1. මෙහෙමයි මචන්. සෙන්තොසා එකේ attractions 20ක් විතර තියෙනවනේ. ඉතින් ඔක්කොම include කරලා tickets නම් නෑ මම දන්න විදිහට. එහෙම අරගෙන වැඩකුත් නෑ. මොකද අපිට හැම එකම set වෙන්නේ නෑනේ.
හැබැයි සමහර offers එනවා bundle offers කියලා. ඒවා එන්නේ 3 attractions, 5 attractions, 8 attractions fun pass කිය කියා. උදාරහණයක් විදිහට අපි 5 attractions fun pass එකක් ගත්තොත් ticket එකේ mention කරලා තියෙන attractions වලින් ඔයා කැමති තැන් 5කට යන්න පුළුවන්. ඒ වගේ. ඒක ටිකක් ලාබයි. හැබැයි separate tickets එක්ක ගණන් compare කරලා ගන්න.
2. ඕනම attraction එකකට tickets එතනින් ගන්න පුළුවන්. හැබැයි බන් ගණන්. ඒකයි කිව්වේ. plan කරලා මෙහෙන් book කරලා යන්න කියලා. plan කරගන්න උදව්වක් විදිහට තමා attraction එකකට යන time duration එක දැම්මේ.
3. Universal studio යන්න නම් වෙනම ticket එකක් ගන්න වෙනවා. හැබැයි ඒ ticket එකෙන් එකේ තියෙන ඕනම ride එකකට යන්න පුළුවන්. Universal Studio කියන්නේ සෙන්තොසා island එකේ තියෙන එක attraction එකක් විතරයි. හැබැයි ඒකේ බලන්න දේවල් (rides) ගොඩක් තියෙනවා. ඉතින් ඒකට උදේ 9 ඉඳන් හවස 3-4 වගේ වෙනකන් වෙන් කරන්න වෙනවා. එදාම හවස wings of time බලන්න පුළුවන්. wings of time පටන් ගන්නේ 7.40ට නිසා තව එක attraction එකකට වගේ යන්න වෙලාව තියෙයි. ඊට වඩා බැරි වෙයි.