නොදන්න අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. .
වට ප්‍රමාන අනුව අපි මිලදි ගන්න විදිය වෙනස්. .
වට ප්‍රමානය 2න් උඩ නම් කියුබික් අඩිය මේ විදියට මිල වෙනවා. .
කපපු නැති ගහක් නම් කියුබික් අඩියට 550,
කපලා බිමදාලා ප්‍රවහන බලපත්‍රය අරගෙනනම් කියුබික් අඩියට 750,
මොරටුවට ගෙනත් දෙනවනම් කියුබික් අඩියට 1050
ඔය විදියට මිල තියෙන්නේ. . හිතන්නකෝ වට ප්‍රමානය 3න් උඩ කියලා. . එතකොට මේ විදියයි. .
කපපු නැති ගහක් නම් කියුබික් අඩියට 900,
කපලා බිමදාලා ප්‍රවහන බලපත්‍රය අරගෙනනම් කියුබික් අඩියට 1100,
මොරටුවට ගෙනත් දෙනවනම් කියුබික් අඩියට 1400
මුලින්ම ඔයාට දෙන්න පුලුවන් මොන විදියට කියලා ඔයාම තිරනය කරගන්න. .
රජයේ ආයතන වල රස්තියාදු වෙලා පර්මිට් දාන්න පුලුවන්ද බලන්න. .
මිනිස්සු හොයලා වැඩ ටික කරගන්න පුලුවන්ද බලන්න. .
ප්‍රායෝගිකව මේ ටික කරන්න වෙනවා. .
ගස් මාක් කරන්න ඕනා මුලින්, කැපුම් අවසරේ ගන්න ඕනා (මේකට සමහර වෙලාවට මිනින්දෝරු දෙපාර්තු මේන්තුවේ සිතියම් ඕන වෙනවා) කැපුම් අවසරේ අරන් බිම දාන්න ඕනා, ප්‍රවහන බලපත්රේ ගන්න ඕනා, වන සOරක්ශන එකෙන් සීල් කරන්න ඕනා ප්‍රවහනයට කලින්, ලොරියට පටවන්න ඕනා, මග දිගට පොලිසියට සලකන්න ඕනා. .
ඔයිට අමතරව සමහර පලාත්වල පාතාල කේස් තියෙනවා. . ඒවලටත් මුනදෙන්න පුලුවන් වෙන්න ඕනා. .
සමහර පැතිවල ලී බිස්නස් කරන මුදලාලිලා අල්ලන් ඉන්නේ පර්මිට් ගන්න සැහෙන අමාරුයි ගත්තත් ලොකු පාගාවක් දෙන්න ඕනා. .
ඒත් මේකේ ඉන්න අයට එහෙම මොරටුවට ගෙනත් දෙන්න බැරිනම් ගස් ටික වත්තේ තියෙද්දිම අරගන්නම්. . අපි අනිත් වැඩ කරගන්නම්. .