නීතිමය ගැටළුවක්. උදව් අවශ්‍යයි.

rockstar2017

Active member
  • Aug 14, 2017
    86
    28
    28
    මට නීතිමය ගැටළුවක් ඔයාලගෙන් අහන්න තියෙනව. මේ ගැන දන්න ලෝයර් කෙනෙක් හෝ දැනුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් උත්තරයක් බලාපොරොත්තු වෙනව.

    මගේ ප්‍රශ්නෙ මේ විදියට අහන්නම්.

    A කියල පුද්ගලයෙක් ඉන්නව එයාගෙ සැමිය නැති වෙලා.
    එයාට B,C,D කියල ළමයි 3 දෙනෙක් ඉන්නව. ඒ තුන්දෙනාම බැඳල ළමයි ඉන්නව.
    C සහ D කියන දෙදෙනා ජීවතුන්අතර නෑ. ඒ කියන්නෙ A කියන පුද්ගලයගෙ ඉතුරු වෙලා ඉන්න එකම ළමය B විතරයි.
    A කියන පුද්ගලයාගෙ නමට යම් දේපළක් තියෙනව නම්(කෙළින්ම A ගෙ නමට, A ගෙ සැමියගෙ නමට නෙමෙයි.) A කියන පුද්ගලයා මියගියොත් ඒ දේපල කිසිම පැවරීමක් කරල නැත්නම් බෙදිලා යන්නෙ කෙසේද?

    B ළමයෙක් නිසා එයාට කොහොමත් ලැබෙනව. එතකොට C සහ D ජීවතුන් අතර නැති නිසා එයාගෙ කොටස අදාල ළමයින්ට හා බැඳපු අයට බෙදිල යනවද? නැත්නම් සියලුම දේපළ B කියන කෙනාට විතරද ලැබෙන්නෙ?

    මේ ගැන අදහසක් නැති අයගෙන් බම්ප් එකක් බලාපොරොත්තු වෙනව.

    ස්තූතියි!
     
    Last edited:
    Solution
    A ගේ නමට තියෙන දේපලක් නම් Bට ලැබෙන්නේ 1/3යි. ඉතුරු ටික අනිත් ළමයි දෙන්නගේ බිරිදටසහ දරුවන්ට බෙදෙනවා.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දේපොළ වල් වැදෙමින් පවතින අවස්ථාවක, B, C, D ගෙ මී මුනුබුරන්ටත් උසාවි යන්න වෙන පෙරනිමිත්තක් පේනව.
    ow meka damma wisada nogaththoth patta awulak wenawa.
     
    • Sad
    Reactions: PHBhagya

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    549
    113
    අපේ රටේ සාමාන්‍ය නීතියට අනුව (ඒ කියන්නේ නුවර ,තෙසවලමයි සහ මුස්ලිම් නීතියට යටත් නොවන පාර්ශවයක් සදහා)
    අන්තිම කැමති පත්‍රයක් නොමැතිව පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවකදී බෙදීම සිදුවෙන්නේ මෙහෙමයි-
    මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2 බිරිදට/සැමියා සහ මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2 දරුවන්ට හිමිවේ. ඔහුගේ එක් දරුවෙකු ඔහු මියයාමට පෙර මියගොස් ඇත්නම් එම දරුවාගේ කොටස එම දරුවාගේ දරුවන්ට හිමිවේ(මියගිය අයගේ මුණුබුරන්)

    මියගිය පුද්ගලයාගේ දරුවන් හෝ මුණුබුරන් නොමැති අවස්තාවක දී මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2 ඔහුගේ මව සහ පියාට සමව හිමිවේ.
    මියගිය පුද්ගලයාගේ මව හෝ පියා යන එක අයෙක් නොමැති අවස්ථාවකදී මියගිය පුද්ගලයාගේ දේපලින් 1/4 ජීවත්ව සිටින ඔහුගේ මව හෝ පියාට හිමිවන අතර අනෙකුත් 1/4 කොටස ඔහුගේ සහෝදර සහෝදරියන් (ලේ නෑකම් සහිත හෝ අර්ධ ලේ නෑකම් සහිත) අතර බෙදේ
    ඔහු මිය යනවිට ඔහුගේ යම් සහෝදර සහෝදරියෙකු මිය ගොස් ඇත්තේ නම් ඔවුන්ගේ කොටස ඔවුන්ගේ දරුවන්ට හිමිවේ.
    නමුත් ඔහු මිය යනවිට ඔහුගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා මියගොස් අත්තේනම් සහ ඔහුගේ මව හෝ පියාගෙන් එක අයෙක් පමණක් ජීවත්ව සිටින විට මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2ක සම්පුර්ණ කොටස ජීවත්ව සිටින මව හෝ පියාට හිමිවේ.(සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට කිසිදු කොටසක් හිමි නොවේ)

    මියගිය පුද්ගලයාගේ දරුවන් හෝ මුණුබුරන් නොමැති අවස්තාවක දී සහ මියගිය පුද්ගලයාගේ මව සහ පියා මියගොස් ඇති අවස්ථාවකදී අදාළ 1/2 කොටස ඔහුගේ සහෝදර සහෝදරියන් (ලේ නෑකම් සහිත හෝ අර්ධ ලේ නෑකම් සහිත) සහ ඉහත කී පරිදි ඔවින්ගේ දරුවන් අතර බෙදේ.

    මේ නීතිය තියෙන්නේ Matrimonial Rights and Inheritance Ordinance පනතේ 20 සිට 35 වගන්ති බලන්න. මම ගොඩක් කෙටියෙන් දාලා තියෙන්නේ.
     
    ගොඩක් හොඳට පැහැදිලි කරල. බොහොම ස්තූතියි! :) :)
     
    • Like
    Reactions: nadman

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    බිරිදට හෝ සැමියාට 1/2 ඉතුරු 1/2 ළමයි අතර..
    උදාහරණයක්. Aට පර්චස් 6 ක් තියෙනවා හිතමු. එතකොට බිරිදට පර්චස් 3 යි. ඉතුරු පර්චස් 3 ඔක්කොම ළමයි;(A ගේ සහ බිරිදගේ) අතර.