අරලිය ගහ මැදුරේ කළු කෝපි පාටි, හදිසියේ සිරිකොත ඉදිරිපස පාර වසා කාපට් දැමීම්, චුදිතයන්ට සාගලගේ ගෙදර ආරක්ෂාව දීම්, පාස්පෝට් 2 ක් සහිතව හසුවූ වීරවංශට නීතිය ක්‍රියාත්මක නොකිරීම්, පරාජය වුවත් එම්එස්ඩී ආරක්ෂකයන් සැපයීම් ආදී කුප්‍රකට සිදුවීම් හරහා ශ්‍රී ලංකාවේ රාජපක්ෂලා සමග ඩීල් දේශපාලනයේ කප්පිත්තෙක් ලෙස ජනතාව අතර හංවඩු ගැසුණු එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තුවේ සිදුවූ අලුත්ම ඩීල් කෙරුවාව වීඩියෝ සාක්කි ද සහිතව හෙළිදරව්වීම හේතුවෙන් අද(07) ඔහුගේ කොළඹ හතේ, 5 වන පටුමගේ පිහිටි නිවස ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවෝ රනිල්ට 'ගෙදර යන්න' සහ 'ගෙදර ඉන්න' (Ranil go home & Ranil stay home) යනුවෙන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධය පෑහ.
පෙරේදා (05) නියෝජ්‍ය කථානායක නිලවරණයේදී ශ්‍රීලනිපයේ රංජිත් සියඹලාපිටියට ඡන්දය දෙන ලෙස රනිල් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොළඹවන ආකාරය දක්නට ලැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමෙනුත් ඒ පිළිබඳව ලංකා ඊ නිව්ස් සිද්ධිය තහවුරු කරන වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීමෙනුත් පසුව අද විරෝධතාකරුවෝ මෙලෙස රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතා පෑහ.