free will මායාව...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඔය බර ‌දේවල් ‌තේරෙන්නෙ නෑ යකූ...මම තව ඉස්කෝලෙ යන ‌පොඩි එකා...16 ට මාස 6 යි යකූ...මම එකයි දන්නෙ...කසුන් මචං ‌ත්‍රෙඩ් එකනම් පට්ට ඒත් ‌මෙලෝ ‌දෙයක් ‌තේරෙන්නෙ නෑ බන්:no::no::no:...ඒත් ‌මේකට රෙප්+++

    එල එල thanks.. :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මං අර දවසක් කිවපු Hume හේතුව ඵලය ගැන කියපු එක හොයල බැලුවද :) ඒ ගැන මොකද හිතන්නෙ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මං අර දවසක් කිවපු Hume හේතුව ඵලය ගැන කියපු එක හොයල බැලුවද :) ඒ ගැන මොකද හිතන්නෙ ?

    මතක නෑනේ බං, miss වෙලා... :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,092
    113
    ubata oya oluwata ena wikara dala blog ekak patan ganinako ban.adsense income ekak hari ei.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මතක නෑනේ බං, miss වෙලා... :sorry:

    හේතුව>ඵලය අපි භෞතික ලෝකයේ නිරීක්ශණය කරපු දෙයක් නෙමේ :no: බිලියඩ් බෝල දෙකක් ගනිංකො. උඹ කලු බෝලෙන් රතු බෝලෙකට ගහනව. උඹට නිරීක්ශණය කරන්න පුලුවන් එකම දේ කලු බෝලෙ යනව>ඒක රතු බෝලෙ හැප්පෙනව>එකතැන තිබ්බ රතු බෝලෙ යන්න පටං ගන්නව+කලු බෝලෙ ගමන වෙනස් වෙනව කියන සිදුවීම් මාලාව විතරයි.

    ඔය සිදුවීම් අතරෙ කිසිම තැනකදි උඹට හේතුවක් කියල දෙයක්, හේතුවක් කරණ කොට ගෙන දෙයක් වීම කියල දෙයක් නිරීක්ශණය කරන්න ලැබුනෙ නෑ.

    ඒත් නිතර නිතර දැකල උඹ දන්නව කලු බෝලෙ යද්දිම මේක හැප්පුනාම රතුබෝලෙට චලිතයක් ලැබෙනව කියල. ඒක නිතරම නිරීක්ශණය වුන රටාවක් විතරයි. හේතුව+ඵලය කියන්නෙ මේක විස්තර කරන්න අපි හදාගත්තු සංකල්පයක්. අපේ අදහස් වල හරයේම තියෙන කිසිම සංකල්පයක්.

    මේ වගේ තව ගොඩක් ඒව තියෙනව අපි කොහෙවත් දැකල නැති දේවල් මේ ලෝකෙ ඇතැයි කියල අරගෙන අත්දැකීම් තේරුම් ගන්නව. ඒව මාර practical. ඒත් අපි හේතුඵලවාදය භෞතික ලෝකයේ දැකල නැත්තං අපි කොහොමද 100% සහතිකව කියන්නෙ ඒක භෞතික ලෝකයේ ගුණාංගයක් කියල ? ඒක අපි දකින දේවල් විස්තර කරගන්න හදාගත්තු සංකල්පයක් කියන එක විතරයි අපි දන්නෙ. ඒක සිීමා මායිම් නැතුව සියල්ලට නිවැරදිව යොදන්න පුලුවන් කියල අපි කියන්නෙ කොහොමද ?

    freewill vs determinism ප්‍රශ්නෙදිත් determinism එකේ හරයේම තියෙන්නෙ භෞතික ලෝකය ක්‍රියාකරන හේතුඵලවාදී නිශ්චිත නියම ටිකක්නෙ. ඒත් කවුරුවත් මේ නියම නිරීක්ශණය කරල නෑනෙ. වෙන්නෙ අපි කරන නිරීක්ශණ පැහැදිලි කරන්න සාර්ථකව හේතුඵලවාදය යොදාගන්න පුලුවන් වීම විතරනෙ.
     
    ඕක ඉතින් inductive reasoning වල තියන ප්‍රශ්නයක්නේ....
    එත් , දැනට පරික්ෂා කරලා තියන ලොකු වස්තු සේරම නිව්ටන්ගේ නියම පිළිපදිනවා, පොඩි වස්තු probabilistic කියල හිතමුකෝ එතකොට විශ්වය deterministic නැති වෙනවා තමයි , එත් එකෙන් free will එකක් ලැබෙන්නේ නෑනේ...

    free will එකක් තියෙන්නේ බෑ විශ්වය deterministic උනත් probabilistic උනත්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,092
    113
    ඇයි ඒ. මොන විදියටද? :confused:

    lostallhopes.blogspot.com වගේ එකක් තමා දාන්න වෙන්නේ.. :D

    blogspot newe ubata site ekakma hadala dennan eke dapan.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ඉතින් inductive reasoning වල තියන ප්‍රශ්නයක්නේ....
    එත් , දැනට පරික්ෂා කරලා තියන ලොකු වස්තු සේරම නිව්ටන්ගේ නියම පිළිපදිනවා, පොඩි වස්තු probabilistic කියල හිතමුකෝ එතකොට විශ්වය deterministic නැති වෙනවා තමයි , එත් එකෙන් free will එකක් ලැබෙන්නේ නෑනේ...

    free will එකක් තියෙන්නේ බෑ විශ්වය deterministic උනත් probabilistic උනත්

    නෑ නෑ problem of induction ඒක වෙනම ප්‍රශ්නයක්.
    ඒක මේකට අදාල නෑ මේකට අදාල වෙන්නෙ හේතුඵල වාදය ගැන කියපු එක.

    හේතුඵල වාදය කියන්නෙ නිරීක්ශණ පැහැදිලි කරගන්න අපි හදාගත්තු සංකල්පයක්. ඒ සංකල්පෙ තව ඉස්සරහට ගෙනිහිල්ල විශ්වයම නියම (විශේෂයෙන් ගණිතයෙන් ප්‍රකාශ කරන්න පුලුවන්) වලට යටත්ව ක්‍රියාකරන යන්ත්‍රයක් කියල කියන්න බෑ කියලයි කියන්නෙ.

    මේකෙන් කියන්නෙ නෑ එහෙම අරගෙන පුරෝකථන කරන්න බෑ කියල. නිව්ටන් ගෙ නියම වගේ ඒව සාර්ථකව වැඩ කරනවනෙ. එහෙම නියම අපිට දකින්න පුලුවන්. ඒවගෙන් ප්‍රයෝජන ගන්නත් පුලුවන්. ඒත් විශ්වයේ අන්තිම කුඩා detail එක දක්වා ඒක තමා නියම ස්වභාවය කියල කියන්න බෑ කියලයි කියන්නෙ. එහෙම කියනවනං අපි implicitly හේතුඵලවාදය කියන දේ විශ්වයේ නියමාකාරයෙන් තියෙන ගුණයක් කියල අපි උපකල්පනය කරල. එහෙම කරන එක හරිද ?

    deterministic, probabilistic මේ theory දෙකේම අපි දන්නෑනෙ මේකමද හරි එක කියල. probabilistic theories ටිකත් අපි නිරීක්ශණ පැහැදිලි කරන්න ගොඩනගාගත්තු මිනිසාගේ නිර්මාණයක්නෙ. මොනම විදිහකිංවත් අසාමාන්‍ය revelation එකක් නෙමේනෙ. මිනිස්සුන්ට theories ඕනෙ තරං හදන්න පුලුවන්. එක තියරියක් තව ඊට වඩා fundamental theory එකක විශේෂ අවස්ථාවක් හෝ emergent property එකක් විදිහට දකින්න පුලුවන්. ඒ හැම තියරියකිංම විශ්වය හැසිරෙන විදිහක් ගැන පුරෝකථනය කරන්න අපිට හැකියාව ලැබෙනව මිසක් සැබෑ යථාර්තය මොකක්ද කියල තේරුම් ගන්න උදව්වක් වෙන්නෙ නෑනෙ.
     
    අන්තිම කුඩා detail කියන්නේ ඉතින් උප පරමාණුක අංශු නේ.. ඒවා වල හැසිරීමට දැනට තියන theory වලින් පැහැදිලි කරන්න බැරි..
    විශ්වයේ හැසිරීම detemnistic ,probabilistic or වෙන එකක් උනත්, free will කියල දෙයක් තියෙන්න පුලුවන්ද! එහෙම වෙන්න නම් මොලේ තියන අංශු වල හැසිරීම වෙනස්ම වෙන්න ඕනේ,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්තිම කුඩා detail කියන්නේ ඉතින් උප පරමාණුක අංශු නේ.. ඒවා වල හැසිරීමට දැනට තියන theory වලින් පැහැදිලි කරන්න බැරි..
    විශ්වයේ හැසිරීම detemnistic ,probabilistic or වෙන එකක් උනත්, free will කියල දෙයක් තියෙන්න පුලුවන්ද! එහෙම වෙන්න නම් මොලේ තියන අංශු වල හැසිරීම වෙනස්ම වෙන්න ඕනේ,

    උප පරමාණුක අංශු කියන්නෙ අපි දැනට හදාගෙන තියෙන සංකල්පෙනෙ බං. string theory වගේ එව්වට අනුව උප පරමාණුක අංශුත් තන්තු වල හැසිරීම් වලිං විස්තර කෙරෙනවනෙ. මේකෙ කෙලවර කොතනද ? විද්‍යාවෙ (භේෟතික) කෙරෙන්නෙ යථාර්තය ගවේශණයක් නෙමේනෙ බං. මෙහෙම වෙන්නෙ මේ නිසා වෙන්න ඇති කියල හිතල ප්‍රවාද නිර්මාණය කරල ඒ ප්‍රවාද වලට අනුව වෙනව කියල ගම්‍ය වෙන දේවල් ඇත්තට වෙනවද කියල එක එක විදිහට පරීක්ශණ කරල බලනව. ඒ නිරීක්ශණ ප්‍රවාදෙන් ලබාදුන්නු ප්‍රතිඵල වල අගයන්ට ආසන්න නං ප්‍රවාදෙ හරියි කියල පිළිගන්නව. නැත්තං ප්‍රවාදෙ එක්කො පොඩි වැරැද්දක් කොහෙ හරි තියෙනව, නැත්තං පරීක්ශණේ අවුලක් තියෙන්න පුලුවන්ද බලල ආයෙ හොඳට කරනව වගේ ගොඩක් දේවල් කල්ල බලනව. එතන යථාර්තය ගවේශණයක් වෙන්නෙ නෑනෙ.

    ඔය කතාව lecture එකක richard feynman ලස්සනට පැහැදිලි කරනව. භෞතික විද්‍යාවෙ එකම අගයන් තියෙන ප්‍රතිඵල දෙන ඒත් ප්‍රතිඵලේ ගන්න විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවාද 2ක් තියෙනවනං කිසිම විදිහක් නෑ මේ දෙකෙන් හරි කෝකද වැරදි කෝකද කියල දැනගන්න. දෙකෙන්ම එකම ප්‍රතිඵල දෙන නිසා කොච්චර පරස්පර වුනත් දෙකම පිළිගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ.

    deterministic වේවා probabilistic වේවා මේ සේරම දේවල් මිනිසා ගොඩනඟපු තියරිනෙ. එතන තියෙන්නෙ නිරීක්ශණ+පරීක්ශණ එක්ක අවුරුදු ගානක් තිස්සෙ සෑහෙන දුරට නිරවද්‍ය ප්‍රතිඵල දෙමින් එකඟ වීමක් මිසක් යථාර්තය මොන වගේද කියල යථාර්තයත් එක්ක ඔට්ටු වෙවී කරපු ගවේශණයක් නෙමේනෙ.

    ඒ තියරි සිදුවීම් පුරෝකථනය කරන්න, විස්තර කරන්න පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ඒක තමා යථාර්තය එතනිං එහාට දෙයක් නෑ කියල අරගෙන ඒකට එකඟ නොවෙන සියල්ල (free will) ප්‍රතික්ශේප කරන්න පාවිච්චි කරන්න බෑනෙ.

    free will එකක් නෑ සියල්ල determined කියන්න පාවිච්චි කරන්නෙ ඒ ප්‍රවාද වල සාර්ථකත්වය මිසක් වෙන මොකවත් නෙමේනෙ. එහෙම කරන්න පුලුවන්ද ?

    අනික මේ පරීක්ශණේ විදිහට අපි ගන්න ඉන්නෙ මොන තීරණේද කියල කල් ඇතුව පුරෝකථනය කලා කියමුකො. ඒත් අපි ඒ තීරණේ ගන්නව කියල මොලේ හැසිරීම බලල පරීක්ශණය කරන කෙනා අපිට කිව්වොත් අපිට ටක් ගාල ඊට විරුද්ධ දේ කරන්න තීරණය කලහැකිනෙ. free will එකක් කියල දෙයක් කොහොමටවත්ම නැත්තං එහෙම දෙයක් කිව්වත් තමන්ට ගන්න ඉන්න තීරණේ වෙනස් කරන්න බැරි වෙන්න ඕනෙනෙ.
     
    ඔව් ඉතින් ඒ විදියට හිතුවම මුකුත් තරණයක් ගන්න බෑ කිසි දෙයක් ගැන..

    බෞතික හිතලම නෙමෙයි , අපේ මොලේ ක්‍රියා කරන විදිය ගැන හිතුවමත් free will එකක් තියෙන්න බෑ කියල තමයි හිතෙන්නේ,,,