2. Hotel booking confirmation
හොටෙල් book කරන්න ඕන තරම් web sites තියෙනවා. booking.com, agoda.com වගේ site එකකට ගිහින් නවතින දවස් ටික enter කරලා search කලාම අපිට ඕන කරන ජාතියේ requirements තියෙන අපිට ගැලපෙන එකක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මතක තියාගන්න සින්ගප්පූරුව කියන්නේ පැය 24ම ඇහැරිලා ඉන්න රටක්. අනික අපි ඒ රටට යන්නෙ කාමරේකට වෙලා නිදාගන්න නෙවෙයිනෙ. ඒ නිසා හොඳ පිරිසිදු hostel එකක් උනත් අවුලක් නෑ නිදාගන්න ටිකට. family එකක් යනවනම් separate room එකක් ගන්න. හැබැයි ඔය මොන හොටෙල් එකක් ගත්තත් මතක තියාගන්න අපේ hotel එක තියෙන්න ඕන MRT Station එකක ඉඳල පයින් යන දුරකින්. මොකද මම මේ කියන විදිහට අඩු වියදමකින් ගිහින් එන්න නම් අපිට ගමන් යන්න වෙන්නෙ MRT වල (විස්තර පසුවට ) booking sites වල පෙන්නනවා hotel එකේ ඉඳල ළඟම තියෙන MRT station එකට දුර. 500m ඇතුලතවත් තියෙන එකක් කළාම ඔයාට ලේසියි.
මම book කළේ agoda site එකෙන් spacepod කියලා hostel එකක්. අලුත්ම ක්රමේකට නිකන් space එකේ ඉන්නවා වගේ තමා cubicles හදලා තියෙන්නෙ. එක ඇතුලෙ power sockets, usb අනන් මනන් ඔක්කොම තියෙනවා. curtain එකෙන් වහගත්තම privacyත් හොඳයි. දවස් 4කටම ගියේ 9000ක් වගේ.
online book කලාම booking confirmation එකක් එනවා mail එකට. ඒකෙ printout එකක් අරගෙන අර file එකට දාගන්න.