මචන් වීසා කියන්නේ ඔයාට නිත්‍යානුකුලව ජපානේ ජීවත්වෙලා රැකියාව කරන්න දෙන බලපත්‍රය නේ. ඒකට අදාළ සුදුසුකම් තීරණය කරන්නේ Ministry of Justice මගින්.
ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES
මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි.
තවත් දෙයක් තමයි මේ කාලයේ ජොබ් එකක් ලිස්ට් කරනකොට මුලික සුදුසුකම් කියන ඒවා තියනවා කියල උපකල්පනය කරලා තමයි අනිත් අවශ්‍ය සුදුසුකම් ඉල්ලන්නේ. සරලව කිව්වොත් මේ ජොබ් දාන්නේ ජපන් ජොබ් මාකට් එකටනේ, එතකොට දැනට මෙහෙ ඒ වගේ රැකියාවක් කරන්න අදාළ වීසා එකක් තියෙන්න එපැයි. එහෙම වීසා එකක් තියනවා කියන්නේ මම උඩින් කියල තියන සුදුසුකම් සපුරලා තියනවා කියන එකනේ. ඔයා කියල තියනවා වගේ වෙන රටකින් කෙනෙක් sponsor කරලා ගෙන්නගන්නවා කියමු. ඒත් අර මූලික සුදුසුකම් නැත්තම් රජයෙන් වීසා දෙන්නේ නෑ. ජපානයේ ඉගෙනගත්තු කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත් මොකද එයාලට තියෙන්නේ වීසා එක හරවගන්න එක විතරයි.
Line/PayPay/Rakuten වගේ ආයතන වලට ජපන් නැතුව ගන්නවා. දැනට වීසා එකක් තියන කෙනෙකුට නම් ඉතින් අදාළ විෂයට උපාධියක් නැතත් වැඩ පුළුවන් නම් ජොබ් එක ගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඉතින් වෙන රටක ඉඳල එද්දී ජපන් රජය මැද්දෙන් ඉන්නවනේ.
මමත් 2015 ඉඳන් ඉන්නේ. හැබැයි තාම ජපන් බෑ. අසරණ ජීවිත....

------
Post added on May 17, 2021 at 8:07 AM