~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලෝයර්ස්ල නඩුව ඇදගෙනත් යනවා.. උසාවියට පොඩ්ඩක් කියන්න ලෝයර් හරහා නඩුවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා..
    එතකොට පොලිසිය නඩුව කරගෙන යයි..
    නමුත් දැන් නඩුවේ තත්ත්වේ මොකක්ද දන්නෙ නෑ.. තාම B නම්බර් එකකින් නං නඩුව යන්නේ ඔයා තව කාලයක් යන්නම වෙනවා..
    ගිය පාරත් කිව්වා නඩුවෙන් අයින් වෙන්න ඕනේ කියලා, මේ පාරත් කියලා බලන්න ඕනා, මේ මාසේ අන්තිම නඩුව තියෙනවා, පොලිසියෙන් නම් කියන්නේ මට ලොයස්ලා අල්ලන්න ඔනෙත් නැහැ කියලා, මම පැසා 01 නිසා, මම ලොයර් කෙනෙක් ඇල්ලුවෙත් මේ නඩුවෙන් මට අයින් වෙන්න ඕනේ නිසා, දැන් නම් නඩු අංකේ B නම්බර් නෙමෙයි යන්නේ XXX/2014 කියලා නම්බර් එකක් තමයි යන්නේ. උසාවියට ලොයර් හරහා කිව්වොත් මට මේක මානසික වධයක්, මට බඩුත් එපා වන්දිත් එපා කියලා, මට නඩුවෙන් අයින් වෙන්න පුළුවන් වෙයිද ? ඔය බට ටිකයි ජැක් ටිකයි දැන් දිරලත් ඇති, මට ආරංචි උන විදියට ඒ බඩු ටික දැන් පොලිසියේ නැහැ, දාපු තැනක් දන්නෙත් නැහැ, තෙරුමක් නැති නඩුවකට මම කට්ට කනවා. අඩුම තරමේ උසාවියෙන් තාම මගෙන් කිසිම සාක්ෂියක් ගත්තෙත් නැහැ, අනික දැන් මට ඒ විස්තර එච්චර මතකත් නැහැ. උසාවිය මගෙන් සාක්ෂි අහනකොට මට ඒ සිද්ධිය ගැන සමහර දේවල් මතක නැහැ කිව්වොත් මට ප්‍රශ්නයක් වෙයිද ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි ලේසියි කිව්වේ පොලිසියෙන්ම ඔක්කොම වැඩ කරනවද? කෙල්ලව අපහසුතාවයට පත් නොකර?

    ඒ වගේ දේකදී මොන වගේ දඩුවමක් ද දෙන්නේ?

    පුළුවන් නම් උත්තරයක් දෙන්න :)
     

    thanujaka

    Well-known member
  • අගවිනිසුරුතුමා නීතිපතිට වඩා ඉහලින්ද ඉන්නෙ? මේ දෙන්නම ස්වාධීනයිද (පොතේ හැටියට නෙවෙයි සැබෑජීවිතයෙදි ) ? මේ දෙන්නගෙන් එක්කෙනෙක් වත් ජනාධිපති දෙන නියෝග පිලිගන්න ඕනෙද?

    thanks for replying in advance


    ඔව් අගවිනිසුරු නීතීපතිට වඩා ඉහලින් ඉන්නේ..
    සමහර කාල වල පත්වෙන ඔය දෙන්නම ස්වාධීනයි, සමහර කාල වල පත්වෙන ඔය දෙන්නම පක්ශග්‍රාහියි..
    නීතිපති දෙන්නේ උපදෙස් ඒවා නියෝග නෙමෙයි, අගවිනිසුරුට තනියම දෙන්න බෑ තව දෙන්නෙක් ඕනෙමයි..
    එහෙම උසාවියකින් දෙන තීන්දු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ..
     

    thanujaka

    Well-known member
  • ගිය පාරත් කිව්වා නඩුවෙන් අයින් වෙන්න ඕනේ කියලා, මේ පාරත් කියලා බලන්න ඕනා, මේ මාසේ අන්තිම නඩුව තියෙනවා, පොලිසියෙන් නම් කියන්නේ මට ලොයස්ලා අල්ලන්න ඔනෙත් නැහැ කියලා, මම පැසා 01 නිසා, මම ලොයර් කෙනෙක් ඇල්ලුවෙත් මේ නඩුවෙන් මට අයින් වෙන්න ඕනේ නිසා, දැන් නම් නඩු අංකේ B නම්බර් නෙමෙයි යන්නේ XXX/2014 කියලා නම්බර් එකක් තමයි යන්නේ. උසාවියට ලොයර් හරහා කිව්වොත් මට මේක මානසික වධයක්, මට බඩුත් එපා වන්දිත් එපා කියලා, මට නඩුවෙන් අයින් වෙන්න පුළුවන් වෙයිද ? ඔය බට ටිකයි ජැක් ටිකයි දැන් දිරලත් ඇති, මට ආරංචි උන විදියට ඒ බඩු ටික දැන් පොලිසියේ නැහැ, දාපු තැනක් දන්නෙත් නැහැ, තෙරුමක් නැති නඩුවකට මම කට්ට කනවා. අඩුම තරමේ උසාවියෙන් තාම මගෙන් කිසිම සාක්ෂියක් ගත්තෙත් නැහැ, අනික දැන් මට ඒ විස්තර එච්චර මතකත් නැහැ. උසාවිය මගෙන් සාක්ෂි අහනකොට මට ඒ සිද්ධිය ගැන සමහර දේවල් මතක නැහැ කිව්වොත් මට ප්‍රශ්නයක් වෙයිද ?


    හුග කාලයක් නෑනේ ඒ නිසා මතක නෑ කියන්න එපා මතක මතක විදිහට විස්තර කියන්න..
    පැසා 1 කියලා ඔයාගේ කට උත්තරේ ගන්නකං නඩුවකට යන්න..
    ඊට පස්සේ යන්න ඕනේ නෑ..

     

    thanujaka

    Well-known member
  • පුළුවන් නම් උත්තරයක් දෙන්න :)


    කෙල්ල අපහසුතාවට කොහොමත් පත් වෙනවා..
    නඩු කියන්න ලේසියි කියලයි කිව්වේ..
    පොල්සියෙන්ම පොරව අල්ලලා නඩු දානව අපේ සාක්ශි විමසන දවසට ලෝයර් කෙනෙක් අල්ලල නඩුවට ගියාම ඇති නඩුව එච්චර කරදර නෑ ඒත් ඉතින් වෙන්නේ ඔහිම නඩුවකට ගියාම වීඩියෝ එක නොබලපු සේරම කට්ටියත් ඒ වීඩියෝ එක බැලුවා..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බෑ එහෙම කරන්න බෑ..
    වාහනය එලවනකොට අවධානය පාරට ඇරෙන්න වෙන කිසිම තැනක තියාගන්න බෑ..
    ඕකත් ඇති කෙනේකුගේ අවධානය වෙනස් වෙන්න..
    ඒක කලත් වරදක් ඒ නිසා..


    එතකොට කාර් එකෙ ගුගල් මැප් දාගෙන ගියොත්...... එකත් වරදක් නෙද?
     

    thanujaka

    Well-known member
  • එතකොට කාර් එකෙ ගුගල් මැප් දාගෙන ගියොත්...... එකත් වරදක් නෙද?


    වහනේක හෙඩ් සෙට් පාවිච්චියක් වෙන්නේ නෑනේ..
    බයික් එකක උනත් දැන් අර මොකද්ද ගැජට් එකක් තියෙනව ෆෝන්
    එක හයි කරන්න පුළුවන් ඒක හැඩ්ල් එකෙන් හයි කරලා ලවුඩ්ස්පීකර් එකෙන් අහන එක ප්‍රශ්නයක් නැ..
    හෙඩ් සෙට් යොදාගෙන හෝ ෆෝන් එක හෙල්මට් එක අස්සෙන් කණේ ගහගෙන යන්න තමයි බැරි.
    හේතුව පාරේ විධාන ඇහෙන එක අඩුවෙනවා එතකොට..
    සමහරවිට හෙට් සෙට් එක කණේ නිසා හෝන් කරන එව්ව ඇහෙන්නේ නෑ..
    කාර් එකක උනත් හෙඩ්සෙට් ගහගෙන අහන් යන්න තහනම්.. එහෙම නැතුව නිකං දාගෙන යන එක ප්‍රශ්නයක් නෑ..
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    top-hat-bow-207x300.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙල්ල අපහසුතාවට කොහොමත් පත් වෙනවා..
    නඩු කියන්න ලේසියි කියලයි කිව්වේ..
    පොල්සියෙන්ම පොරව අල්ලලා නඩු දානව අපේ සාක්ශි විමසන දවසට ලෝයර් කෙනෙක් අල්ලල නඩුවට ගියාම ඇති නඩුව එච්චර කරදර නෑ ඒත් ඉතින් වෙන්නේ ඔහිම නඩුවකට ගියාම වීඩියෝ එක නොබලපු සේරම කට්ටියත් ඒ වීඩියෝ එක බැලුවා..

    බොහොම ස්තුතියි උත්තරේට :)

    ඔය වගේ case එකකක්දී මොන වගේ දඩුවම්ද සාමාන්‍යයෙන් ලැබෙන්නේ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැවරූ දේපොල ආපහු හරවන්න බෑ..
    ඉතිරි දේපොල වලට විතරයි ඒක වලංගු එතකොට..
    අන්තිම කැමති පත්‍රයක් ලැබුනම ඒක දිසා අධිකරණයෙන් තමයි බලාත්මක කරගන්න ඕනේ..
    ප්‍රායෝගිකව ඕව තියෙන්නේ ලෝයර් කෙනෙක් ලග මිනිස්සු අතේ නෑ.. එහෙම එකක් තියෙනවනං ඒ කෙනා මැරුණම ලෝයර් ඒක උසාවියට දානවා ඒ අදාල පාර්ශව වලට දැනුම් දීලා..

    හම්මෙ ඇති එහෙනම්... මට පොඩි බයක් තිබ්බ... :):cool:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම නිතරම කවි ලියනවා, එවයින් සමහර එවා 18+ වගේ යන එවා, සමහර වෙලවට කව්රු හරි දාපු ත්‍රෙඩ් එකක ඉන්න මොඩල කෙනෙක් හරි නිලියකගේ හරි පින්තූර වලට මම කවි ලියනවා, කවද හරි ඒ කෙනෙකුට පුළුවන් කමක් තියෙනවද මට විරුද්ධව ක්‍රියා මාර්ඟයක් ගන්න.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    ආයෙත් 18 වෙනිදට කලින් එලකිරි එන්න වෙන්නෙ නෑ. ඔබතුමාට බොහොම ස්තුතියි දැනුම බෙදා දීම ගැන, හොද නිවාඩුවක් ගත කරන්න ලැබේවා කියලා පතනවා.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම නිතරම කවි ලියනවා, එවයින් සමහර එවා 18+ වගේ යන එවා, සමහර වෙලවට කව්රු හරි දාපු ත්‍රෙඩ් එකක ඉන්න මොඩල කෙනෙක් හරි නිලියකගේ හරි පින්තූර වලට මම කවි ලියනවා, කවද හරි ඒ කෙනෙකුට පුළුවන් කමක් තියෙනවද මට විරුද්ධව ක්‍රියා මාර්ඟයක් ගන්න.

    :lol::shocked:
    කවියක් ලියන්නට සිතුනත් මෙමා හට
    නඩුවක් වැටේවිද කියලා හිතෙන කොට
    හිරි ගඩු පිපි දාඩිය ගලන විට
    සුලු දිය පහවෙනවා නඩුවට ඇති බයට

    නිලියක් ඇන්දාම ඇග පෙනුමට ඇදුම
    මට හැදෙනවා හරි කිචියක් පුදුම
    කවියක් හැදෙනවා මගේ දැතෙන් කදිම
    ඒවා ලියන මාහට දගගෙදරද උරැම
     

    thanujaka

    Well-known member
  • බොහොම ස්තුතියි උත්තරේට :)

    ඔය වගේ case එකකක්දී මොන වගේ දඩුවම්ද සාමාන්‍යයෙන් ලැබෙන්නේ?


    වැරදි කාරයා උනොහ් වසර දෙකයි හිර දඩුවම..
    අවම ලක්ශ තුනයි වන්දිය.
    ඒක ගෙව්වේ නැත්තං තව වසර දෙකක් දඩුවම දික් වෙනවා..
     

    thanujaka

    Well-known member
  • මම නිතරම කවි ලියනවා, එවයින් සමහර එවා 18+ වගේ යන එවා, සමහර වෙලවට කව්රු හරි දාපු ත්‍රෙඩ් එකක ඉන්න මොඩල කෙනෙක් හරි නිලියකගේ හරි පින්තූර වලට මම කවි ලියනවා, කවද හරි ඒ කෙනෙකුට පුළුවන් කමක් තියෙනවද මට විරුද්ධව ක්‍රියා මාර්ඟයක් ගන්න.


    නෑ කවි නිසදැස් ඒවා ගැටළුවක් නා..
    සාහිත්‍යමය ස්වරූපයෙන් ඕන කුණුහරපයක් ලියන්න පුළුවන් ලංකාවේ ඒක ගැටළුවක් නෑ..
     

    thanujaka

    Well-known member
  • ආයෙත් 18 වෙනිදට කලින් එලකිරි එන්න වෙන්නෙ නෑ. ඔබතුමාට බොහොම ස්තුතියි දැනුම බෙදා දීම ගැන, හොද නිවාඩුවක් ගත කරන්න ලැබේවා කියලා පතනවා.


    බොහොම ස්තූතියි..
    ඕගොල්ලන්ටත් ජීවිතේ හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..:)