මෙහෙමයි මචං.
ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.
විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.
ඔව් ඒක වලංගුයි.
නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)
ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
මම අකමැතියි කියමු,
එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.
දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
නෑ ඒක වෙනස්.
මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.
ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
පාර්ලිමේන්තුව අදාලම නෑ.
කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?
මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.
ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.