මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙන්න මේ වගේ mop එකක් ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකො... ලොකු උදව්වක්!!! 🙏 🙏 🙏 🙏
    MOP.jpg
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    bump. maha loku aduwak na dan pettah walath.
    badu ganna yanawanam hariyatama kade danagena yanna one, samaharak ewage adui, thawath samahara ewage anith than walatath wadiya ganan wadiy.
    ow eka aththa. me weekend eke badu wagayak ganna giya. yanna kalin daraz eke balala giye ganan. kotuwe gana wadi daraz ekatath wada. special deyak nemei nam gaman wiyadam karan yana ekenuth dan therumak na.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,115
    9,404
    113
    ප්ර්ෆියුම් මේකප් බඩු ගන්නවනම් අන්ඩ ග්‍රව්න්ඩ් එකෙන් තමා ගන්න වෙන්නෙ.දෙකක් තියනවා දෙකටම ගන්න.
    Location - https://goo.gl/maps/wACXQbLUtY7idbBn6

    මොකක්ද හරියටම කඩේ ?
     
    • Like
    Reactions: dinesh4u

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මෙන්න මේ වගේ mop එකක් ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකො... ලොකු උදව්වක්!!! 🙏 🙏 🙏 🙏
    Arpico එකේ තියෙනව. මන් දවස් දෙකකට කලින් ගෙනාව.
     
    • Like
    Reactions: bandarawithana

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    "ප්ර්ෆියුම් මේකප් බඩු ගන්නවනම් අන්ඩ ග්‍රව්න්ඩ් එකෙන් තමා ගන්න වෙන්නෙ.දෙකක් තියනවා දෙකටම ගන්න." me place ekata mama giya godak kalin ..dan yanna mathaka nahane ban .. puluwan nam location eka dapan ko ... dala thiyena place eka hoya ganna bahane
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,721
    4,757
    113
    "ප්ර්ෆියුම් මේකප් බඩු ගන්නවනම් අන්ඩ ග්‍රව්න්ඩ් එකෙන් තමා ගන්න වෙන්නෙ.දෙකක් තියනවා දෙකටම ගන්න." me place ekata mama giya godak kalin ..dan yanna mathaka nahane ban .. puluwan nam location eka dapan ko ... dala thiyena place eka hoya ganna bahane
    ඔච්චර අමාරුවෙන් ඕවා හොයාගෙන යන්න තරම් වටිනවද බන් ?? භූමිතෙල් පොඩ්ඩක් ගාගෙන පලයන්. ඕන දුගදක් භූමිතෙල් වලට යට යනවා.
     
    • Haha
    Reactions: Kolama

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ඔච්චර අමාරුවෙන් ඕවා හොයාගෙන යන්න තරම් වටිනවද බන් ?? භූමිතෙල් පොඩ්ඩක් ගාගෙන පලයන්. ඕන දුගදක් භූමිතෙල් වලට යට යනවා.
    මට නෙමෙයි යකෝ මම දන්න එකෙක්ට ,,උ අහුව place එක .. දැන් කියන්න මතකත් නෑ ,, ගොඩාක් කාලෙකට කලින් වෙන එකෙක් එක්ක ගියේ ... LOL
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකක්ද හරියටම කඩේ ?
    ඔය මැප් එක පෙන්නන තැනටගිහින් අහන්න.ග්‍රව්න්ඩ් ෆොලෝඑකේ තියෙන්නෙ.හැබැයි දැන් ගොඩක් කඩවල් වැහිලා
     
    • Like
    Reactions: Sen-lu

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පැළ තවානක්(plant nursery) එකකට ඕන බඩු ගන්නෙ කොහෙන්ද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,952
    3,748
    113
    මෙහෙම දේකුත් තියනවා. සමහර දේවල් අඩුවට තියෙන්නේ කොපි. ඔරිජිනල් නෙවෙයි. උදාහරණයක් කිබ්ස් බැනියම්. කිබ්ස් ලේබල් එක ගහල අඩුවට තියනවා ගොඩක් කඩවල් වල. හැබැයි ඔරිජිනල් එක ගණන් අඩු නෑ. ඒක තියෙන්නේ කඩ කීපෙක විතරයි. ඕෂනික් ඉම්පෙක්ස් එක ඔරිජිනල් එක විකුනනවා.
    අර පොලව යට තියන පර්ෆියුම් එහෙමත් කොලිටි උපරිම නෙවෙයි. නම්බර් ටූ කියල කියන්නේ ඒකයි. හොඳට බැලුවොත් පේනවා ලේබල් එහෙම පොඩ්ඩක් වෙනස් විදිහට අලවල තියෙන්නේ කියල.
    හැබැයි ඉතින් අනිත් ටවුන් වල ඔරිජිනල් කියල විකුනන්නේ ඔය පිටකොටුවේ තියන ඒවම තමයි. ඒ නිසා අඩුවට තියන තැනින් ගන්න. දෙවෙනි හරස් වීදියේ කඩේක රුපියල් පනහට විකුණන අර ටේබල් කලෝද් වල යටට සමහරු අල්ලන රේන්ද රීල් එක ටවුමේ කඩේ රුපියල් දෙසිය පනහයි. කොටුවෙන් පහක් ගන්න ගාන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    දැන් මේ තියන තත්වේ එක්ක ගිනිපෙට්ටියෙ ඉදලා ගනන් ගිහිල්ලා තියෙන්නෙ.ගන්න පඩිය ගෙදර බඩුටික බිල් ටිකට ඉවරයි.පොඩි බබාලා ඉන්න ගෙවල් වල මීට වඩා අන්තයි .පිටකොටුවෙන් ගත්තම ලාබ ගැන මේකේ කතාකරමු.

    Xl ගාබේජ් බෑග් 10 කීල්ස් එකේ 400+
    පිටකොටුවෙ xl බෑග් 100 ම 2100යි.

    හෑන්ඩ් ටිශු එක පැකට් එකක් කීල්ස් කාගීල්ස් වල 250ක් දැන්.පිටකොටුවේ පැකට් 20 ගන්න පුළුවන් 3000යි.

    ඉටිපන්දම් පැකට් එකක් දැන් කඩේ 1000යි.පිටකොටුවෙන් පැක් එකක් 600 ගානෙ ගන්න පුළුවන්

    එතන තියනවා ඩිශ් වොශ් ලික්විඩ් ලීටර් ගනන් කෑන්.එකක් ගත්තනම් බය නැතුව මාස 6+ පාවිච්චි කරන්න පුළුවන් .දැන් විම් ඩිශ්වොශ් එකක් 500යි.

    බ‍ර්ත්ඩේ අයිටම් ලයිට් එහෙමත් සෑහෙන අඩුවට ගන්න පුළුවන් .
    Location - https://goo.gl/maps/ib5V7xfWMmHxnKgf6



    පොඩිම අය ඉන්න අයට බඩු ගන්නත් හොද තැනක් තමා පිටකොටුව කියන්නෙ.කඩවල් වල රස්තියාදු උනොත් සෑහෙන්න අඩුවට බඩු ගන්න පුළුවන්

    මාවල් වෙට් ටිශු පැකට් එකක් කීල්ස් ආපිකෝ එකේ 850යි.පිටකොටුවෙ 550යි.සතියකට කලින් ගත්තෙ එකක් 500යි

    වෙලෝනා ඊසි පැන්ට්ස් කෑලි 54 ලාජ් එක නම් අඩුවක් නෑ 7500යි.ඒත් දැන් champs කියලා ඉන්දියන් පෑන්ට්ස් වගයක් එනවා අපේ ක්ලයිමෙට් එකට මැච් වෙන ඒකේ කෑලි 38 පැකට් එකක් 2750යි.මේ වගේ ඒවා ගනිද්දි කඩවල් දෙක තුනකට ගිහින් බලන්න ඔනෙ.එතකොට සමහර තැන් වලින් ඩිස්කව්න්ට් එහෙම හම්බෙනවා.
    Location -Main Street



    ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නවනම්.පාරේ අයිනේ කඩවල් පේම්න්ට් එකෙන් ගන්න එපා.ඇතුලේ තියන පොට් වල ඒක ගනන් අඩුයි.පේමන්ට් එකේ ගාන වැඩී.

    කඩවල් ලොකුවට තියබ්බට බය නතුව ගිහින් බඩු වල ගනන් අහන්න.ඒවා වල ගනන් අඩුයි.මන් පේමන්ට් එකෙන් ෆෝන් එකට වෝට පෲෆ් ෆෝන් කවරයක් ඇහුවම 350ක් කිව්ව.ඊට වඩා කොලිටි එකක් මන් ට්‍රාන්ස් ඒශියා එකෙන් 150ට ගත්තා.
    Location - 1st Cross St



    වෙඩින් කාඩ් කේක් බොක්ස් ප්‍රින්ට් කරන්නත් මරු තැන පිටකොටුව සෑහෙන අඩුවට කරගන්න පුළුවන් .වේරියේශන් ගොඩකුත් තියනවා.
    Location - https://goo.gl/maps/ou553WLqtkg1bhCDA


    අනික පර්ස් ලෙදර් අයිටම් පේමන්ට් එකෙන් නම් ගන්න එපා .මම ගන්න තැනක් තියනවා ඩච් මියුසියම් එක එහා පැත්තෙ රෙක්සින් ලෙදර් ඕන තරම් අඩුවට ගන්න පුළුවන් .

    පොඩි අයට සෙල්ලම් බඩු නම් ඒත් ඩච් මියුසියම් එක ලග තියන කඩ තමා.ලැජ්ජ බය පැත්තක තියල ගියොත් අඩුවට හොද බඩු ගන්න පුළුවන් .එතන ඉන්න මින්ස්සු උබ ගනන් ඇහුවා කියලා තර්හ වෙන්නෙ නෑ.
    Location - https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8


    මතක තියාගන්න පිටකොටුවට බඩු ගන්න යනකොට ශෝටක් දාගෙන යන්න.සමහර තැන් වල ඇදුම බලල ගාන කියන්නෙ.කාර් පාක් එකේ වාහනේ දාල යන්න පුළුවන් . මාස්ක් දාගෙන යන්න.මොකද කඩවල් වල එකෙක්වත් මාස්ක් දාන්නෙ නෑ.පිටකොටුවෙ කඩවල් වලින් නොකා ඉන්න තරමට හොදයි.බඩ හයිය නැත්නම් බඩ ලෙෆ්ට්.


    පිටකොටුව ඇතුලෙත් හොද පිරිසිදු ටොයිලට් තියනවා.හොයාගන්න පුළුවන් .මට මතක නෑ.බොකක් දාන්න කාර් පාක් එක ලගටම යන්න ඕණෙ නෑ.


    නෝලිමිට් වගේ ශොප් වල තියන ජොක්කු බ්‍රෑන්ඩ් එකට පිටකොටුවෙ තියනවා දෙකක් 750යි.අරකේ එකක් 1250යි.දැන්නම් වැඩිත් ඇති.


    ප්ර්ෆියුම් මේකප් බඩු ගන්නවනම් අන්ඩ ග්‍රව්න්ඩ් එකෙන් තමා ගන්න වෙන්නෙ.දෙකක් තියනවා දෙකටම ගන්න.
    Location - https://goo.gl/maps/wACXQbLUtY7idbBn6



    පිටකොටුවෙන් ගන්න හොද නැත්තෙ මේ වෙනකම් බැට්‍රි සුපර් ග්ලූ පේමන්ට් එකේ විකුනන සෙකන්ඩ් හෑන්ඩ් ලයිට් කම්පියුටර් පාට්ස් වගේ ඒවා තමා.

    ගෙදර කොස්ස සව්ත්තුයි නම් 400ක් දීලා කොස්සක් ගන්නෙ නැතුව පිටකොටුවෙ ආපු වෙලාවට කොස්සෙ යට කෑල්ල විතරක් ගන්න පුළුවන් 150යි එකක්.දෙක තුනක් අරන් තියාගත්තනම් එකම කොසුමිටට හයි කරගන්න පුළුවන්

    https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8


    තව දන්නවනම් යටින් දාගෙන යන්න.

    අච්චර පෑන්ටීස් කාටද බන් 😚