එක එකාට ඕන විදියට එහෙම වෙනස් කරන්න පුළුවන්නම් ඉතින් මොකට ද ඡන්දයක් තියෙන්නෙ. කොහෙ හරි පාරෙ ඉන්න පොරක් අහබු ලෙස තෝරගෙන ජනාධිපති හරි අගමැති හරි කරන්න පුළුවන්නෙ.
දැන් ඔය 62 ලක්ෂයක් ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් ඇහැවුව ද ඕක කරද්දි?
කොයි පැත්තෙන් කොයි පැත්තට පැන්නත් ඒක සම්පූර්ණ වැරදියි. මගේ මතය අනුව එහෙම පනින්න බැරි කරන්න ඕන. මොක ද මිනිස්සු ඡන්දය දෙන්නෙ ඒ පිරිස ඒ කාලෙ තිබුණ මතයට. දැන් ඒකට විරුද්ධ මතයට එකුතු වෙන්න අයිතියක් නෑ කාටවත්. ඒක ඉතින් කොයි පක්ෂයටත් එහෙම තමයි.
හැම දේම ජනතාවගෙන් අහන්න බැරි නිසානේ මෙ ක්රමේ හදලා තියෙන්නේ. තමන්ගේ මතේ නියෝජනය වෙන විශ්වාස වන්ත නායකයෙක් තෝරාගන්නවා ජනතාව. එයට ජනතාවගෙන් අහන්නතුව කරන්න පුළුවන් දේවල් ටිකකට බලය දෙනවා.
ජනාදිපති කෙනෙක් වගේ පත් කරද්දී, එකට අපේක්ෂකයෙක් දාද්දි, ඔව කල්පනා කරන්න එපැයි. පළිගැනීමේ චේතනාවම විතරක් තියාගෙන හරියන්නෙහැ. තමන්ට පක්ෂෙට සහ මතේට ගැලපෙන කෙනෙක් පත්කරන්න පක්ෂ නායකයොත් ජනතාවත් වගකියන්න ඕන. කොහොම හරි දිනන්න ගියාම ඔහොම තමයි දිනන්නේ.




කට්ටිය පස්සෙ පාර්ලිමේන්තුවක් හදන්න හැදුවෙ