@Roxxy2K මට තේරෙන විදියට එබතුමා SHO කෙනෙක්... මම හරිද?
මම මගේ ප්‍රශ්ණෙට මෙහෙම ආරම්භයක් ගන්නම්.. Public Services Commission එකේ අනුමත වෙලා තියෙන විදියට ඔබතුමාලට තමයි දිනපොතක පැමිණීම සටහන් කරන්න අවසර හිමි වෙලා තියෙන්නේ.. සෞඛ්‍ය ක්ෂේත්රයේ අතිමහත් සුළුතරයකට තමයි ඒ වරප්‍රසාදය ඔබතුමාලට අමතරව හිමි වෙලා තියෙන්නෙ (උදා : Physicist). ඒ වගේම දැන් COVID වාට්ටු වල සේවයට යොදවන්නෙ roster basis.. මම හරිද? එතකොට කොහොමද Diary වල පැමිණීම / පිටවීම සටහන් කරන වෛද්‍ය වෘත්තිකයන් අතරින් ඇත්තටම දෙන්න ඕනි අයව වෙන් කරල අඳුරගන්නෙ? GMOA එකෙන් ඒකට ක්‍රමවේදයක් යෝජනා කරල තියෙනවද? ඔබ තුමාට පුළුවන්ද GMOA එකෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරපු proposal එකේ පිටපතක් මේ ත්‍රෙඩ් එකේ දාන්න? (හැබැයි ඒ proposal එකේ දිනය 20021/06/03 ට කලින් දිනයක් වෙන්න ඕනි)
ඊලඟට ඔබතුමාගෙ රෝහලේ COVID වාට්ටුවක් තියෙනවද? තියෙනව නම් ඒ වාට්ටුවෙ Ward round කරන්න වෙලාවල් වෙන්කරලා නැද්ද? එහෙම වෙලාවල් වෙන් කරලා තියෙනවා නම් පැය කීයකට සැරයක් ද? (මම පිළිගන්නවා PPE එකක් ගහගෙන 24පැයේම වාට්ටුව අස්සෙ ඉන්න බෑ කියන එක)
ඊලඟට ඇයි වෛද්‍යවරුන්ට විතරක් අතිකාල වැඩි කරන්නය කියල ඉල්ලන්නෙ? Nursing, Minor (Ancillary) staff වල අයට ඒක අකැපද?
ඊ්ලඟට ඔබතුමාගෙ රෝහලේ COVID නිසා සේවාවන් සැපයීම සීමා කරලා නැද්ද? (උදා : Dental Clinics, routine surgeries) උත්තරේ ඔවු නම් ඒ තැන් වල වැඩ කරන වෛද්‍යවරු ගිය මාසෙ පැය කීයක් OT claim කරාද? (ඔබතුමා වැඩකරන රෝහල සඳහන් කරොත් මම හෙට මේ ත්‍රෙඩ් එකේ දානවා එහෙම රෝගී සත්කාරක සේවා සීමා කරපු තැන් වල වෛද්‍යවරු ගිය මාසෙ claim කරපු OT පැය ගාණ..)
මම අහන ප්‍රශ්ණෙ මේ COVID වසංගතේ නිසා ඔබතුමාට වත් මට වත් පාරෙ යන්න බැරි උණෙ නෑ සංචරණ සීමාවන් දැම්මට.. අපි දෙන්නම ID පෙන්නලා ගියානේ.. ඒ වගේම ආපහු ගෙදර එනකොට බාගෙට හරි ඇරල තිබුණු කඩවල් වලින් එලවළු, අනිත් කෑම ජාති අරන් ආවනේ.. එතකොට සෞඛ්‍ය සේවයේ වැඩ කරන අපි හෝ අපේ පවුල් වල අය අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව බඩගින්නෙ හිටියේ නෑ නේ? මේ වෙලාවේ රටේ බලය තියෙන්නෙ කොයි දේශපාලන පක්ෂය යටතේ උණත් රටේ සල්ලි නෑ කියන එක අපි හැමෝම පිළිගන්න ඕනි කාරණාවක් නේ? ඉතිං ඇයි අපි තවත් රටට බරක් වෙන්නෙ? ඇයි සාමාන්‍ය ජනතාව බඩගින්නෙ ඉඳල හරි ජීවිතේ රැකගන්න බලාපොරොත්තුවෙන් අපි දිහා අසරණව බලන් ඉන්දැද්දි අපි තව දුරටත් මේ රටට බරක් වෙන්නෙ? ඇයි අපිට මේ පඩි වැඩිවීම් මේ වසංගතෙන් පස්සෙ ඉල්ලල strike කරන්න බැරි.. ශ්‍රී ලාංකිකයො විදියට ඇයි අපිට අපේ රටට මේ වෙලාවෙ වත් බරක් නොවී අපේ යුතුකම ඉටුකරන්න බැරි?
වෛද්‍යවරුන් විදියට ඔබතුමාලා ඉටුකරන සේවය කවදාවත් මම අවතක්සේරු කරන්නෙ නෑ.. ඔබතුමාලා දුක්විඳලා ඉගෙනගෙන, වෛද්‍යවරු වෙලා මනුස්ස ජීවිත ගොඩගන්න එක ශ්‍රේෂ්ඨයි.. ඒත් මම මහින්ද මහත්තයා අරභයා ඇහුව ප්‍රශ්ණයක්.. ඒක තමයි "මහින්ද මහත්තයා තිස් වසරක යුද්ධෙන් මේ රට බේරගත්තු එක ඇත්ත.. ඒ ක්‍රියාව ශ්‍රේෂ්ඨ බවත් ඇත්ත.. ඒත් එයා රට බේරගත්තු පලියට මගේ ගෑණිව එයාට දෙන්න කියල ඉල්ලුවොත් ඒක වැරදියි නේ".. ඒ වගේ තමයි වෛද්‍යතුමා අපි සෞඛ්‍ය සේවය තෝර ගත්තෙ අපිට වැඩ කරන්න වෙන්නෙ ලෙඩ රෝග එක්ක කියන එක දැනගෙන.. ඒ වෙනුවෙන් අනිත් රජයේ සේවකයො ගොඩදෙනෙක් ට නැති දීමනා අපිට දීලා තියෙනවා.. ඉතිං මේ වෙලාවෙ තවත් ඉල්ලලා ෂයිලොක් ල වෙන එක වැරදි නැද්ද?
මමත් අද workout එකට සම්බන්ධ උණා.. හැබැයි මගේ ඉල්ලීම උණේ අනිත් මිනිස්සුන්ටත් පඩි වැඩි කරන්න කියල නෙවෙයි.. වෛද්‍යවරුන්ට ත් දීමනා දෙන එක නවත්තන්නය කියලයි.. මම කියන්නෙ අපි කාටවත් මේ වෙලාවෙ ඕනි නෑ..
මම හිතනවා ඔබතුමා (හෝ පිළිතුර සපයන කවරෙකු හෝ) කුණුහරුප ගාවගන්නෙ නැතුව professional level එකෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙයි කියලා..