ළග පාතක කවුරුවත් නැ බන්...
වටේ ම පාළුයි.
මුන් කිව්වට පිලි ගන්නෙ ම නැනෙ..මමත් ඇස් දෙකට ම දැක්ක හෙන උස එකෙක් වැට ළග ඉදල එනව.මම එවෙලාවෙ දන්නෑ ඒක මෙහම සීන් එකක් කියල. මන් කතා කරා ආපු එකාට. මන් හිතුවෙ ළග ගෙදරක අංකල් කෙනෙක් කියල. ඒ උණාට උ සද්දයක් නැතුව ගියා ගෙ පිටිපස්ස පැත්තට. මන් හිතුවෙ මාව දකින්න නැතුව ඇති කියල. මන් හිටියෙ කළුවරෙ ඉස්තෝප්පුවෙ නිසා. ඉතිං ලයිට් දාලා ගෙදර පස්ස පැත්තට යද්දි අම්මල පිටි කොටනව එයාල කිව්ව කවුරුත් ආවෙ නැ කියල.... අක්ක බය වෙල කියල පොඩ්ඩක් මට තේරුණා..මන් හිතුවෙ හොරු ආව කියල හිතල බය වෙලා කියල.ඒ දෙන්න මුකුත් කිව්වෙ නැ කලින් වෙච්ච දේවල්.. පස්සෙ තමයි දන්නෙ එයලටත් එහෙම වෙලා කියල.. අනිත් එක ආවෙ ඇත්තට ම මිනිහෙක් ද කියන එක පස්සෙ කල්පනා කරද්දි මතක් උනෙ ඌ හෙන ම උසයි
අම්ම දැකල තියෙනව උස එකෙක් පඩිපෙල බැහැල පහලට යනව කවුද කියල බලන්න යද්දි කවුරුවත් නැලු. දවසක් තාත්ත කවුද කවුද කියල කතා කරනව ඇහුණ...තාත්ත කිව්ව වහල උඩ වාඩි වෙල කවුද කෙනෙක් බිම බලන් ඉන්නව දැක්ක කියල. සොල්දරෙත් පීරල බැලුව එකෙක්වත් නැ
සොල්දරෙත් කිව්වේ මොකක් ද බන් ... එක තෙරුන්නේ නෑ.. ටයිපින් මිස්ටේක් එකක් ද?
මට ඔව්ව නෑ කියන්නත් බෑ තියෙ කියන්නත් බෑ.. මම මිට කලිනුත් කියලා තියෙ යම් සිද්දියක්... කෙටියෙන් අදත් කියන්නන්.. ගම්පහා වැලිවේරිය පැත්තෙන් කිරිදිවෙලට යද්දී රබර් වත්ත හන්දිය ගාව ටියුෂන් පන්තියක් තියේ.. ඔය කිට්ටුව අපේ නැදෑ කෙනෙක් ඉන්නවා.. ඒගොල්ලොන්ගේ ගේ ගෙවල් වලට ගෙවල් 5 විතර දුරින් ගෙයක් තියේ මිනිහෙක් ඉල්ලිලා මල.. හොල්මන් තියේ කියල කියනවා .. ඔය අපේ කෙනාගේ ගෙදර කෙනෙක් මැරුණා කොරෝනා ෆිර්ස්ට් වෙව් එන්ඩ් එක හරියේ වයසට ගිහින් සාමාන්‍ය විදියට.. කෝල්ලෝ සෙට් එකක් රැ 10 විතර ඔය ගේ පෙන දුරින් ඉදන් සිගා එකක් ගහද්දි දැකලා තියෙනව කෙනෙක් අර ගෙවල් පැත්තට යනවා.. අරුන් දෙන්නෙක් බලා ගෙන ඉදන් ඉදලා උනුත් ගිහින් කවුද මේ කරුවලේ ගියේ කියලා බලන්න... මුන් ගේ වටේම අවිද්දාලු කවුරුත් නෑ ..
උබට කියන්න තියෙන්නේ ඔය නිතර නිතර බය වෙන එක හොද නෑ බන් .. විශේයෙන් ඔව්වා විස්වාස කරන අයට .. අම්මා , අක්කා , තව අය ඉන්නවා නම් නිතර ඕකට මුහුණ දෙන එච්චර හොද නෑ ... මනසට...
01. විදුලිය පිරිමැසුම් බල්බ් ටිකක් දාපන් මුලින්ම වත්ත ට එලිය වැටෙන්න..
02. සුදු පාට වගේ එලිය පාටක් ගාපන් ගෙදරට උනත්..
03. පැය 24 පිරිත් යන විදුලිය පිරිමැසුම් පොඩි item තියෙනවා. එහෙම එකක් අර ගන්න... (රු 1500 වගේ ඉදන් තියෙනවා කඩවල ... ප්ලග් & ප්ලේ...)
04. වත්තේ ගස් කෝලන් වැවිලා හවස් 4 -5 වෙද්දී පට්ට කරුවල නම් වත්තේ ගස් කපාපන්...
05. නිවසේ රාත්‍රියට නොනිවා දමන බල්බයක් හෝ දෙකක් දාපන් ගේ ඇතුලේ උනත් කරුවල මැකෙන්න.. උබලා නිදා ගන්න වෙලේට..
06. මිනිස්සු අශ්රෙන් අඩු බාවනා යෝගියව ඉන්න හාමුදුරුවරු ඉන්නවා.. පුළුවන් ගෙදරට වඩම්මලා දානයක් දීපන්... (එනවද කියන්න දන්නේ නෑ හැබැයි... ඔය ෆෝන් ඔබ ඔබ ඉන්න ගමේ පන්සලේන් නෙමෙයි) ගෙදරට වඩින්නේ නැති නම් උබලට පුළුවන් එහෙට ගිහින් දානය දෙන්න.. දීලා උබලගේ ගැටලුව කියන්න..
මම , උබ උනා නම් කරන්නේ ඔව්වා ... ඔය කට්ටඩි කාරයෝ පස්සේ නම් යන්නේ නෑ..
Last edited:
ලෝකෙ ගෝලාකාරයි කියල ඔප්පු කරේ ධ්‍යාන වඩල නෙමෙයිනෙ
අපි.