට කවලම් කරල වතුර ටිකක් දාල කවලම් කරල ගුලිය හදල ටික වෙලාවක් තිබ්බ.
ටික වෙලාවකට පස්සේ පොල්කිරියි ලුනුයි දාල මිස්චර් එක හදාගත්ත. හදාගෙන තාච්චියෙත් ලාවට තෙල් ටිකක් ගාල රත් වෙන්න තියල පිටි ටිකක් දාල වැඩර් වගේ කරකවල තියල උඩිනුත් තව තාච්චියකින් වහල පිච්චෙන්න දුන්න.
හරිගියේ නෑ බන් හැදුන ආප්ප ඔක්කොම ටිකක් ගනකම් අර කඩේ ඒව වගේ ෆර්ම්/හයිය නෑ. නිකන් පතබෑවිලා තියෙන්නේ. අනික ආප්ප වල තැනින් තැන ඉරිල වගේ. රසත් නෑ බන් නිකන් පිටි රහ විතරයි.



කොහොම හරි 4ක් 5ක් කෙහෙල් එක්ක කාල ඉතිරි ටික බල්ලෙක්ට දුන්න කන්න.
මට අවුල තියෙන්නේ.
01 මම ඉන්ස්ට්රක්ෂන්ස් වලට අනුව කරා.
02 යූස් කරේ ගෑස් ලිපක්. ඒ නිසා ගානට ගින්දර තිබ්බ.
ඒ කියන්නේ මික්ස්චර් එකේ තමා අවුල....

අනේ දන්න එකෙක් කියල දියන් මචං අර කඩේ වගේ ලස්සනට හයියට, සුවඳට, කරස්ගාල කැඩෙන්න ආප්ප හදාගන්නේ කියල.
බය වෙන්න එපා බන් බිස්නස් එකකට නෙමේ. මට කන්න හදාගන්න. මම ආප්ප ලෝලියෙක්. ඕ.. යස්...


Last edited:


