🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කතාව පිලිවෙලට ගලපන්න අමාරුයි නේද ගූගල් කරත්
    තාම ගූගල් කලේ නෑ බන්. බස් එකේ ඉන්නෙ. ගෙදර ගිහින් බලන්න ඕනෙ. මට ඔය නම මතකයි. මේ ලඟදිත් විදුසර පත්තරේ ලෙවන්හුක් ගැන ආටිකල් එකක් ගියා. ඒකත් මතකයි ;)

    ප.ලි. මගෙ උත්තරේ වැරදියි. පොර father of microbiology ලු. බලහන්කො ඉතින් :rolleyes:
     
    Last edited:

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113

    W. A. සිල්වා මහත්තයගෙ 'සිරියලතා' ද? සිංහල නවකතාව නම් ඒක වගේ මතක. ඊට කලින් ඉංග්‍රීසි කතා පල උනාද දන්නෙ නෑ..
    ------ Post added on Jan 28, 2022 at 2:00 PM

    “මීනා” (ප්‍රථම සිංහල නව කතාව ) – ඒ සයිමන් ද සිල්වා (1905)​

    https://novelslk.wordpress.com/2013/11/15/මීනා-ප්%E2%80%8Dරථම-සිංහල-නව-කතාව/

    නමුත් සමහර ස්ථාන වල ඔබකියු පොතද සඳහන්...........
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,196
    113
    - උඩරට -
    Who is the best porn actor in the world?
    FAfKMFMWYAIeLeJ.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    කතාව පිලිවෙලට ගලපන්න අමාරුයි නේද ගූගල් කරත් 🤣🤣
    Yes... the origin dates back to the Janssen team (Father & Son) Dutch Spectacle makers. Then came Robert Hooke's with his famous "Micrographia"
    But Van Leeuwenhoek - is considered the Father of the Microscope.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ශ්‍රී ලංකාවේ ප්‍රථම නව කතාව කුමක්ද

    මම ආයේ එන්නේ හෙට ......

    ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව හරියටම කියන්න පුලුවන් ස්ට්‍රක්චරේට ලිව්වේ, අලුත්ගමගේ සයිමන්ද සිල්වා මහතා ලියපු මීනා. එතුමා ඊට පස්සේ තෙරේසා, අපේ ආගම වගේ කෘතිත් ලිව්වා.

    නමුත් ඊට කලින් නවකතා ස්වරුපය ගත්ත පොත් ලියවිලා තියනවා..නමුත් සම්පුර්ණවෙන්ම නවකතා කියන්න බැ.

    උදා - ලිදමුලගේ අයිසැක් ලියපු වාසනාවන්ත හා කාලකන්නි පවුල, බොන්තොට ඇල්බට් ලියපු විමලා, සිරිබරි, ආදර හසුන් වගේ කතා.

    (මතකෙන් ලිව්වේ සම්පුර්ණ නම් මතක නැත)
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව හරියටම කියන්න පුලුවන් ස්ට්‍රක්චරේට ලිව්වේ, අලුත්ගමගේ සයිමන්ද සිල්වා මහතා ලියපු මීනා. එතුමා ඊට පස්සේ තෙරේසා, අපේ ආගම වගේ කෘතිත් ලිව්වා.

    නමුත් ඊට කලින් නවකතා ස්වරුපය ගත්ත පොත් ලියවිලා තියනවා..නමුත් සම්පුර්ණවෙන්ම නවකතා කියන්න බැ.

    උදා - ලිදමුලගේ අයිසැක් ලියපු වාසනාවන්ත හා කාලකන්නි පවුල, බොන්තොට ඇල්බට් ලියපු විමලා, සිරිබරි, ආදර හසුන් වගේ කතා.

    (මතකෙන් ලිව්වේ සම්පුර්ණ නම් මතක නැත)
    Correct Bro....:love: (y)
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    පලමු අන්වීක්ෂය නිර්මාණය කලේ ? (ඒකෙ මුල් කථාවත් කියන්න)
    පලමු අන්වීක්ෂය හැදුවෙ ජැන්සන් පිය පුතු ඩබල. දෙන්නා වෘත්තීය ඇස්කණ්ණාඩි හදපු කට්ටිය. ඇස් කණ්නාඩියකට හදපු ලෙන්ස් එකක් වැරදියට හැදිල තමයි මුල් පාර මෙහෙම සීන් එකක් දැන ගෙන තියෙන්නේ කියල කියනවා. ඒ වගේම දුරෙක්ෂයේ මුල් නිර්මාන කරුවන් මොවුන් කියල කියනවා. ඒත් ඒකට පෙටන් එක ගත්තෙ ඒ නගරෙම වෙන කෙනෙක්.

    පස්සෙ මේ ඩබල වක්‍රතාව වෙනස් කර කර විවිධ අන්වීක්ෂ නිර්මාණය කලාලු. හැබැයි ඉතින් එකෙන් නියම විදියට වැඩ ගත්තෙ ඇනටන් වෑන් ලීවන්හුක්. මෙයා තමයි පලමු ක්ෂුද්‍ර ජීවියා දැක ගත්තෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව හරියටම කියන්න පුලුවන් ස්ට්‍රක්චරේට ලිව්වේ, අලුත්ගමගේ සයිමන්ද සිල්වා මහතා ලියපු මීනා. එතුමා ඊට පස්සේ තෙරේසා, අපේ ආගම වගේ කෘතිත් ලිව්වා.

    නමුත් ඊට කලින් නවකතා ස්වරුපය ගත්ත පොත් ලියවිලා තියනවා..නමුත් සම්පුර්ණවෙන්ම නවකතා කියන්න බැ.

    උදා - ලිදමුලගේ අයිසැක් ලියපු වාසනාවන්ත හා කාලකන්නි පවුල, බොන්තොට ඇල්බට් ලියපු විමලා, සිරිබරි, ආදර හසුන් වගේ කතා.

    (මතකෙන් ලිව්වේ සම්පුර්ණ නම් මතක නැත)

    ලංකාවෙ සාහිත්‍යට හොඳ ඉතිහාසයක් තියනවානේ, එහෙම බැලුවම පලවෙනි නවකතාව සෑහෙන්න මැතකදිනේ ලියලා තියෙන්නෙ
    නිකමට හොයලා බැලුවා ලෝකෙ මුල්ම නවකතාව කොයි කාලෙද ලියලා තියෙන්නෙ කියලා, අවුරුදු 1000ට විතර කලින් ලියුවා කියලා තමයි හම්බුනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ලංකාවෙ සාහිත්‍යට හොඳ ඉතිහාසයක් තියනවානේ, එහෙම බැලුවම පලවෙනි නවකතාව සෑහෙන්න මැතකදිනේ ලියලා තියෙන්නෙ
    නිකමට හොයලා බැලුවා ලෝකෙ මුල්ම නවකතාව කොයි කාලෙද ලියලා තියෙන්නෙ කියලා, අවුරුදු 1000ට විතර කලින් ලියුවා කියලා තමයි හම්බුනේ
    සිංහල සාහිත්‍යය ඇත්තට පද්‍ය වලට තමා බර. ඒ නිසා පද්‍ය තමා ලියවුනේ ගොඩක්. සිංහල හොදටම තියෙන්නෙත් මේ පද්‍ය වල. හොදම නිදසුන තමා මචං පලමු ව්‍යාකරණ පොත කියන සිදත් සගරාවත් ලියන්නේ කවි වල ව්‍යාකරණ නිති හදුන්වලා දෙන්න.

    කතා ලියන එක ප්‍රචලිත වෙන්නේ ගොඩක් මැතකදි.
     
    HmNRazor

    Well-known member
  • ඊලග ප්‍රශ්ණය

    ව්‍යාකරණ නිතිරිති ආරම්භ⁣යේ සිට අද දක්වා සිංහල භාෂා තුල හෝඩි කියක් නිර්මාණය වි තිබේද?
    3යි? :unsure:

    1. අමිශ්‍ර සිංහල හෝඩිය - අකුරු 30
    2. මිශ්‍ර සිංහල හෝඩිය - අකුරු 54
    3. නූතන සිංහල හෝඩිය - අකුරු 60
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    සිංහල සාහිත්‍යය ඇත්තට පද්‍ය වලට තමා බර. ඒ නිසා පද්‍ය තමා ලියවුනේ ගොඩක්. සිංහල හොදටම තියෙන්නෙත් මේ පද්‍ය වල. හොදම නිදසුන තමා මචං පලමු ව්‍යාකරණ පොත කියන සිදත් සගරාවත් ලියන්නේ කවි වල ව්‍යාකරණ නිති හදුන්වලා දෙන්න.

    කතා ලියන එක ප්‍රචලිත වෙන්නේ ගොඩක් මැතකදි.
    1. සිදත් සඟරා හෝඩිය
    2. ශුද්ධ සිංහල හෝඩිය/ අමිශ්‍ර සිංහල හෝඩිය / එළු හෝඩිය / නුමුසු සිංහල හෝඩිය
    3. මිශ්‍ර සිංහල හෝඩිය
    4. ජාතික අධ්‍යාපන ආයතන සිංහල හෝඩිය / සිංහල වර්ණ මාලාව
    5. සමකාලීන සිංහල හෝඩිය
    6. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන සිංහල හෝඩිය
    7. නවීන සිංහල හෝඩිය / යුනිකේත සිංහල හෝඩිය

    Google දැනුම මිනුම
    ------ Post added on Jan 28, 2022 at 2:38 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සිංහල සාහිත්‍යය ඇත්තට පද්‍ය වලට තමා බර. ඒ නිසා පද්‍ය තමා ලියවුනේ ගොඩක්. සිංහල හොදටම තියෙන්නෙත් මේ පද්‍ය වල. හොදම නිදසුන තමා මචං පලමු ව්‍යාකරණ පොත කියන සිදත් සගරාවත් ලියන්නේ කවි වල ව්‍යාකරණ නිති හදුන්වලා දෙන්න.

    කතා ලියන එක ප්‍රචලිත වෙන්නේ ගොඩක් මැතකදි.
    මටත් ඔය පද්‍ය සීන් එකත් මතක් උනා මචන්, ඒක make sense
    හැබැයි ඒ කාලෙ ඉඳන් ජාතක කතා එහෙම පොත් වල ලියලා තියනවානේ, එතකොට ඒවයින් inspire වෙලා එක පොතක්වත් ලියවුනේ නැද්ද කියලා මට හිතුනෙ
    තව ජනකතා එහෙම සෑහෙන්න තියනවානේ, කාටවත් ඒකක් base කරන් නවකතාවක් වගේ එකක් ලියන්න අදහසක් ඇවිල්ලම නැහැනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මටත් ඔය පද්‍ය සීන් එකත් මතක් උනා මචන්, ඒක make sense
    හැබැයි ඒ කාලෙ ඉඳන් ජාතක කතා එහෙම පොත් වල ලියලා තියනවානේ, එතකොට ඒවයින් inspire වෙලා එක පොතක්වත් ලියවුනේ නැද්ද කියලා මට හිතුනෙ
    තව ජනකතා එහෙම සෑහෙන්න තියනවානේ, කාටවත් ඒකක් base කරන් නවකතාවක් වගේ එකක් ලියන්න අදහසක් ඇවිල්ලම නැහැනේ
    එකට හේතුව තමා ඇත්තටම බං සාක්ෂරතාව සැහෙන්න සිමා වෙලා තිබ්බේ එක පිරිසකට. ගොඩක්ම පුජ්‍ය හා ඉහල තනතුරු දැරු අයට. එයාලා ඉන්ස්පය උනේ බුදු දහමෙන්. ඉතින් ඊට අදාල කතා වලට ගියා මිසක් නවකතා ආරකට ගියේ නැ...

    සාක්ෂරතාවයේ සිමා නිසා සාමාන්‍ය මිනිස්සු ලේඛන කලාවට යොමු වෙන්න තිබ්බ බාධාව නිසා තමා ජනකතා වගේ අලේඛන මාධ්‍ය ඔස්සේ කතාව සම්ප්‍රේෂණය වන්නෙ. කතෘ අඥාතයි