මොකද කිව්වොත් මම දන්නවා මට තනියම රටක් වෙනස් කරන්න බෑ කියලා... ඒකට මිනිස්සු ඕනේනේ..
මෙන්න මෙහෙ එන්න අනෙ..දවල්ට කාලා ෆිල්ම් එකක් බලන්න....රට වෙනස් කරන්න කලින්...
මොකද කිව්වොත් මම දන්නවා මට තනියම රටක් වෙනස් කරන්න බෑ කියලා... ඒකට මිනිස්සු ඕනේනේ..
මගෙ අදහස් වෙනස් නෙ මල්ලි මේතන තියෙන අදහස් වලට වඩා...ඉතින් මොකටද..

මෙන්න මෙහෙ එන්න අනෙ..දවල්ට කාලා ෆිල්ම් එකක් බලන්න....රට වෙනස් කරන්න කලින්...
කොහොමත් දැන් ඡන්දය දුන්නත් තේරුමක් නැහැනෙ. බහුතර පිරිසක් කටුගැවොත් ඒ ගැන මාධ්‍යයේ හරි මතයක් ගොඩ නැගෙන්න ඉඩ තියෙනව. අනිත් එක තමයි ව්‍යවස්ථාවට අනුව එහෙම බහුතර කැමැත්ත නැතුව ආණ්ඩු පත් කරන්න, ජනාධිපතිවරණයෙන් ජනාධිපති කෙනෙක් පත්වෙන්න බෑ. ඒක නිසා ගොඩක් දෙනෙක් විරුද්ධ වුණොත් ඒක බලපානව.
මොකද කිව්වොත් මම දන්නවා මට තනියම රටක් වෙනස් කරන්න බෑ කියලා... ඒකට මිනිස්සු ඕනේනේ..
පාරක් හදල දුන්න, ජොබ් එකක් දුන්න කියන සිතුවිල්ල තියෙනකන් ඕක හරියන්නෙ නෑ. කොහොමත් ඔයා ඒ සිස්ටම් එකේ ඉන්නෙ දැන්.
ඔව්වානම් ඉතින් වෙයි කියලා හිතන්න අමාරුයි
අපි හිතන දේවල් මේ ලෝකෙ වෙනව ද බහුතරයක්? එහෙමනම් නොහිතන දේවලුත් වෙන්න පුළුවන් නේද?

මන් ඒ සිස්ටම් එකේ නැ ඉදිරියට ඉන්න වෙඉද කියන එක දන්නේ නැ.
මොකද මට එහෙම චන්දේ දෙන්න විශේෂ පුද්ගලයෙක් නැති නිසා
ඒත් බහුතර ප්‍රජාවක් ඔය සිස්ටම් එකේ තමා ඉන්නේ
අහ මරු. නාල දැන් ඉතින් ඔය පැත්තෙ කෑමක් කන්න තියෙන්නෙ![]()
කවුද කිවුවෙ ඡන්දයක් ගැන. ඡන්දය නෙමෙයි සිස්ටම් එක කියන්නෙ. ඔයා සිතන විදිය. ඒ අනුව තමයි යන්නෙ. ඔයා හිතද්දි උදවු, පාරවල් සෑදීම්, වැඩ කිරීම් ජනතා නියෝජිතයන් තේරීමේ සාධකයක් විදියට ඔයා ඡන්දය දුන්න හෝ නොදුන්න වෙනසක් වෙන්නෙ නෑ. ඒ මොක ද කියනවනම් ඔයා අවට ඉන්න අය, ඔයාගෙ අනාගත දරුවන් වුණත් දකින්නෙ, හැදෙන්නෙ වැඩෙන්නෙ ඒ පරිසරය මත.
මෙහෙම ලොකුවට කිවුවට ඕක සරල දෙයක්. අපි අපිව සම්පූර්ණ වෙනස් කරනව හෝ, රට වෙනස් කරනව හෝ, ලෝකය වෙනස් කරනව හෝ, රටේ දිශාව වෙනස් කරනව හෝ නෙමෙයි. අපේ මනස පොඩ්ඩක් මැදිහත්ව සිතන්න ගන්නව. ඒක විතරයි වෙනස. අනිත් ඒව වුණා හෝ නොවුණ අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන්නෙ.
ලෝකය යන සිස්ටම් එහෙම වෙනස් වෙන්නෙ නෑ ලේසියෙන්. ඒව වෙනස් වෙනකන් බලන් ඉන්න එකත්, එකපාර වෙනස් කරන්න හදන එකත් කරන්න අපහසු දෙයක්.
ගඟක් ගලද්දි අපි වේල්ලක් බැඳල නවත්තන්න හිතන්න ඕන නෑ. පොඩි අඟලෙ පයිප්පයක් දාල අපිට ඕන තැනට වතුර ගන්න විතරයි හිතන්න ඕන. වේල්ලක් බඳින්න පුළුවන් මිනිස් ශක්තියක් තියෙනවනම් හොඳයි. එහෙම උත්සහ කළා කියල වරදක් නෑ. ඒත් හැමෝට ම ඒක බැහැනෙ.




තාම බැලුවේ නෑ මොනවද තියෙන්නේ කියල..... :v :v


ටිකිරි මැණිකෙ කෙනෙකුට කියල ඇඹුල ගෙන්න ගත්තනම් හරි![]()




හරි අයියා කියන එක මිනිස්සුන්ගේ ඔළු තමයි මුලින්ම හදන්න ඕනේ![]()

ඔව් ඉතින් ඒක ඇත්ත. රටක් තනියෙන් වෙනස් කරන්න අමාරුයි.
මිනිස්සුන්ට ඕන අනිත් අයට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට හොඳක් වෙනවනම්, තමන් කරදරයක් නැතුව ඉන්නවනම්. ඒ මනස වෙනස්වුණ දාට අදට වඩා ගොඩක් අය ඕව ගැන හිතයි. හැබැයි එහෙම හිතනවා කියල බලාපොරොත්තු තියාගෙන හිටිය කියල වැඩක් නෑ. අපි අද දවසෙ අපි හා අපි අවට ඉන්න අයවත් යම් මතයකට ගෙනෙන්න, සාධනීයව දකින්න, හිතන්න හුරුපුරුදු කරන්න උත්සහ කළේ නැත්තම් කිසි පලක් නෑ. ජීවත් වුණා. මැරුණ විතරයි.
mona tikirilada bn mehe.....![]()
