මචං ඔය උපකරන ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? බේසික් එකක්?
මෙහෙමයි මචන්
ඕව ගන්න Ameture radio license එක තියෙන්න ඕන, එතකොට අපි මේක ගන්නවා කියලා TRC එකට ගන්න ඩිවයිස් එකේ ස්පෙක් දීල, approval අරගෙන ගන්න ඕන(මේකට ප්‍රොසෙස් එකක් තියනවා)
එතකොට එහේ රෙකෝඩ් එකක් තියනවා මේ ලයිසන් එක තියන කෙනා ලඟ මේ මේ ඩිවයිස් තියනවා කියලා.
ලංකාව ඇතුලේ මේ විදියට ගන්න තැන් දන්න තරමින් නැහැ(කලින් කොටුව තැනක් තිබ්බා, නමුත් පාස්කු සීන් එකෙන් පස්සෙ ඒ තැන් වල ඕව ගැන කතා කරන්නෙවත් නැහැ දැන්)
දැනට ලයිසන් අරන් තියන කෙනෙක් ලඟ තියන ඩිවයිස් එකක් නං, අපිට ලයිසන් එක්ක තියනවා නං transfer කරලා ගන්න පුලුවන්.
ඩරස්/aliexpress වගේ සයිට් වලින් ගෙන්න ගන්න පුලුවන්, අලි එකෙන් ගෙනත් කරුමෙට කස්ටම් එකෙන් මාට්ටු උනොත් සමහර විට කේස් එකක් වැටෙන්න පුලුවන්,
මේව ලයිසන් නැතුව යූස් කරන එක දැන් හෙන රිස්කි, මොකද පාස්කු සීන් එකෙන් එහෙම පස්සෙ මේව ටිකක් කේස් උනා. පොලිස් වෝකිටෝකි ෆ්‍රීකුවෙන්සි එහෙම අහන්න පුලුවන් ඒව ලඟ තියා ගන්න එක සහ අහන Criminal offence එකක්.
ඔහොම අල්ලගන්න ඒව තමයි නිවුස් වල එහෙම පෙන්නන්නෙ ගුවන්විදුලි පනිවුඩ හුවමාරු උපකරන තිබිලා අල්ලගත්තා කියලා. TRC එකේ තියනවා ඕව ඩිටෙක් කරන්න පුලුවන් ගැජට් හයි කරපු වාහනයක්, ඒකෙන් පුලුවන් කොහෙන් හරි ඔය වගේ සිග්නල් එකක් ආවොත් තැන හරියටම පින් පොයින්ට් කරන්න. සාමාන්‍ය විදියට හොයනවා නම් තැන් හතර පහකින් රීඩින් අරන් triangulate කරන්න වෙන්නෙ,නමුත් ඇන්ටනා ගොඩක් තියන ප්‍රිසයිස් රීඩින් ගන්න පුලුවන් ගැජට් තියනවා එක රීඩින් එකකින්ම තැන පින් පොයින්ට් කරන
සමහර කම්පැනි තියනවා ඒ කම්පැනි වලට ලයිසන් අරගෙන රේඩියෝ රෙන්ට් කරනවා, කන්ස්ට්‍රක්ශන් සයිට් වල යූස් කරන්නෙ ඔය විදියට
තව ලයිසන් නැතුව යූස් කරන්න පුලුවන් රේඩියෝ තියනවා CB radio කියලා, එහෙම එකක් අර විදියට ameture license නැතුව යූස් කරන්න පුලුවන් වෙයි, නමුත් ඩිවයිස් එකට TRC approval ඕන වෙයි
සිංහල යූටියුබ් චැනල් / වෙබ් සයිට් තියෙනවද ඉගෙන ගන්න?
අර මම දාපු rssl සයිට් එකේ සිංහල PDF සෙට් එකක් තියනවා
මචං ඕෆ්රෝඩර්ස්ලා වාහන අතර කමියුනිකේට් කරන්නෙත් මේ ක්‍රමේටද?
සමහර මේව යූස් කරනවා
සමහරු CB Radio
ෂා මාත් ආසයි විහිළු ප්‍රෝග්‍රෑම් එකක් කරන්න
එහෙම දේවල් කරන්න බැහැ
කතා කරන්න පුලුවන් ටෙක්නිකල් දේවල් විතරයි,