ඒවල තමයි නියම හැඟීම් එන්නෙ.
ආදරයට, විරහවට නටන මියුසික් අහල වැඩක් තියෙනවයෙ.(මං කිවුවෙ මට, සමහර අයටනම් රොක් තමයි ඇඬීම වෙන්නෙ)
අැඩ්රස් නැති සිංදුවක්............ ඒ මොන ජාතියේ එකක් ද බන්![]()



හවස වලා වටුමෙන් පසු දුම්රෝද පිරි අහසේ
යනෙන මිනිස් පා ගැටුමෙන් නගිනා හද අස්සේ
ට්රෑම් කාර් බස් ලොරි ඈ අස්සේ
දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ
“හූ හූ” කියා යන එන හඩ මොහොතින් යට කරමින්
ඇත අහස හද ගෙනයයි ඒවා සැම අස්සෙන්’
‘එන්න පුතේ මේ බලන්න දේදුන්නක් පායා’
ඇගෙ අදුරු මුහුණ පෙනේ දේදුන්නට වැහිලා
ඇයිද ඉතින් නවතින්නේ නැතිව පලා යන්නේ
පිස්සනි ඇයි අහස දිහා ඇයි තොප නොබලන්නේ
පා හඩවල්, හූ හඩවල් තද වෙන ලොරි අස්සේ
දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ
කුඩා කලදී මිදුලට විත් සමන් පිච්ච වැල ගාවට
අහස දිහා බලා සිටිමි හද පිරි සතුටින් මොනවට
අදුරු දුමින්, පා ගැටුමින් වැසුනා ඒ දිවිය මහට
දෙදුන්නක් පායතියයි සිතුනේ නැත කිසිවිට මට
අදුරු දුමින් වැසුන අහස ඇයි නොකැළැල් නොවන්නේ
පිස්සනි ඇයි මොහොතක්වත් ඒ දෙස නොබලන්නේ
පිරී අහස සිරි සැපතින් පුරවා සිතු ලෙසිනේ
දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ
Proposal wade hari giyada?
