නාරාහේන්පිට දුවන්න ඕන නැනේ බන් ඕකට. ලඟම කච්චේරියෙන් වැඩේ කරගනින්කෝ. මම අද කච්චේරියට ගිහින් ඩ්රයිවින් ලයිසන්ස් එක අලුත් කරගත්තා. බයෙන් බයේ ගියේ කට්ට කන්න වෙයිද කියල. ඔහේ නෑ බන්. ගිය ගමන් අංකයක් දුන්න, වාදී වෙලා විනාඩියක් ගියේ නෑ ෆොටෝ ගත්ත, ලේ එක ගත්ත විනාඩි 5ක් වගේ ඉද්දි ආයේ ඇතුලට අරන් මෙඩිකල් එක ගත්ත, ආයේ එළියේ විනාඩි 10ක් වගේ ඉද්දි රිසල්ට් එක තියෙන කොලේ අතට දුන්න, පස්සේ ඉතින් කවුන්ටර් වලින් කොළ අරගෙන ලංකා බැංකුවට සල්ලි ගෙවලා ටෙම්පරි ලයිසන්ස් එක අරගෙන ආව. 11.10ට වගේ ඇතුලට ගියේ, 12.20ට වැඩේ ඉවරයි.
මේ අලුත් ලයිසන්ස් කාඩ් එක ගෙදරටම එවනවද? පරණ කාඩ් එක පන්චර් කරන කතාවක් එකෙක් කියල තිබ්බ මට. හැබැයි එහෙම එකක් කලේ නෑනේ මගේ එකට.