ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ළග පාතක කවුරුවත් නැ බන්...
    වටේ ම පාළුයි.
    මුන් කිව්වට පිලි ගන්නෙ ම නැනෙ..මමත් ඇස් දෙකට ම දැක්ක හෙන උස එකෙක් වැට ළග ඉදල එනව.මම එවෙලාවෙ දන්නෑ ඒක මෙහම සීන් එකක් කියල. මන් කතා කරා ආපු එකාට. මන් හිතුවෙ ළග ගෙදරක අංකල් කෙනෙක් කියල. ඒ උණාට උ සද්දයක් නැතුව ගියා ගෙ පිටිපස්ස පැත්තට. මන් හිතුවෙ මාව දකින්න නැතුව ඇති කියල. මන් හිටියෙ කළුවරෙ ඉස්තෝප්පුවෙ නිසා. ඉතිං ලයිට් දාලා ගෙදර පස්ස පැත්තට යද්දි අම්මල පිටි කොටනව එයාල කිව්ව කවුරුත් ආවෙ නැ කියල.... අක්ක බය වෙල කියල පොඩ්ඩක් මට තේරුණා..මන් හිතුවෙ හොරු ආව කියල හිතල බය වෙලා කියල.ඒ දෙන්න මුකුත් කිව්වෙ නැ කලින් වෙච්ච දේවල්.. පස්සෙ තමයි දන්නෙ එයලටත් එහෙම වෙලා කියල.. අනිත් එක ආවෙ ඇත්තට ම මිනිහෙක් ද කියන එක පස්සෙ කල්පනා කරද්දි මතක් උනෙ ඌ හෙන ම උසයි
    අම්ම දැකල තියෙනව උස එකෙක් පඩිපෙල බැහැල පහලට යනව කවුද කියල බලන්න යද්දි කවුරුවත් නැලු. දවසක් තාත්ත කවුද කවුද කියල කතා කරනව ඇහුණ...තාත්ත කිව්ව වහල උඩ වාඩි වෙල කවුද කෙනෙක් බිම බලන් ඉන්නව දැක්ක කියල. සොල්දරෙත් පීරල බැලුව එකෙක්වත් නැ

    සොල්දරෙත් කිව්වේ මොකක් ද බන් ... එක තෙරුන්නේ නෑ.. ටයිපින් මිස්ටේක් එකක් ද?

    මට ඔව්ව නෑ කියන්නත් බෑ තියෙ කියන්නත් බෑ.. මම මිට කලිනුත් කියලා තියෙ යම් සිද්දියක්... කෙටියෙන් අදත් කියන්නන්.. ගම්පහා වැලිවේරිය පැත්තෙන් කිරිදිවෙලට යද්දී රබර් වත්ත හන්දිය ගාව ටියුෂන් පන්තියක් තියේ.. ඔය කිට්ටුව අපේ නැදෑ කෙනෙක් ඉන්නවා.. ඒගොල්ලොන්ගේ ගේ ගෙවල් වලට ගෙවල් 5 විතර දුරින් ගෙයක් තියේ මිනිහෙක් ඉල්ලිලා මල.. හොල්මන් තියේ කියල කියනවා .. ඔය අපේ කෙනාගේ ගෙදර කෙනෙක් මැරුණා කොරෝනා ෆිර්ස්ට් වෙව් එන්ඩ් එක හරියේ වයසට ගිහින් සාමාන්‍ය විදියට.. කෝල්ලෝ සෙට් එකක් රැ 10 විතර ඔය ගේ පෙන දුරින් ඉදන් සිගා එකක් ගහද්දි දැකලා තියෙනව කෙනෙක් අර ගෙවල් පැත්තට යනවා.. අරුන් දෙන්නෙක් බලා ගෙන ඉදන් ඉදලා උනුත් ගිහින් කවුද මේ කරුවලේ ගියේ කියලා බලන්න... මුන් ගේ වටේම අවිද්දාලු කවුරුත් නෑ ..

    උබට කියන්න තියෙන්නේ ඔය නිතර නිතර බය වෙන එක හොද නෑ බන් .. විශේයෙන් ඔව්වා විස්වාස කරන අයට .. අම්මා , අක්කා , තව අය ඉන්නවා නම් නිතර ඕකට මුහුණ දෙන එච්චර හොද නෑ ... මනසට...

    01. විදුලිය පිරිමැසුම් බල්බ් ටිකක් දාපන් මුලින්ම වත්ත ට එලිය වැටෙන්න..
    02. සුදු පාට වගේ එලිය පාටක් ගාපන් ගෙදරට උනත්..
    03. පැය 24 පිරිත් යන විදුලිය පිරිමැසුම් පොඩි item තියෙනවා. එහෙම එකක් අර ගන්න... (රු 1500 වගේ ඉදන් තියෙනවා කඩවල ... ප්ලග් & ප්ලේ...)
    04. වත්තේ ගස් කෝලන් වැවිලා හවස් 4 -5 වෙද්දී පට්ට කරුවල නම් වත්තේ ගස් කපාපන්...
    05. නිවසේ රාත්‍රියට නොනිවා දමන බල්බයක් හෝ දෙකක් දාපන් ගේ ඇතුලේ උනත් කරුවල මැකෙන්න.. උබලා නිදා ගන්න වෙලේට..
    06. මිනිස්සු අශ්රෙන් අඩු බාවනා යෝගියව ඉන්න හාමුදුරුවරු ඉන්නවා.. පුළුවන් ගෙදරට වඩම්මලා දානයක් දීපන්... (එනවද කියන්න දන්නේ නෑ හැබැයි... ඔය ෆෝන් ඔබ ඔබ ඉන්න ගමේ පන්සලේන් නෙමෙයි) ගෙදරට වඩින්නේ නැති නම් උබලට පුළුවන් එහෙට ගිහින් දානය දෙන්න.. දීලා උබලගේ ගැටලුව කියන්න..

    මම , උබ උනා නම් කරන්නේ ඔව්වා ... ඔය කට්ටඩි කාරයෝ පස්සේ නම් යන්නේ නෑ..
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    එයා කිවුවා එයා පොත පතේ තිබ්බා කියලා අන්ධ භක්තියෙන් පිලි ගන්නේ නෑ කියලා. ඒ නිසා මම ඇහුවා දැනට පිලි ගන්න හැම දේම තමන් ඒ අදාළ පරීක්ෂණ කරලා, අදාල නිරීක්ෂණ කරලා ද නිගමනයකට ඇවිල්ල ද පිළිගත්තේ කියලා. ලෝකේ ගෝලයක් කියලා පිලි ගත්තේ එහෙමද කියලා ඇහුවේ. කළු කුහර පිළිගත්තෙත් එහෙමද කියලා ඇහුවේ. චක්‍රාවාට පිළිගත්තේ එහෙමද කියලා ඒවා කලින් ඇහුවේ. එයා ඒවා කෙනෙක් කිවුව නිසා, සඟරා වල තිබ්බ නිසා, ඉස්කෝල වල උගන්වපු නිසා, කැම්පස් වල උගන්වපු නිසා, internet එකේ දැක්ක නිසා, වගේ සාමාන්‍ය තොරතුරු ලැබෙන ක්‍රම වලින් ලැබීම නිසා විතරක් පිලි ගත්තා නෙවෙයි ද කියලා කලින් මම ඇහුවේ. එකෙන් අදහස් වෙන්නේ නෑ මම මොකද්ද පිළිගන්නේ නොගන්නේ කියන එක.
    සාදක සහිතව ඔප්පු කරලා තියන දේවල්, තමන්ට ඕනෙ නම් ආපහු ඔප්පු කරන්න පුලුවන්. ඒත් හොල්මනක් එහෙම ඔප්පු කරන්න පුලුවන්ද? භාවන කරල ධ්‍යාන ලාබාගෙන වගේ මොන්ටිසෝරි උත්තර දෙන්න එපා :rofl: ලෝකෙ ගෝලාකාරයි කියල ඔප්පු කරේ ධ්‍යාන වඩල නෙමෙයිනෙ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක

    මූට කියල වැඩක් නෑ .. මම ම දැන් ඕක තුන් පාරක් කිව්වා. තේරෙන්නේ නෑ . විද්‍යාත්මක කරුණු, ආගම් වල තියන කරුණු දෙකක් කියලා තේරෙන්නේ නැද්ද මන්ද.
     
    • Sad
    Reactions: MarshMello

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අයියෝ අයිත් ආයිත් එකම දේ. ඔය වගේ සාදක සහිතව ඔප්පු කරලා තියන දේවල් ඉතින් පිළිගන්න වෙන වෙනම මම පරීක්ෂණ කරන්න ඕනද?? එකම දේ දැන් තුන්පාරක් කියලා දුන්නත් තේරෙන්නේ නෑ නේ උබට. :rofl:
    ඕවල ආයිත් මට වෙනම ඔප්පු කරවන්න දෙයක් නෑ . ඕව මනස්ගාත නෙවෙයි කාගේවත්. ඕව වැරදිද නැද්ද කියලා අනිත් යට නැවත නැවත බලන්න පුලුවන්.
    හොල්මන් ගැන එහෙම කොහෙද සාදක ඇතුව ඔප්පු කරලා තියෙන්නේ ?? කොහේ හරි පොතක අමනුෂ්‍යයෝ හිටියා කියලා ඒක පිළිගන්න ඕන ද ?? කිසි දෙයක් ඔප්පු කරපු නැති නිකන් කතන්දර හැම ආගමකම තියනව. ඔය විදියට කුරානේ තියන සමහර ඒවා ඇත්ත කියලා ගන්න පුලුවන්. බයිබලේ තියන සමහර දේවල් ඇත්ත කියල ගන්න පුලුවන්. :rofl:

    සාදක සහිතව ඔප්පු කරලා තියන දේවල්, තමන්ට ඕනෙ නම් ආපහු ඔප්පු කරන්න පුලුවන්. ඒත් හොල්මනක් එහෙම ඔප්පු කරන්න පුලුවන්ද? භාවන කරල ධ්‍යාන ලාබාගෙන වගේ මොන්ටිසෝරි උත්තර දෙන්න එපා :rofl: ලෝකෙ ගෝලාකාරයි කියල ඔප්පු කරේ ධ්‍යාන වඩල නෙමෙයිනෙ

    සිංහල තේරෙන්නේ නැත්තේ මෝඩ කම නිසා ද? :rofl: මම කතා කලේ බුතයෝ ඉන්න බව ඔප්පු කරන්නේ නෙවේ කියලා දැන් සරල සිංහලෙන් සැහෙන වතාවක් කිවුවා නේද පලවෙනි comment එකේ ඉඳන්? ගොන්නු දෙන්නෙක්ද? 😁 loop එකක් වගේ තරඟෙට උම්බැ කියන්නේ? 😁

    =============

    දැනට පිළිගෙන තියන කරුණු වලට අදාළ සාධක වල සත්‍යතාව, පිළිගැනීමට පෙර පරික්ෂා කළා ද? නැද්ද?
    සඟරා වල, පොත්වල, scientist ලා කිවුව පලියට පිලි ගත්තද නැද්ද?

    මේ සිංහල තේරෙන්නේ නැත්තන් තණකොළ කාපන්. 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    සිංහල තේරෙන්නේ නැත්තේ මෝඩ කම නිසා ද? :rofl: මම කතා කලේ බුතයෝ ඉන්න බව ඔප්පු කරන්නේ නෙවේ කියලා දැන් සරල සිංහලෙන් සැහෙන වතාවක් කිවුවා නේද පලවෙනි comment එකේ ඉඳන්? ගොන්නු දෙන්නෙක්ද? 😁 loop එකක් වගේ තරඟෙට උම්බැ කියන්නේ? 😁

    =============

    දැනට පිළිගෙන තියන කරුණු වලට අදාළ සාධක වල සත්‍යතාව, පිළිගැනීමට පෙර පරික්ෂා කළා ද? නැද්ද?
    සඟරා වල, පොත්වල, scientist ලා කිවුව පලියට පිලි ගත්තද නැද්ද?

    මේ සිංහල තේරෙන්නේ නැත්තන් තණකොළ කාපන්. 😁
    අනේ හරකෝ. පරික්ෂ කරල තියන දේවල් තමයි විද්‍යාත්මක කරුණු විදියට ඉදරිපත් කරන්නේ.
    ආගම් වල කරුණු ඒවගේ ඒවා නෙවෙයි.
    දැන් වත් තේරෙනවද හරකට ?
    ඉතින් අපි තනි තනියෙන් පරික්ෂ කරල විද්‍යාත්මක කරුණු බලන්න ඕන නෑ බන්.. ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ විදියට. ඕන එකෙක්ට ඒවා බලන්න පුලුවන්. ලෝකේ මිනිස්සු මොකෙක් හරි එකෙක් දෙයක් කිව්වා පලියට ඒක විද්‍යාත්මකව හරි කියලා කියන්නේ නෑ . ඉතින් එහෙම සනාත උන කරුණු තමයි විද්‍යාවේ දී හම්බු වෙන්නේ.
    ආගම් වල එහෙම ඒවා නෙවෙයි. ඒ ඒ ආගම් වල පොත් වල තියන ඒවා කොහෙවත් සාදක ඇතුව ඔප්පු කරපු ඒවා නෙවෙයි. දේශනා කරා කියලා කියන ඒවා. ඒවා පොත් වල තිබ්බ පලියට පිළිගන්නේ නෑ . දැන්වත් තේරුම් ගන්න බැරිනම් ගිහින් නිදාගනින් බන් එකම ගොන් කතාව කියා කියා මෙතන බයිටක් වෙන්නේ නැතුව. මොකද උබේ ඔය ගොන් තර්ක මේකේ ඉන්න උන්ට පෙන්වා. ලෝකේ ගෝලාකාර කම බැලුවද අහනව වගේ මැටි කතා කියන්නේ නැතුව ඉදපන්. :lol:
     
    • Like
    Reactions: MarshMello

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,688
    113
    මොනර තැන්න
    හුළගට වැටෙන බඩු වලට බය උණා කියල කොහෙද තියෙන්නෙ.... ඉස්සෙල්ල කියවල වරෙන් මුල ඉදන්. බල්ලෙක් ඉන්නව. ගෙදරට ආපු එකා එන තැන ඉස්සහින්මයි බල්ලගෙ කුඩුව තියෙන්නෙ .. උ බිරුවෙ වත් නැ..බල්ලගෙ හොදකම කට්ටිය දන්නව ආපු ළග දිම කීප දෙනෙක්ට හදි කෙරුව නිසා... උ බැදල ද අහන් නැතුව කවුරුවත් එන්නෙ නැ.. බල්ලොන්ට අපට වඩා පේනව.. ඔය වගේ දේවල් වල දී බල්ලො පූසො තමයි අපට කලින් ඕව දකින්නෙ කියල අහල තියනව. එක අතකට ප්‍රශ්නයක් ඒක... මිනිහෙක් ආව නම් ලොවෙත් උ පනිනවා. උ පැන්නෙත් නැ.. ඒකත් උභතෝකෝටික ප්‍රශ්නයක්..
    gedara gattha gaanata ma denna puluwan ne ubata ,,,, ahala pahala unta owa kiyanna epa eeta passe gedara wikuna gannath bari wenawa ubata
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    දැනට පිළිගෙන තියන කරුණු වලට අදාළ සාධක වල සත්‍යතාව, පිළිගැනීමට පෙර පරික්ෂා කළා ද? නැද්ද?
    පරික්ශා කලා
    සඟරා වල, පොත්වල, scientist ලා කිවුව පලියට පිලි ගත්තද නැද්ද?
    පිලිගත්තා. සමහර පරීක්ශන කරලත් බැලුවා (තමන්ට ඕනෙ නම් අවශ්‍ය දේවල් තියනවනම් ඔප්පු කරල තියන ඕනෙම දෙයක් ආපහු ඔප්පු කරන්න පුලුවන්)

    දැන් උබ කියපන් උබ හොල්මන් විශ්වාස කරන්නෙ පරීක්ශන කරලද නැත්නම් කවුරුහරි පරික්ශා කරල ඔප්පු කරපු නිසාද කියල
     
    • Like
    Reactions: dilann

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනේ හරකෝ. පරික්ෂ කරල තියන දේවල් තමයි විද්‍යාත්මක කරුණු විදියට ඉදරිපත් කරන්නේ.
    ආගම් වල කරුණු ඒවගේ ඒවා නෙවෙයි.
    දැන් වත් තේරෙනවද හරකට ?
    ඉතින් අපි තනි තනියෙන් පරික්ෂ කරල විද්‍යාත්මක කරුණු බලන්න ඕන නෑ බන්.. ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ විදියට. ඕන එකෙක්ට ඒවා බලන්න පුලුවන්. ලෝකේ මිනිස්සු මොකෙක් හරි එකෙක් දෙයක් කිව්වා පලියට ඒක විද්‍යාත්මකව හරි කියලා කියන්නේ නෑ . ඉතින් එහෙම සනාත උන කරුණු තමයි විද්‍යාවේ දී හම්බු වෙන්නේ.
    ආගම් වල එහෙම ඒවා නෙවෙයි. ඒ ඒ ආගම් වල පොත් වල තියන ඒවා කොහෙවත් සාදක ඇතුව ඔප්පු කරපු ඒවා නෙවෙයි. දේශනා කරා කියලා කියන ඒවා. ඒවා පොත් වල තිබ්බ පලියට පිළිගන්නේ නෑ . දැන්වත් තේරුම් ගන්න බැරිනම් ගිහින් නිදාගනින් බන් එකම ගොන් කතාව කියා කියා මෙතන බයිටක් වෙන්නේ නැතුව. මොකද උබේ ඔය ගොන් තර්ක මේකේ ඉන්න උන්ට පෙන්වා. ලෝකේ ගෝලාකාර කම බැලුවද අහනව වගේ මැටි කතා කියන්නේ නැතුව ඉදපන්. :lol:
    දැන් හොඳටම පැහැදිලි! තණකොළ කාලා නිදා ගනින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    දැන් හොඳටම පැහැදිලි! තණකොළ කාලා නිදා ගනින්.
    ආගම වල තියන් කරුණුයි , විද්‍යාත්මකව දැනටම ඔප්පු කරලා තියෙන කරුණු වල වෙනස තේරුම් ගන්න වගේ දෙයක් වත් බැරි එකෙක්ට හතර පාරක් තේරුම් කරන්න උනා නේ..
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පරික්ශා කලා

    පිලිගත්තා. සමහර පරීක්ශන කරලත් බැලුවා (තමන්ට ඕනෙ නම් අවශ්‍ය දේවල් තියනවනම් ඔප්පු කරල තියන ඕනෙම දෙයක් ආපහු ඔප්පු කරන්න පුලුවන්)

    දැන් උබ කියපන් උබ හොල්මන් විශ්වාස කරන්නෙ පරීක්ශන කරලද නැත්නම් කවුරුහරි පරික්ශා කරල ඔප්පු කරපු නිසාද කියල

    ඔයා පිලි ගන්නවා ද? තමන් පිළිගෙන තියන "වැඩි හරිය" සාධක වල සත්‍යතාව පරික්ෂා නොකරයි පිළිගෙන තියෙන්නේ කියලා? දැනට පිලි අරගෙන තියන ගොඩක් දේවල්? විද්‍යාත්මක කරුණු, ඉතිහාසය, දේශපාලනය.. etc

    ==============

    හරි මමත් ඔයා වගේම තමයි. මමත් සමහර කරුණු පරික්ෂා කරලා තියනවා නමුත් වැඩි හරිය මම පෞද්ගලික සාධක පරීක්ෂාවකින් තොරව පිළිගෙන තියනවා. ඒ වගේම මම පිළිගන්න ආස දේවල් තියනවා. බුදු දහම එහෙම එකක්. බුදු දහම සමහර කරුණු වල සත්‍යතාව මම දැකලා තියනවා. සමහර කරුණු මම කවදාවත් දැකලත් නෑ මැරෙනකන් දකින්න වෙන්නෙත් නෑ. නමුත් මම මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය මත පිහිටලා ඒවා පිලිගන්නවා. සමහර ඒවාට සාක්ෂි තියනවා. සමහර ඒවාට සාක්ෂි නෑ. නමුත් මම සමහර දේවල් පිළිගෙන තියෙන්නේ සාක්ෂි ඇතුව නෙවේ. ඉතිහාසය, විද්‍යාව, දේශපාලනය, ආගම. ඔය හැම subject එකකම මම කිසිම සාක්ෂියක් නැතුව පිළිගත්ත කරුණු තියනවා. නමුත් ඒක මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය නිසා මට ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මේ ත්‍රෙඩට ආපු ඉන්ටරස්ට් එකක් තියන හැමෝටම කියන්නෙ,

    මේක මම දෙන්නෙක්ට විතර ඉස්සෙල්ලා කිව්වා. මෙතන කවුරුත් විද්‍යාව වැරදියි කියලා කියන්නෑ. ආගම් විද්‍යාත්මකයි වගේ විහිළු කතා කියන්නෙත් නෑ. අහන්නෙ ඔය ඔප්පු කරයි කිව්වට ගමේ ගොඩේ ඉන්න අය 100% ඔප්පු කරගෙනද ඉන්නෙ කියලා?

    දැං කියයි ඔව් ඉගෙනගෙන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරන්න පුලුවන් කියලා. පියර් රිවිව්ඩ් රිසර්ච් පේපර්ස් තියනවා ඒවාට ස්ටෑන්ඩර්ඩ් තියනවා, ක්‍රෙඩිබිලිටියක් තියනවා කියලා. ඕකට තමා මම ආධිපත්‍ය කිව්වෙ. ඕනෑම ඉගැන්වීමක ආධිපත්‍යක් සකස් වෙනවා. ඒක විද්‍යාවෙ ඉඳං බුද්ධාගමට යනකං එහෙමයි.

    දැං කොරෝනා කිව්වට මම එහෙම වෛරස් එකක් මගෙ ඇස්දෙකට දැකලා තියද? නෑ නමුත් ඒක දැක්කයි, ඒක මෙහෙමයි, කියලා කියන ඒකට බෙහෙත මේකයි, කියල කට්ටියක් කියන එකක් විදගන්නවා. ඒකට හේතුව යම් යම් කාරණා නිසා මට ඔය කියන අය ගැන විශ්වාසයක් ඇතිවෙලා තියනවා. ඒ නිසා මම නොදන්නවා උනත් වැක්සීන් එක මම විශ්වාස කරලා ගහගන්නවා. ඒකියන්නෙ ගමේ ගොඩේ උදවිය විද්‍යාව ගැන විශ්වාසය මත පදනම් වෙලා තමා "දැනට" වැඩ කරන්නෙ.

    කාට හරි ඕනෙනම් ඉගෙනගෙන ඒ විශය දැනුම ලබාගෙන අර පරීක්ෂණ රිපීට් කරන්න පුලුවන්. ආන්න ඒ පරීක්ෂණ තමන් විසින්ම රිපීට් කරලා දැනුම ගත්ත කෙනාට ප්‍රත්‍යක්ශයි ඒ ඒ විද්‍යාත්මක දැනුම. එසේ කර නොගන්නා තාක් කාල් ඒ දැනුම "විද්‍යා සඟරාවක, රිසර්ච් එකක තිබ්බ හෝ පිලිගත්ත පුද්ගලයෙක් කිව්ව දෙයක්" ඒ අය පිලිබඳව, විද්‍යාත්මක ක්‍රමය පිලිබඳව ඇතිවුන විශ්වාසය නිසා ඇතිකරගන්නක්. (ඕවත් ඛණ්ඩනය කරන්න ක්‍රම තියනවා දැනට ඔය ඇති)
    (ඒ වගෙම ඕකම මට බුද්දධාගමට අදාලව කියන්නත් පුලුවන්)

    කොටින්ම කිව්වොත් විද්‍යාවත් ෆැන්ටසියක්, බුද්ධාගමත් ෆැන්ටසියක් (අගෞරවයක් කරන්න නෙමෙයි, පොයින්ට් එක පහදන්න) අභිධර්මයත් ෆැන්ටසියක්, දිලාන් ඉන්නවා කියන එකත් ෆැන්ටසියක්, දිලාන් නෑ කියන එකත් ෆැන්ටසියක්, දිලාන්ට මේක තේරෙනවා කියන එකත් ෆැන්ටසියක් :lol: .

    ෆැන්ටසි කිව්වාම ඒවා තමා පරම පාරිශුද්ධ එකම රිඇලිටිය එහෙමත් නැතිනම් ඒවා තමා පවතින එකම ඇත්ත විදහට ගන්න එකයි මේ ඇටෑක් කරන්නෙ. එහෙම පරම ඇත්තක් පෙන්න ගන්න බෑ. ලෝකෙ සාපේක්ෂයි, සත්‍ය ප්‍රායෝගිකයි. ප්‍රායෝගික නිසා පාවිච්චි කරනවා සාපේක්ෂක නිසා පරම කරලා පනවන්න බෑ. එතනිං එහාට හිතන එකට සාර්ථක පදනමක් නෑ.

    ඥානවිභාගය ගැන කියනකොට "හෑලි" දානවා කියලා උද්දච්ච නොවී මොකද්ද ඒ කියන්නෙ කියලා බලන්න. මම හිතන්නෑ මටවත් ශෙනක්ටවත් විද්‍යාව බොරුයි, බූතයෝ නෑ හෝ ඉන්නවා කියලා කියන්න ඕනෙ කියලා. උදේ ඉඳං රැ වෙනකං විද්‍යාවෙන් නිපැයූ දේවල් වලින් වැඩගන්න මිනිස්සු අපි. ඒත් 24/7 ලැබ් කෝට් ඇඳං එක අතකින් අන්වීක්ශෙයි අනිත් අතින් පාටිකල් ඇක්සලරේටරෙ කෑල්ලකුයි තව අත් දෙකකිං 11 වසරෙ විද්‍යා ප්‍රශ්න පත්තරේ ට ලියපු උත්තරයි අරං නිකං මූනූ සයයි අත් දොළහයි තියන කතරගම දෙයියො වගේ විද්‍යාවෙ දෙයියො විදිහට රඟපාන්නෑ:P අපි.

    අපි ඔක්කොම ෆැන්ටසිකාරයෝය තම. ප්‍රායෝගිකව වැඩකරන නමුත් ෆැන්ටසි කාරයෝය. හිතන්න දෙයක් ලැබියි කියලා හිතනවා.

    Me think this is a good place and point to retire from the thread.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් මෙහෙමත් හිතෙනවා.

    මිනිහගෙ මොළේ කියන්නෙ කම්පියුටර් එකක් වගේ දෙයක්. හිතපන්කො කම්පියුටර් එකට ලොජික් එක දුන්නම ඒකට ඉන්පුට් දුන්නම ඌ අවුට්පුට් දෙනවා. ඒකත් හරියට අපි හිතනවා අපි වැඩ කරනවා වගේ නෙ. ඒත් අපි දන්නවා භෞතිකව වයර් කරලා තියෙන පරිපථ වලින් ඒක වෙන බව.

    මට හිතෙන්නෙ අපේ මොලෙත් වැඩ කරන්නෙ ඔය වගේ (In neurology, it is even proved that brain make physical changes when learn) . අපි ඉගෙනගන්නවා කියන්නෙ ලෝකෙ තියෙන එක එක ලොජික් අරගෙන ඔලුවට දාගන්න එක. ඊටපස්සෙ එක එක සංවේදන වලට ප්‍රතික්‍රියා කර කර ඉන්නවා ඉතින්. මොලේ මළාම ඔක්කොම ඉවරයි. මදර් බෝර්ඩ් එක ගියා වගේ.

    ඉතින් මට නම් හිතෙන්නෙ කම්පියුටර් එකක් කැඩුනම ආත්මයක් පුනරුප්පත්තියක් නෑනෙ ඒකට. ඒවගේ මිනිස්සුත් මැරිච්ච ගමන් ඔක්කොම ඉවරයි කියලා. වෙනත් වචනවලින් කිව්වොත් මනස කියලා අපි දකින දේ භෞතිකව සිද්ධ වෙන දේක ප්‍රතිඵලයක්. තවත් විදිහකට කිව්වොත් භෞතික දේ නැතුව (මොළය ) මනසට පැවැත්මක් නෑ. භෞතිකව මැරුණම මනසත් ඉවරයි. ආයෙ හොල්මන් කර කර ආත්ම මාරු කර කර ඉන්න දෙයක් නෑ.

    මට හිතෙන දෙයක් කිව්වෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මට නම් මෙහෙමත් හිතෙනවා.

    මිනිහගෙ මොළේ කියන්නෙ කම්පියුටර් එකක් වගේ දෙයක්. හිතපන්කො කම්පියුටර් එකට ලොජික් එක දුන්නම ඒකට ඉන්පුට් දුන්නම ඌ අවුට්පුට් දෙනවා. ඒකත් හරියට අපි හිතනවා අපි වැඩ කරනවා වගේ නෙ. ඒත් අපි දන්නවා භෞතිකව වයර් කරලා තියෙන පරිපථ වලින් ඒක වෙන බව.

    මට හිතෙන්නෙ අපේ මොලෙත් වැඩ කරන්නෙ ඔය වගේ (In neurology, it is even proved that brain make physical changes when learn) . අපි ඉගෙනගන්නවා කියන්නෙ ලෝකෙ තියෙන එක එක ලොජික් අරගෙන ඔලුවට දාගන්න එක. ඊටපස්සෙ එක එක සංවේදන වලට ප්‍රතික්‍රියා කර කර ඉන්නවා ඉතින්. මොලේ මළාම ඔක්කොම ඉවරයි. මදර් බෝර්ඩ් එක ගියා වගේ.

    ඉතින් මට නම් හිතෙන්නෙ කම්පියුටර් එකක් කැඩුනම ආත්මයක් පුනරුප්පත්තියක් නෑනෙ ඒකට. ඒවගේ මිනිස්සුත් මැරිච්ච ගමන් ඔක්කොම ඉවරයි කියලා.
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ටෙස්ට් කරලා බලන්න තමා ඕනෙ සේරම පොසිබිලිටීස්.
     
    • Like
    Reactions: Honda.putha

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඔයා පිලි ගන්නවා ද? තමන් පිළිගෙන තියන "වැඩි හරිය" සාධක වල සත්‍යතාව පරික්ෂා නොකරයි පිළිගෙන තියෙන්නේ කියලා? දැනට පිලි අරගෙන තියන ගොඩක් දේවල්? විද්‍යාත්මක කරුණු, ඉතිහාසය, දේශපාලනය.. etc
    ''තමන් පිළිගෙන තියන "වැඩි හරිය" සාධක වල සත්‍යතාව පරික්ෂා නොකර" පිලිගත්තත් මට ඕනෙම වෙලාවක ඒ පරීක්ශන ආපහු කරල ඒ ඔප්පු කරපු දේවල් ඔප්පු කරන්න පුලුවන් මං අහන්නෙ හොල්මන් එහෙම කරන්න පුලුවන්ද බැරිද කියල විතරයි. හේතුව? උබ කලින් කියල තියනවා හොල්මන් 100% විශ්වාස කරනවා කියල

    ඒ වගේම මම පිළිගන්න ආස දේවල් තියනවා
    6 POSSIBLE SCIENTIFIC REASONS FOR GHOSTS
    Low frequency sound
    Mold
    Carbon monoxide
    The power of suggestion
    Drafts
    We enjoy being afraid
     
    • Like
    Reactions: dilann

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    මේක හොල්මන් සීන් එකක් නෙවෙයි මචං හැබයි.
    මගේ අයියා බැදලා ඉන්න අක්කගේ අම්මා අයියගේ දරුවො දෙන්නා බලා ගන්න නැවතිලා ඉන්නවා ගෙදර, අයියා අක්කා වැඩට යනවා. අවුරුදු දෙකක් විතර හිටියා. සිකුරාද හවස ගෙදර යනවා 30Km විතර බස් එකේ ගිහින් ඉරිදා හවස එන්න හිටියේ ඒත් එන්න බැරි උනා ලෙඩ වෙලා.

    දැන් සතියක් විතර ඇදේ ඉන්නවා අල්ලගෙන හොස්පිටල් එහෙම එක්කන් ගියා කිසි පලයක් නෑ. තොල් කහ පාට වෙලා හැම තැනම එක්ක ගියා ඩොක්ටලා චැනල් දාලා පෙන්නුවා කරාපිටියේ එක්ක ගිහින් එක එක ඒව කියලා බෙහෙත් විද්දා දැන් සති දෙකක් විතර ගිහින් ඒත් අමාරුයි දැන් ඇවිදින්නත් බෑ උස්සන් යන්නේ.

    අයියලයි ගෙවල් ලග ඉන්නවා මන්තර ගුරුකම් කරන ආත්ත කෙනෙක් එයා ගාවට රෑ 9.00ට යන්න ඕන ගියා ගිහින් හිටියම මෙන්න යකෝ කතා කරේවත් නැතුව මොකක්ද හේතුව කියලා කවියකින් කියනවා ආපු කාරනාව. ටිකෙන් ටික කියනවා කරන්න ඕන දේ. ගේ ඉස්සරහ ගහක ඇදලලු තියෙන්නේ එයා දිහා බලන් ඉන්න කෙනෙක්. ඒ ගහට පේනවලු තවත් ගහක් ඒ ගහට පේනවලු පිට්ටනියක් වගේ තැනක් එතන ගෙදර කෙනා කියුවා කරලා තියෙන්නේ ඉක්මනටම මේ ගහ අයින් කරන්න කියුවා මාත් හිටියා එතන කියන වෙලාවේ ⁣නැත්නම් මේ සතියේ ඉන්න එකක් නෑ කියලා කියුවා ⁣ඔලුව වන වන කියුවේ බං.

    පස්සේ බැලුව ⁣අක්කලයි මහ ගෙදර ගිහින් එහෙම ගහක් නෑ අම්මටත් හොදටම අමාරුයි කරන්න දෙයක් නෑ බැරිමතැන පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ ඒ විදියට එක්ක ආව කට්ටඩියෙක් ඒත් හරිගියේ නෑ නූල් දැම්මා දෙහි කැපුවා ඒ ඔක්කොම කරා දැන් ගොඩක් අමාරුයි. ආයේ කරාපිටි රෝහලට අරන් ගියා. ඊට පස්සේ උදේ 5යි ගානකට නැතිඋනා මචං.

    මේදේවල් කොහොම ඉක්මනට උනාද කියන්න බෑ මචං. මල ගෙදරට අර ආත්තා ආවා. ඒ ආත්තා පෙන්නුවා ගහ බං. ඒ අක්කලයි බාප්පගේ ඉඩමේ මායිමේ ගහ තියුනේ පොල් ගහක්. දැන් මොනව කරන්නද මචං වැඩක් නෑනේ.

    අර ආත්තා දැනගත්තේ කොහොමද මේ සිද්ධිය? ගමේ කවුරුත් දන්නේ නෑ මොකද අක්කලයි අම්මා ඉන්නේ ගොඩක් දුර. මැරෙනවා කියලා එහෙම කියන්න බෑනේ බං අනාගතය ගැන අතීතයනම් කියන්න පුලුවන් කියමුකෝ ඒත් අනාගතය කොහොමද බන් එහෙම කියුවේ. ඒ ආත්තා අක්කගේ අම්මා ඇහැටවත් දැකලා නෑ.
     
    • Like
    Reactions: animation

    කරපු එකාව අල්ලගත්තද?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ''තමන් පිළිගෙන තියන "වැඩි හරිය" සාධක වල සත්‍යතාව පරික්ෂා නොකර" පිලිගත්තත් මට ඕනෙම වෙලාවක ඒ පරීක්ශන ආපහු කරල ඒ ඔප්පු කරපු දේවල් ඔප්පු කරන්න පුලුවන් මං අහන්නෙ හොල්මන් එහෙම කරන්න පුලුවන්ද බැරිද කියල විතරයි. හේතුව? උබ කලින් කියල තියනවා හොල්මන් 100% විශ්වාස කරනවා කියල

    6 POSSIBLE SCIENTIFIC REASONS FOR GHOSTS
    Low frequency sound
    Mold
    Carbon monoxide
    The power of suggestion
    Drafts
    We enjoy being afraid
    පුළුවන්. භාවනා දියුණු කලාම සාමාන්‍ය මනසක disable වෙලා තියන විශේෂ හැකියාවන් enable වීම් ගැන සඳහන් වෙනවා. එහෙම විශේෂ හැකියාවන් enable කල අය ඉන්නවා. ඒ පිළිබඳව බුද්ධ දේශනා වලත් සඳහන් වෙනවා. ඒ නිසා කාට හරි කැමති නං ඒ procedure එක ඔස්සේ ගිහින් දැනට පියවි ඇසට නොපෙනෙන දේවල් බැලීමේ හැකියාව තියනවා. ඒ නිසා ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. අමනුෂ්යන් විතරක් නෙවේ බුද්ධ දේශනා වල සඳහන් වෙනත් ලෝක හරහා ගමන් කරන්නත් පුළුවන්. කාටවත් ඒවා try කරලා බලන්න තහනමක් නෑ.

    හැබැයි මේකත් එක පැත්තකින් සාමාන්‍ය science වගේම තමයි. හැමෝම ඉගන ගත්තා කියලා හැමෝටම scientist ලගේ ලෙවල් එකට යන්න බෑ නේ? හැමෝටම ඒ අදාළ කරන පද්ගලිකවම ඔප්පු කර ගන්න පුළුවන් තැනට යන්න බෑ නේ ක්‍රමයක් තිබ්බත්? දැන් ක්‍රමයක් තිබ්බා කියලා හැමෝටම පුළුවන් ද සයිධාන්තිකව කාල කුහරය පවතින බව සාධක ඇසුරෙන් ගණිතය එහෙම හරහා තමන්ටම තනියම ඔප්පු කර ගන්න? ඒ ඒ අයගේ බුද්ධි මට්ටම අනුව කොහෙන් හරි නතර වෙන්න සිද්ද වෙනවනේ? ඒ වගේම භාවනවෙත් ඉහලටම යන්නේ ඒ හැකියාව මනසේ තියන කෙනෙක් විතරයි. procedure එක අතට හම්බුනා කියලා හැමෝටම අර හැමදේම බලන්න පුළුවන් ලෙවල් එකට එන්න බෑ.

    විද්‍යාවයි බුදු දහමයි දෙකම යම් දුරකට ඉගන ගත්ත කෙනෙක් විදිහට ඔය දෙකේ දෙයක් ඔප්පු කරන්නේ තියෙන්නේ එකිනෙකට පරස්පර විරෝධී ක්‍රමේකට. නිකන් සරලව කියනවා නං මෙහෙම,

    විද්‍යාව - facts පේන්න තියනවා. පරීක්ෂණය කරනවා, නිරීක්ෂණ දකිනවා. නිගමනයකට එනවා.

    බුදු දහමේ - facts - ලෝකයේ නියම ස්වභාවය පෙන්නේ ටිකයි. නිගමනය මත විශ්වාසය තියලා පරීක්ෂණයක් කරනවා. එතකොට විතරක් නිගමනය නිවැරදි බවට නිරීක්ෂණ ලැබෙනවා සහ කලින් නොපෙනුන dependencies විදිහට තියන අනිත් facts පෙනෙන්න ගන්නවා.

    [1] විද්‍යාවේ, කිසිම කරුණක් පිලි ගන්නේ නෑ ඔප්පු නොවී. ඔප්පු උනාම හැමෝටම එකේ result පෙන්නන්න පුළුවන්.
    [2] බුදු දහමේ, පිලි ගත්තොත් විතරයි ඔප්පු වෙන්නේ. එකත් ඒක කරන කෙනාටම විතරයි. තව කෙනෙකුට result පෙන්නන්න ක්‍රමයක් නෑ. නමුත් සමහර දේවල් පෙන්නන්න පුළුවන්.

    සාමාන්යෙන් මිනිසුන්ගේ ස්වභාවය [2] නොවන නිසයි මිනිස්සු බුදු දහම පිලි ගන්නේ නැත්තේ.

    මම ඔය දෙක ඔය වෙනස් procedure දෙකේම වෙනම අරන් යන්නේ. ඒ නිසයි මම අමනුෂ්‍යයෝ විශ්වාස කරන්නේ. සහ අනොත් සියලු බුද්ධ දේශනාවේ කරුණු විශ්වාස කරන්නේ. මට පවුද්ගලිකව බුදු දහමේ ඉගැන්වීම් වල ප්‍රතිපල විවිධ තැන් වලදී ලැබිලා තියනවා.

    ඕක ගැන ඔයිට වඩා කියන්න දෙයක් නැත. නිකන් දලවශයෙන් මම දකින විදිහට කිවුවේ. ක්‍රමයක් නේ ඇහුවේ? ඔවු ක්‍රමයක් තියනවා. කැමති නං කරලා බලන්න පුළුවන්. කරලා බලලා කතා කරනවද, මුලින්ම ඕවා බොරු කියලා ප්‍රතික්ෂේප කරලා කතා කරනවද කියන එක ඔයාගේ වැඩක්. කොහොම නමුත් මම කාටවත් කිසි දෙයක් ඔප්පු කරන්න ලෑස්ති වෙන්නේ නෑ.
     
    • Love
    Reactions: greenthunder

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔයා පිලි ගන්නවා ද? තමන් පිළිගෙන තියන "වැඩි හරිය" සාධක වල සත්‍යතාව පරික්ෂා නොකරයි පිළිගෙන තියෙන්නේ කියලා? දැනට පිලි අරගෙන තියන ගොඩක් දේවල්? විද්‍යාත්මක කරුණු, ඉතිහාසය, දේශපාලනය.. etc

    ==============

    හරි මමත් ඔයා වගේම තමයි. මමත් සමහර කරුණු පරික්ෂා කරලා තියනවා නමුත් වැඩි හරිය මම පෞද්ගලික සාධක පරීක්ෂාවකින් තොරව පිළිගෙන තියනවා. ඒ වගේම මම පිළිගන්න ආස දේවල් තියනවා. බුදු දහම එහෙම එකක්. බුදු දහම සමහර කරුණු වල සත්‍යතාව මම දැකලා තියනවා. සමහර කරුණු මම කවදාවත් දැකලත් නෑ මැරෙනකන් දකින්න වෙන්නෙත් නෑ. නමුත් මම මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය මත පිහිටලා ඒවා පිලිගන්නවා. සමහර ඒවාට සාක්ෂි තියනවා. සමහර ඒවාට සාක්ෂි නෑ. නමුත් මම සමහර දේවල් පිළිගෙන තියෙන්නේ සාක්ෂි ඇතුව නෙවේ. ඉතිහාසය, විද්‍යාව, දේශපාලනය, ආගම. ඔය හැම subject එකකම මම කිසිම සාක්ෂියක් නැතුව පිළිගත්ත කරුණු තියනවා. නමුත් ඒක මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය නිසා මට ප්‍රශ්නයක් නෑ.
    විද්‍යාවේ රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරාම, ඒ ෆීල්ඩ් එකේ ඉන්න පියර්ස්ල ඒක රිවියු කරලා තමයි පිලිගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. වැඩි දෙනෙක් පිලිගෙන අනුමත උන දෙයක් නම් ආපහු අපි පරීක්ෂණ කරන්න යනවද හරිද බලන්න?

    මේ හොල්මන් වගේ දේවලට පොඩ්ඩක් ලොජිකල් හිතුවානම් ප්‍රශ්ණ අඩු වෙයි. අපි හොල්මන්ම තමයි කියලා අපේ මනස කන්ව්න්ස් කරගෙනනම් ඉන්නේ ඊට පස්සේ වෙන හැම දේම ඉතින් හොල්මන්ම තමයි