උබලාපන්සල් එහෙම යනවද බන් ?

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    උබලා පන්සල් එහෙම යනවද බන් ? මම නම් වැඩිය නැහැ . හැබැයි මම මට පුළුවන් විදියට අනිත් අයට උදව් කරනවා, ලේ දෙන ඒවා කරනවා . තව ඉතින් වැරදි වැඩනම් කරන්නෙම නැති තරම්. ඒත් පන්සල් යනවා හරි හොරයි. පනසලේ හාමුදුරුවෝ මාව දන්නෙත් නැතුව ඇති . හැබැයි සංග රත්නයට කරන දානය මහා පුණ්‍ය කර්මයක් නේ (මම බෞද්ධ නිසා එහෙම කිව්වේ). හැම පෝයටම වගේ පන්සල් යන්න කියලා බැලුවේ . ඇත්තටම නොයන්නේ කම්මැලි කම හින්දා වෙන්නැති බන්.
    වෙනත් ආගම් වල අය ඉන්නවනම් සමා වෙන්න . පන්සල් යනවද කියලා අහපු එකට . ඕගොල්ලොත් අදහස් කියන්න . ගොඩක් කතෝලික , මුස්ලිම් අයනම් වරද්දන්නෙ නැහැ පල්ලි යන එක. බෞද්ධ අපි (උබලා නම් කොහමද දන්නේ නැහැ මම ) ගැන කණගාටුයි
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඵළු මස් ඉල්ලන නිසා පන්සලේ ලොකු සාධු දැක්කහම සිංහලු හැංගෙනවලු.😁😁
    වැඩිය එහෙ මෙහෙ උබත් යන්න එපා
    මස් කඩේට දක්කයි

    පන්සල් යන එක පින් කිව්වෙ ඉස්සර. දැන් ඒකෙන් පින් ලැබුනත් එකයි නැතත් එකයි. පින කියන්නෙත් රැස් කිරීමනෙ.
    සාංගික දාන ගැන අහලා තියෙනවද බන්
    ඒවාගේ කුසල් වැඩි
    මටත් ලොකුවට දැනුමක් නැහැ
    හැබැයි අපි ධර්මයෙන් ඇත් වෙන්න නරකයි
    පෝයට වෙඩිමක් තිබ්බොත් අපි යයි
    පන්සල් යන්නේ නැහැ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    දැන් කාලෙ ගොඩක් අයගෙ තියන මතයක් මේක මම වැරදි කරන්නෙ නෑ ඒ නිසා පන්සල් යන්න ඕන නෑ පිං කරන්න ඕන නෑ වගේ දේවල්. ඒත් මේවයෙ ප්‍රතිඵල අපි දකිනකොට ඒක පරක්කු වැඩි. කවද හරි මැරෙන දවසට අපි අවබෝධයෙන් සිහියෙන් යුතුව මැරෙන්න නම් අපි පින් දහම් කරන්න ඕන. අපි දැන් කරන පින්කම් වලින් කරන්නෙ අපි කලින් සංසාරෙ අවුරුදු ලක්ශ ගාණක කරපු පින්කන් තියනව. හැබැයි ඒව මතු කරල ගන්න නම් අපි තව පිංකම් කරන්න ඕන. අපි පිංකම් කරන්න කරන්න අපේ සංසාරෙ කරපු අපේ පිටිපස්සෙ තියන කුසල සංස්කාර මතු වෙලා අපිට අකුසලයක් විපාක දෙනව නම් ඒව යටපත් වෙනව.
    අපි මේ ආත්මෙදි අකුසල්ම නම් කරන්නෙ, එතකොට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත ඒ කියන්නෙ අපි සංසාරෙ කරපු තවම විපාක නොදුන්න අකුලස සංස්කාර මතු වෙලා එනව. අපි ඊළග භවය කොහෙද කියල තීරනය වන්නෙ අපි මැරෙන මොහොතේ අපිට දැනෙන අවසාන චුති සිතත් එක්ක. ඒක සාමාන්‍ය කෙනෙක්ට හිතල ගන්න බෑ ඒක අපි කරල තියන කුසල අකුසල සංස්කාර මත නිකන්ම අපේ හිතට එනව අපි කරන පින් දහම් මත සහ අපි කරන ධර්මය අවබෝධය මත අපිට අවසාන චුති සිත අපි කරපු පිනක් පින්කමක් මතක් වෙලා සුගතියක ඉපදෙන්න පුලුවන්.

    ඒ නිසා අපි වැරදි කරන්නෙ නෑ ඒ නිසා පින් කරන්න ඔන නෑ කියන මතේ ඉදල අපිට ඊළග ආත්මභාව හොද තැන් වල ඉපදෙයි කියන්න කොහෙත්ම බෑ. මේ ආත්මෙ නොවුනත් කලින් ඕනම ආත්මෙක අපි කරපු අකුසලයක් අපි මැරෙන මොහෙතෙ අපේ අවසාන චුති සිතට එන්න පුළුවන්. එහෙම ආවොත් අපි මැරෙන්නෙ ඒක දැකල ඒකට ගැටිල. එතනින්ම දුගතියකට යනව.
    ඒ නිසා පින්කම් කරන්න ලේ දං දීම අසරණ අයට උදවු කරන දේවල් හොදයි ඒවයිනුත් පින් වැඩෙනව. පන්සලුත් යන්න. ඒක ශ්‍රද්ධාවෙන් කරන්න ඒ වගේම කාට දන් දුන්නත් මහා සංඝයාට දෙන දානය තමා මහත්ඵල මහානිසංස වෙන්නෙ. ඒ නිසා හැම වෙලාවෙම අසරණ අයට දන් දෙන ගමන් වැඩියෙන්ම සංඝයා වහන්සේලා අරමුණු කරගෙනම දානය දෙන්න බලන්න

    අපි fb එකේ සෙට් එකක් එකතු වෙලා හැම මාසෙම රුවන්වැලි සෑයෙ යන වැඩක් කරනව. ඒක ගැන thread එකකුත් දැම්ම බලල කැමති නම් එන්න පුළුවන්

    https://elakiri.com/threads/රුවන්වැලි-මහ-සෑ-මාසික-වන්දනාව.1953594/
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මම නම් පන්සල් යන්නෙම නැති තරම්. පින් කරන්න ඇත්තටම පන්සල් යන්න ඔ්නිද? කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවනම්, පුළුවන් විදිහට අනිත් අයට උදව් කරනවනම්, පන්සිල් රකිනවනම් පන්සල් යන්න ඔ්නිමද බන්? :confused:

    හිතේ කහටක් නැත්තන්
    කාටවත් ගිනි දෙන්නැත්තන්
    ඉන්නකන් හොඳින් නම්
    ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
    ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
    මේ මනසින් ගැලවෙන්න
    මනසින් හිතන්නයි ඕන
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් පන්සල් යන්නෙම නැති තරම්. පින් කරන්න ඇත්තටම පන්සල් යන්න ඔ්නිද? කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවනම්, පුළුවන් විදිහට අනිත් අයට උදව් කරනවනම්, පන්සිල් රකිනවනම් පන්සල් යන්න ඔ්නිමද බන්? :confused:

    හිතේ කහටක් නැත්තන්
    කාටවත් ගිනි දෙන්නැත්තන්
    ඉන්නකන් හොඳින් නම්
    ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
    ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
    මේ මනසින් ගැලවෙන්න
    මනසින් හිතන්නයි ඕන

    විදර්ශනාව ගැන මොනවද දන්නෙ මුං
    හාමුදුරුවන්ව විවෙචනය පව් පුරවා ගන්නවා.
    ඕක කියන එකාට කෙල්ලෙක් දැක්කම පෙන්නෙ සතරමහා ධාතූන්ගෙන් හැදුන රූපයක් විතරයි නම්, පංචෙන්ද්‍රයන්ට ගොචර වෙන අනිත් දෙවල් අවබොධ වෙන්නෙත් එහ්‍රනම්, ඒදෙය ගැන ඇලීමක් හො ගැටීමක් නැතිනම් මනසින් ගැලවිලා.

    හාමුදුරුවරු සිවුරක් දාගෙන උත්සහ කරන්නෙ හිත ඒ මට්ටමට දියුණු කරන්න.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    දැන් කාලෙ ගොඩක් අයගෙ තියන මතයක් මේක මම වැරදි කරන්නෙ නෑ ඒ නිසා පන්සල් යන්න ඕන නෑ පිං කරන්න ඕන නෑ වගේ දේවල්. ඒත් මේවයෙ ප්‍රතිඵල අපි දකිනකොට ඒක පරක්කු වැඩි. කවද හරි මැරෙන දවසට අපි අවබෝධයෙන් සිහියෙන් යුතුව මැරෙන්න නම් අපි පින් දහම් කරන්න ඕන. අපි දැන් කරන පින්කම් වලින් කරන්නෙ අපි කලින් සංසාරෙ අවුරුදු ලක්ශ ගාණක කරපු පින්කන් තියනව. හැබැයි ඒව මතු කරල ගන්න නම් අපි තව පිංකම් කරන්න ඕන. අපි පිංකම් කරන්න කරන්න අපේ සංසාරෙ කරපු අපේ පිටිපස්සෙ තියන කුසල සංස්කාර මතු වෙලා අපිට අකුසලයක් විපාක දෙනව නම් ඒව යටපත් වෙනව.
    අපි මේ ආත්මෙදි අකුසල්ම නම් කරන්නෙ, එතකොට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත ඒ කියන්නෙ අපි සංසාරෙ කරපු තවම විපාක නොදුන්න අකුලස සංස්කාර මතු වෙලා එනව. අපි ඊළග භවය කොහෙද කියල තීරනය වන්නෙ අපි මැරෙන මොහොතේ අපිට දැනෙන අවසාන චුති සිතත් එක්ක. ඒක සාමාන්‍ය කෙනෙක්ට හිතල ගන්න බෑ ඒක අපි කරල තියන කුසල අකුසල සංස්කාර මත නිකන්ම අපේ හිතට එනව අපි කරන පින් දහම් මත සහ අපි කරන ධර්මය අවබෝධය මත අපිට අවසාන චුති සිත අපි කරපු පිනක් පින්කමක් මතක් වෙලා සුගතියක ඉපදෙන්න පුලුවන්.

    ඒ නිසා අපි වැරදි කරන්නෙ නෑ ඒ නිසා පින් කරන්න ඔන නෑ කියන මතේ ඉදල අපිට ඊළග ආත්මභාව හොද තැන් වල ඉපදෙයි කියන්න කොහෙත්ම බෑ. මේ ආත්මෙ නොවුනත් කලින් ඕනම ආත්මෙක අපි කරපු අකුසලයක් අපි මැරෙන මොහෙතෙ අපේ අවසාන චුති සිතට එන්න පුළුවන්. එහෙම ආවොත් අපි මැරෙන්නෙ ඒක දැකල ඒකට ගැටිල. එතනින්ම දුගතියකට යනව.
    ඒ නිසා පින්කම් කරන්න ලේ දං දීම අසරණ අයට උදවු කරන දේවල් හොදයි ඒවයිනුත් පින් වැඩෙනව. පන්සලුත් යන්න. ඒක ශ්‍රද්ධාවෙන් කරන්න ඒ වගේම කාට දන් දුන්නත් මහා සංඝයාට දෙන දානය තමා මහත්ඵල මහානිසංස වෙන්නෙ. ඒ නිසා හැම වෙලාවෙම අසරණ අයට දන් දෙන ගමන් වැඩියෙන්ම සංඝයා වහන්සේලා අරමුණු කරගෙනම දානය දෙන්න බලන්න

    අපි fb එකේ සෙට් එකක් එකතු වෙලා හැම මාසෙම රුවන්වැලි සෑයෙ යන වැඩක් කරනව. ඒක ගැන thread එකකුත් දැම්ම බලල කැමති නම් එන්න පුළුවන්

    https://elakiri.com/threads/රුවන්වැලි-මහ-සෑ-මාසික-වන්දනාව.1953594/
    මේක ඇත්ත බන්
    අපි හිතන් ඉන්නේ අපි අනුන්ට උදව් කරනවා. එක හින්දා ඔය පන්සල් යන එක සංඝයාට දානය දෙන එක කරන්නම් ඕනේ නැහැ කියලා
    අපි මේවගෙන් ගොඩක් ඈත් වෙලා . කට්ටිය කියන දේවලින් මටනම් එහෙමයි තේරුනේ .
    මහා සංඝයාට දෙන දානය තමා මහත්ඵල මහානිසංස වෙන්නෙ කියලා මාත් අහලා තියෙනවා
    ස්තුත්යි විස්තර වලට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    මම නම් පන්සල් යන්නෙම නැති තරම්. පින් කරන්න ඇත්තටම පන්සල් යන්න ඔ්නිද? කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවනම්, පුළුවන් විදිහට අනිත් අයට උදව් කරනවනම්, පන්සිල් රකිනවනම් පන්සල් යන්න ඔ්නිමද බන්? :confused:

    හිතේ කහටක් නැත්තන්
    කාටවත් ගිනි දෙන්නැත්තන්
    ඉන්නකන් හොඳින් නම්
    ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
    ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
    මේ මනසින් ගැලවෙන්න
    මනසින් හිතන්නයි ඕන

    සිංහල රැප් අහන උන් සේරම මේ වගේද? :lol: :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    පන්සල් යැවෙන්නෙ නෑ බන්. අන්තිමට කියන්න තියෙන්න,

    සිතු සිතු දේ මම කළා.. ඔබෙ දහමේ ගුණ නසා..
    අද ඔබ ළඟ වැඳ වැටී හඬමී..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පන්සල් යැවෙන්නෙම නෑ දැන්. අවුරුද්දකට වැඩිද මන්දා අන්තිමට ගියේ. හැබැයි ඇත්තම අසරණ කෙනෙක්ට (පාරේ හිගන්නන්ට නෙමේ) කොහොම හරි උදව් කරනවා. හැම අවුරුද්දකම ළමයෙක්ට පොත්පත් අරන් දෙනවා අලුත් පාසල් වාරෙට. මේකේ දැම්මෙත් උබල මාව පර්සනලි දන්නේ නැති නිසා. අද වෙනකං ඔය කිසිම එකක් සොෂල් මිඩියා දාල ඇටෙන්ෂන් අරන් නෑ. හැමදාම උදේට බුදුපහන තියල ආගමික වතාවත් කරනවා. අනික් උන්ට ගිනිගෙඩි නොදි ඉන්නව. බුද්ධාගම ගැන නෙමේ ඒත් බහුතර සංඝයාගේ වැඩ නිසා දැඩි කලකිරිමක් තියෙන්නේ ලංකාවේ සංඝ ශාසනය ගැන
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔවු බං ලංකාවේ ඉන්න කාලේ සති දෙකකට සැරයක්වත් ගියා. අම්ම එහෙමත් එක්ක ගියා. අවට පන්සල් කිපෙකටම ගියා. ගමේ පන්සලේ හාමුදුරුවෝ නං ටිකක් ඈත පළාතක කෙනෙක්. දැක්කොත් මොනා හරි ඉල්ලනවා. ඒක හින්ද හාමුදුරුවෝ මග හැරලා පන්සල වැඳලා එනවා. හැබැයි එහෙමයි කියල නිකන් හිටියේ නැහැ. පුළුවන් වෙලාවට ඒ පන්සල ගැනත් බැලුවා.
    අපි පුළුවන් තරං අපේ පන්සල් එක්ක සම්බන්ධ වෙන එක හොඳයි, තම්බින්ටම බැන බැන ඉන්නේ නැතුව.

    සමහරු හාමුදුරුවන්ට බැණ බැණ පන්සල් යන්නේ නෑ කියනවා. හාමුදුරුවරු කියන්නෙත් පෘතග්ජන මිනිස්සු. ඒ අය අතින් ඕන තරං වැරදි වෙන්න පුළුවන් නමුත් මම ඒවා අදාළ කරගන්නේ නෑ කියන මතේ මං ඉන්නේ.
    අපි බෞද්ධයෝ යන්නේ නැත්තං තම්බිද පන්සල් යන්නේ?
    මට නං අමාරු කාල වල පන්සල් ගියාම ලොකු සහනයක් ලැබිල තියනවා. අපි හොඳ දෙයක් කලොත් ඒකෙ විපාකේ අපිට ලැබෙයි. හාමුදුරුවරු ගැන කලකිරීමෙන් පන්සල් යන්නේ නෑ කියන්නේ නිදහසට කාරණයක් විතරයි. මොකද හොඳ හාමුදුරුවරු ඕන තරම් ඉන්නවා අප්‍රසිද්ධ
     
    Last edited: