ගොඩාක් අය FD Loan එක ගැන මේ සමූහයේ කතා උනා..ඒක ගැන මම දන්න ස්වල්ප දේ මේ පෝස්ට් එකේ දාන්නම්. ඒක විස්තර හොයන අයට ටිකක් හරි වැදගත් වෙයි.
පෝස්ට් එකේ සමහර තැන් වලදී ගනනකින් උදාහරණ දෙන්න වෙයි ඒක නිසා ඒ හැම තැන දීම මේ FD එක උදාහරණයට ගමු.
Fd value 1,000,000/- (lkr)
Fd rate - 12%
Fd ලෝන් එකට අය කරන අමතර පොලිය 3%
* ගොඩක් අයට මේ ලෝන් එක බොරු වැඩක් කියලා හිතෙයි. මටත් මුලින් හිතුනා.
මේක ගොඩක් වැදගත් කෙටි කාලීන් ප්‍රාග්ධන අවශ්‍යතා සහිත ව්‍යාපාරිකයන්ට හා මාස්පතා මුදල් එකතු කරන්න අමාරු පුද්ගලයින්ට.
* ලෝන් එකේ rate එක හැදෙන්නෙ කොහොමද - fd එකේ වාර්ශික සපථ පොලී අනුපාතය + 3%
(සපත පොලී අනුපාතය/ annual effective rate - ඒ කියන්නෙ අපි වසරකට වඩා අඩු කාලයකට fd එක දැම්මත්, හිතන්න මාස 3 දැම්මා කියලා. මාස 3 කල්පිරිලා ඒක නැවතත් මාස 3 කට අලුත් වෙනකොට කලින් මාස 3 පොලියත් එක්කම තමයි අලුත් වෙන්නෙ..එතකොට දෙවෙනි මාස 3 දී කලින් වර පොලියටත් තව පොලියක් හැදෙනවා ( වැල් පොලී වගේ) එහෙම බැලුවාම FD එකේ ඇත්තම RATE එක අපි FD එක දාන RATE එකට වඩා වැඩී.)
* ලෝන් එක ගෙවිය හැකි ක්‍රම - BULLET PAYMENT ( ගන්න නය මුදල ගිවිසගත් කාලයක් අවසානයේ එකවර ගෙවා දැමීම.( මෙතනදී ආපසු ගෙවන කාලය මාසෙකට වැඩි නම් අනිවාර්‍යයෙන් ලෝන් එකේ මාසිකව හැදෙන පොලිය පමනක් මාස්පතා ගෙවිය යුතුම වෙනවා)
- equated payment - ස්තාවර වාරික ක්‍රමය. ගිවිස ගත්ත කාලය පුරාවටම සමාන වාරික වලින් ලෝන් එක ගෙවීම.
- equal payment - හීන වන ශේශ ක්‍රමය. මුල් වාරිකයේ සිට ලෝන් ගෙවිය යුතු මාසික වාරිකය ක්‍රමයෙන් අඩු වීම.
( මේ මොන ක්‍රමයෙ උනත් අපිට සැලකිය යුතු මුදලක් ලෝන් එකට දාන්න පුලුවන් කිසිඳු පොලියක් ඒ මුදලට අය නොකර. සමහර බැංකු වල ඒකට පොඩි ගාස්තුවක් අය කරනවා.)
* fd ලෝන් එකක් ගන්න ඉන්නවා නම් කවදාවත් වසරකට වඩා කාලයක්ට fd එක දාන්න එපා.
(වාර්ශිකව හෝ ඉට අඩු කාලයකින් renew වෙන ලෙස ලෝන් එක ගෙවලා ඉවර වෙනකන් fd එක පවත්වාගෙන යන්න - වසර 5ක් උනත් පුලුවන්)
* අපි fd ලෝන් එක සැලකිය යුතු ප්‍රමානයක් ගෙවලා ඉවරනම් අපිට ඒකෙන් loan එක top up කරන්න පුලුවන්.
* FD එක renew වෙනකොට පවතින වෙලඳපල rate එකට renew වෙන නිසා ලෝන් එකේ මාසිකව ගෙවන මුදලත් සුලු වශයෙන් වෙනස් වෙන්න පුලුවන්.
* ලෝන් වාරිකය හදන හැටි - FD AER + margin rate ÷ tenor
උදා - කලින් fd එක වසරක කාලයට දාලා වසරකින් ගෙවන්න 90% ක් ලෝන් එකක් ගත්තොත්
Loan rate එක = 12+3 = 15%
900,000 + (900,000*15%) /12 = 81,232.48
copied elakiri.com post