තේක්ක ගස්

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ස්ප්‍රේ එකේ ලාස්ට් කෝඩ් එකද අහන්නේ?
    ක්‍රම 3කට ෆිනිශින් තියෙනවා. . NC, PU, වෝටර්බේස්. . ජැට්, නිපොලැක් වගේ ගන්න. .

    ෆිනිශ් කරපු ලීබඩු වලට සමහර වෙලාවට දුවිලි පිහිදන්න ඩෑශ්බෝඩ් ක්ලීනර් එකක් ගානවා. . ඒකනම් ඔයිල් කඩවල තියෙනවා කහපාට බෝතලේ ගාන 220ද කොහෙද. .
    ස්ප්‍රේ කරාට පස්සේ දූවිලි යන්න සහ හොදට තීන්ත පාට පේන්න ගාන එක
    අර ස්පොන්ච් එකෙන් ගාන එක
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ස්ප්‍රේ කරාට පස්සේ දූවිලි යන්න සහ හොදට තීන්ත පාට පේන්න ගාන එක
    අර ස්පොන්ච් එකෙන් ගාන එක

    ඒක තමයි කහපාට බෝතලේ එන එක. . සුපර් ශයින් කියලා කියන්නේ. . වාහනවල ඩැශ්බෝඩ් ක්ලීන් කරන එකක් ඒක. . 220 වගෙ වෙන්නේ. .
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඒක තමයි කහපාට බෝතලේ එන එක. . සුපර් ශයින් කියලා කියන්නේ. . වාහනවල ඩැශ්බෝඩ් ක්ලීන් කරන එකක් ඒක. . 220 වගෙ වෙන්නේ. .
    හරි මචන් ඒක තමයි...
    කහ පාට බෝතලේ....
     
    • Like
    Reactions: XibitZ

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    තේක්ක ගස් තියෙනවනම් කියන්න. . කැපුම් බලපත්‍ර ඇතිව හෝ නැතිව අව්ලක් නෑ. . බලපත්‍ර නැති ඒවට අපි බලපත්‍ර හදාගන්නවා. .
    ලංකාවේ කොහෙ වුනත් අව්ලක් නෑ. . ගස් 100ක් 200ක් එක වත්තක තියෙනවනම් ගොඩක් හොදයි. .

    ගස් තියෙන අය මැසේජ් ඒකක් දාන්න විස්තර එවන්න. . අනිත් අය බම්ප් කරලා සහයෝගය දෙන්න. .
    ගස් වල ගනන් කොහොමද :rolleyes2:
     
    • Like
    Reactions: XibitZ

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,727
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ow ban ewaye patta ganan ne. private geka thiyana gahak permit dammala kappala genalla welala ganna eka laabai kiyala ahuwa kathaawak.
    මම දන්න ඩොකෙක් කිව්ව උගෙ ගෙදර වැඩවලට තේක්ක ගත්තෙ timber corporation එකෙන්, ඒකෙ මාර ලාබයි, ඒ නිසා බිමටත් ලී දැම්ම කියල 🤔
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    hoda loku thekka gahak dekak private thanakin kappala ganna keeyak withara yaida ban, matath ganan balaganna one dorawal wagayak hadawaganna thiyanawa. timber depot wala patta ganan ne

    උබ මොරටුවේ නේද? ඩිපෝ (සOස්තා) තේක්ක ගාන වැඩිනම් ගම් තේක්ක ගනින්. .
    මොරටුවේ තියෙන තේක්ක කදන් (කොට) විකුනන තැනකින් බලලා ඕන ප්‍රමානෙට කදක් ගනින්. . හැම තැනම ගාන එකම ගාන වගේ තියෙන්නේ. .

    තැත්තන් සOස්තා තේක්ක විකුනන තැන් තියෙනවා එහෙම එකකින් ගනින් ඩිපෝ එකට වඩා ගාන අඩුයි ගොඩක් වෙලාවට උන්ගේ. .

    ගස් වල ගනන් කොහොමද :rolleyes2:

    ගස් තියෙනවද? කියුබික් අඩි අනුව තමයි ගාන. .
    දෙකෙන් පහල,
    දෙකෙන් උඩ,
    තුනෙන් උඩ,
    හතරෙන් උඩ කියලා තියෙනවා. .

    කියුබික් අඩියක් ගත්තම දෙකෙන් පහල ගාන ගොඩක් අඩුයි. .
    තුනෙන් උඩ වගේ ගාන වැඩි. .
    කද මහත් වෙන්න වෙන්න මිල වැඩියි. .

    ow ban ewaye patta ganan ne. private geka thiyana gahak permit dammala kappala genalla welala ganna eka laabai kiyala ahuwa kathaawak.

    එක ගහක් පර්මිට් දාන් කපන්න ගියාම ගාන වැඩිවෙයි බන්. . අපිනම් එකපාර ගස් 100+ කපන නිසා කොස්ට් එක බෙදිල යනවා. .


    මම දන්න ඩොකෙක් කිව්ව උගෙ ගෙදර වැඩවලට තේක්ක ගත්තෙ timber corporation එකෙන්, ඒකෙ මාර ලාබයි, ඒ නිසා බිමටත් ලී දැම්ම කියල 🤔

    එයා සන්සන්දනය කරන්න ඇත්තේ අදික ලාබ ලබන ගෘහ භාණ්ඩ විකුනන ආයතනයක ගෘහභාන්ඩ වල මිලත් එක්ක. . එහෙම බැලුවම කොහොමත් ලාබයි. .
    ඕක සන්සන්දනය කරන්න ඕනේ ගම් තේක්කයි, ඩිපෝ එකේ ඩිපෝ තේක්කයි, අනිත් වෙලෙන්දන්ගේ ඩිපෝ තේක්කයි වල මිල අතර. .
    එහෙම බැලුවමනම් ඩිපෝ එකේ මිල වැඩි. .හැබැයි කොළඹින් ගොඩක් ඈත ඩිපෝ වලින් ගත්තනම් ලාබ වෙන්න පුලුවන්. .

    කුඹුක් ලී ගන්න තැනක් තියේද දන්න කෙනෙක්??

    කුඹුක් නම් මොරටුවට එන්නේම නැති තරන්. . ඔයගේ ගමේ ලී මෝලේ බලන්න. .
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කුඹුක් නම් මොරටුවට එන්නේම නැති තරන්. . ඔයගේ ගමේ ලී මෝලේ බලන්න. .
    කුඹුක් ප්‍රවාහනය තහනම් ලන්කාවේ.. ඒක්නේ කේස් එක. ඒ උනාට බලපත්‍ර හදලා ගේන උන ඉන්නවාලු... ඒකයි බැලුවේ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Gas 100 k thiyanawa dambulle thiyenne. Gas walata 20yers wage, wata pramanaya 3-4 ft wage.

    ඔයාගෙද? කීයද දෙන්නේ? උස කොහොමද?
    මොරටුවට ගෙනත් දෙන්න පුලුවන්ද?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    padipele gaanata nosing ekka size karalama transport karanna barida
    උබ හිතුවද ඕවා අලුත් අයිඩියා කියල... ඔය සේරම දේවල් ලි බිස්නස් කාරයෝ කලින්ම කරපුව. පිලිවලට කපල ශේප් කරපුව දැකල මේක දරට නෙමෙයි කියන එක තේරුණ ගමන් ඇල්ලුවා.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නොදන්න අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. .

    වට ප්‍රමාන අනුව අපි මිලදි ගන්න විදිය වෙනස්. .
    වට ප්‍රමානය 2න් උඩ නම් කියුබික් අඩිය මේ විදියට මිල වෙනවා. .
    කපපු නැති ගහක් නම් කියුබික් අඩියට 550,
    කපලා බිමදාලා ප්‍රවහන බලපත්‍රය අරගෙනනම් කියුබික් අඩියට 750,
    මොරටුවට ගෙනත් දෙනවනම් කියුබික් අඩියට 1050

    ඔය විදියට මිල තියෙන්නේ. . හිතන්නකෝ වට ප්‍රමානය 3න් උඩ කියලා. . එතකොට මේ විදියයි. .
    කපපු නැති ගහක් නම් කියුබික් අඩියට 900,
    කපලා බිමදාලා ප්‍රවහන බලපත්‍රය අරගෙනනම් කියුබික් අඩියට 1100,
    මොරටුවට ගෙනත් දෙනවනම් කියුබික් අඩියට 1400

    මුලින්ම ඔයාට දෙන්න පුලුවන් මොන විදියට කියලා ඔයාම තිරනය කරගන්න. .
    රජයේ ආයතන වල රස්තියාදු වෙලා පර්මිට් දාන්න පුලුවන්ද බලන්න. .
    මිනිස්සු හොයලා වැඩ ටික කරගන්න පුලුවන්ද බලන්න. .

    ප්‍රායෝගිකව මේ ටික කරන්න වෙනවා. .
    ගස් මාක් කරන්න ඕනා මුලින්, කැපුම් අවසරේ ගන්න ඕනා (මේකට සමහර වෙලාවට මිනින්දෝරු දෙපාර්තු මේන්තුවේ සිතියම් ඕන වෙනවා) කැපුම් අවසරේ අරන් බිම දාන්න ඕනා, ප්‍රවහන බලපත්‍රේ ගන්න ඕනා, වන සOරක්ශන එකෙන් සීල් කරන්න ඕනා ප්‍රවහනයට කලින්, ලොරියට පටවන්න ඕනා, මග දිගට පොලිසියට සලකන්න ඕනා. .

    ඔයිට අමතරව සමහර පලාත්වල පාතාල කේස් තියෙනවා. . ඒවලටත් මුනදෙන්න පුලුවන් වෙන්න ඕනා. .
    සමහර පැතිවල ලී බිස්නස් කරන මුදලාලිලා අල්ලන් ඉන්නේ පර්මිට් ගන්න සැහෙන අමාරුයි ගත්තත් ලොකු පාගාවක් දෙන්න ඕනා. .
    ඒත් මේකේ ඉන්න අයට එහෙම මොරටුවට ගෙනත් දෙන්න බැරිනම් ගස් ටික වත්තේ තියෙද්දිම අරගන්නම්. . අපි අනිත් වැඩ කරගන්නම්. .