Lankawe
Lankawe thiyenne maha ponna neethine.owwa hadanna yawana manthree ballanta Parliament giyata passe ewwa mathaka naha
කියල වැඩක් නෑ මේව අපි දන්නෙත් නැහැ ඵළකිරිය නැත්නම්..
මේ ගැන හරියට දන්න කෙනෙක් නැද්ද බන්... ?? අනෙක නොතාරිස් කියන්නේ කාට ද? මේවා ගැන මේ නීති රීති ගැන කියවලා දැන ගන්න හරි තැනක් තියනවනම් පොතක් පතක් තියනවනම් දාහල්ලකෝ බන්..
කේවියට් තහනම ( caveat /"let him beware")
1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා නෛතිකව බලාත්මක වන කේවියට් තහනම යනු දේපල හිමිකාරීත්වයට වු ආරක්ෂාකාරී ප්‍රවේශයකි. මෙම පනතේ 32(1) උප වගන්තිය අනුව යම් දේපලක් සම්බන්ධයෙන් තම හිමිකමට ප්‍රතිවිරුද්ධ හිමිකමක් ලියාපදිංචි කිරිම සඳහා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් වුවහොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන ලෙස ඉල්ලීම කේවියට් තහනම වේ.
මෙම පනත හරහා යම් දේපලක් සම්බන්ධයෙන් හිමිකමක් නොදරන එහෙත් දේපල කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුටද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස දේපලක් විකිණීමට වු පොරොන්දුවක් ලද අයෙකු විසින් කරනු ලබන ලියාපදිංචිය දැක්විය හැක.
යමෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කූට ලේඛනයන් ඉදිරිපත් කර අයිතිවාසිකම් ලබාගැනීමේ උත්සාහයන් වලක්වාලීම කේවියට් තහනමක අරමුණ වේ.එමෙන්ම මෙමගින් යම් දේපලක් මිලට ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සද්භාවි පුද්ගලයකු ආරක්ෂා වීමද සිදුවේ.
දැන්වීමක ස්වරූපයක් ගන්නා මෙම ඉල්ලීම පනතේ දෙවන උපලේඛණයේ 8 වන ආකෘතිය අනුව සකස් කල යුතු අතර මෙය ඉදිරිපත් කරන්නා කේවියට්කරැ ලෙස හඳුන්වනු ලැබේ.තවද කේවියට් තහනම ලියාපදිංචි කිරීම වෙනුවෙන් ලියාපදිංචි ගාස්‌තුවක්ද ගෙවිය යුතු වේ.වර්තමානයේ එය වසර 02 කට රු 2500/= බැගින් ඕනෑම කාලයක් සඳහා අදාළ පරිදි ලියාපදිංචි කල හැක.
32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.
නීතිඥ මදුෂානි පතිරාජ එදිරිවීර.