ලංකාවෙ රීලෝඩ් දාන මැශින් එකක් හදපු කම්පැනියක් තියනවා (අර ශොප් වල තියෙන්නෙ කස්ටමර්ම ඇවිත් ෆෝන් නම්බර් එකයි ගානයි ගහනවා කඩේ එකාගෙ පැත්තෙ බටන් එකක් තියනවා, සල්ලි දුන්නම කඩේ එකා බටන් එක ඔබනවා යූසර්ගෙ නම්බරේට හහපු ගාන රීලෝඩ් එක වැටෙනවා)
මේකට අර හදපු කම්පැනිය පේටන්ට් එකක් අරන් තියනවා. මට තියන ප්රශ්නෙ ලංකාවෙ මේකට පේටන්ට් එකක් දුන්නෙ ඇයි කියන එක මොකද මේක අලුත් අදහසක් නෙමයි වෙන රටවල දශක ගානක් තිස්සෙ මේ වගේ සෙල්ෆ් පේමන්ට් මැශින්(KIOSKS කියලා කියන්නෙ) තියන නිසා.
දැන් පේටන්ට් එක අරන් ඉවරනේ, මට තියන ප්රශ්නෙ අපිත් මේ වගේ මැශින් එකක් හදලා විකුනන්න ගත්තොතින් අර කලින් කම්පැනිය නඩු දැම්මොතින් අපිට නඩු කියල දිනන්න පුලුවන් හැකියාවක් තියෙද කියන එක. මොකද පේටන්ට් එක දීල තිබුනට මේ මැශින් එක ඉනොවේශන් එකක් නොවෙන නිසා
තව විස්තර ඕන නම් කියන්න පුලුවන්.